ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක

monson

Well-known member
  • May 7, 2007
    25,200
    27,581
    113
    ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක

    ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක්ම දීන වූ හැටි: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු දවසේ සිට තම පියාගේ පරාජය දක්වා ගත කරන ලද කාලය තුල මුළු මහත් නාවික හමුදාවම තම අණසකට යටත් කරගෙන තිබූ ආකාරය පිලිබඳව තොරතුරු රැසක් ලංකා ඊ නිව්ස් නාවික හමුදා අභ්‍යන්තර තොරතුරු සේවය අණාවරණය කරයි. ඇදහිය නොහැකි ඒ තොරතුරු මෙසේය.

    යෝෂිත නාවික හමුදාවට බඳවා ගැනීමේ ව්‍යාපෘතිය මුළුමනින්ම අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ සැලසුමකි. ඔහු ඒ සැලසුම ක්‍රියාත්මක කරන්නේ ඉතා දිගු කලෙක පටන් ඔහුගේ සිතේ පැල පදියම්ව තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකා අභිබවා යෑමේ අභිලාෂය මුදුන්පත් කර ගැනීමට ය. ඒ සඳහා රාජපක්ෂ පවුල සමග සමීප සබඳතා ගොඩ නගා ගන්නා වසන්ත, වරක් හිටපු ජනාධිපති රාජපක්ෂගේ පියාගේ දානමය පුන්‍ය කර්මයකට පෙර නාවික හමුදාවේ වියදමින් මැදමූලන වලව්ව අලුත්වැඩියා කර දෙයි. වලව්වේ ලොකු කුඩා වැඩ කටයුතු වලට නාවික හමුදා සෙබලුන් යෙදවූ වසන්ත යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීමෙන් පසුව ඔහුගේ පුහුණු කටයුතු සඳහා වෙනත් ආධුනික නාවික හමුදා නිලධාරීන්ට ලබා නොදෙන ආකාරයට ත්‍රිකුණාමලය නාවික සහ සාමුද්‍රික ඇකඩමියෙහි පහසුකම් සලසා දෙන්නේ ඉතා ප්‍රවේසමෙන් තෝරා ගත් උපදේශක වරුන් පිරිසක් ද යෝෂිතගේ සේවය සඳහා අනුයුක්ත කරමිනි.

    එම අවධියෙහි එහි කොමඩාන් වරයාව සිටි වර්තමාන නාවික මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවි විජේගුණරත්න ක්‍රියා කෙළේ හැමවිටම යෝෂිතට විශේෂ වරප්‍රසාද පිරිනමමින් ඔහු ඉදිරියට ගෙන යෑම සඳහාම ය. එංගලන්තයේ සුප්‍රකට ඩාර්ට්මොත් ඇකමියෙහි පුහුණුව ලැබීමට යෝෂිතට වරප්‍රසාදය ලැබුනත් ඔහු එම පුහුණුවට යෑමට අත්‍යාවශ්‍ය වන ලංකාවේ කැඩේට් කණ්ඩායමේ දක්ෂතම කැඩේට් නිලධාරියා වූයේ නැත. එනිසාම ඒ විදේශ පුහුණුවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට ද යෝෂිත සමත් වූයේ නැත. පුහුණුව අවසන් කොට නිලධාරියෙකු බවට පත්වීමෙන් පසුව නාවික හමුදාවම යෝෂිත යටතේ පැවතුනේ යයි කීම අසත්‍යයක් නොවේ. ඔහුගේ පුද්ගලික කටයුතු ගැන සොයා බැලීම පිණිස පවා ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කර තිබූ අතර යෝෂිත මුණගැසෙන සෙසු නිලධාරීන් ඔහුට ගැලපෙන අයවළුන් වීම කෙරෙහි පවා හමුදාපති වරයා සැලකිලිමත් වූයේ ය. නාවික හමුදාවේ කොක්ටේල් සාද පැවැත්වෙන අවස්ථාවලදී සාදය අවසන් වන තුරුම ඉහලම නිලධාරීන් ඔහු වටකර සිටින්නට තරම් සැලකිලිමත් වූහ.

    ඉහල කළමණාකරන රැස්වීම් වලදී අලුත් අදහස් යෝජනා ආදිය ඉදිරිපත් කරන අද්මිරාල් වරුන් සහ කොමදෝරු වරුන් පවා තමන් ඉදිරිපත් කරන ඒ අදහස් හා යෝජනා ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ බව කියන්නට පුරුදු වී සිටියහ. ඒ තරමටම ඔවුන් දීන සහ ලැජ්ජා විරහිත තත්ත්වයට පත්වී සිටියහ.

    නාවික හමුදාව තුල යෝෂිත වෙත වෙනත් අයට සිහිනෙන් පවා සිතිය නොහැකි හැම දේම ලැබුනේ යයි කීම අතිශයෝක්තියක් නොවේ. සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මල්වත්ත පාර ඔස්සේ පයින් යද්දී යෝෂිතගේ ගමන් බිමන් සඳහා බීඑම්ඩබ් මෝටර් රථයක් වෙන් කර තිබිණ. ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවුලේ කාමර පාවිච්චි කරද්දී වරාය නාවික හමුදා කඳවුරෙහි යෝෂිත රාජපක්ෂ හට වායු සමීකරණය කරන ලද තනි කාමරයක් වෙන් කර තිබිණි. ඔහුට සමයාන්තර සෙසු නිලධාරීන් සේවා මුර වල යෙදී සිටියදී යෝෂිත කැමැති විටෙක ගෙදර ගියේය. පළපුරුද්ද හා අත්දැකීම් වලට අදාල නිල ලාංඡන පැළැඳ සිටියද ඒ සඳහා සම්පූර්ණ කළ යුතු සාගරයේ සේවා කාලය ඔහු සපුරා තිබුනේ නැත.

    අද්මිරාල් තිසර සමරසිංහ රාජකීය පවුලේ කීකරු ගැත්තෙක් විය. එක්සත් රාජධානියේ යෝෂිතගේ අසාර්ථක පුහුණුව නිසා ඇති වූ අවමානය වසා ගැනීමට ඔහු යෝෂිතට නාවික හමුදාවේ පුහුණු වියදම් ඔස්සේ විශේෂ කාර්ය සහ ගුවන් පුහුණුවද ලබා දුන්නේය. එසේ සිදුකෙළේ සෙසු දක්ෂ සහ ඒ සඳහා සුදුසු නිලධාරීන්ට අරමුදල් නැතැයි කියා ඔවුන්ට ඒ පුහුණුව දීම වළක්වමිනි. යෝෂිතගේ අයියා නාමල් සහ ඔහුගේ මිතුරන් හට අධිවේගී ප්‍රහාරක යාත්‍රා වලින් මුහුදේ වෙඩි තැබීම් පුහුණු වීම සඳහා අවශ්‍ය වූ විට දීර්ඝ මුර සංචාර වලින් පසුව නියමිත විවේක ගැනීම් වලට යොමු කළ යුතු වූ නාවික නිලධාරීන් බලහත්කාරයෙන් ඔවුන් සමග යැවූ අවස්ථාද තිබිණ.

    අද්මිරාල් බී.ඩබ්.ඒ.එස් දිසානායක වැලිසර කඳවුරේ කුඩා විල් තෙර අලංකාර සාද භූමියක් තැනුවේ යෝෂිත සහ ඔහුගේ රගර් කණ්ඩායමට සාද පැවැත්වීම සඳහාම ය. යෝෂිත සහ මිතුරන්ගේ පාවිච්චිය සඳහා හුමාල සම්බාහන කුටියක් යකුෂි ආකාරයේ නාන තටාකයක් සහ සුදු යකඩින් නිෂ්පාදිත ව්‍යායාම කට්ටල සහිත ශාරීරික අභ්‍යාස කුටියක් වැලිසර ඇති කිරීමේ වගකීම දරණ ලද්දේ රියර් අද්මිරාල් දුෂාන්ත අමරනායක විසිනි.

    නාවික හමුදාවේ නැවියන් සහභාගී වූ සෙසු ක්‍රීඩාවන් ක්‍රමයෙන් අභාවයට යවමින් ක්‍රීඩා සඳහා වෙන් කරනු ලැබූ මුදලින් වැඩිම ප්‍රමාණයක් රගර් ක්‍රීඩාව සඳහා යෙදැවූයේ රාජපක්ෂ පුත්‍රයන්ගේ මන දොළ සංසිඳවනු පිණිසය. තම පුතුන් ක්‍රීඩා කරන තරඟ වලදී ඔවුන් දිරි ගැන්වීම සඳහා ප්‍රමාණවත් දිරි ගන්වන්නන් නොසිටි බවට රාජපක්ෂ මහත්මිය චෝදනා කිරීමෙන් පසුව නාවික හමුදාපති වරු හමුදා සෙබලුන් එම තරඟ සඳහා බස් රථ වල පටවා පිටත් කර හරින ලෙස නියෝග කිරීම පුරුද්දක්ව තිබිණ.

    වර්තමාන නාවික හමුදාපති ජයන්ත පෙරේරාද ඊට පෙර හමුදාපති වරුන් කරගෙන ගිය කටයුතු ඒ අයුරින්ම කරගෙන යෑමට පටන් ගත්තේ ය. විශේෂයෙන් වසන්ත කරන්නාගොඩ ආරම්භ කරන ලද සුළු දේට පවා දැඩි දඬුවම් දීමේ ක්‍රමය පවා ඔහු වෙනස් කෙළේ නැත. ඒ හේතුවෙන් සහ මේ ආකාරයෙන් යෝෂිත රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට අයුතු ලෙස සැලකීමේ ක්‍රියා පටිපාටිය නිසා කළකිරීමට සහ අධෛර්යට පත් පළපුරුදු නිලධාරීන් රැසක් වරින්වර නාවික හමුදාව හැර ගියහ.

    පියාගේ පරාජයෙන් පසු දැන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාව හැර ගොස් සිටී. ඔහුට නාවික හමුදා නීතිය අනුව කටයුතු කරනවාදැයි රට බලා සිටිති.


    - http://www.lankaenews.com/news/1265
     
    • Like
    Reactions: Kudnadun

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    avatar523859_2.gif
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මේ පුතාම රගර් ක්‍රීඩකයකුගෙ මරණයකටත් වගකිව යුතු බව පැවසේ.
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    උබලට මේවා තේරෙන්නේ නෑ , හිටපු අතිගරු (තාමත් සිංහලයන්ගේ ජනාදිපති තුමා ) ජනාදිපති උතුමන් , ඔහුගේ පුතෙක්ව හමුදාවට පුජා කර , මුළු රටටම ආදර්ශයක් දුන්නා , යුද්දය ඉතා බිහිසුණු අවස්ථාවක ....තමන්ගේ පුතාගේ ජීවිතය එතුමා රටට දුන්නා ......

    ඔය පුහුණුව ලබා දුන්නේ , ආයෙත් රටේ යුද්දයක් ඇති වුනොත් ( යුද්ද නැතුව රාජපක්ෂ පවුලට ඉන්න බැරි නිසා නෙමේ ) රටට නායකත්වයක් දෙන්න ...

    උබලට මේවා තේරෙන්නේ නෑ .....බලපං අද මේ තරමට හරි සිංහල කම රැකිලා තියෙන්නේ එතුමා මේ අවුරුදු 9 තුල උදාර මෙහෙවර නිසා ....

    අරහෙන් හම්බ්යෝ අපිව නැති කරන්න හදනවා , උතුරේ කොටි ....තාමත් ඉන්නේ කොටි ,
    කතෝලික උන් කමක් නෑ .....කියමුකෝ , ශිරන්ති මැතිනිය කතෝලික නිසා .....

    මේ පාරවල් , ගුවන් තොටුවල් ,වරාය ....කාටද ..........ඒවායේ කොමිස් ...(අහ සොරි සොරි )....ප්‍රති ලාබ කාටද ..

    ඔව් මම බයියෙක් ....මහින්ද රාජ් තුමාගේ බයියෙක්
     
    • Haha
    Reactions: IMUNA

    monson

    Well-known member
  • May 7, 2007
    25,200
    27,581
    113
    යෝෂිත රාජපක්ෂට බොල්ගොඩ ග‍‍ඟේ අධි ධාවන බෝට්ටු පදින්න නාවික හමුදාව කෝටි 5 ක් වගුරකට යට කරලා -‘ජනතා සාක්කිය‘

    (ලංකා ඊ නිව්ස් -2015.පෙබ.06. ප.ව.11.55) ශ්‍රී ලංකා නාවික හමුදාව පිළියන්දල බොල්ගොඩ වැව ආශ්‍රිත වගුරු බිමක් කෝටි 05 ට අධික මුදලක් 8 දෙනෙකුට ගෙවා ගෙවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා 38 වගන්තිය යටතේ 2011/09/27 දා අංක 1725/10 ගැසට් නිවේදනය යටතේ පවරා ගත්තේය

    මේ වෙනුවන් මුදලින් රුපියල් 50,400,000/= (පන්කෝටි හාරලක්ෂයක්) අයිතිකරුවන් 8 දෙනෙකු අතර බෙදා දීම සඳහා ඉඩම් අමාත්‍යාංශය විසින් 2013/03/07 ප්‍රාදේශීය ලේකම් නමට මුදල්ද එවා ඇත.

    මෙම දේපල පවරාගත්තේ නාවික නිරීක්ෂණ මධ්‍යස්ථානයක්, රුවල් හා පැදි බෝට්ටු සංචිතයක් ඉදි කිරීම වෙනුවෙන් යැයි නාවික හමුදාව කීය.

    මෙකී ඉඩම තනිකරම වගුරු බිමක් වන අතර මෙහි ඉදිකිරීම් සඳහා වැව් රක්ෂිතයේ වැඩ ආරම්භ කළ නමුත් පරිසර අධිකාරියේ විරෝධය මත ඉදි කිරීම් නවතා දමා ටොන් ගණන් යකඩ නාවික හමුදාව විසින් නැවතත් කොළඹට රැගෙන ගියේය.

    වසර 1 ½ ට අධික කාලයක් ජනතාවට ඇතුලු වීමට තහනම් කලාපයක් වු මෙම භූමියේ ජනපතිවරණයෙන් පසු 2015 පෙබරවාරි මස 04 වන දින අප නිරීක්ෂණ චාරිකාවක් කෙළේය.

    රුපියල් කෝටියකට අධික වටිනා පැදි බෝට්ටු එහිදී අපට සොයා ගැනීමට හැකි වු අතර නාවික භටයන් තිදෙනෙක් එහි ආරක්ෂාවට නවතා තිබිණ.

    නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න කෝසළ වර්ණකුලසුරිය මහතා විමසූ විට විහිළු කතා කීවද වැව් රක්ෂිතයක අනවසර ගොඩනැගිල්ලක් ඉදි කිරීමට නාවික හමුදාවට ඇති අයිතිය කුමක් දැයි අපි ප්‍රශ්න කරමු. වගුරු බිමක හා වැව් රක්ෂිතයක ඉදිකිරීම් කිරීමට පෙර පරිසර පනත කියවීමට නාවික හමුදාවට අපි මතක් කරමු. තවද පසුගිය කාලයේ දේශපාලනීකරනය වූ නාවික හමුදාවේ යථාර්ථය වර්ණකුලසුරිය මහතාගේ ලඳ බොළඳ ප්‍රකාශයේ ගැබ් වී තිබිණ.

    විශ්‍රාමික නාවික භටයන්ගේ පාරිතෝෂිතය නොගෙවූ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙකී ව්‍යාපෘතිය සඳහා කෝටි ගණන් ආයෝජනය කළේ යෝෂිත රාජපක්ෂට බොල්ගොඩ ග‍‍ඟේ අධි ධාවන බෝට්ටු පදින්නට යැයි වර්ණකුලසූරිය නොකීවාට ජනතාව දනිති.

    නිරෝෂන් පාදුක්ක විසිනි
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මියගිය කොටි ත්‍රස්ත සාමාජිකයන්ගේ (මහවිරු පවුල්වලට නමින් කොටි සංවිධානය විසින් නම් කළ) පවුල්වලට සහ හිටපු කොටි සාමාජිකයන්ට රජය මගින් ජීවනෝපාය සහනාධාරයක් පිරිනැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

    උතුරු පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන අමාත්‍ය පී.ඩෙනීෂ්වරන්ගේ සැළසුමකට අනුව උතුරු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම සහනාධාර පිරිනැමීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි. මේ සදහා ලියාපදිංචි වූ ප්‍රතිලාභීන්ගෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම කොටි මහවිරු පවුල් සහ හිටපු කොටි සාමාජිකයන්ගෙන් තෝරාගත් 147 දෙනෙකුට රුපියල් 50,000ක් වටිනා ජීවනෝපාය සහනාධාරය පිරිනැමීමට නියමිතය.

    ඒ අනුව 2015 දෙසැම්බර් 09වන දින යාපනය නාවලර් වීදියේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශ කාර්යාලයේදී, දෙසැම්බර් 11වන දින වව්නියාව ග්‍රාම සංවර්ධන ශාලාවේදී සහ මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, දෙසැම්බර් 12වන දින කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අදාළ වැඩපිළිවෙලේ පළමු අදියර සදහා ආධාර පිරිනැමීමට නියමිත බව උතුරු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දී ඇතැයි දමිළ වෙබ් අඩවි වාර්තා කර ඇත.

    http://www.colombotoday.com/8871-2/
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මියගිය කොටි ත්‍රස්ත සාමාජිකයන්ගේ (මහවිරු පවුල්වලට නමින් කොටි සංවිධානය විසින් නම් කළ) පවුල්වලට සහ හිටපු කොටි සාමාජිකයන්ට රජය මගින් ජීවනෝපාය සහනාධාරයක් පිරිනැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

    උතුරු පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන අමාත්‍ය පී.ඩෙනීෂ්වරන්ගේ සැළසුමකට අනුව උතුරු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම සහනාධාර පිරිනැමීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි. මේ සදහා ලියාපදිංචි වූ ප්‍රතිලාභීන්ගෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම කොටි මහවිරු පවුල් සහ හිටපු කොටි සාමාජිකයන්ගෙන් තෝරාගත් 147 දෙනෙකුට රුපියල් 50,000ක් වටිනා ජීවනෝපාය සහනාධාරය පිරිනැමීමට නියමිතය.

    ඒ අනුව 2015 දෙසැම්බර් 09වන දින යාපනය නාවලර් වීදියේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශ කාර්යාලයේදී, දෙසැම්බර් 11වන දින වව්නියාව ග්‍රාම සංවර්ධන ශාලාවේදී සහ මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, දෙසැම්බර් 12වන දින කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අදාළ වැඩපිළිවෙලේ පළමු අදියර සදහා ආධාර පිරිනැමීමට නියමිත බව උතුරු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දී ඇතැයි දමිළ වෙබ් අඩවි වාර්තා කර ඇත.

    http://www.colombotoday.com/8871-2/

    උබනම් ලැට් වලක් වගේනෙ බන් ගන්දස්කාරේ බෑ.. Harpicවත් පාවිච්චි කරපන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,200
    27,581
    113
    මියගිය කොටි ත්‍රස්ත සාමාජිකයන්ගේ (මහවිරු පවුල්වලට නමින් කොටි සංවිධානය විසින් නම් කළ) පවුල්වලට සහ හිටපු කොටි සාමාජිකයන්ට රජය මගින් ජීවනෝපාය සහනාධාරයක් පිරිනැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

    උතුරු පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන අමාත්‍ය පී.ඩෙනීෂ්වරන්ගේ සැළසුමකට අනුව උතුරු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම සහනාධාර පිරිනැමීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි. මේ සදහා ලියාපදිංචි වූ ප්‍රතිලාභීන්ගෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම කොටි මහවිරු පවුල් සහ හිටපු කොටි සාමාජිකයන්ගෙන් තෝරාගත් 147 දෙනෙකුට රුපියල් 50,000ක් වටිනා ජීවනෝපාය සහනාධාරය පිරිනැමීමට නියමිතය.

    ඒ අනුව 2015 දෙසැම්බර් 09වන දින යාපනය නාවලර් වීදියේ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශ කාර්යාලයේදී, දෙසැම්බර් 11වන දින වව්නියාව ග්‍රාම සංවර්ධන ශාලාවේදී සහ මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, දෙසැම්බර් 12වන දින කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අදාළ වැඩපිළිවෙලේ පළමු අදියර සදහා ආධාර පිරිනැමීමට නියමිත බව උතුරු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දී ඇතැයි දමිළ වෙබ් අඩවි වාර්තා කර ඇත.

    http://www.colombotoday.com/8871-2/

    Mahinda Rajapaksa has allocated Rs. 525 million loans for LTTE ex-combatants

    Nearly 4,700 applications from rehabilitated ex-combatants are now being processed to provide loans to them to start livelihood projects. President Mahinda Rajapaksa has allocated Rs. 525 million to assist the rehabilitated cadres and those affected by terrorism, Commissioner General of Rehabilitation Major General Jagath Wijetilleke told the Sunday Observer.

    Of the 11,632 ex-combatants nearly 40 percent benefited from the loans provided during the first and second stage which covered nearly one-third of the ex-combatants who had undergone rehabilitation.

    The Commissioner General said the loans will be provided through the nearest Bank of Ceylon branch when the applications are received by the Government Agent through Grama Niladharis and Divisional Secretaries. The applicants are entitled to receive a maximum loan of Rs.250,000 after submitting a project proposal elaborating on the project they wish to launch as their livelihood based on their skills and the vocational training they had received during rehabilitation.

    "The loans will be given to them this year after their applications are processed by the Government Agents and then sent to the Rehabilitation Authority under the Prisons Reforms and Rehabilitation.

    The payment will be released through a Bank", he said.

    He said the Social Services Department is also providing Rs. 3,000 per month for those maimed and Rs. 25,000 as livelihood assistance from the funds allocated by the President to assist rehabilitated ex-combatants and those affected due to terrorism

    - http://www.defence.lk/new.asp?fname=...ts_20130825_01


    Socialisation of suicide cadres

    Government has allocated Rs. 300 million annually for their betterment allowing entrepreneurs to apply for loans (max Rs. 250000 per person) on concessionary interest rates accordingly.

    - http://www.defence.lk/new.asp?fname=...es_20130829_02


    Rs.250,000 Loans to rehabilitated LTTE cadres for self-employment


    The government has released Rs. 300 million to the Ministry of Rehabilitation and Prison Reforms to provide loans up to a maximum of Rs.250,000 to the rehabilitated former LTTE cadres to start their own employment.

    - http://www.defence.lk/new.asp?fname=20120302_03

    මරා හිටපු කොටින්ට බිලියන 2.5 ක් වියදම් කරලා

    Quote:
    Govt spent Rs. 2.5 b for rehabilitation of ex-LTTE cadres

    The government has spent Rs. 2.5 bn on the rehabilitation of ex-LTTE cadres since the conclusion of the conflict in May 2009.

    Commissioner General of Rehabilitation Maj. Gen. Sudantha Ranasinghe yesterday said that in spite of constraints, the government had provided the funds needed for post-conflict rehabilitation process.

    Responding to a query, he said that the first year (May 2009 to May 2010) the rehabilitation process had cost Rs. 1.8 bn and about Rs. 700 mn since then.

    With the latest release of 150 ex-LTTE cadres, the total number released so far would exceed 8,000 with some 2,000 LTTEmembers, including about 100 women still undergoing rehabilitation.

    Major General Ransinghe said that at the beginning of the programme there had been 11,664 personnel at 24 rehabilitation facilities. He said: "We have over 11,000 witnesses who either surrendered or were captured and then released following rehabilitation.

    Asked whether ex-LTTE cadres would be given an opportunity to support reconstruction and rehabilitation similar to the projects undertaken by the military, the Major Gen. said that two weeks ago former combatants had helped villagers at an isolated village in the Kilinochchi District. The official expressed confidence that ex-LTTE personnel could play a pivotal role in rehabilitation and reconstruction projects.

    Courtesy : President Media Unit
    - http://www.defence.lk/new.asp?fname=20110808_02
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පිං මද පුතුන් 100 ක් ලදුවත් නිසරු, එක පුඃ සඳින් බැබලෙයි ලොව ඝන අඳුරු.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පියාගේ පරාජයෙන් පසු දැන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාව හැර ගොස් සිටී. ඔහුට නාවික හමුදා නීතිය අනුව කටයුතු කරනවාදැයි රට බලා සිටිති.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,200
    27,581
    113
    අපොස සා/පෙල වැඩ 6 ක් අසමත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට ගිය හැටි: ලක්ෂ 217 ක් මහජන මුදල් වියදම් කර ආචාර්ය උපාධියක් ගන්න හැදූ හැටි -වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙලිකරයි (Video)