රන්_කරඬුව කතෘ- බටුවන්ගල රාහුල හිමි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රන්_කරඬුව කතෘ- බටුවන්ගල රාහුල හිමි

    රන් කරඬුව කතෘ- බටුවන්ගල රාහුල හිමි

    http://pawura.com/news/?p=1406

    batuwanwala-rahula-2.jpg

    ලොව ආගම් පිළිබඳ විවධ මතිමතාන්තර ඇත. නමුත් ඕනෑම ආගමකින් සිදුවිය යුත්තේ පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික දියුණුව සඳහා මාර්ගය පෙන්වීමයි. අධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිසාගෙන් සමාජයට හානියක් සිදු නොවන අතර සමාජයට සහ ලෝකයට යහපතක්ම සිදුවේ. ආගමක් යනු මිනිසාගේ විනාශය නොවේ. ආගම මිනිසුන්ට බලහත්කාරකම් කරන්නේ නැත. නමුත් අද ලෝකයේ හතර අතේ ආගම වෙනුවෙන් මිනිසුන් බල්ලන් බළලුන් සේ මරාදමන අන්තවාදී කල්ලි බිහි වී ඇත. නිවැරදි ආගමික ඉගැන්වීම් තුළ එවැන්නක් සිදු වීමට ඉඩ නැත. ආගම අධ්‍යාත්මික දියුණුව තුළින් ජීවිතය සැහැල්ලු කරන අතර නමුත් උඩු යටිකුරු වී ඇති වත්මන් සමාජය ආගම බරක් කරගෙන තිබීම කනගාටුවට කරුණකි.

    එම කටුක යතාර්ථය ඉතා ප්‍රබල සංකේතානුසාරයෙන් නිරූපිත නවකතාවක් ලෙස රාජ්‍ය සම්මානලාභී බටුවන්ගල රාහුල හිමියන්ගෙන් නවතම නව කතාව වන රන් කරඬුව නම් කළ හැකිය.
    රන් කරඬුව මතුපිටින් පමණක් කියවා රසවින්දනය කළ හැකි පොතක් නොවේ. භික්ෂුවක් වටා ගෙතී ඇති එම කතාවේ ආරම්භය මදක් ඒකාකාරී ස්වරූපයෙන් යුතු වුවද කියාවාගෙන යෑමේදී කුතුහලය තීව්‍ර කරමින් ආගමික යතාර්ථය පාඨකයා වෙත අවබෝධ කර අවසානය සනිටුහන් කිරීමට කතෘ හිමියන් සමත් වී ඇත.
    ඉතා ප්‍රවේශමෙන් ස්පර්ශ කළ යුතු නමුදු කාලෝචිත තේමාවක් ඔස්සේ ලියවුණු රන් කරඬුව කතෘ හිමියන් විසින් මින් පෙර රචිත ප්‍රභානි , නයි ගලෙන් උපන් පුත්තු වැනි නවකතාවන්ට වඩා ඉදිරියෙන් ඇති බව කිවයුතුය.
    භික්ෂුවක් සතර ස්ථාන වැඳ පුදාගැනීම පිණිස ඉන්දියාවට පැමිණෙන්නෝය. එහිදී ගුප්ත නම් කරත්තකරුවෙකු සමග වන්දනාවේ යෙදෙන භික්ෂුවට කොන්ඩඤ්ඤ රහතන්වහන්සේ විසින් කරඬුවක් පෙන්වා එම කරඬුවෙන් මුදවාගත් රන් කරඬුවක් ලබා දෙන්නෝය. එම කරඬුව තුළ ඇති රන්පතක බුදු රදුන් විසින් ප්‍රථම වරට වදාළ ධර්මය ලියා ඇති බව පවසන කොන්ඩඤ්ඤ තෙරුන් එය වැරදි පිරිස් අතට පත්වීමට නොදී ආරක්ෂා කරගන්නා ලෙස පවසන්නෝය. එතැන් පටන් භික්ෂුවවිසින් කරඬුව ආරක්ෂා කර ගැනීමට දරණ වෑයමත් අතීතකාමය තුළ ඔහු ඔහුගේම චිත්ත අභ්‍යන්තරය සමග කරනා අරගලයත් මතුපිට කතාව වේ.

    ගමන් මලු දෙකක් කර දෙපැත්තේ එල්ලගෙන සිටින භික්ෂුවද කෙලෙස් නැසූ පුද්ගලයෙකු නොවේ. ඔහු භික්ෂුවක් වුවද කෙලෙස් දුරු කර නොමැති බව ගමන්මලු දෙකෙන් සංකේතවත් වේ. නමුදු සත්‍ය අවබෝධ කරගැනීම, තම බැතිමතුන්ට දැහැමි දිවි පෙවෙතක් ගත කිරීමට මග පෙන්වීම සහ ආදර්ශවත් දිවියක් ගෙන යමින් නිර්මල බුදු දහම ආරක්ෂා කරගැනීම උන්වහන්සේලා වෙත පැවරී ඇති කාර්යභාරය ලෙස සැලකේ. කරඬුව ලොව සියලුම ආගම් සංකේතවත් කරනු ලබයි. එහිදී එම කරඬුව තුළින් මුදවා ගත් කුඩා රන් කරඬුව නිර්මල බුදු දහමයි. කරඬුව වටා එතෙන ලියවැල් යනු සැබෑ ආගම වසා දැමූ ජේත්තුකාර පරිභෝජන රටාවයි. පුහු බාහිර ආටෝපයන්ට මුල් තැන ලැබීම නිසා විනාශ වී යන නිර්මල බුදු දහම සහ වෙනත් ආගම්වල ඛේදවාචකය දිනෙන් දින ලියවැල් ලියලීම නිසා බරින් වැඩිවන කරඬුවෙන් සංකේතවත් වේ.

    ආගම විලාසිතාවක් බවට පත් වී තිබෙන වත්මන් ලොව තුළ සැබෑ ආගමික හරය පිළිබඳ අවබෝධය යටපත් වී ඇති බව උපේක්ෂා සහගත උපහාසයකින් යුතුව කතෘ හිමියන් සංකතනයට බඳුන් කර ඇත.
    ” ඒ ඝෝෂාව අවසානයේ ඔවුහු බෝ මළුවෙන් සිහිවටන එකතු කළෝය .මළුවේ බෝ කොළ නොමැති වූයෙන් සමහරු කාටත් නොපෙනෙන සේ බෝ අතු වලින් කොළ කඩාගෙන ගමන් මල්ලේ ඔබා ගත්තෝය. බෝ කොළ නොමැතිකමින් දුකට පත් වූ ශ්ර්ෙද්ධාවනතයන් ඇමතූ සමහර නඩේගුරෝ එම බෝ කොළ විකිණීමට ඇති කඩ පෙන්නුවෝය. පිරිස පොරකමින් එම කඩ වටකරගෙන පොලිතින් ආවරණය යොදන ලද බෝකොළ මිලදී ගත්තෝය. ”

    වානිජකරණය වී ඇති සමාජ ක්ර මය තුළ ආගම පවා වෙළඳාමක් බවට පරිවර්තනය වී ඇති ආකාරය කතෘ හිමියන් සියුම් ලෙස මතු කර ඇත. සැබෑ ශ්ර ද්ධාව යනු කුමක්දැයි හඳුනා නොගෙන අන්ධ ලෙස ආගම අදහනපිරිස් සමාජයේබහුලය. දුකට හේතුව තණ්හාවයි. බුදු දහමේ අග්‍ර පලය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි.

    “පිල් දෙකක සංවාදයක හඬ දැන් භික්ෂුවට පැහැදිලිව ඇසෙන්නේය. සැරියුත් හිමිට සිවුර පූජා කළ යුතුයැයි හඬ නගන පිරිස ස්වල්ප වූ අතර , දේවදත්ත හිමියන්ට එය පූජා කළ යුතු යැයි කියන පිරිසේ හඬ විශාල වූවේය . “

    අද ලාංකේය සමාජයේ දක්නට ලැබෙන මෙවන් විලම්භීත සහ විපරිත ක්‍රියා බොහොමයකි. ආගම අවියක් කොට ගෙන එය තම පැවැත්ම උදෙසා භාවිතා කරන රාජ්යය පාලකයන් සහ විවිධ කල්ලි සහ කණ්ඩායම් අජාසත්ත රජු සහ දේවදත්ත හිමි යන චරිත තුළින් සංකේතාත්මකව නිරූපනය කර ඇත. තමාවෙත සෙනග සහ පිරිවර ආකර්ෂණය කර ගැනීමට ආගම වැරදි ලෙස යොදාගන්නා පිරිස් වර්තමානයේ හතු පිපෙන්නාක් ලෙස බිහිවී තිබීම ආගම් වල හර පද්ධතියට තර්ජනයක් වී ඇති අයුරු ඉතා සුපැහැදිලි ලෙස කතෘ හිමියන් සංකේතානුරූප ඇසුරෙන් පාඨකයාට ඒත්තු ගන්වා ඇත.

    ” නෑ හාමුදුරුවනේ , අසහනය කලකිරීම එපා වීම කියන මේ දේවල් නිසා බඹසර විසීම වෙනවා . ඒත් අසහනය , කලකිරීම , එපා වීම, නොසතුට, මේ ඕනෙම තත්ත්වයකින් විස්තර කරන්න උත්සහ කරන්නේ එතෙක් ලබාපු තෘප්තිය නතර කිරීමට කැමතියි කියන ඉඟිය.”
    පූර්ණ තෘප්තිය තුළින් න් ඔබ්බට ගිය පරම සත්යත අවබෝධ කර ගැනීමට පහසු බව කියවෙන තර්කයක් රන් කරඬුව තුළ සාර්ථක ලෙස ගොඩ නැගීමටද රාහුල හිමියන් වෑයම් කර ඇත.
    එසේම භික්ෂුවගේ ගිහි ජීවිතය පිළිබඳ කතාවෙන්ද සමාජයේ කටුක සමාජ සහ දේශපාලන යතාර්ථය නිරූපණය වේ.
    බඩගින්නට හොරකම් කරන ළමයෙකුට හොරකම් කිරීම වෙනුවෙන් දඬුවම් ලැබෙයි. නමුත් බඩගින්නට විසඳුමක් නැත. අපරාධයට දඬුවම් හිමිවිය යුතුය. නමුත් අපරාධයට පසුබිම් වන හේතුව නැති කිරීමට කිසිවෙකු උත්සහ නොකිරීම මුළු මහත් සමාජ ක්රුමය තුළම අපට දැකිය හැකි දුර්වල කමකි. එබැවින් පිළියම් යෙදිය යුත්තේ හේතු බීජයන්ටය. එවිට බඩගින්න වෙනුවෙන් සිදුවන හොරකම් නතර වනු ඇත. පාසැල එපා වීම තුළ ආගම දහමට නැඹුරු වන දරුවා භික්ෂුවක් වී දේශපාලනයට පිවිසීම එහිදී ලද කටුක අත්දැකීම් සහ පසු කාලිනව ලබන පරිණත බව තුළ සැබෑ භික්ෂුවක් බවට රූපාන්තරණය වීම , එහෙත් අතීතකාමය නිසා චිත්ත අභ්‍යන්තරයේ ඇති වන අරගල තුළින් මිදී යාම වෙනුවෙන් උඩුගං බලා යෑමට භික්ෂුව දරණ තැත තුළ සැබෑ භික්ෂුවකගේ ජීවිත කතාවක සෙවනැලි ද පාඨකයා හට ගෙන හැර පායි.
    පොතේ අවසානය සමගම ගුප්ත යනු අන් කවරෙකු හෝ නොව භික්ෂුවගේ යටි සිත බව පාඨකයාට වැටහෙනු ඇත .
    ඉතා සරල බස් වහරක් උපයෝගී කොට ගෙනගැඹුරු දර්ශනයක් සාමාජගත කිරීමට කතෘ හිමියන් දක්වන ප්‍රතිභාව ප්‍රශංසනීය වේ.
    බුද්ධිමය ව්‍යායාමයක් වන් කියවීමකට පාඨකයාව ගෙන යන රන් කරඬුව කතාව අවසානයේ පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යන්නේය. මෙය හුදෙක් බණ කතාවක් හෝ බෞද්ධ කතා පුවතක් නොව සමාජයේ ආගමික පැතිකඩ නිවැරදිව නාහි ගත කිරීමට ගත් වෑයමක් ලෙස පැවසිය හැකිය.
    “ගුප්ත අශ්වයා නොසෙව්වේය . කරත්තයද නොසෙව්වේය . ඔවුහු සතර අතට විහිදී තිබූ මාවත් අතරින් එක මාවතකට පිළිපන්නෝය . “
    සටහන – කාංචනා ප්‍රියකාන්ත
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    mn meika kiyewwa bn samahara tan terune na
    kaalekata passe mulimma kiyawpu potha
    mama mathupitin kiyawala tiyenne balan giyahama...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම බටුවන්ගල හාමුදුරුවන්ගේ පොත් එකක්වත් කියවා නොසිටියෙ මි. ස්වර්ණ පුස්තක සම්මානය ගත් නිසාම පොත් ප්‍රදර්ශනයේ සදීපා කුටියෙන් මිලදී ගත්තෙමි.

    බඩු ම තමා ය. හාමුදුරුවෝ පට්ට වැඩක් කර ඇත.
    ස්වර්ණ පුස්තකයට නිරිදේශිත අනෙක් කෘති කියවා නැති නිසා මේ පොතට ස්වර්ණ පුස්තකය දිය යුතුම යැයි කීමට හැකියාවක් නැතත්, මේ පොතට සම්මානය දීමෙන් ස්වර්ණ පුස්තක සම්මානය තම වටිනා කම වැඩිකරගෙන ඇත.
    පොත ගැන කියන්නේ නම්, මෙහි කියවෙන්නේ ලාංකික භික්ෂුවක් ඉන්දියාවේ වන්දනා ගමනක් යෑම පිලිබඳව ය. එහිදී මුහුණ දෙන අත් දැකීම් ගැන ය. අවසන විමුක්ති මාර්ගයට පිවිසෙන අකාරය ය.
    එය විටෙක සෙන් කථා එකතුවක් සිහි ගන්වයි, විටෙක ඇල්කෙමිස්ට් ද, සිද්ධාර්ථ ද සිහි ගන්වයි, තවත් විටෙක සද්ධර්ම රත්නාවලිය ද ජාතක පොත ද සිහි ගන්වමින් ලියැවෙයි. තමා විශ්ව සාහිත්‍යයෙන් ( බටහිර + පෙරදිග / අතීත + වර්තමාන) උකහාගත් දෑ තම කථාව කීමට යොදා ගනිද්දී ගිහියන් පවා අසමර්ථ වන කලෙක බටුවන්ගල හිමියන් මේ සියළු රීතීන් බුහුටිව යොදාගනී.
    මේ සියල්ල මැඳ කතුවරයා රටෙහි දේශපාලනය ද, භික්ෂු සමාජයේ පැටලිලි ද, මිනිස් සන්තානයේ ගැටුම් ද, කුල භේදයන් ද, උස් පහත් වෙනස් කම්ද, බුද්ධ දේශනාව ද, වත්මන් බුදුදමට වී ඇති අලකලංචිය ද ( කලබලය නිසා මඳක් එහෙමෙහෙ වුවත් ) ශූර ලෙස අමුණා ගනී.
    
    සිංහල නවකථාවේ ආකෘතිය අතින් මෙන්ම අන්තර්ගතය අතින් ද මා කියවූ නැවුම් ම ගුණාංග වලින් යුතු කෘතිය කි.

    ප.ලි:
    මේ නවකථාව කියවා රසවිඳීම සඳහා බුද්ධකාලීන පුද්ගල නාම, ස්ථාන නාම නොදැන සිටීම කිසිසේත්ම බාදාවක් නොවේ. කල යුත්තේ ලතින් ඇමෙරිකානු හෝ අප්‍රිකානු පරිවර්තන කියවද්දී මෙන් ඒවා සංඥා ද ලෙස සලකා දිගටම කියවාගෙන යෑම ය.
    ( උදාහරණ ලෙස මා කකුත්ථා නදිය ගැන නොදන්නා අතර ඒ ගැන සොයා බැලීමට යන්නේ දැන් ය. පොතේ වැඩි දුර සොයන්නෙකුට එලෙස යම් සෙවීමක් කල හැක).

    මුලින් සැහැල්ලු කියවීමකට ගොස් පොත දැනුණේ නැත්නම් විරාමයකට පසු දෙවන වර කියවීමට යෝජනා කරමි. එවිට කරඬුවක ලියවැල්ව වැඩෙන කෙලෙස් පමණක් නොව අඹ වනයක් තුල කාම සැණකෙලියක් පවා ඔබට මුණ ගැසෙනු ඇත.
    කල යුත්තේ ඉවුර දෙස නොව ගඟ දෙස බැලීම යි.
     
    • Like
    Reactions: maxboysl

    good reply machn :)