අත්තේ අත්තේ
අත්තේ අත්තේ
නැගපං හනිකට සයිකලයට
ඩියුටි යන්න පරක්කු වෙයි මට
ලොකු සර් දන්නෙ නැති නිසා මේක
වේගේ වැඩි නම් අල්ලගනින්
තදින් හයියෙන් පාගනවා මං
ඇල්ලුවත් අල්ලන්නේ යාළුවෙක් බැවින්
දඩ වදින එකක් නෑ මට ඉතින්
කොහෙද මේ බැරි මරගාතේ
යන්නේ උදැහැනැක්කේ වැටි වැටී
ගියා නම් මං දැන් පාඩුවේ
උඹ තාමත් අර කුණු කාණුවේ
දරුවො දැන් හදලා
උන් ලොකු මහත් කරලා
දත් ටිකක් හැලිලා
ඒ තරමටම උඹ බැණලා
ඉස්පිරිතාලෙ දැන් ළඟයි
වාට්ටුවෙ පෝලිම හරි දිගයි
එද්දි හඳ පායයි
ඒත් ඒ හඳ පෝය නොදනියි
- මාලන් විදානපතිරණ
අත්තේ අත්තේ
නැගපං හනිකට සයිකලයට
ඩියුටි යන්න පරක්කු වෙයි මට
ලොකු සර් දන්නෙ නැති නිසා මේක
වේගේ වැඩි නම් අල්ලගනින්
තදින් හයියෙන් පාගනවා මං
ඇල්ලුවත් අල්ලන්නේ යාළුවෙක් බැවින්
දඩ වදින එකක් නෑ මට ඉතින්
කොහෙද මේ බැරි මරගාතේ
යන්නේ උදැහැනැක්කේ වැටි වැටී
ගියා නම් මං දැන් පාඩුවේ
උඹ තාමත් අර කුණු කාණුවේ
දරුවො දැන් හදලා
උන් ලොකු මහත් කරලා
දත් ටිකක් හැලිලා
ඒ තරමටම උඹ බැණලා
ඉස්පිරිතාලෙ දැන් ළඟයි
වාට්ටුවෙ පෝලිම හරි දිගයි
එද්දි හඳ පායයි
ඒත් ඒ හඳ පෝය නොදනියි
- මාලන් විදානපතිරණ
