පොටෝ එකේ ඉන්නා කෙල්ල ගැන නම් කීමට කිසිවක් නැත්තේය.
නමුත් මේ පොටෝ ගහපු එකා සහ එඩිට් කරපු එකා ගැන නම් කියන්නට දේ බොහොමයක් ඇත.
පළමුවෙන්ම සිහි ගැන්විය යුතු කරුණ නම් DSLR කැමරාවක් තිබුණු පලියට මිනිහෙක් චායාරූප ශිල්පියෙක් වෙන්නේ නැති බවය.
ඒකට හොඳ කැමරාවක්ම නැතත්,හොඳ ඇහැක් තිබීම ප්‍රමාණවත්ය.
හොඳ ඇහැක් තියෙන එකා පොඩි point and shoot කැමරාවකින් වුවද සිය දස්කම් දක්වයි.
මෙම චායාරුප ගත්තු එකා මොකා උනත් එව්වා එඩිට් කොරාපු එකා නම් මෙලෝ සංවේදනයක් නැති එකෙකු විය යුතුමය. එක්කෝ පොට්ටයෙක් විය යුතුය.
එහෙමත් නැතිනම් ඒකා HDR බඩ යන එකෙක් විය යුතුය.
චායාරූපකරණයේ යෙදෙන්නෙකු, Lightroom, Dynamic HDR හෝ එවැනි යම් මෘදුකාංගයක් භාවිත කර යම් යම් වර්ණ සුසර කිරීම් කිරීමෙහිලා ඇති වරදක් නැත්තේය. නමුත් එම වෙනස් කිරීම චායාරූපයේ මුල් ගුණයට හානියක් නොවන සේ කිරීමට අනිවාර්යයෙන්ම වගබලාගත යුතුය. එමෙන්ම තාක්ෂණය භාවිතයේදී වඳුරාට දැලි පිහිය හසු උණා සේ රිසි රිසි දේ කිරීම නොවටී.
නැතිනම් ගූ හැත්තෑවක පමණ අවසන් නිමයුමක් රස විඳිය හැකි වන්නේය.
ඉහතින් ඔබ විසින් අත් විඳින්නට යෙදුනේ එවැනි, දලිපිහියක් අතට හසු වූ නූතන වානරයෙකු විසින් නිර්මිත අලංකෘත ගූ හැත්තෑ පහයි දශම පහක සේයාරූ කිහිපයකි.
අවසන් වශයෙන් කිව හැක්කේ...................."අනේ අපොයි" කියා විතරමය