යට ඇඳුමේ කතාව
ළමා අපචාර හා අපයෝජන පිටු දකිමු!
ටික කාළයකට පස්සෙ , වෙනස් වීම් ගණනාවක් එක්ක ,තරඟ කරන්නට වූ නිසා පහුගිය කාළය පුරා වරින් වර
ඇවිත් එබිකම් කරත් , අළුත් යමක් ලියන්නට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒත් දැන් සංක්‍රාන්ති සමයේ නිමාවක් දැනෙන නිසා අයෙත් මේ විදියට ලියන්නට සිත පෙළඹුවා.
අද මාතෘකාවටත් “වෙනස්වීම“ කියන සංකල්පය හුඟක් ළං වෙනවා , ඒ කියන්නේ අද ඉතින් “කාළෙ වෙනස්“ , “තාලේ අළුත්“ කියලනේ හුඟක් අය කියන්නේ . ආර්ථිකය , සමාජීය වට පිටාව , පවුල් බැඳීම් වගේම තවත් බොහෝ දේ “විපරියාසකට“ පත් වෙලා කියල කෙනෙක්ට දැනෙන්න පුළුවන්.
පිය නගන්නට හදන මාතෘකාව පැත්තට ගියොත් , මීට අවුරුදු දහයකට විතර ඉස්සර ගම්වල ලොකු “කසුකුසු“ මතුවුනේ , ගමේ ඉලන්දාරියෙක් එක්ක , ගැටිස්සියෙක් රෑ යාමේ පැනල ගිය වගේ අවස්ථාවක් තමා. ඒත් අද ඒ කසු කුසු වලින් එහා ප්‍රධාන ජනමාධ්‍ය වල කියැවෙන කතා අතරේ ,ටියුෂන් පන්තියේ ගුරුවරයා , පහේ පංතියේ පුංචි කෙල්ලෙක්ට කරපු කරදරයක් ගැන , නැත්නම් අල්ලපු ගෙදර මාමා තමන්ගේ ඥාති පුතාට “අසභ්‍ය වීඩියෝවක් “ පෙන්නපු කතාවක් , එහෙම නැත්නම් තමන්ගේම තාත්ත , තමන්ගේම දුවව දුෂණය කරපු ප්‍රවෘත්තියක් , එහෙම නැත්නම් තමන්ගේ පෙම්වතා යැයි කියා ගන්නා කෙනෙක් තම නිරුවත් ඡායාරූප වෙන්දේසී කරන්නට යන කතාවක් .....ඔය වගේ මාතෘකා වැලක් හොයා ගන්නට හරිම පහසුයි . මේ විකෘති රිද්මය දැන් දැන් පාසල් යන දරුවන් වෙත , විශේෂයෙන්ම ප්‍රාථමික ශ්‍රේණීවල දරුවන් ( පහුගිය දවස් වල ශිෂ්‍යත්ව පංති වල දරුවන් මෙවන් අපහසුතා පත්වුනු ප්රවෘත්ති දකින්නට ලැබුණා ) සහ සාමාන්‍ය පෙළ ආශ්රිත දරුවන් වෙත යොමු වෙමින් තිබෙන බවක් පෙනෙනවා.
ලෝකය පුරාම කළ සංගණනයකට අනුව දරුවන් පස් දෙනෙක් ගෙන් එක් අයෙක් වත් මෙලෙස යම් ආකාරයක ලිංගික අපයෝජනයකට ලක් වන බව සොයාගෙන තිබෙනවා. මේ ප්‍රවණතාව මත තම දරුවන්ට “තම අාරක්ෂාව “ පිළිබඳව විශේෂයෙන්ම මාතෘවක අදාලව සහ සිදුවන අපරාධවල ස්වභාවය අනුව ,“ලිංගික අපයෝජකයන්ගෙන්“ තම දරුවාව රැක ගන්න දරුවාට දැනුමක් ලබා දිය යුතු බව පිළිගන්නා දෙමාපියන් අප අතර සිටියත් ,
“ඔය දේවල් ගෙදර කතා කරන්න පුළුවන් ? අපේ ළමයි ඕව කරන්නෙ නෑ ? අපෝ අපේ ළමය පස්සෙන්ම මම යනවා , ඕවට ඉඩ නෑ ? “
වගේ සංකල්ප පුරවා ගත් දෙමාපියනුත් අප අතරේ ඉන්නවා . ඒ හැම කෙනෙක් එක්කම කතා කරන්නට තමයි අද මේ සටහන වෙන් කෙරෙන්නේ .

මේ ගැන කතා කරත්දි අප හැමෝගෙම හිත්වලට එන පොදු ප්‍රශ්න කිහිපයක් අරගෙන ඒ ඔස්සෙ සටහන ඉදිරියට ගෙන යාම තමයි බලාපොරොත්තුව , මොනවද අපට එන ප්‍රශ්න ?
1. ඇයි ළමයින්ට ඔය ගැන කියන්නේ ?
2. දැන් කාගෙන්ද ළමය පරිස්සම් කරගන්න ඕනේ ?
3. අපේ ළමය තවම පොඩියි , මොන වයසෙදි දි ඔය ගැන කියල දෙන්න ඕන ?
4. ඕව ගැන ළමයි එක්ක කතා කරන්න පුළුවන්?
5. අනෙක ඉස්කොලෙන් නේද කියල දෙන්න ඕන ?
6. ඕව කියල ළමය නරක් වේවිද ?
7. අපේ කොල්ලනේ , අපට බයක් නෑ ?

ලිංගිකත්වය සහ ඒ ආශ්රිත චර්යාවන් හැම කෙනෙක් තුලම යම් අවස්ථාවක හෝ කුතුහලය උපදවන ඒ කුතුහලය ඔස්සේ තවත් දේ සොයන්නට පෙළඹෙන සංකල්පයක් . වයස අවුරුචු 3-6 අතර සීමාවකින් තීව්රවීම ආරම්භ වන මේ “කුතුහලය“ වයස 12-15 සීමාවෙදි ඉහළ සීමාවකට ලංවෙනවා , දෙමාපිය බලපෑම ඔස්සේ හෝ ඔවුන් කියාදෙන “හොඳ නරක සංකල්පය මත“ , “බලෙන් යටපත්“ කළත් ඒ ලිංගික කුතුහලය ඉඩක් ලද විට උඩට මතුවන , බලෙන් වතුට යට රිංගවා ඉන්න රබර් බෝලයක් වගේ. ඉතින් මේ “නලියන කුතුහලයෙන්“ සිටින දරුවාව ගොදුරක් කරගන්න එක අපයෝජකයෙක්ට සාපේක්ෂව පහසු දෙයක්. ඒ වගේම මේ වයසේ දරුවන් “මේ ගැන දෙමාපියන් එක්ක කතා කරන්න තිබෙන බිය / ලැජ්ජාව“ නිසා හෝ තර්ජනය මඟින් නැත්නම් වෙනත් උපක්‍රම මඟින් දිගින් දිගටම තම ගොදුරක් බවට පත් කරගන්නට ඔහු හෝ ඇය (ලිංගික අපයෝජකයා , හොඳට මතකයේ තබා ගන්න , අපයෝජකයා යනු පිරිමියෙක් හෝ කාන්තාවක් විය හැකි බව ) පෙළබෙනවා. විශ්ෂයෙන්ම “විරුද්ධව සටන් කරන්න ශක්තියක් නැති මේ ගොදුර “ මේ සිදුවීමේ අවසානයේ කායිකව සහ විශේෂයෙන්ම මානසිකව දුබල , පෞරුෂත්වය බිඳුනු තත්ත්වයකට පත්වීම , ඒ බිඳීම යම් විටෙක ජීවිතය නිමා කරවන බිඳුමක් වන්නටත් ඉඩ තිබෙනවා එසේ නොවනුනත් ළමා විය තුල සිදුවනු “කළු ලපය“ දරුවා වැඩිහිටියෙක් වූ දාටත් මානසික , චර්යාත්මකව නරක බලපෑමක් ඇති කරන්නට පුළුවන් වගේම සමාජ විරෝධී තරුණයෙක් තරුණියක් ඇති වන්නටත් හේතු වන්නට පුළුවන් බව මේ පිළිබඳව කළ පර්යේෂණ අනුව කියැවෙනවා. අන්න ඒ නිසා තමයි දරුවන් මෙවන් ආපදා වලින් රැක ගැනීම සඳහා “අවදානම සහ පරිස්සම“ ගැන දරුවන්ට කියා දිය යුතු වන්නේ.
2. දැන් කාගෙන්ද ළමය පරිස්සම් කරගන්න ඕනේ ?
4. ඕව ගැන ළමයි එක්ක කතා කරන්න පුළුවන්? 5. අනෙක ඉස්කොලෙන් නේද කියල දෙන්න ඕන ?
6. ඕව කියල ළමය නරක් වේවිද ?
7. අපේ කොල්ලනේ , අපට බයක් නෑ ?
ඔබට හිතේවි මොන මෝඩ ප්‍රශ්නයක්ද කියල මේ , නමුත් මේක ඇත්තටම ප්‍රශ්නයක් . අපේ ළමය රැක ගන්න ඕන ගමේ ඉන්න “නරක ළමයිගෙන්ද“ බසේ එකේදි ඇඟට තෙරපෙන “අංකල්ලගෙන්ද“ , එහෙම නැත්නම් ස්කූල් වෑන් එකේ “අයිය“ගෙන්ද ? මේක අද දවසේ හරිම ප්‍රශ්නයක් , පහුගිය දවසක මගේ පාසල් මිතුරෙක් සමඟන් කතා කරත්දි අහන්නට ලැබුණේ මගේ පාසල් මිතුරෙක්ගේ දියණියකට , ඒ මිතුරගේම ගුරුවරයා (අද වයස අවුරුදු හැට පහකට වැඩි ඇති) විසින් යම් අපරාධයක් කළ බව , අදා අපේ වැදුම් ලබපු ඒ ගුරුවරයා මේ වගෙ අපරාධයක් කරා නම් , අම්ම නැති ගෙදර තාත්ත තම දුවව අඹුකමට තියා ගත්තා නම් ඔබ කාවද සැක කරන්නේ ? කාවද විශ්වාස කළ යුත්තෙ ?
අන්තර්ජාලය ජංගම දුරකථන සේකස්ටින් එක්ක අද ලිංගිකත්වය සහ ඒ ආශ්රිත චර්යාමය තත්ත්ව පිළිබඳ “කුතුහලය“ උන්මාදයක් බවට පත්කරලා , ඒ උන්මාදයට ගොදුරු වෙමින් තිබෙන්නෙ යොවුන් දරුවන් පමණක් නොවේ , වැඩිිහිටි මහළු හැම වයස් සීමාවකම කෙනෙක් මේ තත්තවයට ගොදුරු වෙන්නට ඉඩ අවස්ථා වැඩියි (පහුගිය දවස් වල මුහුණූපොත ඒ තත්ත්වයට සාක්ෂි දුන්නා) . එවන් තත්ත්වයක් යටතේ හොඳම දේ අනෙකාව සැක කරනවාට වඩා තමන්ගේ දුවට ,පුතාට “තම ආරක්ෂාව ගැන“ දැනුවත් කරන එක.
ඒ වගේම ළමුන් ලිංගික අපයෝජනයට ලක් කළ වැඩි පිරිසක් (93%) , දරුවා දන්නා අයෙක් වීමක් , ඉන් බහුතරයක් පවුලේම කෙනෙක් වීමත් , මේ සිදුවීමට පෙර දරුවා සමඟ හිතවත්ව විශ්වාසය දිනාගත් අයෙක් වීමත් බහුලව දකින්න පුළුවන් බවයි මේ පිළිබඳ විශ්ලේෂණය කරන්නන් පැහැදිලි කරන්නේ.
වයස දහය දොළහ වන විට දරුවා තම ලිංගික අවයව , පිරිසිදුකම පවත්වා ගැනීමේ වැදගත්කම, ආර්තවය , වැඩිවිය පත්විම , ගැහැණු පිරිමි වෙනස්කම් ගැන ටිකක් කතා කරන්න පුළුවන් වේවි. විශෙෂයෙන්ම මෙතැනදිත් අර නාන ඇඳුමෙන් වැහෙන ප්‍රෙද්ශය තමන්ගේ පෞද්ගලිකත්වය රැක ගන්න විදිය , ඇඳුම් අඳින ආකාරය ගැන මතක් කරන්නට පුළුවන් . ඒ වගේම දරුවගේ මිතුරන් , වැඩිහිටි පාසල් සිසුන් , සහ හිතවතුන් ගේ චර්යාවන් , දරුවන් සමඟ කතා කරන දේ , පෙන්වන දේ හෝ ලබා දෙන විශේෂ තෑගි බෝග පිළිබඳවත් තොරතුරු උපක්රමශීලීව දැන ගන්නට දෙමාපියන්ට පුළුවන් වෙන්නට ඕන. මෙතැනදි අම්මගේ තාත්තගේ නීති රිතී කියවනවා වගේම ,වැඩියෙන් දරුවට ඇහුම් කන් දෙන්නම ඕන , යම් සැක සහිත අවස්ථාවක් ගැන සිදුවීමක් ගැන දරුවා කියනවා නම් “දරුවාව බිය නොකර , සිදුවීම ගැන උපක්‍රමශිලීව දැන ගන්න එක‘‘ අනාගත විනාශයක් වලක්වා ගැනීමක් වෙන්නට පුළුවන්.

මේ ප්රශ්නය ටිකක් සංකීර්ණයි , ඒ අපේ ගතානුගතික මත , සංස්කෘතික බැඳීම් සහ අද සමාජියේ ප්රවණතාවන් එක්ක ගැළපීමක් කරන්නට සිදුවෙනවා . කෙසේ වුවත් දරුවා ගෙදර පරිසරයෙන් , දෙමාපිය සෘජු රැකවරණයෙන් මිදිල “පෙර පාසලට“ හෝ ප්‍රාථමික පාසලට යන වයසේදිම මේ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන් , මහ ලොකු දේවල් නොවෙයි , තමන්ගේ ඇඟ , අඟේ කොටස් , පිරිසිදුකම , ඇඳුම් අඳින විදිය , කෙනෙක් දරුවව ආදරේට අල්ලනවා නම් , ස්ඵර්ශ කරනවා නම් හාදුවක් දෙනවා නම් එය කෙරෙන විදිය , එසේ සාමාන්‍ය නොවන වෙනස් ස්පර්ශයන් කෙරෙනවා නම් එයට “එපා කියන්නට“ දරුවාට කියා දෙන්න පුළුවන් . පිහිනුම් ඇඳුමකින් / යට ඇඳුමකින් ඉන්න දරුවෙක්ගේ පිංතූරයක් පෙන්නල , ඒ ඇඳුමෙන් වැසෙන ප්‍රෙද්ශය “තමන්ගේම බවත්“ වෙනත් අය නොබලන , නොඅල්ලන බව ක්‍රමයෙන් කියාදෙන්නට පුළුවන් .
වයස දහය දොළහ වන විට දරුවා තම ලිංගික අවයව , පිරිසිදුකම පවත්වා ගැනීමේ වැදගත්කම, ආර්තවය , වැඩිවිය පත්විම , ගැහැණු පිරිමි වෙනස්කම් ගැන ටිකක් කතා කරන්න පුළුවන් වේවි. විශෙෂයෙන්ම මෙතැනදිත් අර නාන ඇඳුමෙන් වැහෙන ප්‍රෙද්ශය තමන්ගේ පෞද්ගලිකත්වය රැක ගන්න විදිය , ඇඳුම් අඳින ආකාරය ගැන මතක් කරන්නට පුළුවන් . ඒ වගේම දරුවගේ මිතුරන් , වැඩිහිටි පාසල් සිසුන් , සහ හිතවතුන් ගේ චර්යාවන් , දරුවන් සමඟ කතා කරන දේ , පෙන්වන දේ හෝ ලබා දෙන විශේෂ තෑගි බෝග පිළිබඳවත් තොරතුරු උපක්රමශීලීව දැන ගන්නට දෙමාපියන්ට පුළුවන් වෙන්නට ඕන. මෙතැනදි අම්මගේ තාත්තගේ නීති රිතී කියවනවා වගේම ,වැඩියෙන් දරුවට ඇහුම් කන් දෙන්නම ඕන , යම් සැක සහිත අවස්ථාවක් ගැන සිදුවීමක් ගැන දරුවා කියනවා නම් “දරුවාව බිය නොකර , සිදුවීම ගැන උපක්‍රමශිලීව දැන ගන්න එක‘‘ අනාගත විනාශයක් වලක්වා ගැනීමක් වෙන්නට පුළුවන්.
4. ඕව ගැන ළමයි එක්ක කතා කරන්න පුළුවන්? 5. අනෙක ඉස්කොලෙන් නේද කියල දෙන්න ඕන ?
ඔව් මේව ගැන නිස ලෙසින් දරුවා සමඟ කතා කරන්නට පෞරුෂයක් , දැනුමක් දෙමාපියන්ට තිබෙන්නට ඕන ,
මේ පිළිබඳ අවශ්‍ය දැනුම ලබා ගන්නට දෙමාපියන්ට අද ඕනෑතරම් අවස්ථා තිබෙනවා , මේ පිළිබඳවම ලියැවුනු උපදෙස් පොතපත ගමේ පුස්තකාලයකින් වුනත් ගන්න පුළුවන් , නැත්නම් අද අන්තර්ජාලය තුල දෙමාපියන් දැනුවත් කිරීමටම වෙන්වුනු පිළිගත් වෙබ් ගණනාවක් තිබෙනවා .
ඔව් ප්රශ්නය දැනුම තිබුණත් මේ ගැන දරුවත් එක්ක කතා කරන එක නේ ? නමුත් මේ ඔබ කරන්නෙ දෙමාපියෙන් විදියට අද දවසේ කරන්නටම ඕන වැදගත් වගකීමක් , ඒ වගකීමේ බර හිතට ගන්න , දරුවත් එක්ක විවේක පාඩුවේ කතා කරත්දි පොඩ්ඩ පොඩ්ඩ් අවශ්‍ය දේ දරුවට කියා දෙන්න , එහෙම නැත්නම් දරුව මේයට අදාල සිදුවීමක් , ගැන කියත්දි එය “නරක කතාවක‘“ විදියට අවහිර නොකර දරුව දැන ගත් දේ කියන්නට ඉඩ දෙන්න , ඒ ඔස්සේ ඔබට පුළුවන් දරුවට යමක් කියා දෙන්නට .
පාසලෙන් විෂයයක් විදියට පමණක් නොවේ , දරුවන්ට මේ පිළිබඳ තිබෙන ගැටළු වලට උත්තර හොයා ගන්න පොත පත , උපදේශන සේවා පාසල් තුල තිබිය යුතුමයි .

නිවැරදිම , දරුවාගේ වයසට ගැනපෙන විදියට මේ දේවල් කියා දෙන්න පුළුවන් නම් දරුවා නරක් වෙන්නට ඉඩක් නැහැ , ඒ වගේම දරුවට නරකක් වෙන්නටත් ඉඩක් නැහැ . නමුත් මෙතැනදි දෙමාපියන්ගෙ දැනුවත් බව සහ මේ කටයුත්ත කිරීමට ඇති කැපවීම හරිම වැදගත් , ඔබ එසේ දරුවට මේ “ආරක්ෂාව “ පිළිබඳ කියා නොදුන්නොත් දරුවා තම කුතුහලය සංසිදුවා ගන්නට වෙනත් අතකට යොමු වේවි , එය සම වයස් මිතුරෙක් , නැත්නම් අන්තර්ජාලය , පොත පතක් වන්නට පුළුවන් , මේ යොමු වීම් නිවැරදි ඒවා නම් කරදරයක් නොවේවි , එසේ නොවුනොත් ?
7. අපේ කොල්ලනේ , අපට බයක් නෑ ?
එදා මෙහෙම කියන්න පුළුවන් වුනත් අදට එය හුඟක් වෙනස් , ඒ නිසාම කොල්ලටත් කෙල්ලටත් තම ආකර්ෂාව පිළිබඳ ඉගැන්වීම කළ යුතුම දෙයක් ලෙසින් වෙනසක් කරන්නට වෙනවා.
දරුවන් ලිංගික අපයෝජකයන්ගෙන් රැක ගන්නට , කළ යුතු දැනුවත් කිරීමේ ක්‍රියාවලිය පහසු කරන්නට විවිධ යෝජනා , උපදෙස් තිබුණත් PANTS rules ලෙසින් පහසුවෙන් හඳුන්වා දෙන උපදෙස් මාලාව වඩාත් ජනප්‍රියයි. අපි දැන් බලමු මොකක්ද මේ පැන්ට්ස් රූල් කියල ,
බම්ප් එකක් දාමු එහෙනං

1. Privates are private
2. Aways your body belongs to you
3. No
4. Talk about secrets that upset you
5. Speakup
2. Aways your body belongs to you
3. No
4. Talk about secrets that upset you
5. Speakup
මේ ගැන කෙටියෙන් කීවොත් , දරුවාට තමන්ගේ දේහය ගැන එය ,“අනුන්ගේ නොවන තමන්ගේ දෙයක් බව තේරුම් කර දෙන්න“ , දරුවා අකමැති අයුරකින් දරුවාව , ස්ඵර්ශ කිරීමකට , විශේෂයෙන්ම දරුවාගේ යටි ඇඳුමින් ආවරණය වී ඇති ප්‍රෙද්ශය ස්පර්ෂ කරන්නට හෝ එම ප්‍රෙද්ශයේ ඇඟළුම ඉවත් කරන්නට වෙනත් කිසිවෙකුටත් ( හේතුවක් සහිතව , දෙමාපියන්ට / රැක වරණය ලබා දෙන්නා හෝ වැඩිහිටියෙක් සමඟ රෝහල් ගතවූ විටෙක දරුවාට තෙරුම් ගත හැකි අයුරින් පැහැදිලි කරදුන් වෛද්‍යවරයාට / හෙදියට හැරෙන්නට) අයිති නැති බව තේරුම් කර දෙන්න , තමන්ගේ වගේම වෙනත් අයෙක්ගේ “එම ප්‍රෙද්ශයක් “ ස්පර්ශ කරන්නට යාමත් “වැරදි දෙයක්“ බව දරුවට තේරුම් කරදෙන්න , එවන් අවස්ථාවක එයට “එපා කියන්නටත් , අදාල පුද්ගලයාගෙන් ඉක්මණින් ඉවත් වන්නටත් , ඒ ගැන ළඟම ඉන්න ගුරුවරයෙක් හෝ දෙමාපියන් දැනුවත් කරන්නට දරුවා උනන්දු කරවන්න.කිසිම වෙලාව මේ වගේ දේ “රහසක් ලෙස“ සඟවාගෙන නොඉන්නට , එය දෙමාපියන් එක්ක කතා කරන්නට දරුවා පොළඹවන්න. ඒ වගේම වෙනත් අයෙක් දිගින් දිගටම “එම ප්‍රෙද්ශයේ “ අවයව ගැන , ඒ සම්බන්ධ විහිළු , පිංතූර පෙන්වනවා නම් හෝ කතා බහ කෙරෙනවා නම් ඒ ගැන අම්ම තාත්ත දැනුවත් කරන්න දරුවව පුරුදු කරන්න , ඒ අවදානම් සාධක හඳුනා ගන්න.
1. See alert - ලිංගික අපයෝජකයෙක් දරුවෙක්ගේ “පුද්ගලික ප්‍රෙද්ශය“ අනවශ්‍ය ලෙස ස්පර්ශ කරනවා නම් , බලනවා නම් හෝ දරුවා මඟින් අපයෝජකයාගේ “එම ප්‍රෙද්ශ“ ස්පර්ශ කරගන්නවා දුටුවහොත්
2. Talk alert - යමෙක් , දරුවෙක් සමඟ ඉහත කීපරිදි ලිංගික අවයව / චර්යා පිළිබඳව අනවශ්‍ය අයුරින් කතා කරනවා නම්
3. touch alert - අයෙක් දරුවෙක්ගේ යටි ඇඳුමින් ආවර්ණය වන ප්‍රෙද්ශ , ස්පර්ෂ කරනවා නම් හෝ දරුවා ලබා ඔහුගේ / ඇයගේ එම ප්‍රෙද්ශ ස්පර්ශ කරවා ගන්නවා නම් ,
4. alone alert - නිසි හේතුවක් රහිතව , දරුවා කණ්ඩායමේන් වෙන් කරගන්නට , තනි කරගන්නට , තනි කර වෙනත් ස්ථානයකට රැගෙන යන්නට උත්සාහ ගන්නවා නම් ,
5. hold alert - අනවශ්‍ය අයුරින් දරුවාව ,“හුරතල් කරනවා නම්“ ,

මේ අවදානම් සාධකයන් හඳුනාගන්න , තැනට සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් එම දරුවා මෙන්ම තවත් දරුවෙක් ගොදුරක් බවට පත්වීමේ අවස්ථාව වලක්වා ගන්නට කටයුතු කරන්න . මේ දරුවා ඔබේ වුනත් , නොවුනත් මේ අපරාධයට විරුද්ධ වන්න , දෙමාපියන් , නිතිය මේ අපරාධකරු ගැන දැනුවත් කරන්න
ඒ වගේම දරුවට ලැජ්ජාව ඇති කරන , කණගාටුව ඇති කරන සිදුවීමක් වුනොත් ගෙදර දි එය කතා කළ හැකි පරිසරයක් ඇති කරදෙන්න , ටික වෙලාවක් වත් දරුවට ලංව ඉන්නට උත්සාහ කරන්න , දරුවා වෙත “සැක කළ හැකි “ සිදුවීමක් වෙමින් පවතී නම් , දරුවා ඒ ගැන කියන්න හදත්දිම “දරුවට කෑනොගහ“ එය කියන්න දෙන්න , එය නුදුරේ විය හැකි අවදානමක් වලක්වා ගැනීමක් වන්නට පුළුවන්.

ලිපිය අවසන් කරන්නට කතා කළ සියල්ල කෙටියෙන් ,
අද දවසේ ඔබේ දරුවාත් ලිංගික අපයෝජකයෙක්ගේ ගොදුරක් වීමේ හැකියාව ඉතා ඉහළයි ,
ඒ වගේම අපයෝජකයා අප හිතනවාට වඩා අප ළඟින් සිටින / දන්නා හඳුනන කෙනෙක් වන්නට ඉඩ වැඩියි.
එම නිසා මේ අවදානම ගැන දෙමාපියන් සහ දරුවන් දැනුවත් විම වටිනවා ,
ලිංගිකත්වය පිළිබඳ ඇති අස්වාභාවික සැඟවුනු බව වගේම නිසි දැනුම අඩුකම වෙනස් කරගන්නට දෙමාපියන්ට කාළය .
තම දරුවන් ලිංගික අපරාධකරුවන්ට හසුනොවන තරමේ දැනුමක් ඔවුනට ලබා දිමට කාළයයි මේ.
දරුවාට තම “පෞද්ගලික අවයව“ සහ අනුනගන් පෞද්ගලිකත්වය රැක ගන්නා ආකාරය කියා දෙන්න.
ලිංගික අපරාධකරුවෙක්ගේ චර්යා, අවධානම් සාධක හඳුනාගන්න ,ඒ පිළිබඳව සමාජය වට පිටාව දැනුවත් කරන්න.
මෙවන් අපරාධකරුවන්ට නිසි නීති දඩුවම් ලබා දීමට සමාජය පොළඹවන්නට උත්සාහ කරන්න.

මේ ලිපිය කියවන , බෙදා හදා ගන්න ඔබටත් බොහොම ස්තුතියි . හැබැයි දැන් කෙනෙක් කියාවි “අපෝ ඔය බටහිර රටවල දේවල් , අපේ රටට ඕව ඕනද කියල ? ... “ මේ ගැන මුකුත්ම කියන්න යන්නේ නැහ මම , ඔබම තේරුම් ගන්න . ඔබට සිතන්නට ඉඩ දී අදට මෙතැකින් සමුගන්නයි සූදානම.
nursinglk
nursinglk
මේ වීඩියෝ ටික බලන්නට වැය කාළය අපතේ යන එකක් නැහැ.
බම්ප් එකක් දාමු එහෙනං
Last edited: