කොඳු බිඳනොගත් රාජ්‍ය නිලධාරීන් තවත් සිටී.. අගමැතිටත් ගණන් කියාදී විගණකාධිපති එයි..
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පාර්ලිමේන්තුවට යට කැඳවා තිබිනි. එම හමුව සඳහා නියෝජ්‍ය විගනකාධිපතිවරයා ඇතුළු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ සිටියහ.
කෙසේ වෙතත් අදාල හමුදා සඳහා විගණකාධිපතිවරයා පමණක් සහභාගී කරවාගෙන ඇති අතර මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද අගමැතිවරයා සමඟ සහභාගී වී ඇත.
පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද ප‍්‍රමණයට වඩා ණය ගෙන ඇති බවට විගණකාධිපති වාර්තාවක් සකස් කලේ කෙසේදැයි එහිදී අගමැතිවරයා ඉතා තදින් විගණකාධිපතිවරයාගෙන් ප‍්‍රශ්ණ කර ඇත.
කෙසේ වෙතත් පිළිතුරු ලෙස විගණකාධිපතිවරයා ඉතා සෘඩුව පවසා ඇත්තේ තමන්ගේ වගකීම වන්නේ ගත් ණය නිවැරදිව වාර්තා කිරීම බවත් තමන් සහ දෙපාර්තමේන්තුව ඉතා ඉහලින් එම වගකීම ඉටු කර ඇති බවත්ය.
මේ වසරේ ගෙවන ලද ණයත් මෙම විගණනයට ඇතුලත් කර ඇත්දැයි අගමැතිවරයා විමසූ විට විගණකාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ‘ණය ගත් ඒවා සඳහන් කරල තියෙනව. ගෙවු නොගෙවු ඒවා වෙනම වාර්තාවක්. ගත් ණය කියන එකයි මගේ වගකීම’ කියායි. ‘මීට කලින් විගණකාධිපතිවරු එහෙම කරලා නැහැ’ අගමැති රනිල් කියා සිටිද්දී ‘ඒක මට අදාල ප‍්‍රශ්නයක් නොවෙයි. මගේ වගකීම මේ කරුණු හරියට වාර්තා කිරීම’ යයි පෙරලා විගණකාධිපතිවරයා සඳහන් කර ඇත.
සාකච්චාව අවසානයේදී අගමැතිවරයා ‘ඔබතුමා රට ගැන හිතන්න අපි එයිඑම්එෆ් එකට මොකද කියන්නෙ’ යයි කියද්දී ‘මං රට ගැන හිතන නිසා තමයි මේ කරුණු හරියට වාර්තා කරන්නෙ. අයිඑම්එෆ් එකට කියන කතා මගේ වගකීමක් නොවෙයි’ යයි සැනෙකින් විගණකාධිපතිවරයා පිළිතුරු දී ඇත.
පාර්ලිමේන්තුවෙන් අනුමත වූ ණය ගැනීම් ප‍්‍රමාණය රුපියල් මිලියන 1,511,138ක් වන අතර රජය විසින් ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය විගණකාධිපති දෙපාර්තමේතුවට අනුව මිලියන රුපියල් 1,788,892කි.
මේ අතර මෙම හදිසි කැඳවීමට හේතු වී ඇතැයි වාර්තා වන්නේ මහ බැංකු අධිපතිවරයාට චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ දිනවල විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ ආරම්භ කර ඇති නිසා බවයි.
විගණකාධිපති වාර්තාව අර්ජුන් මහේන්ද්‍රන් වරදකරුවෙක් කලහොත් කොප් කමිටුවට ඔහු වැරදිකරුවෙක් කරන්නට සිදුවන නිසා විගණකාධිපති වාර්තාව සුමට කර ගැනීමට බලාපොරොත්තු වන්නට ඇතැයිද වාර්තා වෙයි.
විගණකාධිපතිවරයාගේ මෙම එඩිතර හා සෘජු පෙනී සිටීම නිසා මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මහත් ප‍්‍රශංසාවෙන් සිය ප‍්‍රධානියා සම්බනධයෙන් අදහස් පල කරමින් තිබේ.
mehema deyak aththtama wela nam ewage niladareenwa agaya karanna ona.

ඇත්තටම වෙලා බං.. ඕවා දැන් Tv වල නිවුස් වලට කියන්නේ නෑ... Media ඔක්කොම පොනිල්ට බයයි...ඇත්තටම වෙලා බං.. ඕවා දැන් Tv වල නිවුස් වලට කියන්නේ නෑ... Media ඔක්කොම පොනිල්ට බයයි...
මේ විමල්ගේ කතාවේදී කියන්නෙත්, ඔය සිද්දිය ගැන.. විනාඩි 2.00 ඉදල අහපන්...

