නායක හිමිට මුස්ලිම් අන්තවාදීන්ගෙන් මරණ ත
මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්වී යැයි පසුගිය දිනවල බොහෝ කථා බහට ලක්වූ නැගෙනහිර පලාතේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ ගරු ලොකු ස්වාමින් වහන්සේ මුණගැසුණු අප වාර්තාකරුට එම සිදුවීමට අදාල බොහෝ තොරතුරු ලබාගත හැකිවිය. එම සිදුවීම උඩුයටිකුරු කරමින් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ආරණ්‍ය විසින් අල්ලාගෙන ඇති බවට වන මතයක් ද සමාජගත කිරීමට ප්‍රතිවිරුද්ධ පාර්ශව විසින් උත්සාහ ගනිමින් සිටින මෙවන් මොහොතක අරිසිමලේ සෙනසුනාධිපති උතුරු මැද නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක, පනාමුරේ තිලකවංශ හිමියන් විසින් දැක්වූ අදහස් අප මෙසේ ඔබ වෙත ගෙන එන්නේ මෙහි සත්‍ය අසත්‍ය කුමක්දැයි තෝරාබේරා ගැනීමට උපකාරයක් වශයෙනි.
අරිසිමලේ සෙනසුනාධිපති, උතුරු මැද නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක, පනාමුරේ තිලකවංශ හිමි
නාහිමියන් සඳහන් කරන ආකාරයට සිදුවීම සැකෙවින් මෙසේය.
1980 අවදිය වනවිට මෙම ආරණ්‍ය සෙනසුනේ වැඩසිටි වර්තමාන නාහිමියන්ගේ ගුරු හිමියන් වහන්සේට තවදුරටත් යුධ සමයේ පැවති බිහිසුණු තත්වය හේතුවෙන් මෙම ආරණ්‍ය භූමිය අත්හැර යාමට සිදුවිය. යුද්ධයේ නිමාවත් සමග 2010 දී පමණ ගුරු හිමියන් විසින් විසින් තම ශිෂ්‍ය නමක්වූ පනාමුරේ තිලකවංශ හිමියන්ට මෙම ආරණ්‍ය භාරදෙන ලදී. ඉන්පසුව දිගටම එහි වැඩසිටි උන්වහන්සේ පවසන පරිදි, සුනාමි සමයේදී මෙම ආරණ්‍ය භූමිය තුල නිවාස කිහිපයක් අනවසරයෙන් ඉදිකර ඇති අතර තමන් ආරණ්‍ය භාරගැනීමෙන් පසු ආරණ්‍ය භූමියේ පුරාවිද්‍යා වටිනාකමිනින් යුත් ප්‍රදේශය මැනීම් කටයුතු සිදුකර නිරවුල් කරගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කලත් එම අවස්ථාවලදී ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් වන අන්වර් නැමැත්තෙක් ප්රමුඛ මුස්ලිම් අන්තවාදී පිරිස් මැනීම් කරන්නට ආ නිලධාරීන්ට බාධා එල්ල කිරීම නිසා එය සිදුකිරීමට නොහැකිවී ඇත.
බෞද්ධ පුරාවස්තු වලින් ගහණ වූ ආරණ්‍ය භූමිය උන්වහන්සේගේ බලවත් ඉල්ලීම් හා උනන්දුකිරීම් මත බලධාරීන් විසින් ගැසට් කරන්නටද කටයුතු කර ඇත. අදාල අනවසර ඉදිකිරීම් වලටද කිසිවෙකු අයිතිවාසිකම් නොකී බැවින් සහ ඒවා ආරණ්‍ය භූමිය තුල පිහිටා ඇති බැවින්, දිසාපතිවරයාගේ අවසර මත, උන්වහන්සේ විසින් ඉන් එක් ඉදිකිරීමක් දාන ශාලාවක් ලෙස වැඩිදියුණුකිරීම් කරන්නට කටයුතු කර ඇත.
ඉන්පසු මෑත කාලයකදී එක් රාත්‍රියක එම ඉදිකිරීම තුල බලහත්කාරයෙන් පවුලක් පදිංචියට පැමිණ ඇති අතර එහි හිමිකම් කියන්නට ඔවුන් සතුව කිසිදු නීත්‍යානුකූල පැහැදිලි ලියකිවිල්ලක් තිබී නැත. මේ පිලිබඳ අදාල බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු සිද්ධිය සමථයකට පත්වන තුරු අදාල නිවාසය නාවික හමුදා භාරයට පත්කර ඇත. එහෙත් නැගනහිර පළාත්සභා මන්ත්‍රී අන්වර් නැමැත්තාගේ සහ ප්‍රදේශයේ අන්තවාදීන්ගේ බලපෑම් මත ඔවුන් දිගින් දිගටම එහි අයිතිවාසිකම් කියූ බැවින් සිද්ධිය සමථයකට පත්වීම පිණිසත්, දිගින් දිගටම සිදුවන ආක්‍රමණය නවතා ආරණ්‍යයේ ඉතිරි භූමිය හෝ නිරවුල් කරගැනීමට ඇති අවශ්‍යතාවය මත නාහිමියන් එම නිවස ඔවුන්ට දීමට එකඟ වී ඇති අතර දිසාපතිවරයා විසින් දාන ශාලාවක් බවට වැඩිදියුණු කිරීමට ආරණ්‍යයේ දායකයන් විසින් සිදුකල ඉදිකිරීම් සහ උපකරණ නැවතත් ලබාගැනීමට ලිඛිත අවසරයක් උන්වහන්සේලාට ලබාදී ඇත. (එම ලිපිය පහතින් දැක්වේ) එහෙත් මුස්ලිම් අන්තවාදී පිරිස් එම භාණ්ඩ ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත. පොලිස් ආරක්ෂාව යටතේ හෝ එය සිදුකිරීමට ඔවුන් ඉඩදී නැති අතර ආරණ්‍ය සතු භාණ්ඩ ඉවත්කර ගැනීමට ගිය තරුණ පිරිස් වලට අන්තවාදී පිරිස් විසින් පොලු වලින් පහරදී ඇත. එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට, විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට මෙන්ම ස්වාමින් වහන්සේලාට ද ඔවුන් පරුෂ වචනයෙන් බැන වදිමින් මරණ තර්ජනය එල්ල කර ඇති අතර සිදුවීම සැලවීමෙන් පසුව ත්‍රිකුණාමලයෙන් හා කොළඹින් පැමිනි තරුණ බෞද්ධ පිරිස් එක්ව අදාල සඟසතු දේපල නිවසෙන් ඉවත්කර ගැනීමට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කටයුතු කර ඇත. නමුත් සිද්දියෙන් පසුව ආරණ්‍යයේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත තර්ජන වැඩිවී ඇත. එක් වරක් මුස්ලිම් පිරිස් මග රැකසිට ලොකු ස්වාමින්වහන්සේගේ රථය නවතා ඇත. එම අවස්ථාවේ උන්වහන්සේ රථයතුල වැඩහිද නොමැති අතර එහි වැඩසිටි අනෙකුත් භික්ෂුන් වහන්සේලාට පිරිස තර්ජනය කර ඇත. මෙම තර්ජනයට බිය වූ කුඩා භික්ෂුන් වහන්සේ නමක් ආරණ්‍යය හැර දා එදිනම තම නිවස බලා පිටත්ව ගොස් ඇත.
දිගින් දිගටම මුස්ලිම් අන්තවාදීන්ගෙන් එල්ලවන තර්ජන හමුවේ උන්වහන්සේලාගේ ජීවිත පිළබඳව ද කිසිදු විශ්වාසයක් නොමැති බවත් ස්වාමින් වහන්සේලා කිහිප නමක් අපවත් වන තුරු නොසිට මේ අන්තවාදී ගැටලුවට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා මෙන් තිලකවංශ හිමියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී අතර පසුගිය සමයේ විහාර භූමියේ තිබූ බුදුපිලිම වහන්සේලා පවා කුඩුකර දමන්නට මුස්ලිම් අනත්වාදීන් ක්‍රියාකර තිබු බවත් ඒ සම්බන්ධව පැමිණිලි කිරීමේ වරදට අද වනවිට තමන්ට අධිකරණ තුල රස්තියාදු වීමට සිදුව ඇති බවත් තිලකවංශ හිමියන් අප සමඟ සඳහන් කර සිටියේ ය.
ලෝක ජනගහණය හා සැසදීමේදී ඉතා කුඩා ප්‍රමාණයක්ව ඇති සිංහල බෞද්ධයන්ට ඇති එකම රට මෙය බවත් නිර්මල බුදුදහම අතීතයේ සිට රැකගෙන ආ සිංහලයන්ට ඒ වගකීම ඉදිරියටත් ඉටුකරන්නට වගකීමක් පැවරී ඇති බවත්, මුස්ලිම් හෝ වෙනත් ජාතියක් විසින් බුද්ධාගම රැකගන්නට කටයුතු නොකරන බැවින් නිර්මල ධර්මයේ අගය වටහාගත් අප විසින් දිවිහිමියෙන් බෞද්ධ සිද්ධස්ථාන අන්‍යාගමික ආක්‍රමණ වලට යටවන්නට නොදී ඉදිරියටත් කටයුතු කරන බවත් අසිරිමල ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ හිමියන් අප සමඟ සඳහන් කර සිටියේ සුසුමක් පිටකරමින්ය.
අරිසිමලේ වෙරළේ සැඟවුණු බොදු උරුමය
අතීතයේ ගෝකන්න තොටුපොළ ලෙසින් හැඳින්වූ ත්‍රිකුණාමලය සැඟවුණු ලාංකික බොදු උරුමයන් රාශියකට උරුමකම් පවසන ප්රදේශයකි. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබැයන් ගේ පැමිණිමේ සිට දිගු ඉතිහාසයකට නැකම් පවසන මේ ප්‍රදේශය පඬුවස්දෙව්, භද්ද කච්චායනා, මහසෙන්, 5 වන අග්බෝ, දුටුගැමුණු ආදි විවිධ රාජධානින්ට අයත් විවිධ රජවරුන්ගේ අවධානය ලක්වු සුවිශේෂ ප්‍රදේශයක් විය. මේ හේතුකොට ගෙන ප්‍රදේශය පුරා ඉතා විශාල බෞද්ධ සිද්ධස්ථාන රාශියක් පැවති අතර අද වනවිට එවැනි නටබුන් සහිතව හඳුනාගෙන ඇති ස්ථාන ගනන 74 කි. තහවුරු කර ගැනීමට ඇති ස්ථාන තවත් බොහෝය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුල්මුඬේ ග්‍රාම නිලධාරි වසමේ අරිසිමලේ වෙරල තීරයට මුහුනලා පිහිටි පුරාණ අසිරිකන්ද රාජමහා විහාරය එලෙස නටබුන් වී ගිය තවත් එක් සමුද්‍ර විහාරයකි. බුදුන් සරන ගිය පලමු උපාසකයන් දෙදෙනා වන තපස්සුභල්ලුක වෙළෙඳ දෙ බෑයන් තථාගතයාණන් වහන්සේගේ කේශ ධාතු රැගෙන යාත්‍රා කරමින් සිට ගොඩබැසි ස්ථානය මෙම අරිසිමලය තොටුපොළ බවට හඳුනාගෙන ඇත.