police karyek ada potha iluwa kyhnko..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    මෝටර් වාහනය නතර කිරීමට හෝ පසු පසට පැදවීමට හෝ එහි වේගය අඩු කරවීමට හෝ ආපස්සට හැරවීමට හෝ පොලිස් නිලධරයා හෝ වාහන නිරීක්ෂක විසින් සංඥා කරනු ලැබිය හැකි පැත්තකින් ගමන් කිරීමට හෝ රථ වාහන පෙළකට අනුව යාමට හෝ පොලිස් නිලධරියකු විසින් හෝ වාහන නිරීක්ෂකයකු විසින් ස්වකීය කාර්ය ඉටුකිරීමෙහි ලා දෙනු ලබන සියලු වාචික විධිවිධාන වලට හෝ හස්ත සංඥා වලට මෝටර් වාහනයක රියදුරු අවනත විය යුතුය.


    21- හඳුනාගැනීමේ තහඩු - දඩ මුදල රු.500.
    22- හඳුනාගැනීමේ තහඩුවල හැඩය - දඩ මුදල රු.100.
    38 - ආදායම් බල පත්‍රය වාහන වල ගෙන යා යුතුය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් කල යුතු වීම - දඩ මුදල රු.500.
    45 - ආදායම් බලපත්‍ර කඩ කරමින් මෝටර් වාහන පාවිච්චි කිරීම සම්බන්දයෙන් වූ සීමා කිරීම - දඩ මුදල රු.1000.
    123(1) (අ) - රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම තහනම් කිරීම - දඩ මුදල රු.2500.
    123(1)(ආ) -රියදුරු බලපත්‍රය නොමැතිව තැනැත්තන් සේවයේ යොදවා ගැනීම - දඩ මුදල රු.3000.
    123(2) රියදුරුට වයස අවුරුදු 18ට අඩුවීම - දඩ මුදල රු.5000.
    140- අධික වේගයෙන් රිය ධාවනය - දඩ මුදල රු.1000.
    148 - මාර්ග රීති - දඩ මුදල රු.500.
    152 - රියදුරු සිටින ආකාරය - දඩ මුදල රු.100.
    153 - රියදුරන් විසින් කල යුතු සංඥා - දඩ මුදල රු.500.
    154 - මෝටර් වාහනය පිටුපසට ධාවනය කිරීම - දඩ මුදල රු.20
    155 - ශබ්ද හෝ ආලෝක මගින් අනතුරු හැඟවීම - දඩ මුදල රු.100
    156 - පා පුවරුවේ නැගී යාම හෝ ඊට අවසර දීම - දඩ මුදල රු.100
    157 - මෝටර් වාහනවල ඉදිරිපස ආසනවල ගමන් කරන මගීන් ගණන - දඩ මුදල රු.100
    158(2) - ආරක්ෂක හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම- දඩ මුදල රු.500.
    159 - ප්‍රචාරක දැන්වීම් බෙදා හැරීම - දඩ මුදල රු.100.
    162 - පොලිස් නිලධාරින් විසින් දෙන රථවාහන හැසිරවීමේ විධාන හා සංඥා - දඩ මුදල රු.1000.
    165- ටැංකියට පෙට්රිල්/ඩීසල් ලබාගන්නා විට ගත යුතු ආරක්ෂක විධි - දඩ මුදල රු.20.
    166- මහාමාර්ගයක රථවාහන නවතා තැබීම - දඩ මුදල රු.500.
    167 - මහා මාර්ගයක මෝටර් වාහනයක් නවතා තබනු ලැබූ හෝ අනාරක්ෂිතව තබා යන හෝ ක්‍රියා විරහිත වූ විට ගත යුතු ආරක්ෂක විධි - දඩ මුදල රු.500.
    178 - නියමිත ගන්නට වඩා මගීන් ගෙන යාම - දඩ මුදල රු.150 .
    159 - මෝටර් වාහනයක ගෙන යා හැකි තැනැත්තන් - දඩ මුදල රු.150.

    Monaada yako me wikaara :frown:

    කියන්න තියෙන්නෙ නීති ඔක්කොම පරණයි කියල තමයි බං. :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    :shocked: මෙච්චර කාලෙකට පොලිසියෙන් පොත නම් ඉල්ලලා නෑ බං..... :no:

    ලොරි වලට ඕනා නෑ...... හැබැයි ඔය බර වාහන වලට පොත කෙසේ වෙතත් ෆිට්නස් සෙටිෆිකට් එක නම් තියෙන්න ඕනා.... පොලිසිය ඉල්ලුවොත් පෙන්වන්න... :yes:

    හැම එකේම දුම් පරීක්ෂණ වාර්ථාවේ ඔරිජිනල් එක තියෙන්න ඕනා වාහනේ ඈතුලේ..... :yes:

    පොත නම් මෙච්චර කාලෙකට ඕනා වෙලා නෑ..... බස් වලට පොත දුන්නොත් හොදට තියෙයි.... ඩ්‍රයිවරුයි කොන්දයි හොර අත්සනක් ගහලා යස අගේට පොත හරවගනී..... :lol: :P

    හැම එකේම දුම් පරීක්ෂණ වාර්ථාවේ ඔරිජිනල් එක තියෙන්න ඕනා වාහනේ ඈතුලේ ඇයි බං මෙහෙම කරන්න ඕන අදායම් බලපත්‍රය ගන්න මේක දෙන්න ඕන ඒක ගන්නනෙ green test එක කරන්නෙ. ඉතිං ඇයි බං මේක ඉල්ලන්නෙ? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::yes::yes::yes:

    ඒක තමා වාහනේක පොත තියන්න ඕනෙ ගෙදර. මම නම් කියන්නෙ කොපියක් උනත් ඕනෙ නෑ මොකද මේ ලන්කාවෙ ඕක ජිල්මාට් කරල දාන්න ඕනෙ තරන් ක්‍රම තියනව

    :yes: ඔව් පොත අවශ්‍ය නෑ මම දන්න තරමිනුත්...... බස් එකක උනත් තියෙන්න ඕනා ෆිට්නස් එක..... ආදායම් බලපත්‍රේ...... මාර්ගස්ථ මගී ප්‍රවාහන බලපත්‍රය සහ ඒකේ පොත ....... දුම් සහතිකේ විතරයි...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හැම එකේම දුම් පරීක්ෂණ වාර්ථාවේ ඔරිජිනල් එක තියෙන්න ඕනා වාහනේ ඈතුලේ ඇයි බං මෙහෙම කරන්න ඕන අදායම් බලපත්‍රය ගන්න මේක දෙන්න ඕන ඒක ගන්නනෙ green test එක කරන්නෙ. ඉතිං ඇයි බං මේක ඉල්ලන්නෙ? :confused:

    :baffled: මේක ලංකාව සහෝ.... ලංකාව....... :lol:

    පොතේ ඔරිජිනල් එක හෝ සහතික කල කොපියක් (ලීසින් තියෙන වාහන වලට) නැතුව ආදායම් බලපත්‍රේ නිකුත් කරන්නේ නෑ...... මොකද මෙහේ පිස්සෝ ඉන්නවා කියලා හිතේ සල්ලිත් දීලා අනුන්ගේ වාහන වලට ආදායම් බලපත්‍ර ගන්න.......!! :lol:

    මේ ලගදි බස් එකක ආදායම් බලපත්‍රේ ගන්න ගිහින්..... ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ උන්ට ජාතිය අමතලා ආවේ..... උන්ගේ හිතේ අපි මේ පුරුදු වෙන්න ලයිසන් අළුත් කරන්න එනවා කියලා...... :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    :baffled: මේක ලංකාව සහෝ.... ලංකාව....... :lol:

    පොතේ ඔරිජිනල් එක හෝ සහතික කල කොපියක් (ලීසින් තියෙන වාහන වලට) නැතුව ආදායම් බලපත්‍රේ නිකුත් කරන්නේ නෑ...... මොකද මෙහේ පිස්සෝ ඉන්නවා කියලා හිතේ සල්ලිත් දීලා අනුන්ගේ වාහන වලට ආදායම් බලපත්‍ර ගන්න.......!! :lol:

    මේ ලගදි බස් එකක ආදායම් බලපත්‍රේ ගන්න ගිහින්..... ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ උන්ට ජාතිය අමතලා ආවේ..... උන්ගේ හිතේ අපි මේ පුරුදු වෙන්න ලයිසන් අළුත් කරන්න එනවා කියලා...... :lol:

    මටත් ඕකම උනා සහෝ ආදායම් බලපත්‍ර ගන්න ගිහිං. ගියපු දවසෙ CURRENT එක නැහැ. මුන් යනකොට මේසෙ උඩ නිදි. ඒකි කීව අද CURRENT එක නැහැ සඳුද එන්න කියල. මම ගියෙ සිකුරාද. යකෝ මුන් GENERATOR එකක්වත් තියාගන්නෙ නැහැ බං. ඉතිං මිනිස්සු ආපහු හැරිල යනවා නොදකින් ලංකාව බං. :(
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මටත් ඕකම උනා සහෝ ආදායම් බලපත්‍ර ගන්න ගිහිං. ගියපු දවසෙ CURRENT එක නැහැ. මුන් යනකොට මේසෙ උඩ නිදි. ඒකි කීව අද CURRENT එක නැහැ සඳුද එන්න කියල. මම ගියෙ සිකුරාද. යකෝ මුන් GENERATOR එකක්වත් තියාගන්නෙ නැහැ බං. ඉතිං මිනිස්සු ආපහු හැරිල යනවා නොදකින් ලංකාව බං. :(

    උන්ට එක දවසක ආදායම් බලපත්‍ර සල්ලි වලින් ජෙනියක් ගන්න පුළුවන්. :dull:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    වාහනේ පොත ගෙනියන එක අනිවාර්ය නෑ.
    ඒත් පොලිසියෙන් දැන් පොත ඉල්ලනවා. :dull:
    බර වාහන වලට තමා ඔය කේස් එක එන්නේ.

    ලොරි වල බොඩි ටයිප් එක බලන්න පුළුවන් පොතෙන් විතරයි.
    තට්ටු ලොරියකට ෆුල් බොඩියක් ගැහුවොත් පොතේ body type එක open තියෙන එක close කියල වෙනස් කරගන්න ඕනේ.

    ආසන ගණන නම් අදායම් බලපත්‍රයෙන් බලා ගන්න පුළුවන්.:yes:
    කරුමෙට ගොඩක් ලොරි වල පොතේ රියදුරු හැර ආසන ගණන තියෙන්නේ 0 හෝ 1.
    ඒත් තුන් දෙනෙකුට යන්න සීට් තියෙනවා. (මගෙ අඩි හය හමාරක් පළල කැන්ටර් එකේ තියෙන්නෙත් රියදුරු හැර 1 යි කියල.) :(

    තව එකක්, ලොරි වලට සීට් බෙල්ට් අනිවාර්ය වෙන්නේ 2011 ට පස්සේ රෙජිස්ටර් කරපු ලොරි වලට.(90% ක් ලොරි ඩ්‍රයිවර්ලා මේක දන්නේ නෑ.)
    බෙල්ට් දාන්න අමතක වෙලා පොලීසියෙන් ඇල්ලුවොත් G, H නම්බර් ලොරිත් උන් ලියනවා. :growl: ඕන පොඩි එකෙක් දන්නවා G, H නම්බර් ආවේ 2004 ටත් කලින් කියල. එත් පොලිස් මාමල දන්නේ නෑ. උන් අහනවා කොහොමද ඒක ඔප්පු කරන්නේ කියල. :baffled:
    රෙජිස්ට්‍රේෂන් ඩෙට් එක තියෙන්නෙ පොතේ.
    පොත තිබුනොත් ඒක පෙන්නල මාමලව දැනුවත් කරන්න පුළුවන්. :lol:

    කොහොම හරි අපේ නීතිය අකුරම දන්න පොලිස් මාමල අහන ප්‍රශ්න වලට ගොඩක් උත්තර පොතේ තියෙන නිසා එකේ කොපියක් ගහල වාහනේ තියා ගන්න එක ඇගට ගුණයි. :oo: