නාමල්ගේ රථයක් අත්අඩංගුවට
Monday, 05 September 2016 20:10 Print Email
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පරිහරණය කළ ෆෝර්ඩ් මස්ටැන්ග් වර්ගයේ රථයක් අද (05) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එය වෙනත් ව්‍යාපාරිකයෙකුට අලෙවි කර තිබී ඇති අතර කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන තීරුබදු රහිත බලපත්‍ර වරප්‍රසාදය යටතේ මීට අවුරුදු 6කටත් කලින් නාමල් රාජපක්ෂ මහතා විසින් එම මෝටර් රථය රුපියල් ලක්ෂ 50කටත් අඩු මුදලකට ගෙන්වා ඇත්තක් බව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා පැවසී ය.