Turn Smartphone into 3D Hologram Projector [with Sinhala Subtitle]

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
hologram%2Bsmart.jpg


පොඩි ගැජමැටික් කෑල්ලක් අරගෙන ආවා. ගොඩක් අය දන්නවත් ඇති මං හිතන්නේ. නික්න් ඉන්න ගමන් ට්‍රයි කරලා බැලුවා. වැඩේ පට්ට ගති. ඒකයි කට්ටියට කියන්න හිතුවේ. රීපෝස්ට් නම් සොරි හොදේ.

ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එකේන් 3ඩී බලන විදිහක් ගැන තමයි කියන්නේ. මේකට පොඩි ගැජමැටික් කෑල්ලක් හදාගන්න ඕනි. අමාරු දෙයක් නෙමී සිම්පල් කේස් එකක්.

ඕනි කරනවා ට්‍රාන්ස්පේරන්ට් ෂීට් එකක්, ඔය බුක්ශොප් වල තියෙනවා, ඕනි නම් සිඩී කේස් උනත් පාවිච්චි කරන්න පුලුවන්. තව කතුරක් ඕනි, සේලෝ ටේප් හරි සුපර්ග්ලූ හරි ඕනි.

මෙහෙමයි වැඩේ. පල්ලෙහා තියෙන පින්තූරේ විදිහට ඒ දිග පලල පාවිච්චි කරලා ට්‍රාන්ස්පේරන්ට් ශිට් එකෙන් ඔය විදිහ කෑලි හතරක් කපා ගන්න ඕනි.
[ඔයාලට ප්‍රමාණය වැඩි කරගන්න ඕනි නම්, දිලා තියෙන දිග පලල සමානවම දෙකෙන් වැඩි කරගෙන ලොකු කරගන්න :D]

size.jpg


ඊලගට සේලෝටේප් හරි සුපර්ග්ලු හරි දාලා කපාගත්තු කෑලි 4 මේ විදිහට හැඩේ එන්න අලවගන්න.

ඔච්චරයි.

යූටියුබ් එකේ තියෙනවා 3ඩි විඩියෝ, ඔයාලට තියෙන්නෙ එයින් එකක් ප්ලේ කරලා, මේ හදාගත්තු පුනීලේ වගේ එක ෆෝන් එකේ හරි මැදින් තියන්න විතරයි.

Video

:):):)

වැඩේ අල්ලලා ගියානම් අදහසක් දාලා යන්න. :rofl::rofl::rofl: