ඔෂානි,ෂිහාන් සහ ජනප්‍රිය පිස්සුව
ඔෂානි,ෂිහාන් සහ ජනප්‍රිය පිස්සුව
— December 19, 2015
පසුගිය කාලයේ ෆේස් බුක් වෙබ් අඩවිය නිසා ජනප්‍රිය වුන තරුව තමයි ඔෂානි. සුපර් ස්ටාර් තරගය නිසා වැඩිපුරම ජනප්‍රිය වුනේ ෂිහාන් මිහිරංග. දැන් මේ දවස් වල නැවත වතාවක් සුපර්ස්ටාර් වැඩ සටහනක් යනවා. අනේ බලන්න දුකයි පුංචි කොල්ලෝ ඇවිත් ෂිහාන්ගේ සිංදු ඒ විදිහටම කියන්න ට්‍රයි කරනවා. ඒක බලලා විනිශ්චය මණ්ඩලය කියන්නේ ඔයාට හොද කට හඩක් තියෙනවා ඒ වුනත් ඔයා ඇයි ෂිහනා වගේම සිංදු කියන්න හදන්නේ කියලා. ඉතිං මේ කොල්ලෝ හිතන්නේ ෂිහාන් වගේම සිංදු කියපුවහම එයාලටත් සුපර් ස්ටාර්ලා වෙන්න පුලුවන් වෙයි කියලයි. අන්තිමට අමරදේව මාස්ටර් ප්‍රේමසිරි කේමදාස, වගේ සංකලනයන් සහිත සිංදු කියන අයව තමයි මේ විනිශ්චය මණ්ඩලය විසිනුත් තෝරා ගන්නේ. ඇයි එහෙම වෙන්නේ? සිරස විසින් රටට ගෙනාපු සුපිරි තරු පිස්සුව අද වෙනකොට හැම තැනම පැතිරිලා ඉවරයි. දැන් අපිට ෂිහාන්ලා වගේ අය හැම තැනම දකින්න පුලුවන්.
ෆේස් බුකියේ ජනප්‍රිය වුන ඔෂානි ඒක කරන්නේ අහම්බයකින්. එයා ගේ කටහඩ ලස්සන නිසා එයත් නොදැනිම එයා ජනපිය වුනා. හැබැයි ඒ ජනප්‍රිය තාවයත් තාවකාලිකයි. ඒ වුනාට දැන් ගොඩක් අය ඔෂානි වගේ සිංදු කියලා ජනප්‍රිය වෙන්න දගලනවා. අම්මා ගැන සිංදු කියනවා. මේ කිසිම කෙනෙකුට රසඥතාවයක් නැහැ තියෙන්නේ ජනප්‍රිය පිස්සුවක් විතරයි. දැන් සුපර් ස්ටාර් කියන්නේ මාකටින් ෆෑලෑන් එකක්. ඒක පසුගිය දවසක තනූජා එයාගේ කටින්ම කීවා.
ඒ නිසාම තමයි පසුගිය වැඩ සටහනකදී සිරකරුවෙක් තමන්ගේ ගීතය ගායනා කරන විට විනිශ්චය මණ්ඩලය කලබල වෙන්නේ තනූජා හොටු පෙරාගෙන අඩන්නේ. ඉස්සර නම් මාධ්‍ය ආයතන වල මාධ්‍යෙවේදියෙක් මේ විදිහට සංවෙිදී වුනොත් පහුවදාට රස්සාවෙන් දොට්ට. මොකද නිකමට හරි ප්‍රවෘත්ති කියන අයෙක් සංවේදී වෙලා අඩන්න පටන්ගත්තොත් ඒක කොහොමට හිටියි ද? ඒ නිසා දැන් මේ අඩන එකත් ස්ක්‍රිප්ට් එකේම කොටසක්. ඒ අඩනවටත් ආයතනයෙන් ගෙවනවා. මේක තමයි පශ්චාත් නුතන මාධ්‍ය කලාව කියන්නේ? ඉතිං ඔෂානිලා ෂිහාන්ලා විතරක් නෙමෙයි සම්මාන ලබන තනුජත් මේ ක්‍රමයෙම ගොදුරක් කියලා එයාලා දන්නේ නැහැ. මහරාජලාට ජීවකලට රෙනෝ සිල්ලවලාට කඩේ යන මාධ්‍ය ආයතන වල ඉන්න අය දන්නේ නැහැ තමන් ජීවත් වෙන්නේ මොන වගේ සමාජකද කියලා.
ඉතිං හැමෝම ට්‍රයි කරනවා මොකෙක් හරි වෙන්න. ඒක්කෝ ගායකයෙක්. නළුවෙක්, මොකෙක් හරි කමක් නැහැ. අම්මලා තාත්තලා නම් දරුවන්නව ක්‍රිකට් ක්‍රිඩකයෙක් කරන්න ආසයි. ඒ වුනාට දරුවෙක්ව මේ සමාජ කුමය තුල යහපත් මිනිහෙක් කරන්න ඕන අය ඉන්නේ කීයෙන් කී දෙනාද? එතකම් අපි රෑට සම්බෝලයි බතුයි කාලා සුපර් ස්ටාර් බලලා ෆේස් බුකියේ ඔෂානිගේ සිංදු අහමු.
http://gaze.lk