කොටස් වෙළඳ පොලෙන් ගොඩ යමු part -1

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    කොටස් වෙළඳ පොලෙන් ගොඩ යමු part -1

    විශේෂ සටහන - මෙමගින් කිසිඳු පුද්ගලයෙකුට හෝ ව්‍යාපාරික ආයතනයකට මද ගැසීමක් හෝ අවමන් කිරීමක් සිදු කිරීමක් සඳහා පල කරන ලද්දක් නොවේ ..


    කොටස් වෙළඳ පොළ ,,, එළකිරි එකේ මේ ගැන නූල් තොගයක් තිබුන පහුගිය කාලේ .ඒ උනත් ලාබයක් ගත්ත කෙනෙක් ගැනනම් ආරංචියක් තිබුනේ නැහැ .සරලවම කිව්වොත් කෞරුවත් මේකේ හරි ක්‍රමය කාටවත් තේරිලා නැහැ එහෙම නැත්තම් ඔක්කොමල කෝටිපතියෝ වෙලා.කොහොමෙන් හරි මේ නූලෙන් මම කියල දෙන්නම් හරි විදියට ආරක්ෂිතව තමන්ගේ කොටස් ආයෝජනය කළමනාකරණය කරන ක්‍රමයක් ගැන. ආයෝජනය ගැන තේරුමක් නැති කෙනෙකුට උනත් මේකෙන් සරල අවබෝධයක් ගන්න පුළුවන්.

    කොටස් වෙළඳ පොළ ,

    සරලව ගත්තොට් මේකෙදි වෙන්නේ ව්‍යාපාර කූටස් මිලට ගැනීම සහ විකිණීම්.උදහරණයට රුපියල් 100 අරගෙන 110 විකුණුවොත් රුපියල් 10 ක් ලාබයි .ඒ වගේ කොටස් අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණා ලැබ ලැබීම තම මෙතැනදී වෙන මූලික ක්‍රියාවලිය.වැඩි විස්තර www.cse.lk එකෙන් බලාගන්න පුළුවන්.

    තැරැව්කාර ආයතන .

    තමන්ට කොටස් වෙළඳපොල ආයෝජනයක් කෙරීමට අවශ්‍යනම් අනිවාර්යයෙන්ම තැරැව්කාර ආයතනයක් හරහා එය සිදුකල යුතු වෙනවා.කෙලින්ම කොටස් වෙළඳ පොළ හා සම්බන්ද වෙන්න තනි ආයෝජකයෙකුට ඉඩ ලැබෙන්නේ නැහැ.

    කොටස් තැරැව්කරු .

    මෙය තමයි ආයෝජන උපදෙස් සහ ගනුදෙනු සිදු කරන පුද්ගලයා .මොහු අනිවාර්යයෙන්ම නිසි සුදුසුකන් සපුරා තිබිය යුතු වන අතර ඔබ වෙනුවෙන් සිදු කරන සියලුම ගනුදෙනු මොහු හරහා විය යුතුයි.

    මද්යම තැන්පතු ක්‍රමය .

    මෙතැනදී තමයි ඔබගේ සියලුම මුදල් සහ ව්‍යාපාර කොටස් තැන්පත් කෙරෙන ස්ථානය .මේ හරියට බැංකුවක් වගේ තමයි.උදාහරණයක් ගත්තොත් ඔබ යම් කොටසක් මෙලදී ගන්න විට ඔබගේ මුදල් අදාල කොටස් විකුණන ලද තනතාගේ ගිනුමටත් ඔහුගේ කොටස් ඔබගේ ගිනුමටත් තැන්පත් කෙරෙන කාර්ය කෙරෙන්නේ මෙතැනදී .සියලුම කොටස් තැරව්කාර ආයතන මෙම ක්‍රමය සමග අනිවාර්යයෙන් සම්බන්ද විය යුතුයි.

    දැන් මේ අත්‍යවශ්‍ය කරුණු ටික දන්නා නිසා අපි දැන් මේක කරන විදිය ගැන බලමු.

    සාමාන්‍ය ක්‍රමය .

    ආයෝජකයා →කොටස් තැරැව්කරු

    මෙහිදී වෙන්නේ ඔබ විසින් දෙනු ලබන යම් උපදෙසකට අනුව තැරැව්කරු කොටස් මිලදී ගැනීමයි.මේකෙදි යම් තරමක වආසි තිබුනත් බොහෝ දුරට අවාසි වීමේ ප්‍රතිශතය වැඩියි.

    තැරැව්කරු විසින් වැරදි තොරතුරු සැපයීම.
    සාවද්‍ය ගනුදෙනු සිදුවීම හෝ කිරීම
    ඔබගේ නය සීමාව ඉක්මවා ගනුදෙනු සිදුකෙරීම
    අනවශ්‍ය ගනුදෙනු වල නිරත වීම.
    තමන්ගේ කොමිස් මුදල උදෙසා ලආබ රහිත ගනුදෙනු වල නියැලීම

    තැරැව්කරු විසින් වැරදි තොරතුරු සැපයීම. - මෙහිදී බොහෝදුරට වෙන්නේ ඔහුට විකුණාගත යුතු කොටස් තවකෙකුට මෙලදී ගැනීමට සහතික කිරීම සිදුවෙඉ.එමගින් අදික මිලකට කොටස් ලබාගත් විට එය විකිණීම අපහසු වන අතර අලාබයකට එය විකුණා දැමීමට සිදුවෙඉ .

    සාවද්‍ය ගනුදෙනු සිදුවීම හෝ කිරීම - මේක සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ error tread යන්නුවෙන් .ඒ කියන්නේ buy වෙනුවට sell කිරීම හෝ අනුමැතියකින් තොරව කොටස් ගැනීම හෝ විකිණීම .

    ඔබගේ නය සීමාව ඉක්මවා ගනුදෙනු සිදුකෙරීම - සැම ගිනුමකටම පවතින ශේෂය හෝ වත්මන් කොටස් වටිනාකම මත ලැබෙන යම් නය සීමාවක් ඇති අතර එය 20% ත් 50% අතර අගයක් ගනී.උදාහරණක් ලෙස 100,000 ශේෂය ඇති ගිනුමක සඳහා 120,000 ත් 150,000 අතර වටිනාකමක් අතර ගනුදෙනු සිදුකල හැකිය.තැරැව්කරු විසින් වැඩි ගනුදෙනු වටිනාකමක් උදෙසා ඔහු හට තිබෙන යම් යම් බලතල බවිත කර මීටත් වැඩ ඉහල අගයකට කොටස් මිලට ගත හැකිය.අවාසිය වන්නේ අදාළ කොටසේ මිල පහල වැටුණු විටයි.

    උදාහරණ - පවතින මුළු මුදල - 100,000
    නය සීමාව 50,000
    buying power 150,000

    x කොටසක මිල 100.00 lkr
    ගනිය හැකි කොටස් ප්‍රමාණය 150,000 / 100 = 1500 (නය සීමාව දින 3 ක් ඇතුලත පියවිය යුතුයි )
    දින තුනකට පසු මිල x = 90
    මුළු වටිනාකම - 1500 x 90 = 135,000
    නය සීමාව පියවීම - (-50,000)
    ගිණුම් ශේෂය - 85,000
    අලාබය - 15,000

    අදාල ගනුදෙනු ලැබ හෝ පාඩු උවද තරව්කරුගේ කොමිස් මුදල ඔහුට හෝ ඇයට හිමිවේ .

    අනවශ්‍ය ගනුදෙනු වල නිරත වීම.- කිසිදු වග විබගයකින් තොරව වෙනකෙකුගේ ඉහල මිලකට මිලදීගත් කොටස් ඊටත් ඉහල මිලකට තැරැව්කරු ඔබගේ ගිණුම මාර්ගයෙන් මිලට ගැනීම මෙහිදී සිදුවෙඉ.මෙහිදී ඔහුට හෝ ඇයට ද්විත්ව කොමිස් මුදලක් හිමිවේ.

    තමන්ගේ කොමිස් මුදල උදෙසා ලආබ රහිත ගනුදෙනු වල නියැලීම - මෙහිදී සිදු වන්නේ කොමිස් මුදල පමණක් ආවරණය වෙන පරිදි නිරන්තර ගනුදෙනු සිදුකිරීමයි.ඔබගේ ශේෂය එලෙසම පවතින අවස්ථාවේදී මෙය සිදුකල හැකි අතර පහත උදාහරණයෙන් මෙය පැහැදිලි වෙයි .

    ගිණුමේ ශේෂය - 100,000
    x කොටසේ මිල - 100.
    ගනුදෙනු ගාස්තුව - 1.121% ( මෙය මුළු ගනුදෙනු වටිනාකම අනුකූලව ගණන් ගැනේ.)
    එවිට ගනිය හැකි කොටස් ප්‍රමාණය වන්නේ - කොටස් 988 (අසන්නවශයෙන් ) 100,000/(100+1.121)
    කොටසක සාමාන්‍ය පිරිවැය 101.12 වන අතර මිලදීගත් දිනය තුලදීම එම මිලටම විකුණුවහොත් ඔබට ලාබයක් හෝ අලාබයක් නැති උවද තරව්කරුට හෝ අදාල තැරැව්කාර සමාගමට අදාළ ගාස්තු ඔව්න් විසින් ලබාගෙන ඇත.



    දැන් බලමු ආයෝජන කළමනාකරණ ආයතනයක් හරහා මෙය සිදුවන ක්‍රමය .

    ආයෝජකයා →කළමනාකරණ සමාගම→තැරැව්කාර සමාගම →සමාගම් කොටස් තැරැව්කරු (institutional trader )

    මෙහිදී උක්ත සිදුවීම් කිසිවකට ඉඩ නැති අතර සියලුම ගනුදෙනු අදාළ සමගම විසින් දැඩි නිරීක්ෂණයකට ලක් කෙරෙයි.මෙම ගනුදෙනු සියල්ල සිදු වනුයේ සමාගම් කොටස් තැරැව්කරුවකු තුලින වන නිසා ඔහුගේ අබිමතය පරිදි කිසිඳු ගනුදෙනුවක් සිදුකලනොහැකිය.එසේ උවහොත් අලාබය අදාළ තැරැව්කාර සමාගම විසින් දැරිය යුතුය.

    ඔබට ලැබෙන සේවාවන් සැකෙවින් ,

    පූර්ණ ගිණුම් නිරීක්ෂණය.
    වාර්තා සහ විශ්ලේෂණ මත පදනම්ව කොටස් මිලට ගැනීම හා විකිණීම
    දීර්ගකාලීන ආයෝජන අරමුණ
    විශේෂශ්ඥ උපදෙස්
    පුළුල් ආයෝජන පරාසය.(equity ,debt securities ,treasury bills ,bonds ,securitised papers etc .)
    සාපේක්ෂ ඉහල ලාබ ප්‍රතිශතය .
    අඩු අවදානම
    වාර්ෂිකව වැඩෙන අරමුදල .
    අන්තර්ජාල ගිණුම් නිරීක්ෂණ පහසුකම.
    අදාළ ඕනෑම අවස්ථාවක මුදල් කර ගැනීමේ හැකියාව.

    මගේ කළමනාකරණ සමගම මේ සඳහා ය කරන්නේ වර්ශවසනේ පවතින ගිණුම් ශේෂයෙන් පළමු වසර සඳහා 2% හා එයින් පසු සැම වසරක් සඳහා අදාළ වර්ශවසනේ පවතින ගිණුම් ශේෂයෙන් 1% වේ .මෙම ගාස්තුවද වසරකදී කොටස් 4 ක් වශයෙන් ගෙවිය හැකියි.

    මෙම අරමුදල් කළමනාකරණ ක්‍රමයේ සහ අනෙකුත් ආයෝජන අවස්ථාව වල සන්සන්දන වාර්තාවක් හෙට පොස්ට් කරන්නම්.කොටලා කොටලා ඇත රෙදෙනවා යකුනේ,
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    11.gif
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    borker company ekai uba keyana company ekai wenas wenne kohomada

    monawada e company wala name, uba suggest karana name monawada

    thawa westhara dapan machan
    + 7 rep
     

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    borker company ekai uba keyana company ekai wenas wenne kohomada

    monawada e company wala name, uba suggest karana name monawada

    thawa westhara dapan machan
    + 7 rep

    atha ridenawa yakow mwka nkotalama ,,, :dull::dull::dull::dull::dull: heta dannam macho...thawa tikakin mama gedara yanawa ,,,:cool::cool::cool::cool::cool: