2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෙදිනි විරාජ.....
    තෙදිනි විරාජ රුවිනි විරාජ
    රුහුණු සුරාජ ක‍ඳ දෙව් රාජ //

    එරන් මයුර වාහනයෙන් රුපු සෙන් බිඳ වැඩම වන්න
    වැඩහිටි කඳු මත වැඩ සිට නර කැළ වෙත සෙත සදන්න
    කතරගමේ බල මහිමේ දියත පතළ කර හරින්න
    තෙදිනි විරාජ රුවිනි විරාජ

    රුහුණු සුරාජ ක‍ඳ දෙව් රාජ //

    අන වින වස් දොස් තුන් බිය දුරළා සත රැක දෙවන්න
    මැණික් ග‍ඟේ නිමල දියෙන කිලි කුණු සෝදා හරින්න
    කතරගමේ බල මහිමේ දියත පතළ කර හරින්න
    තෙදිනි විරාජ රුවිනි විරාජ
    රුහුණු සුරාජ ක‍ඳ දෙව් රාජ //

    ගායනය - එඩ්වඩ් ජයකොඩි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,118
    113
    avatar164517_14.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිවු වසරක් තුල පෙම් සිහිවටනය
    නෙතු කඳුලක් වේවා
    මින් මතු කිසිදා කිසිම සැඳෑවක
    අප නොම හමු වේවා


    සීතල පව්වේ කඳු රැලි යායේ
    සරසවි පායේ තුරු සෙවනැල්ලේ
    ඔබ මට අවනත පොඩි දරුවකු සේ
    සසර දිගේ ආ මේ දිගු ගමනේ
    ඉවත බලාගමු නාඳුනනා සේ
    මින් මතු හමු වී අප දෙදෙනා


    හිමගිරි සෙවණේ දිය සීරාවේ
    නාමල් යහනේ තරු මේලාවේ
    නිහඬව වැලැපෙන ඒ පෙම් සටහන්
    මීදුම් සළුවක මැකී ගියාවේ
    ඉවත බලාගමු නාඳුනනා සේ
    මින් මතු හමු වී අප දෙදෙනා


    ගායනය හා සංගීතය: ආචාර්ය දයාරත්න රණතුංග


    අද ඒ දවසයි. සිවු වසරක් මේ බිමේ ගෙවීමු. සිනා, කඳුළු, සුසුම් මැද මහ පොත් වන පොත් කළෙමු. එක පත බෙදා ගෙන කෑවෙමු. එක්ව ගැයීමු, රැඟීමු, නැගී සිටියෙමු. ඔබ මා ජීවිතයට ආවේ ඒ අතරය. එයදු නවමු අත්දැකීමක් විය. පෙම් මග, දේවදාර ගස් අතර, මහවැලි දෑලේ අප ඇවිද්දෙමු. ඔබ මට කිසිවෙකුට වඩා ලං ව සිටියේය. මා හද ගැහෙන රාවයද ඔබ දැන සිටියේය. එනමුදු සරසවියෙන් පිට ලොවක් ඇත්දැයි අප අමතක කළෙමු. නැතිනම් අපට එය අමත විය. දැන් බිහි දොර අබියෙසට අපි පැමිණ සිටින්නෙමු. හෙට දීන අප වැළඳගන්නට හෝ හපාකන්නට හැකි ලොවකට පියමනින්නෙමු. අද අවසන් දවසයි. සීතල හන්තානේ මීදුම් සේල, මහවැලියේ දිය සීරාව, සරසවි පහයේ තුරු සෙවනැල්ලෙන් අප හෙට සමු ගනිමු. ඒ අපේ පෙම වෙනුවෙන් වැලපෙන සටහන් වන්නේය. සසර දිග පොඩි දරුවකු පසු පස එන්නාක් මෙන් ඔබ මා පසු පස එන්නට ඇත. එනමුත් අද අවසන් දිනයයි. මින් පසු නොහඳුනන ලොවක නොහඳුනන දෙදෙනෙකු මෙන් අපට ඉවත බලා ගැන්මට සිදු වනු ඇත.


    සරසවි පෙමක ශෝකාන්තය රැගත් දයාරත්න රණතුංගයන් ගයන ගීය 70 දශකයේ ගැයුනකි. පේරාදෙණි‍ය සරසවිය හා එහි නිමල සුන්දරත්වය විසින් සඟවා ගෙන සිටිනා, නිහඬව වළ දැමුණු පෙම් කතාවකට නැවත පණ දීමක් මේ ගීය තුලින් අසන්නට ලැබේ. මෙහි භාවයන් හා සංගීතය ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. ඊට කන්දීම පමණක් සෑහේ.