AB de Villiers 149 off 44 balls ~ TODAY

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    AB de Villiers 149 off 44 balls



    බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට හිතූ හිතූ අතේ පහර දුන් දකුණු අපි‍්‍රකානු එක්දින පිලේ නායක ඒ. බී. ඩිවිලියර්ස් ජොහැන්නස්බර්ග් නුවරදී අද (18 වැනිදා) පැවැති එක්දින තරගයේදී පන්දු 16 කදී අර්ධ ශතකයත්, පන්දු 31 ක දී ශතකයත් සම්පූර්ණ කරමින් එක්දින අන්තර්ජාතික තරග වලදී වේගවත්ම අර්ධ ශතකයේත් වේගවත්ම ශතකයේත් ලෝක වාර්තා දෙකම තමන් සතුකරගත්තේය.

    දකුණු අපි‍්‍රකානු පිලේ පළමු කඩල්ල ලකුණු 247 දී බිඳ වැටීමෙන් පසුව 39 වැනි ඕවරයේදී පිටියට පිවිසි ඩිවිලියර්ස්, ඉනිමේ අවසන් ඕවර 10 දී කොදෙව් පන්දු යවන්නන් ගල ග‍්‍රහයෙන් ගෙන බිම හෙළමින් හයේ පහර 16 ක් සහ හතරේ පහර 9 ක් සමගින් පන්දු 44 කදී ලකුණු 149 ක් ලබාගත්තේ කී‍්‍රඩාංගණයට රැස්ව සිටි 30,000 කට අධික නරඹන්නන් අමන්දානන්දයටත් විස්මයටත් පත්කරමිනි.

    කොදෙව් පන්දු යවන්නන්ට කළ හැකිවූයේ ඩිවිලියර්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාවෙන් එපිටට යන පන්දුව දෙස බලා හිස අත්බදා ගැනීම පමණි.

    කී‍්‍රඩකයකු විසින් එක්දින තරගයකදී ගැසූ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ (16) ලෝක වාර්තාවද සමකළ ඩිවිලියර්ස් සහ හසිම් අම්ලා දෙදෙන එක්ව පන්දු 67 කින් ලකුණු 192 ක් උදුරාගත්හ.

    වේග පන්දු යවන්නන් වේගය අඩාල කරමින් යැවූ පන්දු වලට මෙන්ම පිත්තටම ලැබුණු පන්දු වලටත් කිසිදු වෙනසකින් තොරව සංග‍්‍රහ කළ ඩිවිලියර්ස්, පුල්, ස්වීප්, ස්කූප්, ඩ‍්‍රයිව්, කට් ආදී සියලූ පහර වලින් තමන් සන්නද්ධ බව මොනවට ප‍්‍රදර්ශනය කළේය. ඔහු විසින් බිඳ දමල ලද්දේ නවසීලන්ත කී‍්‍රඩක කෝරි ඇන්ඩසන් විසින් පන්දු 36 කදී වාර්තා කළ ශතකයේ වාර්තාවයි.

    ඞ්වේන් ස්මිත්ගේ සිවුවැනි ඕවරයෙන් ලකුණු 30 ක් උදුරාගත් ඩිවිලියර්ස්ගේ පිතිහරඹය නිසා ස්මිත්ගේ ඕවර 4 කින් ලකුණු 68 ක් දකුණු අපි‍්‍රකානුවන්ට ලැබිණ.

    මෙම ඉනිමත් සමගින් මීට පෙර ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ජොහැන්නස්බර්ග් පිටියේදීම ලකුණු 434 ක් ලබාගනිමින් තබා තිබූ තමන්ගේ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව ඉක්මවා යාමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ. එහෙත් 2006 දී නෙදර්ලන්තයට එරෙහිව ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 443 ලෝක වාර්තාව ඉක්මවා යාමට දකුණු අපි‍්‍රකානුවන්ට ලකුණු 5 ක් මදිවිය.

    වසර 44 ක ඉතිහාසයක් ඇති එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේ එකම තරගයකදී එකම කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනකු ශතක ලබාගත් පළමු අවස්ථාවද මෙයයි. ආරම්භක පිතිකරුවන් වූ හසිම් අම්ලා සහ රිලී රොසෙව්ද මෙම තරගයේදී ශතක ලබාගත්හ.

    මෙය රොසව්ගේ මංගල එක්දින ශතකය වන අතර හසිම් අම්ලාගේ 18 වැනි එක්දින ශතකයයි.
     
    • Like
    Reactions: chathu05

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay




    දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ජොහැන්නස්බර්ග් හිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල නියමිත ඕවර 50 නිමාවන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 439 ක් රැස්කිරීමට සමත් විය.

    මෙම ලකුණු 439 ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කළ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වන අතර තවත් ලකු-ණු 5 ක් රැස්කළේ නම් ශී‍්‍ර ලංකා පිල සතු ලෝක වාර්තාව ඉක්මවා යෑමේ අවස්ථාව ද තිබුණි. ශ්‍රී ලංකා පිල 2006 වසරේ නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 443 ක් රැස්කරමින් මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියයි.

    මෙම තරගයේදී හසිම් අම්ලා (නොදැවී 153), ඒ. බී. ඩිවිලියර්ස් (149) සහ රිලී රොසොව් (128) ශතක රැස්කිරීම කැපී පෙනුණි. වසර 44 ක ඉතිහාසයක් ඇති එක්දින අන්තර්ජාතික තරග වලදී එකම කණ්ඩායමක පිතිකරුවන් තිදෙනකු ශතක ලබාගත් පළමු අවස්ථාවද මෙයයි.

    නායක ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 16 කදී ලකුණු 50 සහ පන්දු 31 කදී ලකුණු 100 සම්පූර්ණ කරමින් ලෝක වාර්තා දෙකක් පිහිටුවීය. ඩිවිලියර්ස් පන්දු 59 කදී හතරේ
    පහර 9 ක් සහ හයේ පහර 16 ක් සමගින් ලකුණු 149 ක් රැස් කිරීමට සමත් විය.
    මීට පෙර ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය වේගවත්ම අර්ධ ශතකය පන්දු 17කින් වාර්තා කළේය.

    නවසීලන්තයේ කොරී ඇන්ඩර්සන් මීට පෙර වේගවත්ම ශතකයේ වාර්තාව පන්දු 36කින් වාර්තා කර තිබුණි.

    හෂීම් අම්ලා පන්දු 142 කදී හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 153 රැස් කළේය. රිලී රොසොව් පන්දු 115 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 128 ක් ලබා ගත්තේය.

    දකුණු අප‍්‍රිකානු පිල - ඕවර 50 යේදී කඩුලූ 2 ට 439
    (හෂීම් අම්ලා නොදැවී 153, ඒ. බී. ඩිවිලියස් 149, රිලී රොසොව් 128)
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    2006 දී නෙදර්ලන්තයට එරෙහිව ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 443 ලෝක වාර්තාව ඉක්මවා යාමට දකුණු අපි‍්‍රකානුවන්ට ලකුණු 5 ක් මදිවිය.