ක්‍රිස්‌_ගේල්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    ක්‍රිස්‌_ගේල්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟ

    ක්‍රිස්‌ ගේල්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්‌

    1451978106807.jpg


    එංගලන්තයට පහර දුන් පරිදිම ලබන ඉරිදා (21 දා) බැංගලෝර්හිදී පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකාවටත් පහරදී නැවතත් සතුට උදා කරමින් විනෝදවන්නට උත්සහ කිරීම තමාගේ මීළග ඉලක්‌කය බව බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ප්‍රහාරාත්මක තරුව වන ක්‍රිස්‌ ගේල් පවසයි.

    සුපිරි දහදෙනාගේ වටයේදී කොදෙව්වන් සහභාගි වූ පළමු තරගයේදීම එංගලන්තය ලබාදුන් ලකුණු 183 ක ඉලක්‌කය වෙනුවෙන් කොදෙව්වන්ගේ ජයග්‍රාහී ගැලවුම්කරුවා වූ ක්‍රිස්‌ ගේල් පන්දු 47 කදී ශතකයක්‌ ලබා ලොව තෙවැනි විස්‌සයි විස්‌ස වේගවත්ම ශතකයේ සමහිමිකරුවා බවට ඔස්‌ට්‍රේලියාවේ ඒරොන් ෆින්ච් සමග සමතැන් ගත්තේය. ෆින්ච් සහ ගේල් දෙදෙනාම එම ශතක දෙක එංගලන්තයට එරෙහිව වාර්තා කිබ්ම විශේෂත්වයකි.

    විස්‌සයි විස්‌ස තරගවලදී ලොව වේගවත්ම ශතකය පන්දු 45 කදී දකුණු අප්‍රිකාවේ රිචඩ් ලෙවි විසින් නවසීලන්තයට එරෙහිව වාර්තා කර තිබෙන අතර දෙවැනි වේගවත්ම ශතකය පන්දු 46 කදී දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩූ ප්ලෙසිස්‌ වාර්තා කර තිබේ.

    ”මම අද අපේ කණ්‌ඩායමේ ජයග්‍රහණයට ලකුණු පොම්ප කළා. මේ ජයග්‍රහණය ඩ්වයින් බ්‍රාවෝගේ අලුත් ගීතය සැමරීමට හොඳ අවස්‌ථාවක්‌. නැවත කණ්‌ඩායමට මේ වගේ සතුටක්‌ ගේන්න බැංගලෝර්හිදී බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යෑයි ගේල් එංගලන්තය පරාජය කිරීමෙන් පසුව පැවසීය.

    අයි.පී.එල්. තරගාවලියේදී බැංගලෝර් කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රිස්‌ ගේල් ශ්‍රී ලංකාව සමග බැංගලෝර්හිදී පැවැත්වෙන තරගයේදී තමාගේ අයි.පී.එල්. රසිකයන් ඉදිරියේ ශ්‍රී ලංකාව පරාජය කිරීම මීළග බලාපොරොත්තුව බවද පවසයි.

    ”බැංගලෝර් මගේ උපන්ගම වගේ. එහෙදි මම ගොඩක්‌ ක්‍රීඩා කරල තියෙනවා. ඒනිසා මගේ කණ්‌ඩායමට නැවතත් විනෝද වන්නට බැංගලෝර්හිදී අවස්‌ථාවක්‌ ලැබෙයි.”

    මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී දෙවැනි විස්‌සයි විස්‌ස ශතකය ලැබූ ක්‍රිස්‌ ගේල් තණතීරුව පිතිකරුවන්ට හිතකර එකක්‌ වූ බවද පවසයි. ”තණතීරුවේ ලකුණු ලබා ගැනීමට අපහසුවක්‌ නැහැ. එංගලන්ත ඉලක්‌කය හඹා යන්නට තණතීරුව අනූව පුලුවන් බව දැනගත්තා. නමුත් මාලන් සැමුවෙල් සමග දෙවැනි කඩුල්ලට පිහිටවූ සබඳතාව නිසා පීඩනය ලිහිල් කරගෙන ක්‍රීඩා කරන්න අවස්‌ථාව ලැබුණා.”

    ක්‍රිස්‌ගේල් ප්‍රහාරාත්මක පිතිහරඹයට ජවය ලැබෙන්නෙ පුහුණුවීම්වලදී වන කැප කිරීම සහ තමාගේ පුහුණුකරුවන් ලබාදෙන උපදෙස්‌ මත බවද පැවසීය.

    ”එංගලන්තය පරාජය කිරීමේදී මගේ ඔලුවෙ තිබුනෙ ලකුණු වේගය රදවා ගන්නෙ කොහොමද කියන එක ගැන විතරයි. නමුත් පිට්‌ටනිය මැදට ගිහිල්ල මට හොඳට පහරවල් ගහල සෙල්ලම් කරන්න පුලුවන් වෙන්නෙ පුහුණු දැල තුල මහන්සි වෙලා පිතිකරණයේ යෙදෙන නිසා. ඒ වෙනුවෙන් අපේ පුහුණුකරුවන් දෙන උපදෙසුත් අරගෙන මැදට ගිහිල්ල ක්‍රීඩා කරනවා.” යෑයි ගේල් වැඩිදුරටත් පැවසීය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්‌ථානය අතර ඊයේ (17) රාත්‍රියේ පැවැති තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණොත් සුපිරි දහදෙනාගේ වටයේ අවසන් පූර්ව තරග අවස්‌ථාව හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර ඉරිදා පැවැත්වෙන තරගයේ ජය ගන්නා කණ්‌ඩායමට වැඩි අවස්‌ථාවක්‌ හිමිවේ.

    අසේල විතාන ඉන්දියාවේ කොල්කටා නුවරසිට

    උපුටා ගැනීම – දිවයින පුවත්පතෙන්
     
    • Like
    Reactions: Welusumana

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:
    පුක තමයි ,,,
    ඕකා ලකුණු 20ට වඩා ගහන්නේ නැහැ අපට ..
    අපට කාලෙකට මතක හිටින්ඩ ඕකා ගැහුවේ test match එකේ
    ලකුණු 300 ගාන විතරයි ......
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,562
    113
    මාත් කියන්නේ ඕකා 20කට වැඩිය ගහන්නේ නෑ..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,562
    113
    :lol:
    පුක තමයි ,,,
    ඕකා ලකුණු 20ට වඩා ගහන්නේ නැහැ අපට ..
    අපට කාලෙකට මතක හිටින්ඩ ඕකා ගැහුවේ test match එකේ
    ලකුණු 300 ගාන විතරයි ......

    මේ ත්‍රෙඩ් ඵක බම්ප් කරමු ඕකා අවුට් උනහම.:lol: