
මට නම් ඔය විධයක ජනාධිපතික්‍රමේ ගැන හිතෙන්නෙ මෙහෙමයි,එක්කො ඔක නැති කරල අගමැතිට බලේ දෙන්ඩ ඔනෙ නැත්තන් අගමැතිත් නැති කරල කෙලින්ම ජනාධිපතිටම බලේ දෙන්ඩ ඔනෙ තිබ්බ වගේ,එත් ජනාධිපතිත් පාර්ලිමේන්තු යන්ඩ ඔනෙ,නිතියෙ මුක්තිය අයින් කරන්ඩ ඔනෙ.
බලේ කියන දේ එකෙක් ගාව තියෙන්ඩ ඔනෙ නැතුව අරු ගාව බගයයි මු ගාව බාගයයි තියාගෙන කොරන්ඩ බැ කැද හැලියක් වෙනව,
එහෙම නෙවෙයි මචන් ඕක සමතුලත වෙන්න ඕනේ. වැරදි නායකයෙක් පත් උනොත් රටම විනාසයි. අතීතයේ ඒවගේ අය හිටියා, අනාගතේ මොනවගේ නායකයෝ පත් වෙයිද කියලා කියන්න බැරි නිසා අනිවාර්යෙන්ම බලතුලනයක් වෙලා තියෙන එක පුරවැසි අපේ ඇගට ගුණයි.
රටක තීරනාත්මක තීරනයක් නායකයා තනියම ගන්නවට වඩා කැබිනට් එක එක්ක කතා කරලා තීරනයක් ගන්න එකේ පොඩි වාසියක් තියෙනවා.

