Bombay Duck
ශ්‍රී ලංකාවේ අපිට බොම්බිලි කිව්ව පමණින් මතකයට එන්නේ කුණුගඳ. ඒකෙනුත් අපිරිසිදු, තෙත සපත්තු, මේස් දුර්ගන්ධයකි.
හැත්තෑව දශකයේ මේ අමිහිරි දුගන්ධය හිමි කරවල ග්‍රාමීය,මෙන්ම නාගරික වැසියන්ගේද ජනප්‍රිය කෑමක්.
රෑකට එහෙම බොම්බිලි බැදීම කලොත් මළපෙරේතයෝ කෙසේ වෙතත් ගමේ ඉන්න බල්ලෝ, බළල්ලු නම් පෙරේතකමින් පිළිකන්නේ වලිකන හැටි බලාගන්න පුළුවන්.
ඇත්තටම මොනවද මේ බොම්බිලි ?
ලංකාවේ අපි බොම්බිලි කිව්වට ඉන්දියාවේ කියන්නේ Bummalo කියලා. ඉංගිරිසියෙන් කියන්නේ Bombil කියලා. Duck Fish නැත්නම් lizard fish කියන්නෙත් මෙයාටම තමයි. Bombay Duck කියන්නෙත් බොම්බිලිවලටම තමා. ඩක් කිව්වට තාරාවෙක් නොවන මේ මාළු වර්ගය අපි පරිභෝජනයට ගන්නේ කරවල විදිහට.
බොම්බායේ,ගුජරාටයේ සහ ගෝවා හි මුහුදේ රංචු ලෙස ජීවත් වෙන මෙම මාළු වර්ගය ඉස්සන්, කුඩා මසුන් අහාරයට ගනී. ශරීරයට වඩා විශාල හකු ඇති අප්‍රසන්න පෙනුමින් යුක්ත මෙම මසුගේ මස ජෙලි ස්වභාවයක් ගනී. අඳුරේදී ශරීරයෙන් ස්ථූරදීප්ත එළියක් විහිදේ. මෙම මත්ස්‍ය වර්ගය ධීවරයන් විසින් හඳුන්වන්නේ මුහුදු පතුලේ රාක්ෂයා ලෙසය.
මෙම මසුගේ අප්‍රසන්න පෙනුමත්, දුර්ගන්ධයත් නිසා එය දුප්පතාගේ මසු ලෙස පිළිගැනේ. නමුත් ඉන්දියාවේ සමහර මුහුදු බඩ ප්‍රදේශවල මෙම බොම්බිල් ප්‍රනීත ආහාරයක් ලෙස ප්‍රසිද්ධයි. පැකට් කල සහ ටින් කල බදින ලද බොම්බිලි සුපිරි වෙළඳ සැල්වලද විකිණීමට ඇත. ඉස්සර සමූපකාරවල සහ සතොසේ සලාකවලටද බොම්බිලි නිකුත් කරනු ලැබීය.
කලක් එංගලන්තයේ මෙම මසු ආනයනය තහනම් කර ඇත. නමුත් පසු කාලයකදී එහි ජනප්‍රිය බව නිසාම එංගලන්තයේද (එහි වෙසෙන ඉන්දියානුවන් නිසා විය යුතුයි) එම තහනම ඉවත් කර ඇත. කැනඩාවේද සමහර ප්‍රදේශවල බොම්බිලි රසවත් කෑමකි.
ශ්‍රී ලංකාවේද අපිත් කරවල මෙන්ම බොම්බිලි කෑමට රුසියෝ වෙමු. බොම්බිලි බැදුමක් සමගින් බත් පිඟන් දෙක තුනක් වුවද ගිල දැමිය හැකිය. අද කාලේ බොහෝ තරුණ තරුණියන්ට නම් බොම්බිලි යනු හුදෙක් ඉවසන්නට බැරි කුණු ගඳක්ම පමණි

බොම්බිලි හදන හැටි බලමු
අවශ්‍ය ප්‍රමානයට හීනියට කපාගත් බොම්බයි ලූනු
හීනියට කපාගත් සුදුලූනු බික්
කෑලිමිරිස් අවශ්‍ය ප්‍රමානයට
තක්කාලි
පොල්තෙල්
දෙහි
ලුණු
කරෝල ටික මුලින් බැදගන්න
ඊලඟට මිරිස් දාලා ලොකු ලූණූ සහ සුදු ලූණු ටික තෙම්පරාදු කළා. තක්කලි ටික එකතු කළා. අන්තිමේදී කරෝල කෑළි ටික දැම්මා.
facebook + kathandara
Last edited:
You have given out too much Reputation in the last 24 hours, try again later.