දි_ඩාර්ක්_ක්නයිට්_රයිසස් ගැන නොදත් කරුණු
"දි ඩාර්ක් ක්නයිට් රයිසස්" චිත්‍රපටය ගැන නොදත් කරුණු
බැට්මෑන් චිත්‍රපට වලින් වැඩිම ජනතා ප්‍රසාදයට හා මූල්‍යමය සාර්ථකත්වයට පත්වුන ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අධ්‍යක්ශණයෙන් බිහිවුන
දි ඩාර්ක් ක්නයිට් චිත්‍රපට ත්‍රිත්වයේ "බැට්මෑන් බිගින්ස්" හා "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපට ගැන නොදත් කරුණු ඉදිරිපත් කල නිසා එහි අවසාන පරිච්ඡේදය වන "දි ඩාර්ක් ක්නයිට් රයිසස්" චිත්‍රපටයෙ නොදත් කරුණු කීපයක් ගැනයි මේ ත්‍රෙඩ් එක.
මේ ත්‍රෙඩ් එක පළකරන දිනට IMDB ශ්‍රේණිගතකිරීම් වලට අනුව 10න් 8.4 ක ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන එදා මෙදා තුර බිහිවුන ලොව හොඳම චිත්‍රපට අතර 62වෙනි ස්ථානය ලබාගෙන තියෙන්නෙ "දි ඩාර්ක් ක්නයිට් රයිසස්" චිත්‍රපටයයි.
මේ වෙනකන් "දි ඩාර්ක් ක්නයිට් රයිසස්" චිත්‍රපටය බලල නැත්නම්, මේ ත්‍රෙඩ් එක ඉදිරියට කියවන එක පොඩ්ඩකට කල් දාල ෆිල්ම් එක අනිවාර්යයෙන් බලල ඉන්න වෙනව.
එහෙම නැත්නම් මේ කරුණු ගැන වැඩි අවබෝධයක් ලැබෙන එකක් නෑ.
ටොරන්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එක.
https://yts.ag/movie/the-dark-knight-rises-2012
1. ක්‍රිස්ටෝෆර් නෝලන් ප්‍රකාශ කරන විදියට "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපට ත්‍රිත්වයේම, එක් එක් චිත්‍රපටයට අනන්‍යවූ හුදු මානුශික හැගීමක් තේමා කරගන්නව.
"දි ඩාර්ක් ක්නයිට් රයිසස්" චිත්‍රපටයට තේමාව වෙන්නෙ "වේදනාව".
මෙම චිත්‍රපටයේ ප්‍රධාන සතුර වෙන "බේන්" බැට්මෑන්ව පරාජය කරන්නට හැමවිටම යොදාගන්නෙ බෘස් වේන්/ බැට්මෑන් ගෙ ජීවිතයේම අතීතයේ සිදුවුන අතපසුවීම්, වැරදි හා තීරණ නිසා ඔහු වර්තමානයේ සිටින "වේදනාව".
මේ විදියටම "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටයෙදි "ව්‍යාකූලත්වය"ත්, "බැට්මෑන් බිගින්ස්" වල "බය"ත් තේමා වෙනව.
2. චිත්‍රපටය ප්‍රදර්ශනයට අවුරුද්දකට විතර කලින් නෝලන් ප්‍රකාශ කරල තියෙනව, පරිගණක සජීවීකරණය (CGI) හා "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටයේ සංස්කරණයේදී ඉවත්කල දර්ශන (Deleted Scenes) යොදාගෙන
"දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටයේ සතුරා වුන මියගිය හීත් ලෙජර් විසින් නිරූපණය කළ "ජෝකර්" නැවතත් "දි ඩාර්ක් ක්නයිට් රයිසස්" චිත්‍රපටයෙ දර්ශන කීපයකට යොදාගන්න,
නමුත් එය හීත් ලෙජර්ට කරන අගෞරවයක් ලෙස හැඟුන නිසා ක්‍රිස්ටෝෆර් නෝලන් ඒ අදහස පසුව අත්හරිනව.
3. "බේන්" ලෙස රඟපාන සුපිරි නළු ටොම් හාඩි වරක් සම්මඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කරල තියෙනව ඔහුට රූගත කිරීම් වලදි කරන්න අමාරුම වුනේ බැට්මෑන් එක්ක තිබුන සටන් ජවනිකා කියල.
හැබැයි ඒකට හේතුවෙල තියෙන්නෙ බැට්මෑන්ගෙ ශක්තියවත් බේන්ට ඒ පහරදීම් වලට ලක්වෙන්න තියෙන දුර්වලකමවත් නෙමෙයි,
ඒකට හේතුවෙලා තියෙන්නෙ ටොම් හාඩි සැබෑ ජීවිතයේදි බැට්මෑන් කියන සුපිරි වීර චරිතයට දැඩිලෙස ආදරය කරන කෙනෙක් නිසා , ඔහුට ඒ සටන් ජවනිකා වලදි දැනිල තියෙන්නෙ තමන් තමන්ගෙ කූඩා අවදියෙ වීරයට පහරදෙනව වගේ කියල.
නමුත් ඔහු බැට්මෑන්ට මේ තරම් ආදරය කලත්, බැට්මෑන්ට විරුද්ධව සටන් කරන්න කිසිසේත්ම හිත්නොදුන්නත්, අධ්‍යයක්ශක ක්‍රිස්ටෝෆර් නෝලන් "ඇක්ශ.........න් " කියල කෑ ගහපු ගමන් ඒ හැමදේම අමතක කරල පුලවන් උපරිම ශක්තිය යොදල පහර දුන්නලු.
4. "ජේම්ස් ගෝඩන්" ලෙස රඟන ප්‍රවීන නළු ගැරී ඕල්ඩ්මන් ප්‍රකාශ කරල තියෙන විදියට චිත්‍රපටයේ කථාව මාධ්‍යයට දැනගැනීමට තියෙන අවස්ථාව අඩුකරන්න ක්‍රිස්ටෝෆර් නෝලන් කථාවේ අවසානය පිටපතේ ලියල නෑ, ඒ වෙනුවට කථාවේ අවසානය රංඟන ශිල්පීන්ට වාචිකව පමණයි දැනුම් දීල තියෙන්නෙ.
5. පෙර දැනුම්දීමකින් තොරව සංකීර්ණ සටන් දර්ශන පුහුණුවීම් වලට සහභාගි වීමට හා ඔහු කැමති උපකරණ එක්ක කාලය ගතකරන්න අවස්ථාව ලැබෙනව කියල වාචිකව දැනුම්දුන් පමණින්ම නළු ටොම් හාඩි පිටපත කියවන්නෙවත් නැතුව "බේන්" චරිතය ඉදිරිපත්කරන්න එකඟ වෙනව.
6. "කැට්වුමන්" ලෙස රඟන ඔස්කාර් සම්මානලාභී සුරූපී නිළි ඇනා හැතවේ තිර පරීක්ෂණයෙන් පස්සෙ හිතාගන්න බැරි තරම් බලාපොරොත්තුවකින් ඉදල තියෙන්නෙ මේ චරිතය ඇයටම ලැබෙයි කියල.
ඉතින් මේ තිර පරීක්ෂණයෙන් පස්සෙ ඇයගෙ නියෝජිතවරය ලබාදුන්න පලමු දුරකථන ඇමතුමේදි ඇයගෙන් අහල තියෙනව,
"සුබ පණිවිඩයක් කියන්න තියෙනව, ඔයා නිදහසේ ඉඳගෙන නේද ඉන්නෙ?" කියල,
මෙහෙම කිව්ව ගමන් ඇනා සතුටින් "මම කැට්වුමන්...." කිය කිය කෑ ගගහ කාමරේ වටේම දුවල පිස්සුවෙන් වගේ.
නමුත් අවාසනාවන්ත විදියට නියෝජිතවරයට ඇයව සන්සුන් කරවන්නට වුනාලු , මොකද ඔහු කතා කරල තියෙන්නෙ ඇයට ඔස්කාර් සම්මාන පිලිගන්වන්නට ලැබිල තියෙන ආරාධනාවක් ගැන දැනුවත් කරන්න.
මේ ඇමතුමෙන් බොහොම ටික වෙලාවකට පස්සෙ නැවතත් නියෝජිතවරය ඇමතුමක් දීල තියෙනව ඇනා බොහොම බලාපොරොත්තුවෙන් හිටිය කැට්වුමන් චරිතයට ඇයව තෝරගෙන කියල කියන්න.
7. ටොම් හාඩි (උස 5' 9" ) ට බේන් චරිතය නිරූපණය සදහා ක්‍රිස්ටියන් බේල් (උස 6') , මෝගන් ෆ්රීමන් (උස 6'1") , සර් මයිකල් කේන් (උස 6') වැනි තමන්ගෙ සහය නළුවන්ට සමාන හෝ වැඩි උසක් ලැබෙන විදියට අඟල් 3ක් උසින් වැඩි පාවහන් පලදින්න සිදුවෙලා තියෙනව.
8. ටොම් හාඩි තමන්ගෙ චරිතය සඳහා රාත්තල් 30ක් බර වැඩි කරගන්නත් විශේෂ සටන් පුහුණුවීම් රාශියක් ලබාගන්නත් සිදුවෙලා තියෙනව.
9. හීත් ලෙජර්ට කරන ගෞරවක් විදියට "දි ඩාර්ක් ක්නයිට් රයිසස්" චිත්‍රපටයෙ කිසිම අවස්ථාවක ජෝකර් ගැන සඳහන් කරන්නෙ නෑ.
10. බැට්මෑන්/ බෘස් වේන් ලෙස චිත්‍රපට 3ක් සඳහා සහභාගි වෙන්න වාසනාව හම්බුන එකම නළුව ක්‍රිස්ටියන් බේල්.
11. "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපට ත්‍රිත්වයේ හැම චිත්‍රපටයක්ම ඊට පෙර චිත්‍රපටයට වඩා විනාඩි 12 කින් ධාවන කාලය වැඩී.
"බැට්මෑන් බිගින්ස්" විනාඩි 140ක ධාවන කාලයකුත්, "දි ඩාර්ක් ක්නයිට්" විනාඩි 152ක ධාවන කාලයක් හා "දි ඩාර්ක් ක්නයිට් රයිසස්" විනාඩි 164ක ධාවන කාලයකින් යුක්ත වුනා.
12. කැට්වුමන් චරිතයට සූදානම් වීම සඳහා ඇනා හැතවේට සතියට දවස් 5ක් බොහොම දුශ්කර ව්‍යායාම් වලටත්, සටන් හා නැටුම් පුහුණුවීම්වලත් නිරතවෙන්න සිදුවෙලා තියෙනව.
ඇනා ප්‍රකාශ කරල තියෙන විදියට ඇය කරපු වෙහෙසකරම චරිතය කැට්වුමන්.
13. ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යයක්ෂණය කල "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපට ත්‍රිත්වයෙන් ඔස්කාර් එහෙමත් නැත්නම් ඇකඩමි සම්මාන සඳහා නොතේරුනු එකම චිත්‍රපටය "දි ඩාර්ක් ක්නයිට් රයිසස්" හා
1997 තිරගතවුන "බැට්මෑන් & රොබින් " චිත්‍රපටය හැරෙන්නට කිසිම ත්‍යාගයක් සඳහා නිර්දේශ නොවුන එකම බැට්මෑන් චිත්‍රපටයත් "දි ඩාර්ක් ක්නයිට් රයිසස්".
14. කිලියන් මර්ෆි ඉදිරිපත්කල ඩොක්ටර් ජොනතන් ක්‍රේන්/ ස්කෙයා ක්‍රෝ චරිතය වාර්තාවක් උසුලනව වැඩිම වාර ගනනක් බැට්මෑන් චිත්‍රපටවලට සම්බන්ධ වුන බැට්මෑන්ගෙ සතුර විදියට.
කිලියන් මර්ෆි "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපට ත්‍රිත්වයේම පෙනීසිටින්න වාසනාවන්ත වුනා.
15. "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපට ත්‍රිත්වයේම බෘස් වේන්ගෙ මෝටර් රථය වුනේ ලැම්බෝගිනි මෝටර් රථ.
"බැට්මෑන් බිගින්ස්" හා "දි ඩාර්ක් ක්නයිට්" වලදී ලැම්බෝර්ගිනි මර්චිලාගෝ කාර් එකකුත්, "දි ඩාර්ක් ක්නයිට් රයිසස්" වලදි ලැම්බෝර්ගිනි ඇවෙන්ටඩෝ කාර් එකකුත් භාවිත කළා.
16. මේ චිත්‍රපටයේ මුල් පිටපත් සංස්කරණය පිටු 400කින් යුක්ත වුනා.
17. බේන් ඇතුළු කණ්ඩායම කොටස් වෙලදපල කොල්ලකෑමෙන් පසු පලායන දර්ශනයෙදි ඔවුන් පෙන්වන ටැබ්ලට් පරිගණකයේ පෙන්වන්නෙ ගණුදෙනුව සම්පූර්ණ වෙන්න තත්පර 91 අවශ්‍ය බවයි,
ඒවගේම මේ දර්ශනය පෙන්වන්නෙ චිත්‍රපටයෙ විනාඩි 47ත් තත්පර 40දි.
ඒ පෙන්නනව වගේම බැට්මෑන් ඔවුන්ව ලුහුබැඳ යන දර්ශනය ඉවරවෙන්නෙ චිත්‍රපටයෙ විනාඩි 49 තත්පර 10දි, ඒ කියන්නෙ හරියටම තත්පර 90 කින්.
18. බේන් හා බැට්මෑන් අතර සිදුවන පලමු සටනෙදි බේන්ගෙ අඩි ශබ්දය ඉතා උස් හඬකිනුත්, බැට්මෑන්ගෙ අඩි ශබ්දය අසෙන නොඇසෙන තරම් අඩු මට්ටමකිනුත් යොදාගෙන තියෙනව චිත්‍රපටයේ ශබ්ද පරිපාලකවරුන්,
මෙයට හේතුවන්නේ බේන් අනුගමනය කරන දරුණු හා සෘජු පහරදීමේ ක්‍රමයත්, බැට්මෑන් අනුගමනය කරන නිහඬ හා රහසිගත සටන් විලාශයත් ප්‍රේක්ෂකයාට අඟවන්න.
19. "දි ඩාර්ක් ක්නයිට් රයිසස්" හි ඇඳුම නිර්මාණ ශිල්පීයාට බේන්ගෙ ඇඳුම නිර්මාණය කරන්න අවුරුදු දෙකක කාලයක් යනව.
මේ ඇඳුමට පදනම් වෙන්නෙ ස්විඩිශ් ආමි ජැකට් එකත් ප්‍රංශ විප්ලව කාලයේ බාවිත කල ෆ්‍රොක් කෝට් එක.
20. කලින් චිත්‍රපට දෙකේදි "දි ටම්බ්ලර්" එකත් "බැට්පොඩ්" එකත් හදුන්වාදුන්න වගේම මේ අවසාන චිත්‍රපටයෙදිත් බැට්මෑන්ට අලුත් වාහනයක් ලුශියස් ෆොක්ස්ගෙන් ලැබෙනව ඒ තමා "දි බැට්" නම් ගුවන් යානය.
ටම්බ්ලර් හා බැට්පොඩ් එකත් නිර්මාණය කරන්න ප්‍රධාන වුන නේතන් කෝලි තමා "දි බැට්" ගුවන් යානය සැලසුම් කරන්නෙත්.
මෙය නිර්මාණය කිරීමේදී ඔහු හුදෙක්ම චිත්‍රපටයකට භාවිත කරන ක්‍රියාකාරීත්වයෙන් තොර යානයක් ලෙස සරලව නොතකා ඇත්තම යුද ගුවන් යානයක් නිර්මාණය කරන ලෙසටම සියලුදේ සැලසුම් කරනව.
21. නිව්යෝර්ක්හි මධ්‍යම රාත්‍රී සමාරම්භක අයිමැක්ස් ප්‍රදර්ශනය සඳහා වූ ටිකට් තිරගත වෙන දිනට මාස 6කට කලින් විකිණී අවසන් වුනා.
22. "දි ඩාර්ක් ක්නයිට් රයිසස්" චිත්‍රපටයත් ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අනිත් සියලුම චිත්‍රපට වගේම පිටපත/කතාව මාධ්‍ය වලින් ආරක්ෂා කල යුතු නිසා සියලුම රූගතකිරීම්, නිශ්පාදන කටයුතු සිදු කරන්නෙ "මැග්නස් රෙක්ස් " කියන නමින්.
මැග්නස් කියන්නෙ ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ බාලම පුතා, පුංචි මැග්නස් තමයි නෝලන්ගෙ ඉන්සෙප්ශන් (2010) චිත්‍රපටයෙ කොබ්ගෙ පුතා වුන ජේම්ස් කොබ් ලෙස රංඟනය කලේ.
22. "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපට ත්‍රිත්වයෙන්ම අවසන් සටන දවල් කාලයේ සිදුවෙන එකම චිත්‍රපටය.
23. නමට බැට්මෑන් කියල යෙදෙන්නෙ නැති දෙවන චිත්‍රපටය මෙයයි.
පලමුවැන්න වුනේ 2008 නිශ්පාදනය වුන "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපටයයි.
24. නිශ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 230කට අධිකයි.
මූලාශ්‍රය : http://www.imdb.com/title/tt1345836/trivia
මේ සමඟින් "දි ඩාර්ක් ක්නයිට්" චිත්‍රපට ත්‍රිත්වය ගැන ඉදිරිපත් කෙරුණු ත්‍රෙඩ් අවසන් වෙනව.
දි ඩාර්ක් ක්නයිට් චිත්‍රපටය ගැන නොදත් කරුණු : http://www.elakiri.com/forum/showthread.php?t=1767141
බැට්මෑන් බිගින්ස් චිත්‍රපටය ගැන නොදත් කරුණු : http://www.elakiri.com/forum/showthread.php?t=1754124
ඉන්ශෙප්ශන් චිත්‍රපටය ගැන නොදත් කරුණු : http://www.elakiri.com/forum/showthread.php?t=1751611

Last edited:

+16 