තෙවරප්පෙරුමට අධිකරණ නියෝග
පුද්ගල පහරදීමට චෝදනා ලැබූ එ.ජා.ප. පා.ම. තෙවරප්පෙරුම මහතාට මාර්තු 02 දා අධිකරණයට පැමිණෙන ලෙස ඊයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. එමෙන්ම පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු නි. අමාත්‍ය දුලිප් විජේසේකර, බියගම ප්‍රා. සභාපති ආනන්ද ගනේපොළ යන මහත්වරුන් දෙදෙනා ඊයේ අධිකරණය විසින් ඇප මත නිදහස්කරන ලදී.
මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (19දා) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අධිකරණයට පැමිණීමට නියෝග කර ඇත්තේ අගලවත්ත නගරයේදී පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ය.
මීට අමතරව තෙවරප්පෙරුම මහතාට එරෙහිව බදුරලිය නගරයේදී අහසට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බවත්, එම පරීක්ෂණවලට අනුව ගිනිඅවි ආඥා පනත යටතේ කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
කිසිදු අයෙකුට නීතිය අතට ගෙන කටයුතු කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, නීති විරෝධී ආකාරයට කටයුතු කරන සියලු දෙනාට එරෙහිව කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව ජනවාරි 08 වැනිදා කඩවත ප්‍ර‘දේශයේදී පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර සහ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොළ යන අය එක් අයෙකුට රුපියල් 1500 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත ඊයේ (19දා) මුදාහරිනු ලැබිණි.