යාපනයේ ඓතිහාසික කදුරුගොඩ වෙහෙර..

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
යාපනයේ ඓතිහාසික කදුරුගොඩ වෙහෙර..

z_pic350-tem.jpg


දෙමළ ජනතාවගේ නිජබිමක් ලෙස උතුර ප්‍රදේශය ප්‍රකාශයට පත්කරමින් ඔවුනොවුන් විනාශ කර ගැනීමේ නිෂ්ඵල යුද්ධයක් පැවතියත් උතුරේ ඓතිහාසික බෞද්ධ උරුමය හා පසුබිම වළදැමිය නොහැකි බව පෙන්වා දෙමු. ඒ සඳහා හොඳම හා ප්‍රසිද්ධම උදාහරණය බුදුරජාණන් වහන්සේ දෙවනවරට ලක්දිවට වැඩම කළ නාගදීපය නම් ස්ථානයේ ඉදිවූ විහාරය බව අපි දනිමු. ඊට අමතරව ශ්‍රී මහ බෝධිය ලක්දිවට ගෙන ඒමට ක්‍රියා කළ සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේ 60 නමක් ලක්දිවට වැඩම කළ මාදගල නම් ප්‍රදේශයේ දඹකොළ පටුන නමැති ස්ථානයද යාපනය අර්ධද්වීපයේ පිහිටා ඇත. මෙම බෞද්ධ උරුමයේ තවත් සන්ධිස්ථානයක් ලෙස යාපනයේ කදුරුගොඩ විහාරය හඳුන්වා දෙන්නට පුළුවන.


යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා යන ගමනේ චුන්නාගම් නගරයෙන් වමට හැරී කිලෝමීටර් 02ක් පමණ දුරක් ගිය විට කදුරුගොඩ නම් ප්‍රදේශය හමුවේ. එම ප්‍රදේශයේ පිහිටි කදුරුගොඩ ඓතිහාසික විහාරස්ථානය බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ සමයේ වැඩ උන් එක් ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ පවතී. ඒ කෙසේ වෙතත් මෙම ස්ථානයේ ඇති ඓතිහාසික පසුබිම දේවානම්පියතිස්ස රජ සමයේ ලක්දිවට ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කරන සමය දක්වා දිව යයි. අප දන්නා කතා පුවත අනුව සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ රහතන් වහන්සේ 60 නමක් මෙරටට වැඩම කළ බවට ඉතිහාසයේ සඳහන් වේ.

එම රහතන් වහන්සේ නැවත ඉන්දියාවට නොගොස් යාපනයේ කදුරුගොඩ විහාරස්ථානයේ වැඩ හිඳිමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වූ බව සඳහන් වේ. මෙසේ උන්වහන්සේ වෙනුවෙන් කදුරුගොඩ විහාරස්ථානය වඩා පහසුකම් සහිතව සකස් කරදී ඇති බව ජනප්‍රවාදයේ පවතී. එසේ වැඩ සිටින අතර තුර එම රහතන් වහන්සේ සඳහා දානයට පිළිගැන්වූ බිම්හතු මාළුවක් (ව්‍යංජනයක්) විසවීමෙන් රහතන් වහන්සේ 60 නමම අපවත් වූ බවත් උන්වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කොට කුඩා චෛත්‍ය 60ක් එම ස්ථානයේ ඉදිකර ඇති බව සඳහන් වේ. දෙවනපෑ තිස්ස රජතුමන් විසින් මෙම භස්මාවශේෂ තැන්පත් කොට කුඩා චෛත්‍ය ඉදිකරුණු ලැබූ අතර උන්වහන්සේගේ ජේ‍යෂ්ඨත්වය අනුව එම චෛත්‍යයන් විවිධ ප්‍රමාණයන්ගෙන් නිර්මාණය කර ඇති බව සඳහන් කරමු.


1917 පුරාවිද්‍යා කැණීම්වලින් මෙම ඓතිහාසික කදුරුගොඩ විහාරස්ථානය ආශි්‍රතව එම කුඩා චෛත්‍ය 56ක් දැනට සොයා ගෙන තිබේ. එම ස්ථානයේ පුරාණ විහාර ඇති බව 1917දී සොයා ගනු ලැබුවේ එවකට යාපනයේ දිසා විනිසුරු ලෙස පත් වූ ආචාර්ය පෝල් ඊ. පීරිස් මැතිතුමන්ට ලද ආරංචියක් අනුව ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් අනතුරුවයි. ඉන්පසුව පුරාවිද්‍යා කැණීම් කර මෙම ඓතිහාසික ස්ථානයේ සලකුණු මතු කරගෙන ඇත.


මෙම ස්ථානයේ දාගැබ, වටදාගෙය ඇතුළු බෞද්ධ විහාරවල මූලික ලක්ෂණ ඉස්මතුව ඇති අතර ඒ මගින් අතීතයේ බෞද්ධ විහාරයක් පැවැති බවට කරුණු සනාථ වී ඇත. ඊට අමතරව මෙම ස්ථානයට කිලෝමීටරයක් පමණ අෑතින් බෝධින් වහන්සේ නමක් පිහිටා ඇති බව පෙන්වා දෙමු. අතීතයේ මෙම ස්ථානය අවට විහාර භූමියට අයත් ඉඩම් ප්‍රමාණය අති විශාලව තිබෙන්නට ඇති බවටත්, දැනට පුරා විද්‍යා කැණීම්වලින් මතුකරගෙන ඇති වෙහෙර පවතින ස්ථානයට නුදුරින් හෝ බෝධිය ඇති ස්ථානය අවටින් හෝ අතීතයේ විහාරය තිබූ ස්ථානය පිහිටා ඇති බවටත් විශ්වාස කෙරේ. නමුත් පසුගිය කාලයේ දිගින් දිගටම යුද පසුබිමක් පැවැති බැවින් පුරාවිද්‍යා කැණීම් හා පර්යේෂණ කිසිවක් ඉන්පසු කර නොමැත. වර්තමානය වන විට එම විහාරයට අයත් භූමිය අක්කර දෙකකට තුනකට පමණ සීමා වී ඇත. විහාරස්ථානයේ භූමිය මැදින් මාර්ගයක් ඉදිකර ඇත. එම ප්‍රදේශය අවට ජීවත් වන්නේ ඉස්ලාම් හා හින්දු භක්තිකයන් පමණි. කිසිදු බෞද්ධයකු එම ප්‍රදේශයේ නොමැති බව වර්තමාන විහාරාධිපති හිමියෝ අප සමඟ පැවැසූහ. එම ඓතිහාසික ස්ථානයේ වැඩ වෙසෙන විහාරාධිපති ස්වාමීන් වහන්සේට ආවාස කුටිය සදාදී ඇත්තේ යුද හමුදා සෙබළුන් බංකර් සෑදීමට ගෙනා තහඩු හා ද්‍රව්‍ය යොදාගෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. යුද සමයේ මෙන්ම වර්තමානයේද සෙබළුන්ට ලැබෙන ආහාර වේලෙන් කොටසක් උන්වහන්සේට දානය සඳහා පූජා කරන බව පැවැසීය. උන්වහන්සේගේ අපරිමිත ධෛර්යයත් හමුදා සෙබළුන්ගේ ආරක්ෂාවත් නිසා අද මෙම උතුරේ පුරාවිද්‍යාත්මක ස්ථානය මේතාක් දුරට හෝ නිරුපද්‍රිතව පවතින බව එම ස්ථානයට යන ඕනෑම අයකුට සිහිවනු ඇත.


මෙම ඓතිහාසික කදුරුගොඩ විහාරස්ථානය අවට භූමියේ තිබී 1917 පුරාවිද්‍යා කැණීම්වලින් හමුවූ බුදුපිළිම, වර්ණාලේප උළු කැබැලි, පුරාණ කාසි හා බඳුන් අනුරාධපුර හා පොළොන්නරු යුගවලට අයත් බව තීරණය කර ඇත. ඒවා පළමුවන පැරකුම් රජ සමය, මල්ලරජ සමය, ලීලාවතී රැජින හා බුවනෙකබාහු රජ සමය වැනි යුගවලට අයත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මහනුවර යුගයේ ලියැවුණු පූජා භූමි නාමාවලිය හෙවත් නම් පොත, විහාර අස්න යන ලේඛනවල කදුරුගොඩ විහාරය ලෙස සඳහන්ව ඇත්තේ මෙම ස්ථානය බව සඳහන් වේ.

ක්‍රි.ව. 09 වන සියවසේ ධ්ඍ වන කාශ්‍යප රජ විසින් සිදුකරන ලද ප්‍රදානයක්ද මෙම ස්ථානයෙන් හමු වී ඇත. එම පුරා වස්තූන් යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. යාපනය ප්‍රදේශයේ වර්තමානය වන විට ජීවත් වන හින්දු හා ඉස්ලාම් ජන කොට්ඨාස එම ප්‍රදේශවල පිහිටි ගම් හා ප්‍රදේශ සඳහා ද්‍රවිඩ නම් භාවිත කළද අදත් කදුරුගොඩ ඓතිහාසික විහාර පිහිටි ප්‍රදේශය "කදුරුගොඩ" යනුවෙන් හඳුන්වන්නේ මෙහි තිබූ ඓතිහාසික සිංහල බෞද්ධ පරිසරය කියා පාමිණි. දඹකොළ පටුන පිහිටි "මාදගල" ප්‍රදේශයද සිංහල උරුවේ නමකි. ඔබත් යාපනයේ සංචාරයක නිරත වන්නේ නම් අනිවාර්යයෙන්ම යායුතු තැනක් ලෙස කදුරුගොඩ විහාරය සටහන් කරමි. එම ස්ථානයේ ඇති ඓතිහාසික පසුබිම ඔබේ දරුවන්ටත්, අනාගත පරපුරටත් ඉතා වැදගත් වනු ඇත.

දමින්ද හේවාපතිරණ

Mawbima, 2015-05-30 ..
 
Last edited:

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඔන්න බවුද්දයොන්ට ඇඩෙන තැන. රහත්බව කියන්නෙ ඔච්චර පවර්ෆුල් එකක් නම් ඇයි එක රහතන් වහන්ස කෙනෙක්ට වත් දැනගන්න බැරිවුනේ හතු වස වෙලා කියල? මේක එලකිරි වාසී බවුද්ද්‍යන්ට කරන අපහසයක් නෙවෙයි.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔන්න බවුද්දයොන්ට ඇඩෙන තැන. රහත්බව කියන්නෙ ඔච්චර පවර්ෆුල් එකක් නම් ඇයි එක රහතන් වහන්ස කෙනෙක්ට වත් දැනගන්න බැරිවුනේ හතු වස වෙලා කියල? මේක එලකිරි වාසී බවුද්ද්‍යන්ට කරන අපහසයක් නෙවෙයි.

    හැම රහතන් වහන්සේ කෙනෙක්ටම අනාගතය දකින්න බෑ. එත් එහෙම දකින්න පුළුවන් කෙනෙක් උනත් තමන්ට වලක්වන්න බැරි කර්මයක් පලදෙන්න තියෙනවනම් දැන දැනම ඊට මුහුණ දෙනව. උදාහරණයක් විදියට මුගලන් මහා රහතන් වහන්සෙගෙ කතාව කියවල බලපන්. රහත් වෙනව කියනෙ මේ ලෝකෙ සත්වයාට බලපාන මූලධර්ම තේරුම් ගැනීම මිසක් මේ ලෝකේ දේවල් තමන්ට ඕන විදියට පාලනය කරන්න හදන එක නෙමෙයි. රහතන් වහන්සේත් ඇතුළුව මේ භෞතික ලෝකේ තියෙන ඕනෑම දෙයක් ඒ නීති වලට යටත් වෙනව. සියල්ල දැනගැනීමයි සියල්ල පාලනයි කියන්නෙ දෙකක්. ඇල්ෆ්‍රෙඩ් නොබෙල් ඩයිනමයිට් හොයාගත්ත කියල උන්දැගේ අතට ඩයිනමයිට් කරලක් දීල ගිනිකුරක් ගැහුවොත් පත්තු නොවී තියෙයිද?
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    හැම රහතන් වහන්සේ කෙනෙක්ටම අනාගතය දකින්න බෑ. එත් එහෙම දකින්න පුළුවන් කෙනෙක් උනත් තමන්ට වලක්වන්න බැරි කර්මයක් පලදෙන්න තියෙනවනම් දැන දැනම ඊට මුහුණ දෙනව. උදාහරණයක් විදියට මුගලන් මහා රහතන් වහන්සෙගෙ කතාව කියවල බලපන්. රහත් වෙනව කියනෙ මේ ලෝකෙ සත්වයාට බලපාන මූලධර්ම තේරුම් ගැනීම මිසක් මේ ලෝකේ දේවල් තමන්ට ඕන විදියට පාලනය කරන්න හදන එක නෙමෙයි. රහතන් වහන්සේත් ඇතුළුව මේ භෞතික ලෝකේ තියෙන ඕනෑම දෙයක් ඒ නීති වලට යටත් වෙනව. සියල්ල දැනගැනීමයි සියල්ල පාලනයි කියන්නෙ දෙකක්. ඇල්ෆ්‍රෙඩ් නොබෙල් ඩයිනමයිට් හොයාගත්ත කියල උන්දැගේ අතට ඩයිනමයිට් කරලක් දීල ගිනිකුරක් ගැහුවොත් පත්තු නොවී තියෙයිද?

    :rofl: ehenam maath rahath wela
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ඔන්න බවුද්දයොන්ට ඇඩෙන තැන. රහත්බව කියන්නෙ ඔච්චර පවර්ෆුල් එකක් නම් ඇයි එක රහතන් වහන්ස කෙනෙක්ට වත් දැනගන්න බැරිවුනේ හතු වස වෙලා කියල? මේක එලකිරි වාසී බවුද්ද්‍යන්ට කරන අපහසයක් නෙවෙයි.

    රහත් බව කියන්නෙ අනාගතේ පේන එක නෙමෙයි මචන් නිවන ලබා ගැනීම ඒ කියන්නේ රහත් බව ලැබුවට පස්සේ නැවත ඉපදීමක් නැහැ ඒ ජිවිතෙන් පස්සෙ

    කිසිම දෙයක් හරිහැටි කරුණු හොයන්නෙ නැතුව කතා කරන්න යනකොට ඔහොම පැටළිලි වෙනවා