ලොව දෙවැනි තැන... ලංකාවට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලොව දෙවැනි තැන... ලංකාවට



    11986933_926639960744112_100308111932981893_n.jpg

    i-cooler.jpg



    ලැප්ටොප් පරිගණකයක් සඳහා නවීනතම සිසිලන පද්ධතියක් නව නිර්මාණයක් ‍ලෙස ඉදිරිපත් කළ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ අවසන් වසර සිසුන් තිදෙනෙකු විසින් එම තාක්ෂණික නිර්මාණයකට ලෝකයේ දෙවන ස්ථානයට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

    රුහුණු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ තනුර මාලිංග, නජාජ් අක්‍රම් යන සිසුන් දෙදෙනා සහ නිර්මාණි රංචාගොඩ සිසුවිය එක්ව ඉදිරිපත් කරන ලද මෙම ලැප්ටොප් සිසිලන පද්ධතිය නිර්මාණ අංශ කිහිපයක් යටතේ වැදගත් බව බ්‍රිතාන්‍යය ඉන්ජිනේරු ආයතනයේ නිර්දේශය වී තිබෙනවා.

    මෙම ලැප්ටොප් සිසිලන පද්ධතියේ වැදගත්කම වන්නේ අවට වාතයේ අැති දූවිලි සහ තෙතමනය ඉවත් කර එම වාතය ලැප්ටොප් පරිගණකය වෙත ඇතුළු කිරීමයි.

    මෙම තරගාවලිය බ්‍රිතාන්‍යයේ ඉන්ජිනේරු ආයතනය මගින් සංවිධානය කළ ලද්දක් වන අතර එය ග්ලෝබල් චැලේන්ජ් 2015 ලෙස නම් කර තිබූණා. ඊට රටවල් 157 කින් ඉදිරිපත් වූ නිර්මාණ 250 ක් පමණ ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියල්ල අභිබවමින් මෙම ශ්‍රී ලාංකික සිසුන් විසින් ඉදිරිපත් කරන ලද ලැප්ටොප් පරිගණක සඳහා වන සිසිලන පද්ධතියේ ආකෘතිය ලොව දෙවන ස්ථානයට තේරී පත්වුණා.


    තනුර මාලිංග සිසුවා සහ නිර්මාණි රංචාගොඩ සිසුවිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සදහන් කරන්නේ ඉදිරියේදී මෙය වෙළදපළට භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමට සහ පේටන්ට් බලපත‍්‍රය ලබා ගැනීමට කටයුතු කරන බවයි
    - See more at: http://offair.nethfm.com/article/25793#sthash.3wPOWSQp.dpuf
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නියම වැඩක්.පටු වාසි නොබලා මේ වගේ එවුන්ට ගොඩයන්න විදියක් රජයෙන් ක්‍රියාත්මක කරනවනම්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    පට්ට බං,
    හැබැයි පෙල්ටියර් ප්ලේට් එක use කරන ක්‍රමේ ගැන නම් මට අවුල්.

    නජාත් සහ නිර්මානි දෙන්න අපේ office එකේ තමයි training හිටියේ.