Global Lifestyle Lanka BMW එකක්

Jan 10, 2016
221
10
0
Global Lifestyle Lanka පිරමීඩෙන් බස්සපු BMW එකක් :love:

picture.php


මිනිස්සු රවට්ටලා ගත්ත බඩු තමයි මේ..සූර්යය කොශ ඇගේ ගහලා..පිරමීඩ මේවා නීතිය නිදි
 
Last edited:

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මෙයාල කාර් ගත්තය කියල දාන හැම ෆොටෝ එකකම කාර්වල නම්බර් ප්ලේට් නෑ.
     
    Jan 10, 2016
    221
    10
    0
    මෙයාල කාර් ගත්තය කියල දාන හැම ෆොටෝ එකකම කාර්වල නම්බර් ප්ලේට් නෑ.

    මේ හැම එකාම වාහන අරගෙන මචන් ඒක ඇත්ත..හැබැයි අරන් තියෙන්නේ සුලු ගානක් ගෙවලා



    thama balumgala mukuth nadda meka gana ?:rolleyes:

    තවම නෑ බන්
     
    Jan 10, 2016
    221
    10
    0
    වාහන සේල් වලට ගිහින් ෆොටෝ අරන් කාට දන්නා බැරිද. :D

    සිරාවට බන් එහෙම දෙයක් නෙවේ පොඩ්ඩක් වටපිට බැහැල බලපන් හැම එකාම අරගෙන දැන්..මේක මාර්කටින් මෙතඩ් එකක් මුන්ගේ
     
    Jan 10, 2016
    221
    10
    0
    මම මේවා දාන්නේ ඉරිසියාවට නෙවේ උබලටත් මේකේ බරපතල කම පෙන්නන්න
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරාවට බන් එහෙම දෙයක් නෙවේ පොඩ්ඩක් වටපිට බැහැල බලපන් හැම එකාම අරගෙන දැන්..මේක මාර්කටින් මෙතඩ් එකක් මුන්ගේ

    ලිසිං කරලා ගෙන්න බැරි කමක් නෑ බන් එහෙම කරලා හරි ගත්තා කියමු.
    පිරමිඩ සින් එකට නීතිය ක්‍රියාත්මක උනොත් වෙන්නේ, ඕකුන්ට හිරේ යන්න තමා.:yes:
    අන්තිමට ගෙවපු වාරිකත් නෑ. වාහෙන්ත් නෑ..
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සිරාවට බන් එහෙම දෙයක් නෙවේ පොඩ්ඩක් වටපිට බැහැල බලපන් හැම එකාම අරගෙන දැන්..මේක මාර්කටින් මෙතඩ් එකක් මුන්ගේ

    :yes:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේක මාකටින් ජිමික් එකක්

    මේක මාකටින් ජිමික් එකක්. අඩු වටිනාකමක් තියෙන භාණ්ඩයකට (රුපියල් 6000-8000) රුපියල් 65000/- විතර දීල මෝඩ මිනිස්සු මිලදීල ගත්තහම එකේ ලාබය යන්නේ පිරමීඩ කොම්පැනියට. ඒක මිලදීල ගත්ත එකාවම යොදවල තව කීපදෙනෙකුට විකුනනවා. කවුරු හරි මිල දීල ගත්ත එකා වියදම් වෙච්ච මුදල හොයාගන්න (විකිණීමෙන් ලැබෙන කොමිස් මුදලින්) තව කීප දෙනෙකුට විකිණිය යුතුමයි. ඒ විකුණන හැම භාණ්ඩයකම ලාබය යන්නේ මුලින් කීව කොම්පැනියට. එහෙම ලාභ ගෙන එන කීප දෙනෙකුට මේවගේ වාහන දීල (මේකට යොදාගන්නේ වාහන තමයි හුගක් වෙලාවට) ප්‍රසිද්ද කරනවා. නවීන පන්නයේ වාහන වලට හුගදෙනෙක් කැමති නිසා මේවා දකින බොහොමයක් දෙනා මේ පිරමීඩ ක්‍රමය පස්සේ යනවා.
     
    Jan 10, 2016
    221
    10
    0
    මේක මාකටින් ජිමික් එකක්. අඩු වටිනාකමක් තියෙන භාණ්ඩයකට (රුපියල් 6000-8000) රුපියල් 65000/- විතර දීල මෝඩ මිනිස්සු මිලදීල ගත්තහම එකේ ලාබය යන්නේ පිරමීඩ කොම්පැනියට. ඒක මිලදීල ගත්ත එකාවම යොදවල තව කීපදෙනෙකුට විකුනනවා. කවුරු හරි මිල දීල ගත්ත එකා වියදම් වෙච්ච මුදල හොයාගන්න (විකිණීමෙන් ලැබෙන කොමිස් මුදලින්) තව කීප දෙනෙකුට විකිණිය යුතුමයි. ඒ විකුණන හැම භාණ්ඩයකම ලාබය යන්නේ මුලින් කීව කොම්පැනියට. එහෙම ලාභ ගෙන එන කීප දෙනෙකුට මේවගේ වාහන දීල (මේකට යොදාගන්නේ වාහන තමයි හුගක් වෙලාවට) ප්‍රසිද්ද කරනවා. නවීන පන්නයේ වාහන වලට හුගදෙනෙක් කැමති නිසා මේවා දකින බොහොමයක් දෙනා මේ පිරමීඩ ක්‍රමය පස්සේ යනවා.

    වාහන ගන්න පොලබවනවා මචන් හැම එකාම මේ පොඩි ගනන් දීලා තමයි වාහන අරන් තියෙන්නේ
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    ලංකාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර වන ග්ලෝබල් ලයිෆ් ආයතනය සහ බෙස්ට් ලයිෆ් යන ආයතන පිළිබඳව නෙත් එෆ්.එම් බැලුම්ගල මගින් පළමුවෙන්ම අනාවරණය කළේ 2012 වසරේ අගෝස්තු මාසයේදීය. එම ආයතන පිරමීඩාකාර ආයතන නොවන බවත් නෙත් එෆ්.එම් බැලුම්ගල ඔවුන්ට විරුද්ධව මඩ ප්‍රචාරයක් ගෙන යන බවත් දිගින් දිගටම සඳහන් කළ මෙම ආයතන කළමනාකාරිත්වය සහ එහි සාමාජිකයන් අවධාරණය කොට සිටියේ නෙත්. එෆ්.එම් ආයතනය තමන්ගෙන් සිදුවූ වරදට සමාව ගත් බවයි.

    නීතිමය තත්වය
    පිරමීඩාකාර යෝජනා ක්‍රම වල ක්‍රියාකාරිත්වය වැලැක්වීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත මගින් නීති ප්‍රතිපාදන සකස්කොට තිබුනද එම නීති ක්‍රියාත්මක වූයේ නැහැ. ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කළේ ජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් වල නිවේදන පල කිරීම පමණි. ශ්‍රී ලංකා පොලිසියද මේ වෙනුවෙන් ක්‍රියාත්මක නොවන තත්වය තුල නෙත් එෆ්.එම් බැලුම්ගල තව දුරටත් කරන ලද හෙලිදරව්කිරීම් තුලින් නීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට සිදුව තිබේ.

    නීතිය ක්‍රියාත්මක වීම සහ පිරමීඩ කඩා වැටීම
    මෙම පිරමීඩාකාර ආයතන වල කඩා වැටීම ආරම්භ වන්නේ මෙම මස 25 වනදා ගල්ගමුව මීගලැව පොලිසිය මගින් පිරමීඩ ජාවාරම් කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගය. 26 වනදා ගල්ගමුව මහේස්ත්‍රාත් දී.එම් රුවන් ධම්මික දිසානායක මහතාට මොවුන් ඉදිරිපත් කළ අතර ලබන මස දෙවනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගත කරන්නට නියෝග කෙරුණි.මෙලෙස බන්ධනාගාර ගත වූයේ තෙල්දෙණිය වෙලමුන පදිංචි කලුඅප්පු හන්දි ඉරෝෂ්, වාසල මුදියන්සේලාගේ පරගහ පැලේගෙදර නදීෂ සඳරුවන් වාසල, තැන්නේ ගෙදර නිශ්ශංඛ තෙන්නකෝන් යන අයයි. මොවුන් සමග ත්‍යාග ලෙස ලබාදීමට රැගෙනවිත් තිබූ නවීන පන්නයේ මෝටර් රථයක්, සෝලා විදුලි උත්පාදන උපකරණ, නව සාමාජිකයන් බඳවා ගැනීමේ ලිපි ලේඛන ආදියද අත්අඩංගුවට පත්වුණි.

    ජාවාරම ක්‍රියාත්මක වූ අයුරු
    රුපියල් 68500ක මූලික මුදලක් මෙම ආයතනවල තැන්පත් කොට කිසිදු වෙහෙසිමකින් තොරව මාසිකව රුපියල් ලක්ෂ 16 ක් දක්වා මුදල් ඉපයිය හැකිබව මෙම ආයතන ප්‍රචාර ගෙනගොස් තිබුණි. නව සාමාජිකයෙකු බඳවා ගැනීමේදී සෝලා පද්ධතියක් ලබාගැනීම අනිවාර්ය වන අතර ඉන් අනතුරුව ඔහු කළ යුතුවුයේ මෙම ආයතන වලට රැගෙන විත් සම්බන්ධකරවීමයි. එක් අයෙකු සම්බන්ධ කරවීම වෙනුවෙන් රුපියල් 6000 පමණ කොමිස් මුදලක් ඔහුට හිමිවන අතර පුද්ගලයන් දෙදෙනා බැගින් සූදානම් කරගත් කණ්ඩායම් සකස් කරගැනීම ඔවුන්ගේ ඊළඟ වැඩපිළිවෙලයි.

    එලෙස දෙදෙනා බැගින් දෙකේ ගුණාකාර ලෙසින් සාමාජිකයන් අතිවිශාල ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුල ආයතනයට සම්බන්ධ වන බැවින් ආයතන වල ආදායම් විශාල ලෙස ඉහල ගොස් තිබුණි. ආයතන කළමනාකාරිත්වයන් අහිංසක ජනතාවගේ කෝටි ගණන් මුදල් සූරාගෙන නවීන පන්නයේ වාහන නිවාස ආදී දේපල එක් රැස්කරමින් සුඛෝපභෝගී ජීවිත වලට යොමුව තිබුණි. තම කණකර ගේදොර ඉඩකඩම් උගස් කළ අහිංසක ජනතාව බැංකු ණය පවා ලබාගෙන සිදුකලේ මේ පිරමීඩ ක්‍රමයට මුදල් දැමීමයි. ලංකාවේ සෑම ගම්මානයකම පාහේ සතිපතා පුහුණු වැඩසටහන් සහ දේශන පවත්වමින් ජනතා මුදල් ගරාගැනීම මනා සංවිධානාත්මකව උපක්‍රමශීලී ලෙස මොවුන් විසින් සිදුකොට තිබුණි.

    - See more at: http://offair.nethfm.com/article/8935#sthash.Fh3JzQmJ.dpuf