වෙට්ටු දාන ත්‍රිවිල් මට්ටු කිරීම අද සිට
වෙට්ටු දමා යන ට්‍රිවිල් මට්ටු කිරීමට පොලිස් මුලස්ථානය අද (01) තීන්දුවක් ලබා දුන්නා.
ඒ අනුව අදින් පසු ත්‍රිවිල් රථ වලට යාමට හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 40කි. ඒ වගේම රියදුරාට අමතරව යාමට හැකි තුන්දෙනුකට පමණයි. විශේෂයෙන්ම දරුවන් වැඩිපුර ගෙනයාමට ඉඩ දෙන්න එපා කියලා සියලු පොලිස් ස්ථාන වලට අද විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කරන බව රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.
ත්‍රිවිල් නිතිය දැඩි කිරීමට ආසන්නතම හේතුව වුයේ හත් දෙනෙක් ගමන් කල ත්‍රිවිල් රථයක් බණ්ඩාරගමදී අනතුරකට ලක් වීමයි. මෙම අනතුරට සම්පුර්ණයෙන්ම වගකිවයුත්තේ ත්‍රිවිල් රථ රියදුරා බවයි පොලිස් පරීක්ෂණ වලිදී තහහුරු වී ඇත්තේ.
ත්‍රිවිල් රථය පාරේ අනිත් පැත්තට ගොස් ඉදිරියෙන් ආ ලොරියක හැපී මෙම අනතුර සිදු වී තිබුනා. අවුරුදු 4ක, 6ක සහ 12ක දරුවන් තිදෙනෙකු හා ත්‍රිවිල් රථය පදවපු 19 හැවිරිදි තරුණයෙකු මෙම අනතුරින් මරණයට පත් වුනා.
රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා පවසා සිටියේ අප රටේ ත්රිව්ල් ලක්ෂ 8ක් දවසකට පාරේ යන බවයි. ඒවායින් ලක්ෂ 5ක්ම හයර් සඳහා යන ඒවායි. කොළඹ නගරයේ පමණක් දිනකට ත්‍රිවිල් ලක්ෂ 2ක් පමණ ධාවනය වන බවත් ඒ මහතා පවසා සිටියා.
නීතියේ හැටියට රියදුරු හැර ත්‍රිවිල් එකක යාමට හැකි ගාන තුන්දෙනයි. නමුත් වැඩිහිටියෝ තුන්දෙනෙක් එක්ක දරුවෙක් දෙන්නෙක් ගියාට උසාවි දැම්මේ නැතත් මේ විදියට දරුවන්ගේ ජිවිත අනතුරේ දාන වැඩිහිටියන්ට අදින් පසු සමාවක් නැති බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා පවසා සිටියා.
http://www.liveat8.lk/2016/03/01/17465/
නියම වැඩක්,,මේ කාලකන්නින්ට දැම්මේ..නියමයි

ane manda dan mantheeru neethiya idan nah bn pennwath 