අපි හැමදාම කියන දෙයක් තමයි තරුණ ක්රීඩකයන්ට තැන දෙන්න ඕන කියන එක..
දැන් දැන් ඒක ගොඩක් සිද්ද වෙනවා..
ඒත් තියෙන ප්රශ්නය තමයි අපේ තරුණ ක්රීඩකයෝ ඒ ලැබෙන අවස්ථා වලින් උපරිම ප්රයෝජනය ගන්නවද කියන එක..
මට නම් පේන්නේ නැහැ උපරිම ප්රයෝජනය ගන්නවා කියලා...
බලන්න ඊයේ මැච් එකේ චන්දි, හේරත්, මාලි, කුලේ විතරයි හොඳට කරේ...
අනිත් අය අවස්ථාව හරියට ප්රයෝජනයට ගත්තද?
මිලින්ද, දසුන් උඩින් එව්වා.. උන්ට ප්රෙශර් එකක් නැතුව ගහන්න තිබ්බ..
ඒත් ගැහුවේ නැහැ.. මිලින්ද ලේසි කැච් එකකුත් අත ඇරියා..
දැන් වෙනදේ උනා.. කට්ටිය දැන ගන්න ඕන ලැබෙන අවස්ථාව අරගෙන ඉස්සරහට යන්න..
මීලග තරඟය හොඳටම කරමු..