2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උබලා හෙන ලොකු සීන් නේද
    2428803.gif

    ඉතින් ඉතින්.. :)

    අද යකො ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගත්තේ ලබන සතියේ ඉදන් සෙට් වෙමු..:angry::angry:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇතුල් හිතේ හිත පතුලෙම
    පරිස්සමින් හංඟා..
    තුරුළු සුවේ සියුමැල්ලෙන්
    පිරිමැද නිදිකරවා..
    පතුල් පවා සිඹ සිඹ
    නිදුකින් මා කර පින්නා..
    නැළවිල්ලෙන් ආත්මයම
    උණුහම් කල අම්මා..
    මගේ අම්මා...

    වචන රහිත දිගම පේන
    ගීය කනේ රන්දා..
    දුකින් තොරව දිවි ගෙවන්න
    පාර කියුවේ අම්මා..
    නැතිබැරි කම් හංඟා
    ඇති දේ පිරිමහලා..
    කවා පොවා හැදුවේ අම්මා..
    ආත්මයම හැදුවේ අම්මා..

    ඇතුල් හිතේ....

    හරිම තැනින් පටන් ගන්න
    කියා දුන්නු හින්දා..
    හොදම දෙයක් කරන් යද්දි
    සතුටු වෙන්නේ අම්මා..
    සැප විදිනවා දැකලා..
    හිස සිඹ සුභ පතලා..
    හිනා වෙවී හැඬුවේ අම්මා..
    ආත්මයම හැදුවේ අම්මා..

    ඇතුල් හිතේ....

    ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
    පද රචනය : කැළුම් ශ්‍රීමාල්
    සංගීතය : රධීෂ් වැන්දබෝනා