Ghost women in ja-ela.

Metrix France

Banned
May 20, 2016
701
42
0
පසුගිය අගෝස්තු 29 දා අළුයම් යාමයේදී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හා එක් වන ජාඇල පිවිසුම් මාර්ගයේ මීටර් දෙසීයක් පමණ ගිය තැන මාරක මෝටර් රථ අනතුරක් සිදුවිය. එම අනතුරින් සචිත්ත සහ අරුණ චමීර යන අවුරුදු විසි ගණන්වල මුල් හරිය පසු කරමින් සිටි තරුණයන් දෙදෙනකු එතැනම මරු මුවට පත්වූ අතර තවමත් පාසල් සිසුවකු වන සඳරු නමැති තරුණයා බරපතළ තුවාල ලැබිය. මෙහිදී රිය පැදවූ බව පැවසෙන සචිත්ත දක්ෂතම රියැදුරකු සේම ජපානයේ මෝටර් රථ සමාගමක සේවය කළ තාක්ෂණ වේදියෙක් ද වෙයි. එමෙන්ම ඔහු තම තාක්ෂණික දැනුම යොදාගෙන ඔහු පසු කාලයේ නවතම ආකාරයක යතුරු පැදියක් ද නිර්මාණය කොට තිබිණ. ප්‍රදේශ වාසීන් බලවත් කම්පාවට පත් කළ මෙම සිදුවීමත් සමග එම අනතුර වූ ස්ථානය සම්බන්ධ විවිධ මතිමතාන්දර ජාඇල හා ඒ අවට ප්‍රදේශවාසීන් අතර පැතිර යමින් පවතී. ඒවා මගින් පැවසෙනුයේ 2013 වසරේ ඔක්තෝබර් 25 දින මෙම අධිවේගී මාර්ග පිවිසුම විවෘත වූ පසු මෙම ස්ථානයේදීම වරින්වර මිනිස් ජීවිත නවයක් රථ වාහන අනතුරුවලට බිලි වූ බවකි.

ඊට හේතුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හරහා වැටී ගත් පමුණුගම - ජාඇල මෙම පිවිසුම් මාර්ගයේ දී වාහන රියැදුරන් හමුවේ හිටිහැටියේ එක්තරා අද්භූත ගැහැනු රුවක් දර්ශනය වීම යැයි ද කියනු ලැබේ. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම අනතුරු දාමයේ ඇරඹුම වී ඇත්තේ 2014 වසරේ මැයි මස විසි පස්වනදා පෙරවරු 7.15ට මෙම ප්‍රදේශයේ ක්‍රිෂ්ණම්මා නම් පනස් අට හැවිරිදි කාන්තාවක මෝටර් රථයකට යටවී මිය යාමත් සමගිනි. විවිධ රිය අනතුරු මගින් මෙම ස්ථානයේදීම පුද්ගලයන් නව දෙනකුම මරුමුවට පත්වී ඇත්තේ ඉන්පසුවය. එහෙත් ඒවා රථ වාහන එකි’නෙක ගැටීම නිසා සිදු වූ අනතුරු නොවේ. මෙම පිවිසුම් මාර්ගය ඔස්සේ පමුණුගම දෙස සිට ජාඇල දෙසට එන වාහන හිටි හැටියේ පෙරැලී යාමෙන් සහ මග දෙපස ඇති මුතුරාජවෙල වගුරු බිමට පෙරැලී එරී යාම නිසාය. ඒ අනුව මෙම අනතුරුදාමය ලක් වී දිවි ගලවා ගත් එක් අයකු හෝ සිටීදැයි අප විසින් කළ විමසුමකදී එම ස්ථානයේදී එවන් අනතුරකට ලක්වූ ජාඇල නගරයේ ත්‍රිරෝද රථ රියැදුරු ‘ජයන්ත’ අපට හමුවිය. ඔහු අප හා කීයේ මෙවන් කතාවකි.

“මම පහුගිය අගෝස්තු හත්වෙනිදා පාන්දර දෙකට තුනට විතර බෝපිටිය පැත්තේ ඉඳලා මේ පාර දිගේ ජාඇල පැත්තට එමින් හිටියා. ඔය කියන තැනට එනකොටම මම දැක්කා පාර අයිනේ පෙව්මන්ට් එකේ සුදු පාට ගෑනු රූපයක් තියනවා. ඒ වෙලාවේ පාරේ අනික් පැත්තෙන් පමුණුගම පැත්තට මෝටර් සයිකලයකුත් යමින් තිබුණා. කොහොම හරි මම මේ ගෑනු රූපය ළඟට ළංවෙන කොටම වාහනයට අඩි කීපයක් තිබියදී මේ ගෑනු රූපය පාර මැද්දෙන් හිට ගත්තා. එතකොටම මම පුළුවන් තරම් වේගයෙන් හැඬල් එක කැපුවා විතරයි මතක එතකොටම වාහනේ කවුරු හරි අල්ලා ගන්නා වගේ දැනුණා. ඒ එක්කම වාහනේ නතර වුණේ වට තුනක් කරකැවිලා. නමුත් හැඬල් එක අත හැරියා නම් මමත් අද ජීවතුන් අතර නැහැ”
මේ අතර එම ප්‍රදේශය ආසන්නයේ ඇති රණහංසගම, සුදුවැල්ල ආදී ප්‍රදේශවල ගම්මුන් පවසනුයේ මෑතක සිට මෙම අනතුර සිදුවූ ස්ථානය අවට වගුරු බිම්වලින් රාත්‍රී කාලයන් තුළ මීට පෙර නෑසුණු අමුතු සතුන්ගේ හඬවල් ඇසෙන බවය.
ඉහත සඳහන් අද්භූත ගණයේ සිදුවීම්වල පූර්වාපර සන්ධි ගැළපීමට අපට නොහැක. එමෙන්ම මේවා සම්බන්ධයෙන් මියගිය හෝ දැනට ජීවතුන් අතර සිටින කිසිවකුගේ නම් සම්බන්ධ කිරීම ද ‘තකතිරු’ කමකි. ඒ කෙසේ හෝ රාත්‍රී කාලයට මෙලෙස මහා මාර්ග අද්දර දර්ශනය වන බව පැවසෙන සුදු නෝනාගේ අවතාරය (white lady ghost) ලොව පුරාම මහා මාර්ග ආශ්‍රිතව රාත්‍රී කාලයට දක්නට ලැබෙන බවට වාර්තා තිබේ.
සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමේ වැඩි සම්භාවිතාවක් පවතින මෙවන් ඉසව් නිරීක්ෂණය කොට එම ස්ථාන මහා මාර්ග ඉංජිනේරුවන්ගේ විශේෂ පරීක්ෂාවන්ට ලක් කෙරේ. ඒ එම අනතුරේ ස්වභාවය සීසීටීවී කැමරා මඟින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. එහෙත් එසේ එම මාර්ගය පරීක්ෂා කිරීමෙන් එම අනතුරු සිදුවීමේ විශේෂ හේතුවක් සොයා ගත නොහැකි වූ විට අතිරේක ගවේෂණ කණ්ඩායම් මගින් එම ස්ථාන නිරීක්ෂණය කරනු පිණිස තර්මල් ඉමේජින් කැමරා (Thermal Imaging Camara) ඉන්ෆරෙඩ් තර්මෝග්‍රැෆි කැමරා (Infra red Thermography Camara) ආදී වශයෙන් වන විශේෂිත ස්වයංක්‍රීය කැමරා උපකරණ පද්ධති සවිකළ අවස්ථාවන් තිබේ. එසේ සවි කෙරුණු ඇතැම් අවස්ථාවන්හිදී ඒවායේ හඳුනා ගැනීමට සහ තේරුම් ගැනීමට නොහැකි විවිධ රූපතල සටහන් වූ බවද අනාවරණය වී තිබේ. ඒ තත්ත්වය කෙසේ වුවත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මෙම අනතුරුදාමය සිදුවූ ස්ථානයේ අදටත් අඩුම තරමින් සාමාන්‍ය සීසීටීවී කැමරා පද්ධතියක් වත් ක්‍රියාත්මක නොවන බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසුම්වල දී අනාවරණය කර ගැනීමට අපට හැකිවිය.
 
  • Like
Reactions: richlife

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Mama eka dawasak Lagoon eka gawa nawaththala Selfyak gatta, eketh gaaniyek wadila tibba mage piti passen:sorry::sorry::nerd:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    paara depatte mokak hari jaraaa gemak yanawa. Minissu bayakarala etana wade goda daaganna plan ekak me yanne.

    හ්ම්ම්ම්.. :yes:
    මේවගේ සීන් නම් වෙනව තමයි.. හොල්මන් සීන් මවල පෙන්නලා පාරවල් පාලුවට ඇරල එක එක නොසන්ඩාල වැඩ කරන් උන් ඉන්නවා..:yes:

     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    habay kiwwath wage oya paththe okkoma wenne single vehicle accidents. pandara whana enneth high speed ekakin ne.

    ara kollo dennek maruna seen eke injured wela beruna eka mukuth dakala nedda?