අලි~බැලීම

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
හයියෝ සල්ලි කිව්වලු

පහුගිය සතියේ දවසක විශේෂයෙන්ම් ගංගාරාම පන්සලට ගිහින් අලි බලන්න පාස් අරන් ආව. අද උදේ කැමර ලට්ටලොට්ට ටිකත් කර ගහගෙන විහාර මහාදේවී පාක් එකට ගියා අලි බලන්න.

2cf8g92.jpg


අලියෙක් තියා බල්ලෙක් වත් නැහැ. මුළු පාක් එකේම කරක් ගහල එහෙන් මෙහෙන් පිතුර 2-3ක් ගත්ත.

මේ තියෙන්නේ එකක්
11h5cib.jpg


පින්තුර ගන්න බැහැ හැම බැංකුවකම, ගහක් මුලම කපල්ස්. කැමරාව දැක්ක ගමන් ගොඩ දාපු මාළු වගේ වෙව්ලනවා. පැයක් විතර පාක් එක පුරාම ඇවිදලා පයින්ම ගියා පන්සල පැත්තේ. ගිහින් ඇහුව අලි ඉන්නේ කොහෙද කියල. මෙන්න කියපි පෙරහැර මාවතේ තියන ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා කියල. මහන්සිය බලන්නේ නැතිව ඒ චුට්ටත් ඇවිදගෙන ගියා.

මෙන්න මාකි ටෙන්ට් යට පෝලිමට ඉන්නවා. එතන ගේට්ටුවේ හිටපු රාළහාමි ගෙන් ඇහුව ඇතුලට යන්න පුලුවන්ද කියල. ගත් කටටම බැහැ කිව්වා. මම කිව්වා මන් ගාව පන්සලෙන් දුන්න පාස් තියනවා කියල. එතකොට කියනවා "ඒ පාස් තියෙන්නේ විහාර මහාදේවී පාක් එකට" ඒ හින්ද එකෙන් මෙතනට ඇතුල් වෙන්න බැහැ කියල. පස්සේ මම ඇහුව මෙතනට ඇතුල් වෙන්න වෙනම පාස් තියනවද කියල. එහෙමත් නැහැලු.

එතන ඔෆිස් එකේ හිටපු හමුදුරුනමකගෙන් ඇහුවහම කියනවා ඕනේ නම් කැමරා නැතුව ගිහින් බලල එන්න කියල. අයි කියල ඇහුවහම කියනවා සත්ව හිංසන සංවිදාන වලින් ප්‍රශ්න ඇති වෙනවලු.

මොනවා කරන්නද. පාරේ ඉදන් බලල අයිස් ක්‍රිම් එකකුත් කාල කැමර ටිකත් කර ගහගෙන ගෙදර ආව.


කැමරා කර ගහගෙන කිව්වහම කට්ටිය බලයි මොකද කියල.
මෙන්න ලිස්ට් එක

NIKON D7100 Body 2 i
Tamron 150-600mm lens
Nikon 18-140mm lens
1 Heavy Duty Tripod
1 Heavy Duty Monopod
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔච්චරටම අලියෙක් බලන්න ඕනා නම් මෙහේ වරෙන් මාමේ..... අලියෙක් ඉන්නවා.... කැමති තරම් ෆොටෝ ගන්න සෙට් කරලා දෙන්නම්.... :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔච්චරටම අලියෙක් බලන්න ඕනා නම් මෙහේ වරෙන් මාමේ..... අලියෙක් ඉන්නවා.... කැමති තරම් ෆොටෝ ගන්න සෙට් කරලා දෙන්නම්.... :D

    දැන් අර ඔටුව නැද්ද මාමේ?:rolleyes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔච්චරටම අලියෙක් බලන්න ඕනා නම් මෙහේ වරෙන් මාමේ..... අලියෙක් ඉන්නවා.... කැමති තරම් ෆොටෝ ගන්න සෙට් කරලා දෙන්නම්.... :D

    පෙරහරට අලි/ඇත්තු ගොඩක් එනවනේ. එකයි ගියේ. අනික හැම අව්රුද්දේම මම ඔය වැඩේ කරනවා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියල තියන දේ හරියට කියවල බලන්න. නිකන් මෙතන ඇවිත් මෝඩ කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව

    අයියේ ඇත්ත කියන්න.. කපල් වලට හිල්මන් පාර දාන්න නේද ගියේ?:)