අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු

    අධිතාක්ශණික ලොවේ සිටුවරු බොහෝය. මොවුන්ගෙන් වැඩිදෙනා ජන්මයෙන් අමෙරිකානුවන් වන අතර අන් අය සංක්‍රමණික අමෙරිකානුවෝය. වැඩි දෙනෙකු ධන කුවේරයන් වූයේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිලිකන් නිම්නයට පැමිණි පසුවයි.

    අද අප හඳුනාගන්නට යන්නේ අසූව දශකයේ හා අනූව දශකයේ පරිගණක ලොවේ දැවැන්තයන් වූ, එකල පරිගණක ලොවේ අනාගත වක්තෲන් ලෙසද සැලකුනු පරිගණක ලොවේ දැවැන්ත චරිත කිහිපයක් ගැනයි. එම දැවැන්ත චරිත හා ඔවුන්ගේ පරිගණක තාක්ශණයට ඔවුන් ලබාදුන් සුප්‍රකට දායකත්වයන් පහත දැක්වෙනවා.


    ලීනස් ටෝවාල්ඩ්ස් - ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෲ
    ලැරී එලිසන් - ඔරැකල් සමාගමේ නිර්මාතෲ
    ස්කොට් මැක්නීලී - සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගමේ ප්‍රධාන විධායක
    මාර්ක් අන්ඩ්‍රීසන් - වෙබ් බ්‍රවසරයේ සම නිර්මාතෲ හා නෙට්ස්කේප් සමාගමේ ආදිකතෲ

    මෙම පුද්ගලයන්ගෙන් ලීනස් ටෝවාල්ඩ්ස් පින්ලන්ත ජාතික තරුණයෙකු වන අතර අනෙකුන් අමෙරිකානුවන් වනවා. ඔවුන්ගේ වෘත්තීයමය පසුබිම් පරිගණක තාක්ශණය හා බැඳුනත් ඔවුන් සියල්ල එකට ගෙන සාකච්ඡා කරන්නට පදනම වූයේ ඔවුන් සියලුදෙනාම එකට එක්කල එක්තරා පොදු හූයක් නැතිනම් කොමන් ත්‍රෙඩ් (common thread) එකක් නිසා. එනම් ඔවුන් සියලු දෙන එකට එක්කල පොදු දැක්මක් වූයේ මයික්‍රෝසොෆ්ට් සමාගම හා ඔවුන්ගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වෙත මෙම පුද්ගලයන්ගේ තිබූ දැඩි අකමැත්තත්, අසූව දශකය හා අනූව දශක කාලය තුල මයික්‍රෝසොෆ්ට් සමාගම හා ඉන්ටෙල් සමාගම එක්ව ඒවනවිට නිර්මාණය කොට තිබූ වින්ඩෝස්+ඉන්ටෙල් හෙවත් වින්ටෙල් ලෙස හැඳින්වූ මෘදුකාංග දෘඩාංග සමාගම් දෙකෙහි සන්ධානයට හා එම සන්ධානය එවක දැවැන්ත ලෙස වර්ධනය වෙමින් තිබූ Personal Computer (PC) හෙවත් මයික්‍රෝකොම්පියුටර් කර්මාණ්තය මේ සමාගම් දෙක දැඩි ලෙස ග්‍රහණය කරගෙන සිටි ආකාරයත් පිලිබඳව ඔවුන් පලකල දැඩි අකමැත්තයි.

    මොවුන්ගේ මෙම අප්‍රසන්න භාවය හා ඒවන විටත් තරුණ ප්‍රකෝටිපතියෙකු වූ බිල් ගේට්ස්ට වෙත තිබූ අකමැත්ත විවිධාකාරයෙන් එලිදැක්වුනා. ඔරැකල් සමාගමේ ලැරී එලිසන් වැන්නවුන් ප්‍රසිද්ධියේම මයික්‍රෝසොෆ්ට් සමාගම හා බිල් ගේට්ස්ව අවඥාවට බඳුන්කල අතර ප්‍රසිද්ධ සම්මන්ත්‍රණවලදී වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ දොස් විශ්ලේෂණය කරමින් වින්ඩෝස් විරෝධී ගැලරිය කුල්මත් කලා. එමෙන්ම වින්ඩෝස් ආධිපත්‍යය විනාශකිරීමට ව්‍යාපාරික වශයෙන් කලහැකි සියල්ල කලා. වින්ඩෝස් වලට ප්‍රභල අභියෝගයක් ලෙස සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගම මෙහෙයුම් පද්ධතියක් හා නොබැඳුනු (operating system independant) බලසම්පන්න ජාවා පරිගණක භාශාව නිර්මාණය කලවිට එහි දියුණුවට ආයෝජනය කරමින් ජාවා ප්‍රවර්ධනයට බොහෝ උපකාර කලා. මිළ අධික මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් වෙනුවට ලීන්ස් ටෝවාල්ඩ්ස් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නිමවා නොමිලයේ ඉදිරිපත්කල විට එය ජනප්‍රිය කරවීමට ලැරී එලිසන්ගේ ඔරැකල් සමාගම, ස්කොට් මැක්නීලිගේ සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගම මෙන්ම වින්ඩෝස් හා බද්ධ වෛරයෙන් (එහෙත් එකල තමන්ගේ ව්‍යාපාරික කඩාවැටීම නිසා නිහඬව සිටි) අයි.බී.එම් සමාගම අතිවිශාල මෙහෙයක් ඉටුකලා.

    ලීනස් ටෝවාල්ඩ්ස්

    163-big.jpg


    මොවු අතරින් එවකට ලාබාලයා වූයේ ලීනස් ටෝවාල්ඩ්ස්ය. පින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා සමයේදී ලීනස් මාස ගණනාවක් සිය කාමරයෙන් එලි නොබැස, පීසා හා පෙප්සි කෝලා මත පමණක් යැපෙමින් ලීනක්ස් මෙහෙයුම් පද්ධතියේ අරටුව හෙවත් ලිනක් කර්නලය නිර්මාණය කොට ඉදිරිපත් කලා. මයික්‍රෝසොෆ්ට් සමාගම සිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට අවසර දෙනවිට (end user license) ඉතා දැඩි කොන්දේසි මත එය ලබාදුන්නා.

    එනම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට කිසිදු ආකාරයක වෙනස්කමක් වැඩිදියුණු කිරීමක් පමණක් නොව දෝශ නිවාරණ ප්‍රතිකාරයක් පවා සිදු නොකොට ඒ ආකාරයෙන්ම භාවිතා කල යුතුය යන කොන්දේසි වලට ඕනෑම වින්ඩෝස් පාරිභෝගිකයෙකු යටත් වුනා. මෙය පෞද්ගලික පාරිභෝගිකයින්ට (personal users) ගැටලුවක් නොවුනත් විශාල සමාගම්වල පරිගණක ජාල, සමාගමේ අවශ්‍යතා සඳහා වෙනස්කරගන්නට අවශ්‍යවූ විට ඒවා සිදුකරගත නොහැකිවීම බොහෝ සමාගම්වල තොරතුරු තාක්ශණ ප්‍රධානීන්ට බලවත් හිසරදයක් වූ අතර ඔවුන් වින්ඩෝස් හා එක්ව සිටියේ වෙන විකල්පයක් නොමැති බැවිනුයි. එහෙත් ලිනක්ස් කරලියට පැමිණිවිට බොහෝ බහුජාතික සමාගම්වල තොරතුරු තාක්ශණ ප්‍රධානීන් එය වැලඳගත්තේ ලිනක්ස් නිර්මාතෲ ලීනස් ටෝවාල්ඩ්ස් ලිනක්ස් භාවිතාකරන්නන් වෙත පනවා තිබූ ලිහිල් කොන්දේසි නිසයි.

    ඔහුගේ කොන්දේසි අනුව ලිනක්ස් නොමිලේ ලැබෙන අතර එය මුදලට අලෙවිකිරීම තහනම්. එමෙන්ම ඕනෑම කෙනෙකුට ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තම අවශ්‍යතා අනුව වෙනස්කල හැකි අතර මෙම වෙනස්කම් කිරීමේ ප්‍රධාන කොන්දේසි වූයේ එම වෙනස්කම් සියල්ලන්ටම ප්‍රයෝජනයට ගත හැකිලෙස අන්තර්ජාලයට මුදා හැරීමයි. එමෙන්ම වෙනස්කම් සිදුකල ලිනක්ස් මෙහෙයුම් පද්ධති ස්වනිර්මාණ ලෙස මුදලට අලෙවිකිරීම තහනම් වූවා. මෙම ලිහිල් කොන්දේසිවල අරමුණ වූයේ ලීනක්ස් ඉදිරියටත් පිරිවැයක් නොමැති මෙහෙයුම් පද්ධතියක් ලෙස සැමට ලබාගැනීමට හැකිවීම තහවුරු කිරීමටත්, එමෙන්ම ලිනක්ස් වලට සිදුකරන වෙනස්කම් හා වැඩිදියුණුකිරීම් නොමිලේ අන්තර්ජාලයට මුදාහැරීමට බලකිරීමෙන් එය නිරන්තරයෙන් දියුණුවෙමින් පරිණාමය වන හා යාවත්කාලීනවන මෙහෙයුම් පද්ධතියක් බවට පත්කිරීමයි.

    ලැරී එලිසන්, ස්කොට් මැක්නීලි වැනි මයික්‍රෝසොෆ්ට් විරෝධී සන්ධානයේ කසකරුවන්, ලිනක්ස් යනු මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් හි අවසානයේ ආරම්භය ලෙස විස්තර කලා. ඒ මීට අවුරුදු 20කට පමණ පෙර.

    අදවනවිට ලැරී එලිසන්ලාගේ සිහිනය සැබෑ නොවූවත් අයි.බී.එම්, ඔරැකල් සන් මයික්‍රෝසිස්ටම්ස් වැනි සමාගම් වල සහයෝගය මත ලිනක්ස්, මයික්‍රෝසොෆ්ට් ආධිපත්‍යයට දැවැන්ත අභියෝගයක් එල්ලකලා. අද ලිනක්ස් ඩෙස්ක්ටොප් පරිගණක භාවිත කරන්නන් අතර ජනප්‍රිය නොවූවත් ව්‍යාපාරික ලෝකයේ දැවැන්ත සමාගම්වල පරිගණක ජාල විශාල ප්‍රමාණයක් අද ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වනවා. ඒ අනුව මයික්‍රෝසොෆ්ට් සමාගමට විශාල ආදායම් ප්‍රමාණයක් අහිමිවූ අතර අන්තර්ජාලයේ විස්තාරණයත් සමග අති විශාල ලෙස වැඩිවුනු සර්වර් අලෙවිය හා බැඳුනු මුදෘකාංග ආදායමෙන් විශාල ප්‍රතිශතයක් ඔවුනට අහිමිවී තිබෙනවා. මේ වෙනස කොතරම්ද යත් මේ වසරේ අගභාගය වනවිට වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය එලිදැක්වෙන අතර මයික්‍රෝසොෆ්ට් සමාගම දැනටමත් නිවේදනය කරඇති ආකාරයට ඕනෑම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඇති පරිගණකවලට (සොරෙන් ගත් වින්ඩෝස් හොර කොපි වලට පවා) වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නොමිලයේ ලැබෙනු ඇති. ඒ අනුව මෙහෙයුම් පද්ධති නොමිලේ ලැබිය යුතුය යන ලීනස් ටෝවාල්ඩ්ස්ගේ දැක්ම, ඔහු බලාපොරොත්තු වූ ආකාරයට නොවුනත් වෙනස් ආකාරයකින් හෝ ඉටුවී තිබෙනවා.


    ලැරී එලිසන්

    lawrence-ellison.jpg


    ඔරැකල් මෘදුකාංග සමාගමේ නිර්මාතෲ මෙන්ම සභාපති හා ප්‍රධාන විධායක නිළධාරි ලෙස දශක ගණනාවක් තිස්සේ කටයුතු කරනවා. ඔවුන්ගේ ප්‍රධානම මෘදුකාංගය වන්නේ Oracle Database Management Syatem නැමති දත්ත ගබඩා හා දත්ත අවශ්‍ය ආකාරයට පෙරා සකසා ඉදිරිපත්කල හැකි දත්ත ගබඩා කළමණාකරන මෘදුකාංගයයි. පරිගණක මගින් කටයුතු සිදුකරන සමාගම් වලට නැතුවම බැරි මෘදුකාංගයක් වන මෙය ඔරැකල් සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගය වනවා. මෙය කොතරම් ලාභදායිද යත් කලක් ලොව ලාභදායිම මෘදුකාංග සමාගම වුයේ ලැරී එලිසන්ගේ ඔරැකල් සමාගමයි.

    එහෙත් අදවන විට ඔරැකල් සමාගමේ ලාභ අඩුවී ඇති අතර කොතෙක් ගැටලු තිබුණද මයික්‍රෝසොෆ්ට් සමාගම 2014 වසරේදීද ඔරැකල් සමාගමට වඩා දෙගුණයක් ලාභ උපයා තිබෙනවා. ඔරැකල් සමාගමට ලාභ අහිමි කරන ලද්දේ ලැරී එලිසන් දශකයක් පමණ වට්ටන්නට උත්සහ කල මයික්‍රෝසොෆ්ට් සමාගම නිසා නොව වෙනත් සමාගම් නිසායි. ජර්මනියේ සැප් මෘදුකාංග සමාගම (SAP) අතිශයින් ලාභදායි සමාගම් සම්පත් කළමණාකරණ (Enterprise Resources Management) මෘදුකාංග වෙළඳපොල අල්ලාගෙන ඇති අතර පිරිස් පාලනය, වෙළඳ සේවක පාලනය වැනි තවත් ලාභදායි අංශ Salesforce.com වැනි අලුත් සමාගම මගින් සතුකරගෙන තිබෙනවා.

    ඒ අනුව මයික්‍රෝසොෆ්ට් වට්ටන්නට වෙහෙසවූ ලැරී එලිසන් ඒ වෙනුවට සිය සමාගම ප්‍රවර්ධනය කරගන්නට එම ශ්‍රමය කැපකලානම් සමහරවිට එදා මෙන්ම මයික්‍රෝසොෆ්ට් සමාගමට වඩා අදත් ඔරැකල් සමාගම වැඩි ලාභ උපයාගන්නට ඉඩ තිබුණා.

    ස්කොට් මැක්නීලී


    Scott-McNealy.jpg


    ස්කොට් මැක්නීලි මයික්‍රෝසොෆ්ට් විරෝධී සන්ධානයේ දැවැන්ත චරිතයක් වූවා. ඔහු හා අනෙකුත් තිදෙනා අතර ඇති ප්‍රධාන වෙනස්කමක් නම් ස්කොට් මැක්නීලි පරිගණක විශේෂඥයෙකු හෝ මෘදුකාංග නිර්මාණකරුවෙකු නොවීමයි. ඔහු වෘත්තියෙන් කළමණාකරුවෙක්. එහෙත් සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගම ආරම්භ කිරීමටත් එය ප්‍රවර්ධනය කිරීමටත්, සමාගමේ අවසානය තෙක් එහි ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කරන්නටත් ස්කොට් මැක්නීලි සමත්වුනා.

    Sun Microsystems සමාගමේ ප්‍රධාන නිශ්පාදනය වූයේ Sun Workstation නම්වූ අධිබල පරිගණක පද්ධතියයි. IBM PowerPC නම් බලසම්පන්න ප්‍රොසෙසර මාදිලිය මගින් බලගැන්වුනු එහි මෙහෙයුම් පද්ධතිය වූයේ SunSPARC නම්වූ යුනික්ස් මෙහෙයුම් පද්ධතිය පාදක කොට ගත් මෙහෙයුම් පද්ධතියයි. ඉතා බලසම්පන්න වූ එම මෙහෙයුම් පද්ධතිය multi-tasking හෙවත් සමාන්තර ක්‍රියාදාම ගණනාවක් හොඳින් කළමණාකරණය කල හැකි, ඒ අනුව පරිගණකයේ බලය, භාවිතා කරන්නන් (multiple users) හෝ උපයෝගීතා මෘදුකාංග (application software) කිහිපයක් අතර බෙදාහැරීම මගින් ඉතා කාර්යක්ශම සේවාවක් ලබාදිය හැකි යන්ත්‍රයක් වූවා.

    වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හා ඉන්ටෙල් ප්‍රොසෙසර් මගින් ක්‍රියාත්මකවන මන්දගාමී Windows PC වලට වඩා ඉතා බලසම්පන්නවූ සන් වර්ක්ස්ටේෂන් පරිගණක පද්ධති කලක් ඉන්ජිනේරු, ගගනවිද්‍යා, ගෘගනිර්මාණ ශිල්පය, සජීවීකරණය, විද්‍යාත්මක විශ්ලේෂණ වැනි විශාල ගණන බලයක් අවශ්‍ය කටයුතු සිදුකරන සමාගම්වල ප්‍රියතම පරිගණක පද්ධතිය වූවා. එපමණක් නොව සන් වර්ක්ස්ටේෂන් ආකෘතියෙන්ම නිමැවුනු සන් සර්වර් (Sun Server Systems) පද්ධති එකල විශාල සමාගම්වල පරිගණක ජාල හා අන්තර්ජාල සේවා සපයන සර්වර් ජාලවලට නැතුවම බැරිවූවා.


    4118015881_351e38681a_z.jpg


    එමෙන්ම සුප්‍රකට ජාවා පරිගණක භාශාව නිර්මාණය කලේත් සන් සමාගමේ මෘදුකාංග අංශයේ සමාජිකයින් පිරිසක්. ජාවා භාශාව අද ඇති තත්වයට ජනප්‍රිය කරවන්නට සන් සමාගමත්, එහි ස්කොට් මැක්නීලිත් දැවැන්ත කාර්යභාරයක් ඉටුකලා.

    පරිගණක භාවිතය පිලිබඳ ස්කොට් මැක්නීලිගේ දර්ශණයට අනුව අවසාන භාවිතාකරන්නන් හට (end user) වින්ඩෝස් වැනි විශාල මෙහෙයුම් පද්ධතියක් මගින් ක්‍රියාත්මකවන, ඉන්ටෙල් ප්‍රොසෙසර් යොදා නිර්මාණය කොට ඇති, ඒ නිසාම මිලෙන් වැඩි PC එකක් ලබාදීම සම්පත් අපතේ යැවීමක්.

    ස්කොට් මැක්නීලිගේ අදහස වුනේ සමාගමක පරිගණක ජාලයේ දත්ත සැකසුම් බලය (data processing power) එහි පරිගණක ජාලයේ සර්වර් වෙත පැවරිය යුතු බවයි. ඕනෑම බරපතල රාජකාරියක් ඉතා ඉක්මණින් ඉටුකරදීමේ බලය සර්වරය සතුයි. සර්වරයට එම කාර්යයන් පැවරීම, හා ඒවා ඉටුවූ පසු ප්‍රතිපල ලබාගැනීම සඳහා භාවිතා කරන්නන්හට (end users) අඩුබල ටර්මිනල් ලබාදිය යුතුයි. ස්කොට් මැක්නීලි මෙම අඩු බල පරිගණක "thin client" ලෙස හැඳින්වූවා. එනම් ඔහුගේ යෝජනාව වූයේ ආයතනයක පරිගණක භාවිතය "client-server network" ආකාරයට සිදුවිය යුතු බවයි. එනම් ආයතනයේ පරිගණක ජාලයේ සර්වර්තුල සියලු මෘදුකාංග හා දත්ත ගබඩා තිබෙන අතර එම මෘදුකාංග හා දත්ත භාවිත කරන්නන් සර්වරය හා සම්බන්ධවීමට අඩුමිල තින්-ක්ලයන්ට් පරිගණක භාවිතා කරනවා. මැක්නීලිට අනුව පරිගණක භාවිතය සඳහා වූ මෙම ආකෘතිය කාර්යක්ශම මෙන්ම සම්පත් භාවිතයද අඩු කරනවා. මෙම දැක්ම අලෙවිකරණය සඳහා ඔවුන් භාවිතා කල යෙදුම "Network is the Computer" යන්නයි.

    novell_netware.png

    කල්පිතයක් ලෙස මෙය ඉතා හොඳවුවත් එය ඉදිරිපත්වූ 1990 දශකයේ පරිගණක ජාල ගොඩනැගීම අදමෙන් පහසුවූයේ නෑ. අද කාර්යාලීය පරිගණක ජාල, නොමිලයේ ලැබෙන අන්තර්ජාල TCP-IP දත්ත සම්ප්‍රේෂණ සම්මුති වන භාවිතයෙන් සිදුකලත් අසූව අනූව දශකයේදී පරිගණක ජාල නිර්මාණය කිරීමට සිදුවූයේ මිල අධික Novell Netware වැනි පරිගණක ජාල දත්ත සම්ප්‍රේෂණ හා ජාල කළමණාකරණ මෘදුකාංග මගින්. මේවා භාවිතය සඳහා Novell මෘදුකාංග පිලිබඳ විශේෂඥ දැනුමක් තිබිය යුතුවූ අතර ජාල ගොඩ නැගීම මෙන්ම නඩත්තු කිරීමද වෙහෙසකර වූවා.

    මැක්නීලිගේ සන් සමාගමට මෙම ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා අඩු පිරිවැය විසඳුම් (cost effective solutions) නොතිබූ අතර පරිගණක ජාල ගොඩ නැගීම පහසුවූයේ ලිනක්ස් හා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අන්තර්ජාල TCP-IP Protocols පාදක කරගෙන ජාල ගොඩනැගීමේ පහසුකම් වැඩිදියුණු කලපසුවයි. එහෙත් ඒ වනවිට සන් මයික්‍රෝසිස්ටම් සමාගමේ කොටස් හිමියන් එය දිගින් දිගටම පාඩු ලැබීම නිසා විකුණාදමා තිබුණා.


    උපුටා ගැනිමකි
    HTML:
    http://vidya-gaweshana.blogspot.com/
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    patta rep++
    Good post .. TFS
    එල මචං :cool:
    bump
    7 +Rep
    රෙප් දිපු හැමොටම රෙප් දුන්නා මචන්ලා දෙන්න බැ කියපු අයට පස්සේ දෙන්නම්
    ස්තුතියි බම්ප් කලාට :D
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Linuz තනියම නෙවෙයි කෙර්නල් එක හැදුවෙ මේකට තව ගොඩක් ඩෙනෙක් සම්බන්ද වෙල හිටිය. මේක unix වගේ එකක් හින්ඩ එයා ගැන වැඩිය කතාකරන්නෙ නැත්තෙ, තව එයා මුලින් මෙකට linux කියන්නද කියපු වෙලවෙ කියල තියෙන්න Freax කියන එක දාන්න කියල.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ela machan.
    Habai linux license eka poddak withara waradi.

    License eka enne Mehemai:
    Software eka wenas karanna, wenas karapu eka distribute karanna, e wagema salli walata wikunanna puluwan. Eth software eka source code ekath ekka denna one, e license ekama anith kattiyatath denna one.

    E kiyanne salli walata dunnath buyer ta denna one redistribute powers.
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ela machan.
    Habai linux license eka poddak withara waradi.

    License eka enne Mehemai:
    Software eka wenas karanna, wenas karapu eka distribute karanna, e wagema salli walata wikunanna puluwan. Eth software eka source code ekath ekka denna one, e license ekama anith kattiyatath denna one.

    E kiyanne salli walata dunnath buyer ta denna one redistribute powers.
    thanx machan recorrect kalata

    ගොඩක් වටිනා ලිපියක් මචන්
    රේප් 10+
    11.gif


    11.gif
     
    • Like
    Reactions: mAjIc hAt