Part II ~~Tesla Story~~ Elon Musk: How I Became The Real 'Iron Man'

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    කලින් thread එක බැලුවේ නැත්තන් ගිහින් බලල වරෙව්.. නැත්තන් වැඩක් නෑ..

    මෙන්න ලින්කුව: http://www.elakiri.com/forum/showthread.php?t=1714845

    හරි එහෙනම් ඉවර කරපු තැන ඉදන් පටන් ගමු..

    2008 වසර වන විට ලෝකයේ ආර්ථික අර්බුදයත් එක්ක Tesla Motors හි කඩාවැටීම් ගැන නේ අන්තිමට කිව්වේ. මේ අතර ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ SpaceX ව්‍යාපෘතිය දිගින් දිගටම අසාර්ථක උනා.

    elon-musk-interview3.png

    තව Tesla Motors හි අලුත් Tesla Roadster කියන car 1 සදහා තිබුන ප්‍රතිචාරත් ටිකෙන් ටික අඩු වෙලා පාරිභෝගිකයන් තමන් මිලදී ගත් මෝටර් රථය ගැන නරක ප්‍රතිචාරද එලියට එන්න ගත්ත. මේවා අතර BBC යේ වැඩසටහනක් වන Top gear වැඩසටහනක ඔවුන් ගේ මෙම Tesla Roadster එක ගැන ඉතාමන් නරක review එකක් ද පල උනා..

    මේ තමයි ඒ වැඩසටහන

    අවසානයේ Tesla Motors අන්ත අසරණ වී ආයෝජකයින් හැර යන තත්වෙකට පත් වෙන්වා. මේ කාලයේ Tesla Motors ගැන තව දුරටත් විස්වාශය තැබීම හැර වෙන දෙයක් ඉතිරි නොවූ Musk තම අවසන් සතය වන තුරුම PayPal සමාගම විකුණා ලබාගත් තම පෞත්ගලික ධනය Tesla Motors සදහා දීමට ඔහු තීරණය කරනවා.

    elon-musk-2008.jpg

    ඒ අතර ඔහු Germanyට ගොස් Daimler ආයතනය සමග ඔවුන්ගේ ඒ කාලයේ ජනප්‍රිය වෙමින් තිබු smart car නම් රථය සදහා electric car එකක් බවට පත් කිරීමට ව්‍යාපෘතියක් ද ආරම්භ කරා. එත් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකින් යුත් මෙම mart car රථය තුල ප්‍රමාණවත් තරමේ battery එකක් ස්ථාන ගත කිරීමට Musk ගේ කණ්ඩායම අපොහොසත් උනා

    මේ තියෙන්නේ ඒ smart car රථය

    201121592651.jpg

    අවසානයේ Musk තම කණ්ඩායම සමග අලුත්ම sedan වර්ගයේ මෝටර් රථයක් නිර්මාණය කිරීමට තීරණය කරනවා. මේ සදහා මොහු කලින් Tesla Motors හි නිර්මාපකයා වූ Martin Eberhard ව යොදා ගන්නවා.

    මේ සදහා ඔවුන් අලුත්ම concept එකක් භාවිතා කරන අතර එය මේ මෝටර් රථයේ සාර්ථකත්වයට විශේෂයෙන් බලපාල තියනව. එක තමයි මෙන්න මේ skating board එකක් ආකාරයෙන් මෙහි ගුරුත්ව කේන්ද්‍රය ඉතා පහල රදවාගෙන වැඩි ඉඩ කොටසක් එහි battery එක සදහා වෙන් කර මෝටර් රථය නිර්මාණය කිරීම.

    Top-Selling-Adult-font-b-maple-b-font-font-b-skateboard-b-font-font-b-Deck.jpg

    Tesla-4_2400144c.jpg

    ඉතින් ඉතා කෙටි කාලයක් තුල මෙම රථය නිර්මාණය කිරීමට Muskට සහ ඔහුගේ කණ්ඩායම දිවා රෑ නොබලා මෙහි වැඩ කරපු බව සදහන් වෙන්ව.

    අවසානයේ ඔහුගේ අලුත්ම මෝටර් රථය වන Tesla Model S එළිදැක්වූවා.

    635727421147893887-teslaelonmuskk12.JPG

    ඉතා ඉහල ප්‍රතිචාර මැද්දේ ඔහුගේ මෙම මෝටර් රථය ඉතාමත් ප්‍රසිද්ද උනා. ලෝකයේ දැනට පවතින පරිසර දුෂනයටද හොද විසදුමක් නිසා ගොඩක් රටවල් වලින් හොද ඉල්ලුමක් මේ රථයට හිමි උනා.

    අවසානයේ ඇමරිකානු රජයෙන් මෙම මෝටර් රථය Mass production සදහා විශාල ණයක් ලබාගන්නට සමත් උන Musk ඉතාම සාර්ථක වුනු රථය ලෝකයේ විශාල අලෙවියක් ද ලැබීමට සමත් උනා. එමගින් ලබුනූ අදායමෙන් ඔහු සියලු ණය වලින් පොරොන්දු වූ කාලයටත් කලින් නිදහස් වීමට හැකි උනා.

    elon-musk-tesla-68.jpg

    මේ අතර ඔහුගේ අනෙක් ව්‍යාපෘතිය වූ SpaceX ද සාර්ථක වුනා.. මේ ගැන නම් ගොඩක් විස්තර තියනවා., කියවල බලපල්ලා.

    මේ ඔහුගේ ජිවිත කතාවේ ප්‍රධාන සංදිස්ථාන තියන වීඩියෝ එකක්

    ඇත්තටම අද වෙනකොට Tesla Motors, Mitsubishi Motors ට වඩා විශාල වෙනවා.. මේ වීඩියෝවේ Tesla Motors ගැන තියනවා

    ඒවගේම Tesla Motors ලගේ අලුත්ම වැඩ තමයි මේකේ තියෙන්නේ

    තවත් මෙයා ආරම්භ කරමු ව්‍යාපෘති ගොඩක් තියනවා මම සදහන් කරලා තියෙන්නේ ඒවගෙන් ටිකයි. ඔය තියන විඩියෝස් වලින් තමයි මත වැඩිපුර කරුණු හොයා ගත්තේ.

    එළකිරි අපි ගිය එහෙනම්.

    සැ.යු : rep භාරගනු ලැබේ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    උත්සහවන්ත මිනිස්සු කවදත් ජය ගන්නවා
    බොහෝම වටින ලිපියක්
    ජය
    REP
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,954
    24,399
    113
    tracing Geo-location.. ... ...
    පට්ට ත්‍රෙඩ් එක මචන්... හැමෝම එක පාර ගොඩ ගියේ නෑ කියල දකිද්දී අපිටත් තව try කරන්න හිතෙනවා.. 8+
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පොරගෙ සැටලයිට් 4000කින් මුළු ලොකෙටම ඉන්ටෙර්නෙට් දෙන
    project එක ගොඩ ගියොත් ලොකු වෙනසක් වේවි.
    rep දෙන්න බෑලු
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    අනික ලංකාවේ හදන්න පටන් ගත්ත VEGA කාර් එකට කොච්චර දුරකට සාර්ථක වෙයි ද කියල හිතා ගන්න අමාරුයි.. Research and development වලට මුන් වියදම් කරලා තියන සහ වියදම් කරන සල්ලි කන්දරාව දැක්කම හිතා ගන්නවත් බෑ.. අනික කොච්චර සාර්ථකව හැදුවත් වෙළදපොල අල්ලන එක ලේසි වෙන්නේ නැති වෙයි

    මොකක් උනත් sport වර්ගයේ high performance රථයක් නිපදවීමට ආරම්භ කිරීම නම් හොද තීරණයක්.. එත් ඉත්න් වැඩේ ඉස්සරහට යන්නේ නැති එක තමයි දුක
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    පොරගෙ සැටලයිට් 4000කින් මුළු ලොකෙටම ඉන්ටෙර්නෙට් දෙන
    project එක ගොඩ ගියොත් ලොකු වෙනසක් වේවි.
    rep දෙන්න බෑලු

    thanx mchn
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    පට්ට ත්‍රෙඩ් එක මචන්... හැමෝම එක පාර ගොඩ ගියේ නෑ කියල දකිද්දී අපිටත් තව try කරන්න හිතෙනවා.. 8+

    thanx mchn
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අනික ලංකාවේ හදන්න පටන් ගත්ත VEGA කාර් එකට කොච්චර දුරකට සාර්ථක වෙයි ද කියල හිතා ගන්න අමාරුයි.. Research and development වලට මුන් වියදම් කරලා තියන සහ වියදම් කරන සල්ලි කන්දරාව දැක්කම හිතා ගන්නවත් බෑ.. අනික කොච්චර සාර්ථකව හැදුවත් වෙළදපොල අල්ලන එක ලේසි වෙන්නේ නැති වෙයි

    මොකක් උනත් sport වර්ගයේ high performance රථයක් නිපදවීමට ආරම්භ කිරීම නම් හොද තීරණයක්.. එත් ඉත්න් වැඩේ ඉස්සරහට යන්නේ නැති එක තමයි දුක

    VEGA project එක තව ඉස්සරහට යනවා මේ ලඟදි නිකන් test drive එකක් තිබ්බ. මහන්සි උනොත් එක අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා අපේ රටේ තියෙන ප්‍රශ්න සහ තාක්ෂණයත් එක්ක පොඩ්ඩක් මේක පරක්කු වෙයි එත් මන් දන්නා තරමින් VEGA එක ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න පුලුවන් විදිහේ සාර්ථක එකක් වෙයි. :):):):)

    මේකේ හිටපු සමහර අය කියල තිබ්බ එකට එක එක කතන්දර GI බට car, රාජපක්ෂගේ වැඩ අනන්මනම් කියල එයාලට පුළුවන් දැන් ගිහින් බලන්න මේකේ දැනට තියෙන තත්වේ.
    කොහොමත් අලුත් දෙයක් ලංකාවේ පටන් ගන්නකොට කොච්චර බලපෑම් තියෙනවද. :):):):)
     
    • Like
    Reactions: Iintercooler

    ලංකාවේ දැනට තියෙන තාක්ෂයනත් එක්ක අත්තමටම ලේසි දෙයක් නෙමෙයි මේ වගේ දෙයක් කරන එක. ඒ වගේම මේකට අවශ්‍ය කරන support industries මොනවත් නෑ ලංකවේ. එක තමයි ලොකුම හේතුව., 0 සිටම ගොඩදාන්න වෙලා තියෙන්නේ. එත් උබ කියනවා වගේ ජාත්‍යන්තරයට යන්න හොද මාර්ගයක් තමයි. මොකද ලංකාව කියන්නේ කුඩා රටක් නිසා.. හැබැයි ගොඩක් මහන්සි වෙන්න වෙයි..

    බෑ බෑ කියා කියා හිටියොත් නම් බෑ තමයි කවදාවත්
     
    :yes::yes::yes::yes:

    අනිවා බෑ බෑ කිය කිය හිටියොත් බෑම තමා.
    දැනට VEGA එකෙන් EV chargers හදනවා Nissan Leaf එහෙම charge කරනවා එක එයාලගේ sub project එකක් එකනුත් ඉතින් පොඩි income එකක් එනවා ඇති. ලංකාවේ කව්රුත් මේ වගේ දෙයකට invest කරනවා අඩුයිනේ එහෙම investers ල කීප දෙනෙක් හිටියනම් මේක තවත් ඉක්මනින් ඉස්සරහට යන්න තිබ්බ