rajitha senaratne ge Kolla mara wada karayak wage.. (Mekada oi Yahapalane??)

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    10428142_1029246900422362_2947690229348345370_n.png



    අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 24 දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා අමාත්‍යාංශ රියකින් පැමිණ සිය දියණිය පැහැර ගෙන ගිය බවයි. ඒ සම්බන්ධයෙන් 2014 වසරේ අපේ‍්‍රල් මාසයේ කුරුඳුවත්ත පොලීසියට මෙන්ම එම වසරේම ඔක්තෝම්බර් මාසයේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ද පැමිණිල්ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් එම පැමිණිල්ලට ද සාධාරණයක් ඉටු නොවූ බව ඔවුන් මෙහිදී ප‍්‍රකාශ කළා. පසුව මෙම වසරේ ජනවාරි 3 වන දින පොලිස් සහන මැදිරියට ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බව ඔවුන් කියා සිටියා.

    අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා වන 27 හැවිරිදි එක්සත් අර්ජිත සේනාරත්න, මේ වන විට වයස අවුරුදු 17යි මාස 4ක් වන දිනිති ආලෝකා රණසිංහ නම් බාල වයස්කාර දැරියක් මෙලෙස රදවාගෙන තිබෙන බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ.

    පළමුව ඇය, අංක 85න් ඞී, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ යන ලිපිනය දරණ ස්ථානයේ රදවා තබාගෙන ඇති අතර පසුව මේ වන විට ඇය වෙනත් ස්ථානයක රදවා සිටින බවටයි දෙමාපියන් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේ.

    කෙසේ වෙතත්, බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රදවා ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගැන පොලීසිය ගත් පියවර පිළිබදව අප පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් කරුණු විමසුවා. එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මීට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය යටතේ ධීවර ඇමැතිවරයාව සිටියදී ඔහුගේ බාල පුත්‍රයා විසින් බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි ද රාජිත සහ ඔහුගේ බිරිඳ සුජාතා ඊට උදව් කර ඇති බවද දැරියගේ මවත් පියාත් අද කොළඹ ගලදාරි හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළහ.

    කොළඹ කිරුළපනේ ලයනල් එදිරිසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු වන ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූහ.

    2014 පෙබරවාරි මාසයේදී ඇමැති රාජිතගේ බාල පුතා වන ‘එක්සත් සේනාරත්න‘ ධීවර අමාත්‍යංශ රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි දිනිති නමැති තම දියණිය පැහැරගත් බවත් කුරු ඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් පළක් නොවූ බවත් දෙමාපියෝ හඬා වැටෙමින් කීහ.

    තම දියණිය ඉල්ලා දෙමාපියන් විසින් අභියාචනාධිකරණයට අංක HCWA 02/2015 දරණ හබායස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    තම දියණිය තමනට බාර දෙන බවට ඇමැති රාජිත සහ බිරිඳ සුජාතා සේනාරත්න පොරොන්දු වුවද ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන බවට පොරොන්දු වුවද එය කිසිදාක ඉටු නොකළ රාජිත, සුජාතා සහ එක්සත් තවමත් තම දියණිය රඳවාගෙන සිටින බවත් දියණිය දෙමාපියන්ට පෙන්වීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට හෝ කිසිම ඉඩක් නොදෙන බවත් මේ හේතුව නිසා තමන් බලවත් මානසික පීඩාවකට පත්ව ඇති බවත් දැරියගේ මව්පියෝ මාධ්‍ය හමුවේදී කියා සිටියහ.

    දැන් රාජිත සුජාතා සහ එක්සත් යන පිරිස විසින් තම දියණිය ව්‍යාජ ගමන් බලපත්‍රයකින් එතෙර රැගෙන යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයිද ඇගේ ගමන් බලපත්‍රය ඇත්තේ තමන් බාරයේ යැයිද ඔවුහු පවසති. එම සත්‍ය ගමන් බලපත්‍රයේ අංකය N0912666 වේ. Lankaenews
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Onna owata tama ditta damma wedaneeya karma kiyanne
    Rajithaya thamai okkoma game gahuwe ethule idagena anduwa peralanna.
    Hebei my3 issarahata dagena rajithaya pora wenna beluwa
    Ranil gen ekata ida nathi thena ranil ekka kokka dagatta
    Dan ranilla rajithayage kunu awssanawa
    Yasa wede un un mara gannawa :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Onna owata tama ditta damma wedaneeya karma kiyanne
    Rajithaya thamai okkoma game gahuwe ethule idagena anduwa peralanna.
    Hebei my3 issarahata dagena rajithaya pora wenna beluwa
    Ranil gen ekata ida nathi thena ranil ekka kokka dagatta
    Dan ranilla rajithayage kunu awssanawa
    Yasa wede un un mara gannawa :lol:
    haහබයො හැනටම කියන්න අරන් රාජිතට මඩ ගහන්නලු ඔය :rofl::rofl::rofl:
    මෙවාට සාක්කි තියෙනවා එ දෙමපුපියන් ජිවත් වෙනවා නමුත් රාජිතලා ගහන මඩ වලට කිසිම සාක්කියක් නැහැ :rofl: රනිල් අරින්න වගෙ හදන්නෙ කොහොමත් රාජිත වගෙ උන්ට අරින්නම ඔන
    ඔකුන් තම්යි අගෙ ඉදන් කන කන හැත්ත
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    haහබයො හැනටම කියන්න අරන් රාජිතට මඩ ගහන්නලු ඔය :rofl::rofl::rofl:
    මෙවාට සාක්කි තියෙනවා එ දෙමපුපියන් ජිවත් වෙනවා නමුත් රාජිතලා ගහන මඩ වලට කිසිම සාක්කියක් නැහැ :rofl: රනිල් අරින්න වගෙ හදන්නෙ කොහොමත් රාජිත වගෙ උන්ට අරින්නම ඔන
    ඔකුන් තම්යි අගෙ ඉදන් කන කන හැත්ත

    Ha haaa peni waraka gahata hena gahalaa:rofl: