gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    මේ මම අවුරුදු 4කට කලෞන් ලියපු එකක්. පරන බ්ලොග් බලද්දි ලගදි හම්බුනා. අවුරුදු 4කට පස්සෙත් මම තාම එතනමයි. මම වගේ වෙන්න එපා. :(:(


    කාලයක් දුක නැති වෙන්න කියලා අත කපා ගත්තා..අන්තිමට
    ඉතුරු වුනේ මැකිලා යන්නේ නැති කැළල් ටිකක් විතරයි.. ඉටත්
    පස්සේ දුකක් දැනුනම අම්බානක බිව්වා.. එකෙන් වුනේ නිකන්
    බොරුවට බේබදු නාමය වැටුන එක විතරයි..කන්දෙක පැලෙන්න
    රොක් සින්දු ඇහුවා.. මොනදේ කරත් දුක නම් නැති වුනේ නෑ


    ඒත් මවපු හීන නම් වෙනදා වගේම එකින් එක නැති වුනා..හීන
    දකින්න තිබ්බ ආසාවත් නැති වෙලා ගියා. ජීවිතය දුකක් කියලා
    අපි හැමෝම දන්නවා. දවසක් සතුටෙන් හිටියොත් මාස ගානක්
    අඩන්න වෙනවා කියලත් දන්නවා .. ඒත් අපිට පොඩි හරි සතුටක්
    ආවම ඒ විදපු දුක අමතක වෙලා ආපහු ඒ සතුටට හීන මවන්නේ
    හරියට ඉටිපන්දම් දැල්ලට ඇදෙන මෙරුවෝ වගේ..අපිව පිච්චිලා
    අලුවෙලා යනකන් අපිවත් දන්නේ නෑ...

    අනිත් කොල්ලෝ ලස්සනට හැඩ වෙලා කොන්ඩේ හදාගෙන
    නලුවෝ වගේ ඉන්නකොට, මුනේ කිසි සතුටක් නැති, හිනා
    වෙන්නේ නැති මාව ආඩම්බරකාරයෙක්, පිස්සෙක් වගේ
    මිනිස්සූන්ට පේනවා ඇති..

    ඒත් ඒ පිස්සා විදපු දුක දන්නවනම්..........



    http://thawathpissek.blogspot.com/
     
    Last edited:
    • Like
    Reactions: lilman