පොත් අරන් දෙන්න සල්ලි නැතිව තාත්තා ඇඬුවා

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ

    පොත් අරන් දෙන්න සල්ලි නැතිව තාත්තා ඇඬුවා – පුලුවන් උදව්වක් කරමුද..?

    පුංචි අමා කෙසඟ සිරුරකින් හෙබි ප්‍රියමනාප දැරියකි. කටු මැටි පැ‍ලේ කුප්පි ලාම්පුවෙන් අකුරු කළ ඇය පසුගියදා පැවැති ශිෂ්‍යත්වයෙන් ලකුණු 171ක් ලබා විදුහලෙන්ම
    පළමුවැනියා වූවාය. ඇගේ පාසල මහව අධ්‍යාපන කලාපයට අයත් ගල්ගමුව-පලුකන්දෑව ජනාධිපති විද්‍යාලයයි. මේ පුංචි ‘අමා” “ලක්බිම”ට කියූ කතාවයි.
    “ඉස්කෝලෙට යන්න මම පාරට බහින්නේ උදේ 6.30ට විතර. පාරේ එක බස් එකයි තියෙන්නේ. මොකද මේ පාර බොරළු පාරක් නිසා වළවල් ගොඩයි. ඒකත් පරණ ලංගම බසයක්. ගොඩක් දවස්වලට බස් එක නෑ. ඒ දවස්වලට මම පයින්ම ඉහළගම හන්දියට යනවා. (කිලෝමීටර් තුනක් පමණ) එතැනින් බස් එකක ඉස්කෝලෙට යනවා. හවසටත් එහෙමයි. බස් එක නැත්නම් පයින්ම ගෙදර යනවා. ගමේ මාමලා හම්බ වුණොත් එක්කගෙන යනවා. අනිත් ළමයින්ගේ තාත්තලා අම්මලා එක්ක යන්න එනවා. නැත්නම් “ස්කූල් වෑන්” එකේ යනවා. වෑන්වලට සල්ලි දෙන්න තාත්තට එච්චර සල්ලි නෑ. ඒ නිසා මම පයින්ම යන්න එන පුරුදු වුණා. ඒ යන එන වෙලාවට මම සපත්තු දෙක ගලවගෙන ‍පොත් බෑග් එකේ දාගෙන එනවා. ඒ වැඩිය දාගෙන ඇවිද්දොත් සපත්තු දෙක කැඩෙයි කියලා බයට.” පුංචි “අමා” ගිරවියක් මෙන් තමන්ගේ අතීතය එකදිගට කියාගෙන ගියාය. මම මඳක් ඇයට බාධා කළෙමි.
    “දුවට ඇයි ශිෂ්‍යත්වයෙන් කොහොමහරි පාස් වෙන්න ඕනෑ කියලා හිතුණේ?”
    “මම පහ වසරට ආව ගමන් මටත් හොඳට ඉගෙන ගන්න ඕනෑ කියලා හිතුණා. ගොඩක් මගේ යාළුවෝ තුනේ හතරේ ඉඳලම ශිෂ්‍යත්ව පන්තිවලට ගියා. ඒත් මට එහෙම පන්ති යන්න තාත්තට සල්ලි නැති බව දන්නවා. මම අනිවාර්යයෙන්ම ශිෂ්‍යත්ව විභාගේ ඉහළින්ම පාස් වෙනවා කියලා සිතුවේ එක දෙයක් නිසා”
    “ඒ මොකක්ද දුව?” අපි විමසුවෙමු. එවිට දැරියගේ ඇස් දෙකේ කඳුළු පිරෙන්නට විය.
    “අඬනවානම් කියන්න එපා” යැයි අපි කියද්දීත් ඇය දුක යටපත් කරගෙන කතාව පටන් ගත්තාය. ‘අමා’ වීර්යවන්ත දැරියක් බව සිතුණේ ඇගේ මේ කතාවෙන්ය.
    “පහේ පන්තියට ආපු අලුත ළමයි ඔක්කොම වගේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර හා ‍පොත් අරගෙන තිබුණා. මමත් එදා
    Ama2.jpg
    තාත්තට ගෙදර ඇවිත් ඒ ‍පොතක් ගෙනැත් දෙන්න කියලා ඇවිටිලි කළා. තාත්තා මුකුත් නොකියා එළියේ බංකුවට වෙලා කල්පනා කර කර ඉන්නවා මම දැක්කා. මම ළඟට ගිහිං ‘ඇයි තාත්තේ’ කියලා අහනකොට තාත්තාට ඇඬුණා. මට ඒක එදා තේරුණේ නෑ. මම පහුවදා අම්මගෙන් ඇහැව්වා ඇයි තාත්තා ඊයේ ඇඬුවේ කියලා. එතකොට අම්මා කීවා දුවේ ඔයාගේ ශිෂ්‍යත්ව ‍පොත අරගෙන දෙන්න තාත්තා ළඟ සල්ලි නෑ කියලා. අපි දුප්පත්නේ කියලා. මම අම්මට එදා කීවා මට ‍පොත් එපා මම ඉස්කෝලෙන් දෙන වැඩ හරියට කරලා කොහොම හරි විභාගේ පාස් වෙනවා කියලා. මම එදා තේරුම් ගත්තා ඉගෙනීමට දුප්පත්කම බාධාවක් කරගන්න හොඳ නැහැ කියලා.
    මේ පුංචි දියණිය ජීවත් වන කටු මැටි පැල දුටු මොහොතේ අප හද ගැස්ම වැඩිවුණි. ඉටි කොළවලින්, කටු මැටිවලින් වසා තිබුණ ඇගේ දුප්පත් මැදුරේ වහ‍ලේ කොටසක් ඉටි රෙද්දෙන් ආවරණය කර ඇත. කාමරයේ බිත්තිය වෙන් කර තිබුණේ තහඩු කිහිපයකිනි. කටු මැටි බිත්තිවල ආරක්ෂාවට ඉටි කොළ අතුරා තිබිණි. ඒත් ඒ සියලුම ඉටි කොළවල ඇගේ පාඩම්වල අත්‍යවශ්‍ය කරුණු ගොනු කරන ලද සටහන් අලවා තිබිණි. ඒ පුංචි “අමා” පාඩම් කිරීමට යොදාගත් එක් උපාය මාර්ගයකි. ඇගේ පුංචි නිවසට විදුලිය නැතුවා සේම ජල පහසුකම්ද නැත. එපමණක් නොව ගැහැනු දරුවෙකු වූ අමාට වැසිකිළි පහසුකම් තිබුණේද නැත. ඒ සඳහා ඔවුන්ට තිබුණේ අවට ඇති කැලෑ රොදෙහි පිහිටය. ඇය ඉගෙන ගන්නේ එසේය. ඇගේ අධිෂ්ඨානය තිබුණේ කෙසේ හෝ ශිෂ්‍යත්වය සමත් වීමය. ඒ අගේ මූලික පරමාර්ථය බව අපිට හැඟී ගියේය.
    පලුකන්දෑව ජනාධිපති විදුහලද එතරම් පහසුකම් ඇති පාසලක් නොවේ. පලුකන්දෑවට ආසන්නයේම පිහිටි නගරය ගල්ගමුවයි. නමට පමණක් “ජනාධිපති” වී ඇති මේ පාසල සඳහා මූලික පහසුකම් ලැබෙන්නට ගත්තේද මෑතක සිටය. ඇගේ පන්ති භාර ගුරුතුමිය අරුණි නිසංසලා ද සිල්වා බව අමා පවසන්නීය. ඇය තමන්ගේ මව මෙන් ඇයට හරි දේ කියා දුන් බවත් නිතරම පාඩම් වැඩ ගැන සොයා බලා කටයුතු කළ බවත් අමා සිහි කරන්නේ ස්තුති පූර්වකය.
    අමාගේ සම්පූර්ණ නම ඒ.එච්. සසිනි අමා කරුණාරත්නයි. උපන්නේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ පිටිසර කැලෑබඳ ගම්මානයක් වන ඉහළගම – නොච්චිය කියන ගම් පියසේය. 2006 – සැප්තැම්බර් 18 දින මෙලොව එළිය දුටු “අමා” ගේ පියා ඒ.එම්. මංජුල කරුණාරත්න (34) මව ආර්.ඩී. රසිකා ප්‍රියදර්ශනී (32) නම් වේ. ‘අමා’ට මල්ලි කෙනෙක්ද සිටී. ඔහුට තවම වයස අවුරුද්දකි. පියාගේ රැකියාව මේසන්වරුන්ට අත්උදව් කිරීමය. ඒ කොළඹ ප්‍රදේශයේය.
    දැනට ඇගේ ලකුණු මට්ටම් අනුව විදුහල් දහයක් ඉල්ලුම් කර ඇති අතර ඒ අතරින් ප්‍රමුඛස්ථානය ලබා දී ඇත්තේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයත්, ස්වරණපාලි බාලිකාවත්, වලිසිංහ විද්‍යාලය බවත් මව සඳහන් කළාය. ඒ විදුහල්වලට තේරුණොත් ඇගේ බස් ගාස්තු ගෙවා ගැනීමටත් අපහසු බවත් ඊටද කවුරුන් හෝ උදව් උපකාර කළොත් පිං සිදුවන බවත් ඇය වැඩිදුරටත් අප හා කීවාය.
    Ama1.jpg
    පුංචි අමාගේ සමුගැනීමට පෙර ඉගෙනීමේදී ඇයට ඇති වූ බාධාවන් ගැන අපි විමසුවෙමු. ඇය ඊට පිළිතුරු දෙමින් කීවේ මගේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මම අම්මගේ වැඩවලටත් උදව් වෙනවා. උයන වෙලාවට මම මල්ලි බලාගන්නවා. මල්ලි උදේට කොහොම හරි නිදි කරවලා මම පාඩම් කරනවා. මම උදේ 5ට නැගිටිනවා. අම්මා මට උයලා දෙනකම් මම මල්ලි බලා ගන්නවා.
    අපේ අවසාන ප්‍රශ්නය වුණේ ඔබේ අනාගතය. ඊට පිළිතුරු දුන් පුංචි ‘අමා’ මම ලොකු වෙලා හොඳට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙනවාමයි. මගේ දුක් විඳින තාත්තා එයින් මුදාගන්නවා. අම්මටත් මල්ලිටත් හොඳට බලනවා. ඒත් මට ඒ තරම් දුරට ඉගෙන ගන්න ‘සල්ලි‘යි කියමින් ඈ නිහඬ විය. ඇයට ඇති එකම ගැටලුව මුදල් බව අපිට වැටහිණි. පුංචි දෙපා රළු බොරලුවලට කැපී ‍ලේ ගලන තුරු පයින් ගොස් කර්කශ ජීවිතයක් හා ‍පොර බඳින පුංචි ‘අමා’ වැනි ළමයින්ට උදව් උපකාර කළහැකි නම්? ඇගේ අනාගත සිහිනය බොඳ නොවන්නට හේතු වනු ඇත.
    මහජන බැංකුව : කුරුණෑගල ශාඛාව
    ගිණුම් අංක – 012 200 27 000 19 49
    R.D. රසිකා ප්‍රියදර්ශනී ජයතිලක
    දුරකථන අංකය – 071 765 70 85
    කේ. ඉලංගකෝන්/ චන්ද්‍රරත්න ඉලංගකෝන්.
    උපුටා ගැනීම : ලක්බිම
     
    • Like
    Reactions: Sheenmax

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මම නං පොඩි ගානක් දැම්ම. හැබැයි හොයලා බැලුවෙනං නෑ. උබලත් හොයල බලලා කීයක් හරි දාපල්ලා . පව් බං අනාගතයක් තියෙන අසරන ලමයිනෙ .
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    salli nam daanta puluean eth oya kiyana ayegme bank account da kiyala kohimda ban danne ,,????
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම නං පොඩි ගානක් දැම්ම. හැබැයි හොයලා බැලුවෙනං නෑ. උබලත් හොයල බලලා කීයක් හරි දාපල්ලා . පව් බං අනාගතයක් තියෙන අසරන ලමයිනෙ .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: same here
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පොත් අරන් දෙන්න සල්ලි නැතිව තාත්තා ඇඬුවා – පුලුවන් උදව්වක් කරමුද..?

    පුංචි අමා කෙසඟ සිරුරකින් හෙබි ප්‍රියමනාප දැරියකි. කටු මැටි පැ‍ලේ කුප්පි ලාම්පුවෙන් අකුරු කළ ඇය පසුගියදා පැවැති ශිෂ්‍යත්වයෙන් ලකුණු 171ක් ලබා විදුහලෙන්ම
    පළමුවැනියා වූවාය. ඇගේ පාසල මහව අධ්‍යාපන කලාපයට අයත් ගල්ගමුව-පලුකන්දෑව ජනාධිපති විද්‍යාලයයි. මේ පුංචි ‘අමා” “ලක්බිම”ට කියූ කතාවයි.
    “ඉස්කෝලෙට යන්න මම පාරට බහින්නේ උදේ 6.30ට විතර. පාරේ එක බස් එකයි තියෙන්නේ. මොකද මේ පාර බොරළු පාරක් නිසා වළවල් ගොඩයි. ඒකත් පරණ ලංගම බසයක්. ගොඩක් දවස්වලට බස් එක නෑ. ඒ දවස්වලට මම පයින්ම ඉහළගම හන්දියට යනවා. (කිලෝමීටර් තුනක් පමණ) එතැනින් බස් එකක ඉස්කෝලෙට යනවා. හවසටත් එහෙමයි. බස් එක නැත්නම් පයින්ම ගෙදර යනවා. ගමේ මාමලා හම්බ වුණොත් එක්කගෙන යනවා. අනිත් ළමයින්ගේ තාත්තලා අම්මලා එක්ක යන්න එනවා. නැත්නම් “ස්කූල් වෑන්” එකේ යනවා. වෑන්වලට සල්ලි දෙන්න තාත්තට එච්චර සල්ලි නෑ. ඒ නිසා මම පයින්ම යන්න එන පුරුදු වුණා. ඒ යන එන වෙලාවට මම සපත්තු දෙක ගලවගෙන ‍පොත් බෑග් එකේ දාගෙන එනවා. ඒ වැඩිය දාගෙන ඇවිද්දොත් සපත්තු දෙක කැඩෙයි කියලා බයට.” පුංචි “අමා” ගිරවියක් මෙන් තමන්ගේ අතීතය එකදිගට කියාගෙන ගියාය. මම මඳක් ඇයට බාධා කළෙමි.
    “දුවට ඇයි ශිෂ්‍යත්වයෙන් කොහොමහරි පාස් වෙන්න ඕනෑ කියලා හිතුණේ?”
    “මම පහ වසරට ආව ගමන් මටත් හොඳට ඉගෙන ගන්න ඕනෑ කියලා හිතුණා. ගොඩක් මගේ යාළුවෝ තුනේ හතරේ ඉඳලම ශිෂ්‍යත්ව පන්තිවලට ගියා. ඒත් මට එහෙම පන්ති යන්න තාත්තට සල්ලි නැති බව දන්නවා. මම අනිවාර්යයෙන්ම ශිෂ්‍යත්ව විභාගේ ඉහළින්ම පාස් වෙනවා කියලා සිතුවේ එක දෙයක් නිසා”
    “ඒ මොකක්ද දුව?” අපි විමසුවෙමු. එවිට දැරියගේ ඇස් දෙකේ කඳුළු පිරෙන්නට විය.
    “අඬනවානම් කියන්න එපා” යැයි අපි කියද්දීත් ඇය දුක යටපත් කරගෙන කතාව පටන් ගත්තාය. ‘අමා’ වීර්යවන්ත දැරියක් බව සිතුණේ ඇගේ මේ කතාවෙන්ය.
    “පහේ පන්තියට ආපු අලුත ළමයි ඔක්කොම වගේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර හා ‍පොත් අරගෙන තිබුණා. මමත් එදා
    Ama2.jpg
    තාත්තට ගෙදර ඇවිත් ඒ ‍පොතක් ගෙනැත් දෙන්න කියලා ඇවිටිලි කළා. තාත්තා මුකුත් නොකියා එළියේ බංකුවට වෙලා කල්පනා කර කර ඉන්නවා මම දැක්කා. මම ළඟට ගිහිං ‘ඇයි තාත්තේ’ කියලා අහනකොට තාත්තාට ඇඬුණා. මට ඒක එදා තේරුණේ නෑ. මම පහුවදා අම්මගෙන් ඇහැව්වා ඇයි තාත්තා ඊයේ ඇඬුවේ කියලා. එතකොට අම්මා කීවා දුවේ ඔයාගේ ශිෂ්‍යත්ව ‍පොත අරගෙන දෙන්න තාත්තා ළඟ සල්ලි නෑ කියලා. අපි දුප්පත්නේ කියලා. මම අම්මට එදා කීවා මට ‍පොත් එපා මම ඉස්කෝලෙන් දෙන වැඩ හරියට කරලා කොහොම හරි විභාගේ පාස් වෙනවා කියලා. මම එදා තේරුම් ගත්තා ඉගෙනීමට දුප්පත්කම බාධාවක් කරගන්න හොඳ නැහැ කියලා.
    මේ පුංචි දියණිය ජීවත් වන කටු මැටි පැල දුටු මොහොතේ අප හද ගැස්ම වැඩිවුණි. ඉටි කොළවලින්, කටු මැටිවලින් වසා තිබුණ ඇගේ දුප්පත් මැදුරේ වහ‍ලේ කොටසක් ඉටි රෙද්දෙන් ආවරණය කර ඇත. කාමරයේ බිත්තිය වෙන් කර තිබුණේ තහඩු කිහිපයකිනි. කටු මැටි බිත්තිවල ආරක්ෂාවට ඉටි කොළ අතුරා තිබිණි. ඒත් ඒ සියලුම ඉටි කොළවල ඇගේ පාඩම්වල අත්‍යවශ්‍ය කරුණු ගොනු කරන ලද සටහන් අලවා තිබිණි. ඒ පුංචි “අමා” පාඩම් කිරීමට යොදාගත් එක් උපාය මාර්ගයකි. ඇගේ පුංචි නිවසට විදුලිය නැතුවා සේම ජල පහසුකම්ද නැත. එපමණක් නොව ගැහැනු දරුවෙකු වූ අමාට වැසිකිළි පහසුකම් තිබුණේද නැත. ඒ සඳහා ඔවුන්ට තිබුණේ අවට ඇති කැලෑ රොදෙහි පිහිටය. ඇය ඉගෙන ගන්නේ එසේය. ඇගේ අධිෂ්ඨානය තිබුණේ කෙසේ හෝ ශිෂ්‍යත්වය සමත් වීමය. ඒ අගේ මූලික පරමාර්ථය බව අපිට හැඟී ගියේය.
    පලුකන්දෑව ජනාධිපති විදුහලද එතරම් පහසුකම් ඇති පාසලක් නොවේ. පලුකන්දෑවට ආසන්නයේම පිහිටි නගරය ගල්ගමුවයි. නමට පමණක් “ජනාධිපති” වී ඇති මේ පාසල සඳහා මූලික පහසුකම් ලැබෙන්නට ගත්තේද මෑතක සිටය. ඇගේ පන්ති භාර ගුරුතුමිය අරුණි නිසංසලා ද සිල්වා බව අමා පවසන්නීය. ඇය තමන්ගේ මව මෙන් ඇයට හරි දේ කියා දුන් බවත් නිතරම පාඩම් වැඩ ගැන සොයා බලා කටයුතු කළ බවත් අමා සිහි කරන්නේ ස්තුති පූර්වකය.
    අමාගේ සම්පූර්ණ නම ඒ.එච්. සසිනි අමා කරුණාරත්නයි. උපන්නේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ පිටිසර කැලෑබඳ ගම්මානයක් වන ඉහළගම – නොච්චිය කියන ගම් පියසේය. 2006 – සැප්තැම්බර් 18 දින මෙලොව එළිය දුටු “අමා” ගේ පියා ඒ.එම්. මංජුල කරුණාරත්න (34) මව ආර්.ඩී. රසිකා ප්‍රියදර්ශනී (32) නම් වේ. ‘අමා’ට මල්ලි කෙනෙක්ද සිටී. ඔහුට තවම වයස අවුරුද්දකි. පියාගේ රැකියාව මේසන්වරුන්ට අත්උදව් කිරීමය. ඒ කොළඹ ප්‍රදේශයේය.
    දැනට ඇගේ ලකුණු මට්ටම් අනුව විදුහල් දහයක් ඉල්ලුම් කර ඇති අතර ඒ අතරින් ප්‍රමුඛස්ථානය ලබා දී ඇත්තේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයත්, ස්වරණපාලි බාලිකාවත්, වලිසිංහ විද්‍යාලය බවත් මව සඳහන් කළාය. ඒ විදුහල්වලට තේරුණොත් ඇගේ බස් ගාස්තු ගෙවා ගැනීමටත් අපහසු බවත් ඊටද කවුරුන් හෝ උදව් උපකාර කළොත් පිං සිදුවන බවත් ඇය වැඩිදුරටත් අප හා කීවාය.
    Ama1.jpg
    පුංචි අමාගේ සමුගැනීමට පෙර ඉගෙනීමේදී ඇයට ඇති වූ බාධාවන් ගැන අපි විමසුවෙමු. ඇය ඊට පිළිතුරු දෙමින් කීවේ මගේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මම අම්මගේ වැඩවලටත් උදව් වෙනවා. උයන වෙලාවට මම මල්ලි බලාගන්නවා. මල්ලි උදේට කොහොම හරි නිදි කරවලා මම පාඩම් කරනවා. මම උදේ 5ට නැගිටිනවා. අම්මා මට උයලා දෙනකම් මම මල්ලි බලා ගන්නවා.
    අපේ අවසාන ප්‍රශ්නය වුණේ ඔබේ අනාගතය. ඊට පිළිතුරු දුන් පුංචි ‘අමා’ මම ලොකු වෙලා හොඳට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙනවාමයි. මගේ දුක් විඳින තාත්තා එයින් මුදාගන්නවා. අම්මටත් මල්ලිටත් හොඳට බලනවා. ඒත් මට ඒ තරම් දුරට ඉගෙන ගන්න ‘සල්ලි‘යි කියමින් ඈ නිහඬ විය. ඇයට ඇති එකම ගැටලුව මුදල් බව අපිට වැටහිණි. පුංචි දෙපා රළු බොරලුවලට කැපී ‍ලේ ගලන තුරු පයින් ගොස් කර්කශ ජීවිතයක් හා ‍පොර බඳින පුංචි ‘අමා’ වැනි ළමයින්ට උදව් උපකාර කළහැකි නම්? ඇගේ අනාගත සිහිනය බොඳ නොවන්නට හේතු වනු ඇත.
    මහජන බැංකුව : කුරුණෑගල ශාඛාව
    ගිණුම් අංක – 012 200 27 000 19 49
    R.D. රසිකා ප්‍රියදර්ශනී ජයතිලක
    දුරකථන අංකය – 071 765 70 85
    කේ. ඉලංගකෝන්/ චන්ද්‍රරත්න ඉලංගකෝන්.
    උපුටා ගැනීම : ලක්බිම

    Bump
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ලක්බිම link

    එකේ තිබුන comment එකක්
    මේ වෙනුවෙන් උනන්දුවක් දක්වන සංවේදී ආදරණීය මිනිසුන් ‘‘ලක්බිම‘‘ කතෘමණ්ඩලය හරහා විමසීමක් කරන්න.නැතහොත් වැඩිදුර තොරතුරු අවශ්‍යනම් 0094712001610 චන්දුරත්න ඉලංගකෝන් හෝ 0094773030149 සේනක ඉලංගකෝන් අමතන්න.ව්‍යාජ පුද්ගලයින්ට රැවටෙන්න එපා!

    මේවගේ ළමය්න්ට උදව් කරන ශිෂ්‍යත්ව ක්‍රමයක් හරි පදනමක් (fund) එහෙම නැද්ද?
    එහෙම එකකින් දිගටම උදව් කරන්න පුළුවන් නම් වැඩිය හොඳය්...
    දැන් කීයක් හරි දුන්නත් ඒ සල්ලි ටික ඉවර වෙය් වැඩි කාලයක් යන්න කලින්...