අර්ජුන් මහේන්ද්‍රන්ගේ ලාභය හා රටේ අලාභය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    අර්ජුන් මහේන්ද්‍රන්ගේ ලාභය හා රටේ අලාභය

    dCf5h4K.jpg

    අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය සියයට 434කින් වැඩී වි තිබෙන බව ඔවුන් විසින් ම ප්‍රකාශිත මූල්‍ය දත්තවලට අනුව දැන් හෙළි වී තිබේ. මේ වසරේ මාර්තු දක්වා සමාගමේ ලාභය පමණක් රුපියල් බිලියන 5.1ක් හෙවත් ලක්‍ෂ 51000ක් තරම් අති විශාල මුදලකි. ගෙවුණු මාස කීපය තුළ එය තවත් වැඩි වී තිබීම අනිවාර්යකි. ඊට පෙර වසරේ එය හුදු මිලියන 767ක් විය.

    පර්පර්චුවල් ට්‍රෙෂරීස් යනු පසුගිය සමයේ බැඳුම්කර මගඩියට සම්බන්ධ මතභේදාත්මක සමාගම ය. රනිල් වික්‍රමසිංහගේ අතිජාති මිත්‍ර අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ අධිපති ව සිටි කාලයේ දෙවරක් ම සිදු වූ ඉහත වංචාව ලංකා ඉතිහාසයේ විශාලතම මගඩිය ලෙස සැලකේ. මෙහි විශේෂය වන්නේ අදාළ මගඩියෙන් වන පාඩුව වසර 30ක් තරම් අනාගතයට ද විහිද යෑම ය. මේ අතර, මහේන්ද්‍රන් මහතා දැන් වත්මන් ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රධානියා වේ. සියළු ආර්ථික තීරණ ගැනෙන්නේ ඔහු හා මලික් සමරවික්‍රම හරහා ය.

    ප්‍රාථමික බැඳුම්කර ගැණුම් සමාගමක් වන පර්පචුවල් සමාගම වැඩිම ලාභ උපයාගෙන ඇත්තේ ප්‍රාග්ධන ලැබීම්වලින් බව ද වාර්තා වේ. ඉහළ පොළියක් සහිත කාලයක බැඳුම්කරයක මිල පහළ යන අතර එහි දී ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් අඩු ඒකක මිලකට විශාල බැඳුම්කර ප්‍රමාණයක් මිළට ගෙන පසුව ඒවා ලාභයක් සහිත ව ද්විතීයික ගැණුම්කරුවන්ට යළි විකුණනු ලැබේ. බැඳුම්කර ගණුදෙනුවේ ස්වභාවය වන්නේ පොලී අනුපාත පහළ යන විට බැඳුම්කර මිළ ඉහළ යාම වන අතර පොලී අනුපාත ඉහළ යන විට බැඳුම්කර මිළ පහළ වැටීම ය. ව්‍යාජ ඉහළ පොලී අනුපාතයක් නියම කොට බැඳුම්කර මිළ කෘතිම ලෙස පහළ යැවීමට සලස්වා හරහා මගඩියක් කිරීමේ විශාල හැකියාවක් ඇත. ඇත්තට ම අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදුවූයේ ද එය ම ය. ස්වභාවික පොලී අනුපාත 8 දශම ගණනක තිබිය දී පර්පර්චුවල් සමාගමට ඒවා විකුණා තිබුණේ 11.28ක් වැනි ප්‍රමාණයකට ය. මේ අනුව, ද්විතීයික ගැණුම්කරුවන්ට තම බැඳුම්කර විකිණීමෙන් විශාල ලාභයක් උපයා ගැනීමට ඉහත සමාගමට හැකිවූවාට සැක නැත. ඔවුන්ගේ ලාභාංශ සියයට 400 ඉක්මවා ඉහළ ගියේ එහෙයිනි.

    රටේ ආර්ථික අර්බුදයේ මුල සොයන්නෙකුට ඒ පාදා ගැනීම දැන් ඉතා පහසු ය. දුර්වල ආර්ථික කළමනාකරණ මතට රජයට රුපියල් කෝටි 6000කට ආසන්න පාඩුවක් සිදුකළ බැඳුම්කර මගඩිය පතිත වීම ගැන මදක් සිතා බලන්න. එහි ප්‍රතිඵලයක් ලෙස මෙන් ම විදෙස් ආයෝජන රටින් බැහැර යාමෙන් රුපියල කඩාවැටීම සීග්‍ර ලෙස සිදු වූ අතර ඒ හරහා ආනයන භාණ්ඩ මිළ ඉහළ යාම හා ‍ඩොලර්වලින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ද සීඝ්‍ර ලෙස ඉහළ ගියේ ය. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පමණක් කිසිදු නව සංවර්ධනයක් නොකර තිබියදීත් වැඩි වූ විදෙස් ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 2500කට අධික ය. තවද මහින්ද රාජපක්‍ෂ විසින් ඩොලර් බිලියන 9කට නංවා තිබූ විදෙස් සංචිත එක් වරම බිලියන 2.5ට කඩා වැටුණේ මේ හේතුව නිසා ය. මේ අනුව, ණය හා ආනයන සඳහා වැඩි වැඩියෙන් ඩොලර් යෙදවීමට ආණ්ඩුවට සිදුවිය. යාන්තම් හෝ රටේ ආර්ථිකය පණ අදිමින් හෝ තිබෙන්නේ අන් හේතුවක් නිසා නොව ලෝක වෙළඳපලේ බොරතෙල් මිිළ පහළ බැස තිබෙන නිසා ය. වැට්බදු වැඩිකිරීම වැනි ජනපීඩක ක්‍රියාමාර්ග හරහා රටේ ජනයා පිට පටවන්නේ මේ මහා ඛේදවාචකයේ විපාක හැර අන් කවරක් ද? මේ දේශපාලන ප්‍රශ්නයක් ද?

    සිතා බලන්න.

    -Facebook, Economynext
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    මුන් ලක්ස 51000 ලාබ ගත්තේ ජනතාවගේ සල්ලි වලිනි. ඒ ණය ගෙවන්නේ අපි. අර්ජුන කියන පකය ලංකාවේ එකෙකුත් නෙවි ද කොහෙද
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මුන් ලක්ස 51000 ලාබ ගත්තේ ජනතාවගේ සල්ලි වලිනි. ඒ ණය ගෙවන්නේ අපි. අර්ජුන කියන පකය ලංකාවේ එකෙකුත් නෙවි ද කොහෙද

    Uba UNP NEDA :P:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    මුන් ලක්ස 51000 ලාබ ගත්තේ ජනතාවගේ සල්ලි වලිනි. ඒ ණය ගෙවන්නේ අපි. අර්ජුන කියන පකය ලංකාවේ එකෙකුත් නෙවි ද කොහෙද

    සිංගප්පූරුවෙ සිටිසන්ෂිප් තියෙන එකෙක් නේ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    I think he and his company donated lot of money for election. Also during the election time, politicians went to Singapore and had many discussions. May be he supported these things as well

    So current government to help him and the company

    This is my guess

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කරුමපයියටත් ඕකෙන් කොටසක් යන්න ඇති. මීයක් කඩන්නෙ අත ලෙවකන්නද බන්?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    කරුමපයියටත් ඕකෙන් කොටසක් යන්න ඇති. මීයක් කඩන්නෙ අත ලෙවකන්නද බන්?

    meka dakkda?

    Lankadeepa

    ලයන් බෲවරි සිලෝන් ලිමිටඞ් සමාගම ඇතුළු බීර සමාගම් 4කට රුපියල් කොා්ටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ඔක්තොබර් 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් ඇමැති රවි කරුණානායක, රේගු අධ්‍යක්ෂක ජනරාල් , මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 14 දෙනකුට නියම කරමින් අභියාචානාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය.
    මාස හතරක රේගු බදු සහන ලයන් බෲවරි සමාගමට ලබාදීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් ඊයේ (27* සලකා බලමින් අභියාචනාධිකරණය විසින් මෙලෙස නොතීසි නිකුත් කැරිණි.
    අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවිණි.
    අගලූගල්ලේ ශ්‍රී ජිනානන්ද ,රත්ගම සුමංගල ,බියගම සුසීල ,උඩගෝමනියේ රතනවංශ යන භික්ෂූන්වහන්සේලා සය නමක් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූහ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ

    කරුමපයියා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙනසක්නේ ඕන කීවේ...
    ඔය තියෙන්නේ සැබෑ වෙනසක් නේවේද?...
    ඒ කියන්නෙ යහපාලනෙන් තව එකෙක් ගොඩ ගියා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද *න්නය අමු හොරා, ඔකෙන් කොමිස් එක කීයක් හම්බෙනව්ද දන්නෙ නැ.වද *න්නය අමු හොරා ඔකෙන් කොමිස් එක කීයක් හම්බෙනව්ද දන්නෙ නැ.