ග්‍රීක සාහිත්‍ය කථා (Greek Mythology) - 1 කොටස

Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
ග්‍රීක සාහිත්‍ය කථා (Greek Mythology) - 1 කොටස


*** 1 කොටස ***

ලෝක සාහිත්‍ය ඉතිහාසය ගත් කල ග්‍රීක සාහිත්‍යයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. පුරාණ ග්‍රීක වැසියන් තමන්ට තේරුම් ගැනීමට නොහැකිවූ වර්ෂාව, විදුලි කෙටීම්, මුහුද, ඇල දොල වැනි නොයෙකුත් ස්වභාවික සංසිද්ධීන්, විශ්වයේ (ජීවයේ) ආරම්භය වැනි දේ විස්තර කිරිමට ගත් උත්සාහය ග්‍රීක සාහිත්‍යයේ උපත ලෙස සැලකේ.

එය Zeus , Athena,Apollo,Hedes ආදී දෙවිවරුන් , දෙවඟනන් ගෙන්ද, Heracles(Hercules), Hector, Achilles, Odysseus ආදී වීරයන්ගෙන් ද, Cyclopes, Centaur, Unicorn, Giants ආදී අද්භූත මනක්කල්පිත සතුන්ගෙන් ද, Andromeda ,Pandora, Helen, Europa ආදී කාන්තා චරිත කතා වලින් පිරුණු ඉතා සිත්ගන්නා සුලු සාහිත්‍යකි.



දැනට සඳහන් වන පැරණිම ග්‍රීක වීරකාව්‍යයන් දෙකක් වන Homer ගේ ඉලියඩ් (Iliad) සහ ඔඩෙසි (Odyssey) මගින් සුප්‍රසිද්ධ Trojan War සහ ඊටපසු ඇති වූ ප්‍රතිවිපාක ඇතුලත් කාල පරිච්චේදය විස්තර කෙරේ. එයට සමකාලීනයෙකු වූ Hesiod විසින් රචිත Theogony (Origin of the Gods) සහ Works and Days යන කාව්‍යය මගින් විශ්වයේ උපත, බලගතු දෙවියන්ගේ ඇතිවීම (Titans, Olympians) සහ ඔවුන්ගේ විකාශනය, මිනිසා ඇතුලු සත්වයන්ගේ උපත සහ මිනිසාගේ දුකෙහි උපත (Prometheus, Pandora) ආදී බොහෝ කරුණු විස්තර කෙරේ. මීට අමතරව එකල ලියවුනු බොහෝ පොත්ද ග්‍රීක සාහිත්‍යයේ ප්‍රගමනයට හේතු විය.


(Centaur)

ග්‍රීක සාහිත්‍යය ඇසුරෙන් නිපැයුණු " Clash of the Titans" , Wrath of the Titans , Percy Jackson , The Trojan Wars ආදී චිත්‍රපට මෙන්ම Hercules ආදී ටෙලි කතා මාලා ඔබ නරඹා ඇත්නම් මෙම ග්‍රීක සාහිත්‍යයේ අපූර්වත්වය ඔබට අමුතුවෙන් පැවසීම අවශ්‍ය නොවේ.


ග්‍රීක සාහිත්‍යයේ චරිත මෙන්ම සිද්ධීන් බොහොමයක් රෝම සාහිත්‍යයේද දක්නට ලැබෙන අතර එවා වෙනත් නම් වලින් ඔවුන් හඳුන්වනවා. (උදා: ග්‍රීක : Zeus. රෝම : Jupiter / ග්‍රීක Hercles. රෝම : Hercules ) . ඉදිරි ලිපි මහින් ග්‍රීක සාහිත්‍යයේ එන රසබර තොරතුරු ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙන අතර එමගින් ග්‍රීක සාහිත්‍ය පිලිබඳ අවබෝධයක් ලබා දීමට හැකිවෙතැයි සිතනවා.

2 කොටස - ග්‍රීක දෙවියන්ගේ බිහිවීම ( Age of the Gods )

[FONT=&quot]3 -[/FONT]දෙව් ලොව සටන ( Titanomachy )







 
Last edited: