කාලයක් මම කුඩු බිස්නස් කරා බං. ඒ කිව්වෙ බිස්කට් කුඩු පැකට් කරල වික්ක පොලේ. දවසක් පොඩි වලියක් ගිහින් පොලේ මගෙන් කට උත්තර ගන්න පොලීසියට එන්න කීව. මගෙන් රස්සාව ඇහුවම මම කිව්ව කුඩු බිස්නස් කියල. ඉල ඇට ටිකත් කඩාන සතියක් ඉස්පිරිතාලෙ ඉඳල එන්න උනේ ඊට පස්සෙ,
ඔය සීන් එකෙන් පස්සෙ මම මල් බිස්නස් එකට අත ගැහුව. ඒ කිව්වෙ අළුත්නුවර දේවාලෙ ගාව මල් කඩයක් දාගත්ත. ඉතින් දවසක් මම කඩේට මල් ගේන්න යනකොට කට්ටියක් ඇවිත් සී.අයි.ඩී. එකෙන් කියල මගෙන් ප්රශ්න කරා. කොහෙද යන්නෙ ඇහුවම මම කිව්ව මල් ගේන්න යනව කියල. ආයෙත් ඉල ඇට ටික කඩාන සතියක් ඉස්පිරිතාලෙ ඉඳල එන්න උනා මට,
ඔහොම ඉඳල ආයෙත් ටික දවසකින් මම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙහෙයවන මැණික් ගල් කැපීමේ පාඨමාලාවට යොමු උනා. ඉතින් ඔහොම ඉන්නකොට මටත් කෙල්ලෙක් ලයින් උනා. එයා පෞද්ගලික බැංකුවක සේවය කරේ. දවසක් එයා මගෙන් රස්සාව ඇහුව මම කිව්ව ගල් කපනව කියල. මචංල මම දැන් මේක ටයිප් කරන්නෙ ඉස්පිරිතාලෙ ඇඳ උඩ ඉඳන්.