දියවැඩියාව_ගැන අළුත් තොරතුරු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,194
    46,978
    113
    දියවැඩියාව_ගැන අළුත් තොරතුරු

    දියවැඩියාව පිළිබද නවතම තොරතුරු
    +++++++++++++++++


    13731583_1054160894661612_4048144225353046038_n__1469595378_58.153.185.198.jpg

    දියවැඩියාව (Diabetes)
    1…දියවැඩියාව යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද?
    රුධිරයේ ඇති සීනි ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවීමයි

    2…දියවැඩියාව ඇතිවීමට හේතු මොනවාද?
    පාරම්පරිකව දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇති පුද්ගලයන්, තරබාරු පුද්ගලයන් සහ ව්යා්යාම මද ජීවන රටාවක් සහිත පුද්ගලයන් හට දියවැඩියාව සැදීමට දැඩි අවදානමක් ඇත.
    දියවැඩියාව වැළඳිය හැකි අවදානම් තත්ව නම්,
    *ජානමය සාධක,
    *ශරීරයට අවශ්‍ය වියායාම නැතිවීම,
    *තරබාරු කම,
    *අධික මත්පැන් භාවිතය,
    *මානසික පීඩනය,
    *ආහාර රටා අහිතකර වීම,
    *වයස වැඩවීම,

    අප ගන්නා ආහාර ජීර්ණය වීමෙන් (විශේෂයෙන් කාබෝහයිඞ්ඩ්රේට් සහිත ආහාර) ග්ලූකෝස් නැමැති සීනි වර්ගයක් සෑදේ. මෙම ග්ලූකෝස් ශරීරයේ ශක්ති ජනන ක්‍රියාවලිය යොදා ගන්නා අතර වැඩිපුර සෑදෙන ග්ලූකෝස් ගලයිකොජන් ලෙස අක්මාවේ තැන්පත් වේ.
    ආහාර ජීර්ණ පද්ධතියේ සිට අදාල ස්ථාන කරා ග්ලූකෝස් රැගෙන යනුයේ රුධිරය මගිනි. මාංශ පේශී, මේද පටක හා අක්මාව මෙසේ රුධිරයෙන් ග්ලූකෝස් ලබාගන්නා ප්‍රාධාන ස්ථාන වන අතර එම හුවමාරුව සිදුවීමට ඉන්සියුලීන් නැමැති අග්නාශයේ නිපදවෙන හෝමෝනයක් අත්‍යවශ්‍ය වේ.
    නමුත් නිපදවෙන ඉන්සියුලීන් ප්‍රමාණයේ අඩුවීම හෝ නිපදවෙන ඉන්සියුලීන් වල ක්‍රියාකාරිත්වයේ වෙනසක් හෝ මේ කාරණා දෙකම නිසා හෝ රුධිරයේ ඇති ග්ලූකෝස් ශක්ති ජනනය සඳහා හා අක්මාවේ තැන්පත් වීම සඳහා ඉවත් නොවී තිබිය හැක.
    එබැවින් රුධිරයේ ඇති ග්ලූකෝස් පරේ ඇමාණය සාමාන්යය ප්‍රමාණයට වඩා වැඩිවන අතර එය දිය වැඩියා තත්වයක් ලෙස හැඳින්වේ.

    3…දියවැඩියේ රෝගයේ විවිධ ප්‍රභේද තිබේද?
    ප්‍රාථමික දියවැඩියා තත්වය (Type I Diabetes mellitus) සහ ද්විතීක දියවැඩියා තත්වය (Type II Diabetes mellitus) යනුවෙන් ප්‍රභේද ඇත.

    ⋆ ප්‍රාථමික දියවැඩියා තත්වය (Type I Diabetes mellitus)
    මෙම තත්වය ඕනෑම පුද්ගලයෙකුගේ ඇතිවිය හැකි අතර වැඩි වශයෙන් දැකිය හැක්කේ කුඩා දරුවන්ගේ වේ. මෙම තත්වය සඳහා පිටතින් ඉන්සියුලීන් හෝමෝනය එන්නත් ආකාරයෙන් දීමටද සිදුවේ.

    ⋆ ද්විතීක දියවැඩියා තත්වය (Type II Diabetes mellitus)
    මෙම තත්වය සාමාන්යියෙන් වැඩිහිටියන්ගේ දැකිය හැක. ශරීරයේ නිපදවෙන ඉන්සියුලීන් පරතත මාණය සාමාන්යt වුවත් අධික තාබාරුකම හා ව්යානයාම අඩුකම නිසා එහි කරි. ක්‍රියාකාරිත්වය හරියාකාරව සිදුනොවීමෙන් මෙම තත්වය ඇතිවේ.

    4…දියවැඩියා තත්වයකදී එන මූලික රෝග ලක්ෂයණ මොනවාද?
    - අධික වතුර තිබහ.
    - අධික බඩගින්න.
    - නිතර නිතර විශාල පර ිකමාණ වලින් මුතරා? ී පිටවීම.
    - ශරීරයේ බර සැලකිය යුතු ලෙස කෙටිකලකින් අඩුවීම.
    - ඇගට පණ නැති ගතිය.
    - ඇසේ පෙනීමේ ඇතිවන බොදවූ ස්වභාවය
    ...රුධිර ග්ලූකෝස් මට්ටම ඉතා ඉහළ නැගි විට සිහි නැතිවීම හා මරණය පවා සිදුවිය හැක.

    මේවා සාමාන්යරයෙන් පුද්ගලයෙකුට තේරෙන විදිහට සිදුවන විට රුධිරයේ සීනි ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි අගයක පවතී.
    සංකූලතා

    කෙටි කාලීනව සිහි තත්වයේ වෙනස් ‍නම්, විවිධ ආසාදන ඇතිවීම, විජලනය දිගු කාලීනව ශරීරයේ විවිධ අවයව / පද්ධති වලට හානි විය හැක.

    • ඇස - අන්ධ භාවය, සුද ඇතිවීම, ග්ලොකෝමා අවදානම, ඇසේ දෘශ්ටිවිතානයට හානි වීම.
    • වකුගඩු - නිතර ඇතිවන මුත්රාු අසාධන, මුත්‍රා සමග ප්රෝලටීන් පිට වීම, වකුගඩු ක්‍රියා විරහිත වීම.
    • ස්නායු පද්ධතිය - අංශභාගයට ඇති අවධානම වැඩිවීම , අත් පා හිරි වැටීම හා දැනීම නැතිවීම.
    • පාදවල ඇතිවන සුව නොවන තුවාල, අවසානයේ පාද ඉවත් කිරීමට සිදු වේ.
    • හෘදය - හෘදයාබාද, හෘදය අක්‍රිය වීම හා හදිසි මරණය
    • ලිංගික ක්‍රියාකාරිත්වය දුර්වල වීම.

    5…ඉහත සඳහන් රෝගී ලක්ෂීණ නොමැතිවද දියවැඩියාව සෑදී තිබිය හැකිද?
    සෑදී තිබිය හැක. විශේෂයෙන් ද්විතීක දියවැඩියාව ඇති අයෙකුගේ රුධිරයේ සීනි සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අගයක දීර්ඝ කාලයක් තිස්සේ තිබිය හැක. නමුත් මෙහිදී රෝගී ලක්ෂණ ඇතිවීම ඉතා සෙමින් සිදුවන නිසා රෝගියාට එතරම් අවබෝධයක් නොවී තිබිය හැක.

    6…ගර්භනී මව්වරුන්ගේ ඇතිවන දියවැඩියා තත්වය (Gestational Diabetes)
    ගර්භනී තත්වයට පෙර දියවැඩියාව නොතිබූ මව්වරුන්ගේ ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියා තත්වයක් මෙසේ හැඳින්වේ.

    ගර්භනී කාන්තාවන් මුහුණ දෙන සෞඛ්ය ගැටඵ අතර ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව සුලභ රෝගී තත්වයකි. මෙහිදී සිදුවන්නේ නීරෝගී කාන්තාවක් ගර්භනී භාවය පත් වීමෙන් පසු ඇගේ රුධිර සීනි මට්ටම ඉහළ යාම නිසා දියවැඩියා තත්වයක් ඇතිවීමයි. තරබාරු කාන්තාවන්, පෙර වතාවකදී ගර්භනී සමයේ දියවැඩියාවට ලක්වූ කාන්තාවන් හා දියවැඩියා රෝගය සම්බන්ධ පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් අතර මේ අවදානම වැඩිපුර දැකිය හැක.

    ***ඇතිවන්නේ කෙසේ ද ?***

    සාමාන්යනයෙන් අප ගන්නා ආහාර වලින් ශරීරය තුළදී නිපදවෙන ග්ලූකෝස් අග්නාශය මගින් නිපදවන ඉන්සියුලින් නම් හෝමෝනය මගින් සෛලවලට ඇතුල් කර ශරීරයට ප්‍රයෝජනයට ගත හැකි තත්වයට පත් කරයි. රැධිර ග්ලූකෝස් මට්ටම නියතව තබා ගන්නේ මෙම ක්‍රියාවලිය මගිනි. ගර්භනී සමයේ ශරීරයේ වැඩිවන අනෙකුත් හෝමෝන වර්ග ඉන්සියුලින් වල ක්‍රියාකාරිත්වය අඩු කරයි. එවිට අග්නාශයට වැඩි වැඩියෙන් ඉන්සියුලින් නිපදවීමට සිදුවන අතර ඇතැම් කාන්තාවන්ගේ ශරීර මෙම තත්වයට හැඩ නොගැසීමෙන් රැධිර ග්ලූකෝස් මට්ටම දිගින් දිගටම ඉහළ යාම සිදුවේ. ගර්භනී සමයේ දියවැඩියාවට හේතු වන්නේ මෙම ක්‍රියාවලියයි.

    ***සංකූලතා***

    අධික පිපාසය, නිතරම කුසගිනි වීම, අසාමාන්‍ය මහන්සි ගතිය හා නිතර මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක. නමුත් මේවා දියවැඩියා රෝගයට පමණක් ආවේණික ලක්ෂණ නොවන බැවින් රෝගය සොයා ගැනීම අපහසු විය හැක.

    ගර්භනී සමය තුළ නිතර මුත්‍රා ආසාදන,ලිංගික ආසාදන හා ස්වසන මාර්ගයේ ආසාදන ඇතිවීමේ අවස්ථාව වැඩි අතර එවාට වහා පිළියම් කිරීම වැදගත්ය.මවට වැඩිපුර වමනය යාම හා ගර්භ තරලය වැඩිවීම ද ඇතිවිය හැක.

    ප්‍රසූතයෙන් පසු ආසාදන ඇතිවීමේ අවදානම ද මේ තත්වයේදී ඉහළ යයි. ඇතැම් විට මව්කිරි දීමේ ගැටඵද දැකිය හැකි වේ.

    ***ආරක්ෂා වන්න***

    සෑම කාන්තාවක්ම ගර්භනී භාවයට පත්ව පළමුව වෛද්යත වරයකු හමුවීමේදී හෝ සායනයට යෑමේදී අනිවාර්ය රුධිර පරීක්ෂාවක් සිදු කරනු ලැබේ. එ‍සේම එය සාමාන්යු වුවද සති 24-28 අතර සමයේදී නැවත රුධිර පරීක්ෂාව වැදගත් වේ. එසේම සායනය තුළදී මුත්රාා වල සීනි ඇද්දැයි පරීක්ෂා කිරීම ද සිදු කරනු ලබයි.

    මෙම පරීක්ෂණ වලින් රැධිර සීනි මට්ටම ඉහළ යාමක් පෙන්නුම් කරන විටදී දියවැඩියා රෝගය ඇත්දැයි තහවුරු කිරීමට තවත් පරීක්ෂණ සිදු කළ යුතුය. එහිදී සිදුවන්නේ රැධිර සීනි මට්ටම අවස්ථා කීපයකදී හරියටම මැන බැලීමයි.

    ***ප්‍රතිකාර ***

    ගර්භනී සමයේ දියවැඩියාව ඇති කාන්තාවකගේ ප්‍රතිකාර ක්‍රමය රෝගයේ උග්‍රභාවය හා මවගේ අනෙකුත් ගැටඵ අනුව තීරණය වේ. කෙසේ වෙතත් මෙහිදී වැදගත් වන්නේ රුධිර සීනි මට්ටම දරුවා බිහිවන තුරු නියතව පාලනය කර තබා ගැනීමයි.

    සෑම මවකගේම ආහාර පාලනය අතීශය වැදගත් වේ. සීනි රහිත, සමබල, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්නා ආකාරය පිළිබද උපදෙස් ලබා ගතයුතු අතර මව ඒවා හොදින්ම පිළිපැදිය යුතුය. එසේම දිනකට විනාඩි 30 ක් හෙමින් ඇවිදීම වැනි සරල ව්යාවයාම වල යෙදීමටද මව උනන්දු කරනු ලැබේ.

    ආහාර මගින් රෝගය පාලනය නොවේ නම් පමණක් ඉන්සියුලින් ප්රිතිකාර ඇරඹීමට සිදුවේ. රෝහල් ගත කර ඉන්සියුලින් පටන් ගන්නා අතර රුධිර සීනි මට්ටම පාලනය වූ පසු නිවසේදී ඉන්සියුලින් ලබා ගැනීමට මවට පුරුදු කරනු ලැබේ. මෙය නියමිත වේලාවට නිසියාකාරව ලබා ගැනීමට මව වගබලා ගත යුතුය. ඇතැම් අවස්ථාවලදී පමණක් වෙනත් ඖෂධ වර්ග ද නිර්දේහශ කිරීමට සිදුවිය හැක.

    දරුවා දගලන වාර ගණන පිළිබදව මව සෝදිසියෙන් සිටිය යුතු වන අතර එහි යම් අඩුවීමක් දැනේ නම් වහා වෛද්යාවරයකු හමු විය යුතුය. එසේම සති 28 – 32 අතර කාලයේ ස්කෑන් පරීක්ෂාවකින් දරැවාගේ වර්ධනය සොයා බලන අතර අනතුරුව ද අවශ්‍ය පරිදි මව ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කරයි. රැධිර සීනි මට්ටම හා මවගේ අනෙකුත් ගැටඵ සලකා බලා බොහෝ විට සති 38 දී දරැවා බිහි කරන අතර සාමාන්ය ප්‍රසූතයක්ද ද සිසේරියන් සැත්කමක්ද යන්න වෛද්ය වරයා විසින් තීරණය කරනු ලැබේ.

    ***දරුවා ගැනත් හිතන්න***

    ගර්භනී සමයේ දියවැඩියා රෝගය නිසා මව හා දරුවා දෙදෙනාටම ගැටඵ ඇතිවිය හැක. බොහෝ විට ඇතිවන ප්‍රධාන ප්‍රශ්ණය නම් දරුවා අධික බර ඇතිව විශාල ලෙස වැඩීමයි. මෙහිදී සිදුවන්නේ මවගේ රැධිර සීනි මට්ටම අධික වීමෙන් දරැවාගේ ‍රැධිර සීනි මට්ටම ද වැඩිවීමයි. එවිට දරුවාගේ අග්නාශයෙන් ඉන්සියුලින් වැඩිපුර නිපදවීමට පටන් ගනී. මෙම වැඩිපුර සීනි හා ඉන්සියුලින් දෙවර්ගයේම බලපෑමෙන් දරුවා ප්‍රමාණයට වඩා විශාලව වැඩීමට පටන් ගනී.

    ‍මෙම විශාල දරුවන් සාමාන්යම ප්‍රසූතියකදී බිහි කිරීම අපහසු වන අතර ඇතැම් විට දරැවාගේ හිස බිහි වුවද උරහිස හිරවීම සිදු විය හැක. මෙහිදී දරුවාගේ අස්ථි බිදීම් හා ස්නායු ඇදීම් සිදුවිය හැකි අතර දරැවා බිහි කිරීමට විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුවේ. එසේම දරුවා විශාල බැවින් මවගේ ‍යෝනි මාර්ගය ආශ්රිටතව විශාල කැපුමක් යෙදීමට ද සිදුවේ. එබැවින් දරුවාගේ බර කලින් ස්කෑන් පරීක්ෂාවකින් තීරණය කර බොහෝ විට සිසේරියන් සැත්කමක් සිදු කරයි.

    දරුවා බිහිවූ පසුවද ඉන්සියුලින් අධිකව තිබී සීනි මට්ටම අඩුවී යාමෙන් හෙවත් සීනි අඩුවීමට ලක්විය හැක. මෙය දරුවාගේ මොළයේ වර්ධනයට බලපායි. එබැවින් දරුවා උපත ලද වහාම සීනි පරීක්ෂාවක් සිදු කරන අතර මව්කිරි දීම හැකි ඉක්මනින් ආරම්භ කළ යුතුවේ. එසේම මෙම දරුවන් කහපාට වීම, කැල්සියම් අඩුවීම වැනි තත්වයන්ට ද ලක්විය හැක. තවද ගර්භනී භාවයේ මුල් අවදියේ සිටම සීනි මට්ටම අධිකව තිබිණි නම් දරැවා‍ගේ හෘදයේ අක්‍රමිකතා හා ස්නායු ආබාධ ඇතිවීමේ අවදානමක් ද පවතී.

    ***ප්‍රතිකාරයෙන් පසු ***

    ගර්භනී සමයේ දියවැඩියාවට ලක්වූ කාන්තාවන්ගෙන් බහුතරයකට දරු ප්‍රසූතියෙන් පසු එම තත්වය මග හැරී යයි. සති 6කට පසු රැධිර පරීක්ෂාවක් මගින් මෙය තහවුරැ කර ගත හැකග

    නමුත් ඊලග ප්‍රසූතියකදී හෝ පසු කාලීනව දියවැඩියාව ඇතිවීමට අවදානමක් ඇති බැවින් දිගටම වසරකට වරක් රුධිර සීනි පරීක්ෂා කරගැනීම, සමතුලිත ආහාර වේලක් ගැනීම හා වියායාම වල යෙදීම වැදගත් වේ.

    එමෙන්ම මෙම දරුවන්ට ද දියවැඩියාව හා තරබාරු භාවය ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ක්රලමවත් ආහාර රටාවකට හා ව්යාකයාම වලට දරුවා යොමු කිරීමට මව සැළකිලිමත් විය යුතුවේ.

    7…දියවැඩියාව නීර්ණය කිරීම සඳහා ඇති පරීක්ෂ ණ මොනවාද?
    - මුතරාඩිය පරීක්ෂඇණය
    - රුධිර පරීක්ෂ්ණය

    8…මුත්‍රා පරීක්ෂයණයකින් දියවැඩියාව ඇතිබව සනාථ කලහැකිද?

    රුධිරයේ ඇති ග්ලූකෝස් පරණ‍ මාණය ඉතා සැලකිය යුතු වැඩි අගයක ඇති විට වකුගඩු වලින් අවශෝෂණය කරගැනීමට නොහැකි විටදී පමණක් මුත්‍රාවල ග්ලූකෝස් තිබිය හැක. එබැවින් දියවැඩියා තත්වය මුලින් හඳුනාගැනීමට මුත්‍රා පරීක්ෂමණය සුදුසු නොවේ.
    එසේම දියවැඩියාවට ප්‍රතිකාර ගන්නා රෝගියකු මුත්‍රාහි පරීක්ෂණය පමනක් කිරීමෙන් රෝගයෙහි පාලන තත්වය නීර්ණය කල නොහැක.

    තවද මුත්‍රා වල ප්‍රෝටීන් තිබේදැයි පරීක්ෂාි කිරීම කරනු ලැබේ. එසේ කරනුයේ දියවැඩියාව හා සම්භන්ධව වකුගඩු වල හානිකර තත්වයක් ඇත්නම් මුත්ප‍රාවල ඇල්බියුමින් නැමැති ප්‍රෝටීනය තිබිය හැක. එය දියවැඩියාව සහිත රෝගියෙකුගේ ප්‍රතිකාර නීර්ණය සඳහා වැදගත් වේ.

    9…නිරාහාරව සිට දියවැඩියාව නීර්ණය සඳහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?
    ⋆ නිරාහාරව සිට රුධිරයේ සීනි බැලීම (Fasting blood sugar)
    මෙහිදී රාතරිහාර ආහාරයෙන් පසු අඩුම තරමේ පැය 8-10 කට පසු රුධිරයේ කරනු ලබන සීනි පරික්ෂාවයි. මෙය අදාල පැය ගණනට පසු හෝ පෙර සිදුකිරීමෙන් ලැබෙන අගය නිවැරදි අගයක් නොවේ.

    මෙහිදී ලැබෙන අගයන් අනුව
    - 70-100 mg/dl - සාමාන්යම වේ.
    - 100-126 mg/dl - දියවැඩියාව ඇතිවීමට වැඩි අවධානම් තත්වයකි
    - 126 mg/dl වඩා වැඩිනම් එය දියවැඩියා තත්වයකි.

    මෙහිදී සැලකිය යුතු වන්නේ අදාල රුධිර පරීක්ෂාවට පෙර දිනයේ රාත්‍රී කාලයේ සාමාන්‍ය ආකාරයට ආහාර ගැනීම කලයුතුය. සමහර රෝගීන් පෙර දිනයේ සිටම ආහාර ගැනීම අඩුකර රුධිර පරීක්ෂරණයට සූදානම් වන අතර එමගින් අදාල රුධිර පරීක්ෂනණය මගින් රුධිරයේ සාමාන්යක සීනි ප්‍රමාණය ගැන නිවැරදි තොරතුරක් ලබා නොදේ.

    10…දියවැඩියාව හා ඔබේ දෙපා ( http://www.youtube.com/watch?v=5PjIyLeTxWw )
    දියවැඩියාව නිසා පාදවල ස්නායුවලට හානි සිදුවීමෙන් සංවේදනය අඩු වේ. රුධිර නාල ඝනවීමකට ලක්වීමෙන් පාදවලට රුධිර සැපයුම අඩු වේ.

    පාදවල මාංශ පේශිවලට රුධිර සැපයුම අඩුවීම නිසා මස් පිඬුවල වේදනාව ඇතිවේ.තුවාල වූ විට ඒවා සුව වීම ප්රපමාද වේ.

    පාදවල සංවේදනය අඩු බැවින් පාදවලට හානි වීමට ඇති හැකියාව වැඩිය.(උදාහරණ : පාද පිළිස්සීම, පාද විවිධ ද්ර ව්ය වල වැදී තුවාල වීම, සපත්තු වලට කැපීම) ඇතිවන කුඩා තුවාල පවා විශාල වන තුරු වේදනාව නොදැනේ.පාවහන් භාවිතා නොකරන විට මෙම අවදානම තවත් වැඩිය.

    තම දෙපා ප්‍රවේශමෙන් රැක නොගතහොත් සුව නොවන තුවාල, ආසාදන, ඇතැම් කොටස් නරක වීම නිසා එම කොටස් හෝ පාදය ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කළ යුතුවේ.
    පාද වල ඇතිවන තුවාලවලට ඉක්මනින් වෛද්ය‍ ප්‍රතිකාර ලබාගත යුතුය.පාද වලට රුධිර සැපයුම වැඩි කිරීමට දිනපතා ව්‍යායාම සිදු කළ යුතුවේ.දුම් පානය සම්පුර්ණයෙන් නැවැත්විය යුතු වේ.

    *** ඔබේ දෙපා රැකගන්නේ කෙසේද?***

    දිනපතා සිදුකල යුතු දෑ

    (1.) දිනපතා පාද පරීක්ෂා කළ බැලිය යුතුය.කකුලේ සියලුම ස්ථාන, විශේෂයෙන් යටි පතුල, ඇඟිලි කරු අතර සහ නියපොතු පරීක්ෂා කළ යුතුවේ.යටි පතුල් පරීක්ෂා කිරීමට කණ්ණාඩියක් භාවිතා කළ හැක.

    පහත සඳහන් වෙනස්කම් වලින් යමක් ඔබේ පාදයේ ඇත්නම් ඔබගේ වෛද්යිවරයා හමුවිය යුතු වේ.

    • ආසාදන ඉදිමීම්
    • පාදයේ රතු වීම් හෝ වෙනත් සමේ වර්ණයේ වෙනසක්
    • ඇඟිලි වල මස තුලට වර්ධනය වූ නියපොතු
    • වියළි ස්ථාන හෝ සිරීම්
    • ගල් තැළුම්
    • තුවාල, කැපීම්, සිරීම්
    • වතුර බිබිලි/දියපට්ටා

    ඔබගේ පාදය පරීක්ෂා කිරීම ඔබට අපහසු නම් ඒ සඳහා පවුලේ අයෙකු, වෙනත් නෑයෙකු හෝ මිතුරෙකු වැනි අයෙකුගේ සහය ලබාගත හැක.පාද පරීක්ෂා කිරීම සඳහා පාද පිරිසිදු කිරීමෙන් පසු කාලය යොදා ගැනීම වඩාත් සුදුසුය.

    (2.) දිනපතා පාද සෝදා පිරිසිදු කළ යුතුය

    දිනකට වරක් පාද පිරිසිදු කළ යුතු වේ. මේ සඳහා සාමාන්‍ය සබන් වර්ගයක් සහ පාද පිරිසිදු කිරීමට කුඩා පිරිසිදු රෙදි කැබැල්ලක් භාවිතා කළ යුතුවේ. ගල්, පොල්ලෙලි කැබලි වැනි රළු දෑ භාවිතයෙන් වැළකිය යුතුවේ.

    පාද සේදීම සඳහා මද උණුවතුර භාවිතයට ගත යුතුවේ.අධික උෂ්ණත්වයකින් යුතු වතුර භාවිතයෙන් වැළකිය යුතු වේ.දියවැඩියාව රෝගීන්ගේ ස්නායු සංවේදනය අඩු බැවින් පාද වලට ජලය වත්කිරීමට ප්‍රථම ජලයේ උණුසුම, වැලමිට හෝ අතේ පිට පැත්ත භාවිතයට ගෙන බැලීම වැදගත් වේ.
    සබන් සියල්ල සේදී යන තෙක් හොඳින් පාදය සේදිය යුතුවේ.

    (3.) පාදය හොඳින් පිසදැමීම

    මේ සඳහා කුඩා සුදු පැහැති තුවායක් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.පාදයේ ඇඟිලි අතර විශේෂයෙන් පිසදැමිය යුතු අතර මුළු පාදය ම හොඳින් වියළෙන තෙක් පාදය පිසදැමිය යුතුය.එසේ නොකළහොත් පාදවල ඇඟිලි කරුවල දිලීර ආසාදන වන දෑ ඇතිවිය හැක.

    (4.) පාවහන් පාවිච්චි කිරීම

    දියවැඩියා රෝගීන් සෑමවිටම පාවහන් පැළඳිය යුතුවේ.සපත්තු හෝ සෙරෙප්පු නොමැතිව එළිමහනේ ඇවිදීමෙන් වැළකිය යුතු වේ.පාදයේ ප්‍රමාණයට හා හැඩයට ගැලපෙන පාවහන් පැළඳිය යුතුය. තද, ඇඟිලි තෙරපුමට ලක්වන, සම මත පීඩනයක් ඇති කරන පාවහන් නොපැළඳිය යුතු වේ.මේස් පළඳින්නේ නම් කපු මේස් භාවිතය සුදුසු වේ.

    දියවැඩියා රෝගීන් දෙපා මුහුණ මෙන් රැකබලාගත යුතුය.

    11…දියවැඩියාව හොඳින් පාලනය කර ගත යුත්තේ ඇයි?

    දියවැඩියාව නිට්ටාවට සුවකළ නොහැකි එහෙත් හොඳින් පාලනය කළ යුතු රෝගයකි. දියවැඩියාව සහ එයින් ඇති කරන්නා වූ රෝග ලක්ෂණ රෝගියා විශාල විඳවීමකට භාජනය කරන අතර අධික ලෙස උත්සන්න වීමේදී දියවැඩියාව නිසාම රෝගියාට මරණයට පවා මුහුණ දෙන්නට සිදුවිය හැකිය. දියවැඩියාව වඩාත් භයානක රෝගයක් සහ මාරාන්තික රෝගයක් වන්නේ එය තවත් මාරාන්තික ලෙඩ රෝග රාශියකට මංපාදන නිසාය.

    දියවැඩියාව නිසා හෘදයාබාධ සහ ආඝාතය (අංශභාගය) ඇති වීමේ ප්‍රවනතාවය බෙහෙවින්ම වැඩි වෙයි. එයටත් අමතරව දියවැඩියා රෝගියෙකුට එම රෝගී තත්ත්වයන් ඇති වුවහොත් ප්‍රතිපල වඩා භයානක සහ කනගාටුදායක වේ.

    දියවැඩියාව නිසා වකුගඩු, ඇස් ආදී ශරීරයේ අතවශ්‍ය ඉන්ද්‍රියන් හා පද්ධති දුර්වල කිරීම සහ අප්‍රාණික කිරීම සිදුකරයි. දියවැඩියාව නිසා රුධිර නාල බෙහෙවින්ම රෝගී තත්ත්වයට පත්කරන අතර ස්නායු දුර්වල වීමද සිදු වෙයි.

    දියවැඩියාවේ බොහෝ දෙනා දැක ඇති සංකූලතාවයක් වන්නේ දියවැඩියා රෝගීන්ගේ පාදවල ඇඟිලි, පාදයෙන් කොටසක් හෝ සම්පූර්ණ පාදයම අහිමි වී ඇති තත්ත්වයයි. ඇසින් දැක ගත හැකි සංකූලතාවය එය වුවත් ශරීර අභ්යාන්තරයේ ඊටත් වඩා දරුණු සංකූලතා ඇසට නොපෙනීම ඇති බව අප වටහාගත යුතුය.

    12…දියවැඩියාවේ හොඳ පැත්ත කුමක්ද?

    දියවැඩියාව ඉහත විස්තර කළ අයුරින් මාරාන්තික රෝගයක් වුවත් එය හොඳින් පාලනය කර ගතහොත් එය අපේ ජීවිතවලට නරකක් නපුරක් කරන්නේ නැත. ඒ ඒ පුද්ගලයා මේ ලෝකයට ගෙනවිත් තිබෙන ආයුෂ ඒ ආකාරයෙන්ම ගත කරන්නට වුව දියවැඩියාව එවිට බාධා නොකරයි. එම නිසා දියවැඩියාව හොඳින් පාලනය කර ගැනීමේ වැදගත්කම අප කාටත් හොඳින් අවබෝධ විය යුතුය.

    13 දියවැඩියාව සෑදුනු පසු

    • හොඳ ජීවන රටාවක් පවත්වා ගෙන යාම
    o සමබර, දියවැඩියාවමට සුදුසු ආහාර ගැනීම.
    o ව්‍යායාම කිරීම.
    o යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීම.
    o සිරුරේ බර පිළිබඳ සැලකිලිමත් වීම - BMI අගය <24.9 ට වඩා අඩුවෙන් තිබීම.
    • දුම් පානය නොකිරීම
    • මත්පැන් බීමෙන් වැළකීම
    • රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, ක්‍රමානුකූලව සායනයට පැමිණීම හා සංකූලතා සඳහා පරීක්ෂා කිරීම මනා දියවැඩියා පාලනයට අවශ්ය, වේ.
    • පාද ගැන සිලකිලිමත් වීම.
    දියවැඩියාව සුව කළ නොහැක. නමුත් සාර්ථකව පාලනය කළ හැක. පළමු වර්ගයට ඉන්සියුලින් පිටතින් සැපයිය යුතු අතර දෙවන වර්ගයට ආහාර පාලනය මගින් හෝ ඖෂධ මගින් ප්ර තිකාර කළ හැකි අතර, සමහර විට ඉන්සියුලින් පිටතින් සැපයීම අවශ්යෂ වේ.

    14…ආහාර වර්ග භාවිතය

    දියවැඩියා රෝගීන් සම්පුර්ණයෙන් වැළකිය යුතු ආහාර
    • සීනි, හකුරු, රට ඉඳි, විවිධ පැණි වර්ග
    • පැණි රස කෘතිම ආහාර වර්ග, බිස්කට් වර්ග, චොක්ලට්, ටොෆි වර්ග, අයිස් ක්රීපම්, වටලප්පන්, සිසිල් බීම වර්ග, ජෑම්, ටින්කිරි, පුඩිං හා සීනි යෙදු අතුරුපස සහ සිරප් වර්ග
    • අධික ලුණු සහිත ආහාර – අච්චාරු, ජාඩි වර්ග, බයිට් වර්ග, සොසේජස්, මාමයිට්, කරවල
    • කොලෙස්ටරෝල් අධික ආහාර වර්ග - බිත්තර කහමදය, පීකුදු, චීස්, රතු පැහැති මස් වර්ග (උදාහරණ : එළු මස්/හරක් මස්) , බටර්, මාගරින්, ඌරුමස්, එළඟිතෙල්
    • වැළකිය යුතු පලතුරු – මිදි, අලිපේර, වැල, වරකා, දුරියන්
    වැඩි වශයෙන් ගත හැකි ආහාර

    මෙම ආහාර වර්ග පාලනය කිරීම එතරම් අවශ්යර නොවේ

    • සියලුම පලා වර්ග – ගොටුකොල, තම්පලා, නිවිති, මුකුණුවැන්න, සාරණ, කතුරුමුරුංගා, කංකුන්
    • පිෂ්ඨය අඩු එළවලු වර්ග - ලීක්ස්, ගෝවා, පතෝල, වැටකොළු, බෝංචි, වම්බටු, බටු, කරිවිල, බණ්ඩක්කා, කොහිල, හතු, දඹල, තක්කාලි, මුරුංගා
    • මාළු සහ බිත්තර සුදු මදය
    • ඇතැම් ධාන්ය් වර්ග - කඩල, කව්පි, පරිප්පු, මුං ඇට, සෝයා
    • යොදය රහිත කිරි හා කිරි නිෂ්පාදන - යෝගට්, මේදය රහිත කිරිපිටි

    මධ්‍යස්ත ප්‍රමාණයෙන් ගත යුතු ආහාර

    • පිෂ්ඨමය ආහාර - නිවුඩු සහිත බත්, ඉඳි අප්පා, පාන්, කුරක්කන්, පිට්ටු, රොටි, තලප
    • පිෂ්ඨය බහුල එළවලු – අල වර්ග (උදාහරණ : අර්තාපල්, කිරි අල, ඉන්නල, දන්දිල, මඤ්ඤොක්කා) කැරට්, කොස්, දෙල්, බීට්රූට්, ග්රීකන්පීස්, අලු කෙසෙල්
    • අලුත් පළතුරු - පැපොල්, කෙසෙල්

    ඉහත ආහාර ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම යළි ඉහල යයි.
    සමබල ආහාර වේලක අඩංගු ප්‍රධානම සංඝටක වන්නේ කාබෝහයිඩ්රේට්,ප්‍රෝටීන් සහ මේදයයි. එමෙන්ම ඛනිජ ලවන, විටමින් හා තන්තු ද ආහාර වේලේ අඩංගු විය යුතුය.

    15...දියවැඩියාව පාලනයට සහ වලක්වා ගැනීමට ක්‍රියාශීලී දිවි පෙවෙතක්

    ***දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම හා රුධිර පීඩනය පාලනය කිරීමෙහිලා ව්‍යායාම කිරීම අතිශයින්ම වැදගත් වේ.වීයායාමේ නිරත වීමෙන් රුධිරයේ සීනි හා මේද අම්ල සඳහා යහපත් බලපෑමක් ඇති කරයි.

    ***ව්‍යායාම ඔබේ සිරුරේ ශක්තිය දහනය කිරීමටත්, බර පාලනය කිරීමටත් උපකාරීවේ. එමෙන්ම මානසික ආතතිය අඩු කර ගැනීමටද එය පිටුවහලක් වේ. එපමනක්ද නොව ප්‍රබෝදමත් හැඟීමක් පවත්වාගෙන යාමටද ව්‍යායාම ඉවහල් වන බව කිව යුතුය.

    ***මීට අමතරව දිනපතා සිදු කරනව්‍යායාම මඟින් සිරුර, ඉන්සියුලින් සඳහා දක්වන සංවේදීතාව වැඩි කරයි. එමෙන්ම දියවැඩියා ඖෂධ හා ඉන්සියුලින් වඩාත් ප්‍රතිපලදායි වීම සඳහාද වැදගත් වේ.

    ***තවද ව්‍යායාම තුලින් රුධිරය සිරුරේ ගමන් කිරීම ක්‍රමවත් කරන අතර එය කොලෙස්ටරෝල් හා ට්රනයිග්ලිසරයිඩ් මට්ටම පහල දමයි. එවිට එය හෘදවාහිනී රෝග අඩුවීමටද හේතු වේ.

    ***ඉන්සියුලින් ලබා ගනු ලබන රෝගීන් වෙහෙසකර කාර්යන් අතරතුරදී හෝ එයට පසුව රුධිරගත සීනි මට්ටම අඩු වීම වළක්වා ගැනීම සඳහා ආහාර රටාවක් සකස් කර ගැනීම අවශ්යප වේ.

    ***ව්‍යායාම මඟින් දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් අවශ්යශතාව අඩු කරන අතර ආහාර අවශ්යටතාව වැඩි කරයි. මෙහිදී දිනපතා කායික වශයෙන් ක්‍රියාකාරකම් වැදගත් වන අතර ඒ අනුව ආහාර ගැනීමේ චර්යාව වෙනස්කර ගත යුතුය.

    • ඔබ පාරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය දවාලීමට සුදුසු ලෙස කායික ක්‍රියාකාරිත්වය පවත්වා ගන්න.
    • සතියකදී වැඩි දින ගණනක්, අවම වශයෙන් මිනිත්තු 30 ක් වෙහෙසකර ක්රි යාකාරකම් වල නිරතවන්න ව්‍යායාමන්හි නිරත වීම සඳහා මිතුරු කණ්ඩායමක් සංවිධානය කර ගෙන ව්‍යායාම සැලසුමක්ද කතිකාකර ගන්න.
    • රූපවාහිනිය නැරඹීම දිනකට පැය දෙකකට වඩා අඩු කරන්න.
    • නිවසේදී සරල ව්‍යායාමවල නිරත වන්න. ආරම්භයේදී සෙමෙන් පටන් ගන්න.

    *** සැලකිය යුතුයි. ***

    ඔබ කවදා හෝ හෘදය සම්බන්ධ රෝග, අධිරුධිර පීඩනය හෝ පපුවේ අමාරු, කරැකැවිල්ල, කලන්තය, ආතරයිටීස් වැනි රෝගයන්ගෙන් පීඩා විඳ ඇත්නම් සංකීර්ණ වූ ව්‍යායාම ආරම්භ කිරීමට ප්‍රථම වෛද්යවරයෙකු හමුවන්න. එමෙන්ම ඔබ වයස අවුරුදු 40 ට වැඩි පුරුෂයෙකු හෝ වයස 50 වැඩි කාන්තාවක නම්, එවිටද සංකීර්ණ වු ව්‍යායාම ආරම්භ කිරීමට ප්‍රථම වෛද්යාවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න.

    {{{දියවැඩියා අවදානමෙන් මිදීම සඳහා ඔබ ආදරය කරන අය වෙනුවෙන් කියවා අනිවාර්යෙන් ශෙයා කරන්න ... එය මහා පුන්ය්කර්මයකි ! }}}

    මෙම වීඩියෝද නරඹන්න
    http://www.youtube.com/watch?v=nTBVARcLGd0&autoplay=1
    http://www.youtube.com/watch?v=IrotOPgSkR4&autoplay=1
    http://www.youtube.com/watch?v=MGL6km1NBWE&autoplay=1
    http://www.youtube.com/watch?v=jHRfDTqPzj4&autoplay=1
    http://www.youtube.com/watch?v=A4o2FH6VZps&autoplay=1
    http://www.youtube.com/watch?v=yv0jDQdTxPM&autoplay=1

    {{{දියවැඩියා අවදානමෙන් මිදීම සඳහා ඔබ ආදරය කරන අය වෙනුවෙන් කියවා අනිවාර්යෙන් ශෙයා කරන්න ... එය මහා පුන්ය්කර්මයකි ! }}}
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හොද ලිපියක්. rep++

    පොඩි දෙයක් ගැන දැනුවත් කරන්න ඔනේ.
    දියවැඩියාව කියන්නෙ නිට්ටවට සුව කල නොහැකි ලෙඩක් නොවේ. සුව කල හැකියි. සුව කල නොහැක්කේ මධුමේහයයි. දියවැඩියාව සදහා කලට වෙලාවට ප්‍රතිකාර නොකලොත් එය සුව කිරීමට අපහසු මධුමේහය (diabetes mellitus) බවට පත්වේ.
    දියවැඩියාව සුව කිරීමට බටහිට වෙද කමින් බැරි උනාට. දේශීය වෙදකමින් සුව කරන්න පුලුවන් ජීවකයෝ ල0කාවේ ඉන්නවා. Dr BA Rathnapala කියන්නෙ ඒ වගේ දේශීය වෙදදුරෙක්. එතුමාගේ වෙදකම් විශ්මිතයි (අත් දැකීමෙන් කියන්නේ)




     
    Last edited:
    • Like
    Reactions: garfieldzz
    මෙට්ෆොමින් ඩයනිල් විකුණගන්න ලියපු ලිපියක්.

    මොකද දන්නවද ? පේනවද හොරේ ?


    අප ගන්නා ආහාර ජීර්ණය වීමෙන් (විශේෂයෙන් කාබෝහයිඞ්ඩ්රේට් සහිත ආහාර) ග්ලූකෝස් නැමැති සීනි වර්ගයක් සෑදේ. මෙම ග්ලූකෝස් ශරීරයේ ශක්ති ජනන ක්‍රියාවලිය යොදා ගන්නා අතර වැඩිපුර සෑදෙන ග්ලූකෝස් ගලයිකොජන් ලෙස අක්මාවේ තැන්පත් වේ.
    ආහාර ජීර්ණ පද්ධතියේ සිට අදාල ස්ථාන කරා ග්ලූකෝස් රැගෙන යනුයේ රුධිරය මගිනි. මාංශ පේශී, මේද පටක හා අක්මාව මෙසේ රුධිරයෙන් ග්ලූකෝස් ලබාගන්නා ප්‍රාධාන ස්ථාන වන අතර එම හුවමාරුව සිදුවීමට ඉන්සියුලීන් නැමැති අග්නාශයේ නිපදවෙන හෝමෝනයක් අත්‍යවශ්‍ය වේ.
    නමුත් නිපදවෙන ඉන්සියුලීන් ප්‍රමාණයේ අඩුවීම හෝ නිපදවෙන ඉන්සියුලීන් වල ක්‍රියාකාරිත්වයේ වෙනසක් හෝ මේ කාරණා දෙකම නිසා හෝ රුධිරයේ ඇති ග්ලූකෝස් ශක්ති ජනනය සඳහා හා අක්මාවේ තැන්පත් වීම සඳහා ඉවත් නොවී තිබිය හැක.
    එබැවින් රුධිරයේ ඇති ග්ලූකෝස් පරේ ඇමාණය සාමාන්යය ප්‍රමාණයට වඩා වැඩිවන අතර එය දිය වැඩියා තත්වයක් ලෙස හැඳින්වේ.
    ඔය රතු කරල තියෙන කාරණාවට හේතුව කියන්නෙ නෑ. ඒක හංගලා අපිට නොකියා කියනවා මැරෙනකල් පෙති බිබී ඉන්සියුලින් ගගහා ඉන්න කියල. හොඳ ගැරිල්ල නේද ?

    ඔන්න ඕකට තමා කියන්නෙ විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියලා. :D
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඉදිරියේ රාළ;20468582 said:
    මෙට්ෆොමින් ඩයනිල් විකුණගන්න ලියපු ලිපියක්.

    මොකද දන්නවද ? පේනවද හොරේ ?


    ඔය රතු කරල තියෙන කාරණාවට හේතුව කියන්නෙ නෑ. ඒක හංගලා අපිට නොකියා කියනවා මැරෙනකල් පෙති බිබී ඉන්සියුලින් ගගහා ඉන්න කියල. හොඳ ගැරිල්ල නේද ?

    ඔන්න ඕකට තමා කියන්නෙ විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියලා. :D

    සිරාවට. research papers තියෙනවා ඔනේ තරම් metformin / insulin ගන්න එක හොද නැ කියලා. හැබැයි Type1 නම් ඉතින් insulin දෙන්න වෙනවා
     
    සිරාවට. research papers තියෙනවා ඔනේ තරම් metformin / insulin ගන්න එක හොද නැ කියලා. හැබැයි Type1 නම් ඉතින් insulin දෙන්න වෙනවා
    මොක වුණත් ලෙඩේට මුල රක්තවාතය නැත්තම් rheumatism. ඕක ඇහින් දැක ගන්න තියෙන නොහැකියාවත්, ඒක බුද්ධියෙන් දකින්න බැරිකමත් නිසා කොළේ වහල ගහන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවක් තමා ඔය.
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඉදිරියේ රාළ;20468685 said:
    මොක වුණත් ලෙඩේට මුල රක්තවාතය නැත්තම් rheumatism. ඕක ඇහින් දැක ගන්න තියෙන නොහැකියාවත්, ඒක බුද්ධියෙන් දකින්න බැරිකමත් නිසා කොළේ වහල ගහන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවක් තමා ඔය.

    මටත් හිතෙනවා බං . මටත් දියවැඩියාව තියෙනවා .බේත් ගන්න ගියාම metfomin කැටියක් දුන්න.මාස 4ක් බිවවා .මටම හිතුන යකෝ මන් ජිවිත කාලෙම මේ බෙහෙත් කීලෝ කියක් බොන්න වෙඉද කියල.පස්සේ හරකෙක් වගේ කන එක අඩු කරලා වැඩ කරන්න පටන්ගත්ත .දැන් නොර්මල් වගේ. හොදම දේ කට පරෙස්සම් කරගන්න එක.