වරායේදී වාහනවල කෑලි ගලවන හැටි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
වරායේදී වාහනවල කෑලි ගලවන හැටි

හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්‍ෂ වරායට ගෙන්වනු ලබන වාහන වල අමතර කොටස් නැවේ සිට එලියට ගන්නා රියදුරන් විසින් සොරකම් කිරීමට උත්සාහ දරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ. නැවෙන් එලියට ගන්නා වාහන නැවේ අතරමග නවතන ඔවුන් සොයන්නේ ඔවුන්ට මුදල් කරගත හැකි සාක්කුවේ දමාගතහැකි දේවල් ඇතිද යන්නයි. මෙම ක්‍රියාවලියේදී රියදුරන් හට රථය පරික්ෂා කිරීමට අවශ්‍ය නොවන අතර එය සිදුකල යුත්තේ ආරක්ෂක අංශය මගිනි. අතරමග වාහනය නවතන ඔවුගේ දෙබස පහත පරිදිය,

"ඒ ඕක අරින්නේ කොහොමද මේක අරින්න බැහැනේ"

"මේකේ නෑ බං SD card බලන්න දෙයක් නෑ."

"මේකෙනම් නෑ ඉතිං.... බලන්නදෙයක් නෑ මේ නැහැයි කියල වැටෙනවා."

"නැහැ මම කියුවනේ නැහැයි කියලා"

"එහෙනම් බාන්නම් නේ."

එහෙත් එම රථයේ SD Card පැමිණ නැතැයි විශ්වාස නොකරන ඔහු ඊළගට ස්කුරුප්පුනියනක් රැගෙන එයද ආධාර කරගනිමින් රථය පුරා එය සොයනුලබයි. එහෙත් පලක් නොවන තැන රථය නියමිත පරීක්ෂණ ස්ථානය වෙත රැගෙන යනු ලබයි. එතැන් සිට ආරක්ෂක අංශ විසින් රථයේ සියලු විස්තර සටහන් කරනු ලබයි. එහි සදහන් වන්නේ වරායට ඇතුලත්වනවිට තත්වයයි. සොරාගන්නා ලද කොටස් සදහන් නොවන නිසාවෙන් කිසිදු කියාමාර්ගයක් වාහනය ගෙන්වන්නාට ගත නොහැකි වේ.


 

monson

Well-known member
  • May 7, 2007
    25,282
    27,721
    113
    නාමල් ගොබ්බයගේ නිල් බලුකායේ "අපි හම්බන්තොට" වැඩක් :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    බලපන් ඉතින්... කොහොමද බන් මේ යක්කු එක්ක වාහනයක් වත් ගෙන්වන්නේ :(