සංචාරක පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අවසන් එක්දින ක්‍රිකට් තරඟය අවිනීත නීච ප්‍රේක්ෂකයන් නිසා අතර මග නතර කරයි: මෙය පළමු සහ අවසන් සිද්ධිය විය යුතුයි.
ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාවේ කිසිදා සිදු නොවූ අභාග්‍ය සම්පන්න සිදුවීමක් අද වාර්තා වේ. එය ක්‍රීඩකයන් සම්බන්ධයෙන් නොව අවිනීත ප්‍රේක්ෂයකයන් නිසා සිදුවීම කලකිරවන්නකි. රටටම අපකීර්තියකි. සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර අද රාත්‍රී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වෙනු දැක නීච ලෙස හැසිරුණු ප්‍රේක්ෂයකයන් කණ්ඩායම් දෙකක් නිසා තරඟය නතර කර දැමීමට සිදුවීම මෙම අපකීර්තිමත් සිදුවීමයි. මෙවැන්නක් ලංකාවේ සිදුවූයේ පළමු වරට ය.
මාලිගාවත්ත පොලිසිය සහ අවට පොලිසිද විශේෂ කාර්ය බලකායද එක්ව නීච ලෙස හැසිරුණු ප්‍රේක්ෂක කන්ඩායම් දෙකෙහි ගැටුම සමථයකට පත් කරන ලදී.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් වන අතර එහි අග්‍රඵලය වූ ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාව දිනා ගත්තේ පාකිස්ථානයේදී බව අමතක නොකළ යුතුය. රටටම අපකීර්තියක් ගෙන දුන් මෙම සිද්ධිය පළමු සහ අවසන් සිද්ධිය විය යුතුය.