අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    " හිරිමල් තාරුන්‍යයෙ විරැකියාවෙන් පෙලෙන අසහනය ,කලින් කලට කොහෙන් හෝ පැමිණෙන සාමාජීය නැඹුරුවන් (Trends) සඳහා ඇති මානසික පෙළඹවීම නිසා අන්තවාදී ආගමික,වාමාංශික දේශපාලනික මතිමතාන්තර ඔළුවෙ පුරෝගෙන තරුණ විභවයෙන් හදවතින් ක්‍රියාත්මක උනාට මොකද කාලයාගේ ඇවැමෙන් ජීවිතය ගැන තීරණ ගද්දි හදවත මන්දනය වෙලා මොළය ත්වරණය වෙද්දි නිර්ධන පන්තියේ මාක්ස්වාදිනුත් ,පටිසෝතඝාමි සැදැහැවත් උපාසක උපාසිකාවනුත් නොදැනුවත්වම ඇන්ග්ලො සැක්සන්-ඇමරිකානු ධනවාදී මාවතේ සැළකිය යුතු දුරක් විස්තාපනය වෙලා අහවරයි පුතා."

    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි 😂😂😂😂😂😂😂

    අදහස් වලට විව්‍රුතයි.
     
    • Like
    Reactions: WhiteWalker

    blue_in_rio

    Well-known member
  • ඕක තමයි මචන් යථාර්තය.ඕක වෙනස් කරන්න කියලා හදන එවුනුත්, අන්තිමට ඒකටම අනුගත වෙලා තමයි නවතින්නේ.ඒක උබට, මට තියා කාල් මාක්ස්ටවත් වෙනස් කොරන්න බෑ.මම මෙහෙම කතාවක් අහලා තියෙනවා.ඒක කොයිතරම් දුරට හරිද දන්නෑ. "තරුණ කාලේ විප්ලව නොකරන එකාත්, වයසට යනකොට විප්ලව කරන එකාත්, දෙන්නම මෝඩයොලු" :baffled::baffled:
     

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    ඕනිම සමාජයක සම්මත යැයි පිලි ගන්නා ජීවන රටාවට "හොඳ අධ්‍යාපනයක් --> හොඳ රැකියාවක් --> විවාහය --> ළමයි" , අනුගතව ජීවත් වන අය පොරවල්/වැදගත් කියල පිළිගන්න එම ජීවන රටාවට අභියෝග කරමින් ජීවත් වෙන්න හදන අය පිස්සෝ/රස්තියාදුකාරයෝ/අපතයෝ විදිහට හංවඩු ගහන අමන රටක් මේක....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඕක තමයි මචන් යථාර්තය.ඕක වෙනස් කරන්න කියලා හදන එවුනුත්, අන්තිමට ඒකටම අනුගත වෙලා තමයි නවතින්නේ.ඒක උබට, මට තියා කාල් මාක්ස්ටවත් වෙනස් කොරන්න බෑ.මම මෙහෙම කතාවක් අහලා තියෙනවා.ඒක කොයිතරම් දුරට හරිද දන්නෑ. "තරුණ කාලේ විප්ලව නොකරන එකාත්, වයසට යනකොට විප්ලව කරන එකාත්, දෙන්නම මෝඩයොලු" :baffled::baffled:



    වයසෙ වැරැද්දට බන් ගොඩාක් එව්වා වෙන්නෙ.බලපන් ඔය විප්ලවවාදීන් ගෙන් කීයෙන් කීයක් තමන්ගෙ ළමයින්ව ඒ විප්ලව වලට යොමු කරවලා තියෙනවද කියලා.හොයාගන්න නැති තරම්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඕනිම සමාජයක සම්මත යැයි පිලි ගන්නා ජීවන රටාවට "හොඳ අධ්‍යාපනයක් --> හොඳ රැකියාවක් --> විවාහය --> ළමයි" , අනුගතව ජීවත් වන අය පොරවල්/වැදගත් කියල පිළිගන්න එම ජීවන රටාවට අභියෝග කරමින් ජීවත් වෙන්න හදන අය පිස්සෝ/රස්තියාදුකාරයෝ/අපතයෝ විදිහට හංවඩු ගහන අමන රටක් මේක....


    ජිවන රටාවට අභියෝග කරන්නෙ නැහැ බන් වෙන්නෙ දේවල් නොලැබුණාහම ඒ දේවල් වලට වෛර කරන එක සහ විරුද්ධ වෙන එක. ඒත් වයසින් මුහුකුරා ගියහාම කල් යත්ම වැටහෙනවා ක්‍රමෙට විරුද්ධ වෙනවට වඩා ක්‍රමේ තුළින්ම ගිහින් එහි අඩුපාඩු හදන එක කොච්චර දෙයක් ද කියලා