2016/10/19 බදාදා

50W

Member
Aug 23, 2016
49
6
0
38
හෝල්ඩරේ
පොද වැටිල වැටිල ඊයෙ හවස හෙන ගගහ වැස්සා.
කුමාර නියරවල් මඩ තියල තියෙන්නෙ ඊයෙ ඔක්කොම වැස්සට හෝදං ගිහිං 3000කට වඩා වියදං වුනාලු බොන්න දෙන්නයි නියරවල් මඩ තියපු උන්ට වැඩ කුලිය දෙන්නයි. ඔක්කොම වතුරෙ.
මහ ඇල ගාව කමතෙ තිබ්බ පොල් ගහකට ඊයෙ හවස අකුනක් ගහල. සෝමෙ බේරගත්ත වැස්සි ඒ පොල් ගහේමයි බැදල ඉදල තියෙන්නෙ. සෝමය ඌව ලෙහාගෙන ගිහිං විනාඩි 10ක් යන්න හම්බෙලා නෑ අකුන ගහල. වැස්සිගෙ වෙලාව. ඉන්න පින තියෙනව නං හෙන ගහන්නෙත් වෙලාව බලල.

එලකිරිය වෙනස් වෙලා.
 

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සෝමය ඊයෙ මහ දාබ වැස්සෙ අපේ දිහත් ආව හරකව හොයන්. හන්බෙලද හරකව ?
     

    50W

    Member
    Aug 23, 2016
    49
    6
    0
    38
    හෝල්ඩරේ
    සෝමය ඊයෙ මහ දාබ වැස්සෙ අපේ දිහත් ආව හරකව හොයන්. හන්බෙලද හරකව ?

    මොන හරකද ? උට ඉන්නෙ එක වැස්සියයිනෙ. ඌ මං අද උදේ යද්දි වත්තෙ ගැටගහල හිටිය.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මොන හරකද ? උට ඉන්නෙ එක වැස්සියයිනෙ. ඌ මං අද උදේ යද්දි වත්තෙ ගැටගහල හිටිය.

    වැස්සිට තමා බන් වැර්දිල හරක කිය උනේ. එහෙනන් හම්බෙන්ඩ ඇති. කම්බේ කඩන් ගිහින් කියල ඊයේ ගම පුරා හෙව්ව දබ වැස්සෙ