හතර දෙනාම සූරයෝ (1971) සිංහල ෆිල්ම් Hathara Denama Soorayo (1971) Sinhala Film

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    හතර දෙනාම සූරයෝ (1971) සිංහල ෆිල්ම් Hathara Denama Soorayo (1971) Sinhala Film

    Hathara_Denama.jpg


    හතර දෙනාම සූරයෝ (1971)

    Cast & Crew
    * Gamini Fonseka
    * Vijaya Kumaranatunga
    * Sriyani Amarasena
    * Malani Fonseka
    * Senadheera Rupasinghe
    * Anthony C. Perera


    Directed - Neel Rupasinghe
    Story - Dharmasiri Gamage
    Music - P.L.A. Somapala (චිත්‍රාල් සෝමපාලගේ පියා)
    Cinematography - Lenin Morayas
    Edited - W.K. Ruban


    Songs
    * පැතුම් මල්ලකී මේ ජීවිතේ – ලතා වල්පොල
    * මේ දෑස මගේ පින්වන්තයි – එච්. ආර්. ජෝතිපාල
    * අහා අහා ආදරණිය සිනා - ජෝතිපාල, ඇන්ජලින්
    * රත්තරනින් රන් කිරිල්ලියේ - එම්. එස්., ඇන්ජලින්
    * කොඩි ගහ යට මම උපන්නේ එම්. එස්., ජෝතිපාල, පිරිස
    * ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ


    Hathara_Denama_Soorayo_1971_WEBRip_720p_H264_AAC.jpg


    මෙන්න ලින්ක එක
    https://openload.co/f/IymBrx0IsrI/Hathara.Denama.Soorayo.1971.WEBRip.720p.H264.AAC-Ak47.mp4

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    [හතර දෙනාම සූරයෝ ෆිල්ම් එක ගැන පළවුන විස්තරයක් දැම්මා ඒකත් කියවලා බලන්න. හැමදාම අපි කරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්...... අලුතින් යමක් එකතුවේවි ජීවිතයට]
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    hathara1.jpg

    hathara3.jpg

    නීල් රූපසිංහ ගාමිණී ශ්‍රියානි නීල් 1971 දී හතරදෙනාම සූරයෝ දර්ශන තලයේ

    40 පැන්නත් තවමත් තරුණ "හතරදෙනාම සූරයෝ"

    සිනමා විචාරයේ දී බොහෝ විට සලකා බැලෙන්නේ, ඇගයීමට ලක්‌ කරන්නේ, සම්භාවනාවට පාත්‍ර කරන්නේ කලාත්මක ගුණාංගම ප්‍රමුඛ කරගත් සිනමාපටයි. එසේ වුවද තවදුරටත් ලොව පුරාම රජයන්නේ එබඳු සිනමාපට නොවේ. විනෝදාස්‌වාදය සැපයීම ප්‍රමුඛ කරගත් සිනමාපටයි.

    පෘථුල කර්මාන්තයක්‌ සේ සිනමාවේ පැවැත්ම සුරක්‌ෂිත කරන්නටත්, එළැඹෙන අභියෝග හමුවේ උචිත පරිදි පෙනී සිටින්නටත් මේ සිනමාපට ඉටුකරනු ලබන කාර්යභාරය කිසිසේත්ම අවතක්‌සේරු කළ යුතු නොවේ.

    ලාංකික සිනමාව සතු විශිෂ්ටතම විනෝදාත්මක සිනමාපට කවරේද? මේ සම්බන්ධයෙන් සිනමා විචාරක, ලේඛක හා රසික පාර්ශ්ව දරන මත කෙබඳුද? නොඅනුමානව එක්‌ තෝරා ගැනීමක්‌ අරභයා නම් පුළුල් එකඟතාවක්‌ දැකගත හැකිවනු ඇත. ඒ නීල් රූපසිංහ අධ්‍යක්‌ෂණය කළ "හතරදෙනාම සූරයෝ" (1971) සිනමා පටයයි.

    මේ මස 20 දාට "හතර දෙනාම සූරයෝ" සිය 40 වැනි උපන්දිනය සමරනු ඇත. නීල් රූපසිංහ සමග කෙරෙන මේ කතාබහට ආසන්නතම නිමිත්ත වන්නේ "හතරදෙනාම සූරයෝ" හි 40 වැනි උපන්දින සැමරුමයි.

    බොහෝ ලාංකික සිනමාපට රූපවාහිනි නාලිකා ඔස්‌සේ විකාශය කෙරේ. ඩී.වී.ඩී. හරහා ද අන්තර්ජාලය හරහා ද පැමිණේ. එතැන ජනාදරය දිනූ විනෝදාත්මක සිනමාපටද රැසකි. එහෙත් "හතරදෙනාම සූරයෝ" ඉඳහිට හෝ නරඹන්නට ලැබෙන්නේ සිනමා ශාලාවකදී පමණි. ඒ හැම විටෙකම ඊට ඉහළ ප්‍රේක්‌ෂක ප්‍රතිචාර හිමි වේ. දශක සතරකට පෙර "හතර දෙනාම සූරයෝ" නැරඹූ ප්‍රේක්‌ෂකයන්ද, අලුත් ප්‍රේක්‌ෂකයන්ද මුණගැසේ. විශේෂයෙන්ම නළු හිඟයකට මුහුණදෙන හැමවිටම වාගේ මේ සිව්දෙනාව සිහිපත් වන බව සත්‍යයකි.

    මේ සූරයන් සිව්දෙනාම තවමත් තරුණය. ඔවුහු කිසිදා වියපත් නොවෙති. සිනමාපටයද එසේමය. නීල් රූපසිංහ ද තවමත් "හතරදෙනාම සූරයෝ" සිහිපත් කරන්නේ ඒ බව සනාථ කරමිනි.

    නීල් රූපසිංහ යනු ලාංකික විනෝදාත්මක සිනමාව වඩා විධිමත් හා ගෞරවනීය අවස්‌ථා කරා ගෙන එන්නට දායක වූ මුල් පෙළේ සිනමාකරුවෙකි. එහෙයින්ම ඔහු සමග කෙරෙන මේ කතාබහ "හතරදෙනාම සූරයෝ" ට පමණක්‌ම සීමා නොවේ. ඇත්තෙන්ම සිය සිනමා භාවිතය ගැන ඔහු දරන ආකල්ප හඳුනා ගැනීමටද මේ හොඳම අවස්‌ථාවකි.

    ප්‍රශ්නය - ඔබේ සිනමා ආගමනය සිදු වන්නේ වර්ෂ 1970 දීයි. මේ කෙටි චිත්‍රපට නිර්මාණය සඳහා තරුණ ප්‍රජාව තුළ කැපී පෙනෙන උනන්දුවක්‌ තිබූ සමයක මොවුනZතුරෙන් ඇතැමෙකු පසුකාලීනව වෘත්තාන්ත සිනමාවටද ප්‍රවිෂ්ට වනවා. හොඳම උදාහරණ ගෙන එන්නේ සුගතපාල සෙනරත් යාපා, සුනිල් ආරියරත්න, ධර්මසේන පතිරාජ, පරාක්‍රම ද සිල්වා වැනි අයයි. කෙසේ වුවද ඔබ වෘත්තාන්ත සිනමාකරුවකු වන්නේ කිසිදු කෙටි චිත්‍රපට අත්දැකීමකින් තොරවයි.

    පිළිතුර - ඊට ප්‍රධාන හේතු සැපයුවේ මා ජීවත් වූ පරිසරයයි. එවක මා වත්තල පිහිටි මගේ පියාට අයත් "සමුද්‍රd" සිනමා ශාලාවේ කළමනාකරු වශයෙනුයි කටයුතු කළේ. සිනමා ශිල්පි ශිල්පිනියන් නිතරම එහි පැමිණියා. හැඳල "විජය" චිත්‍රාගාරය ඇසුරු කිරීමෙන් ද මට බොහෝ සිනමා ශිල්පි ශිල්පිනියන් හඳුනා ගන්නට අවස්‌ථාව ලැබුණා.

    මේ සමයේ දී ඉන්දියානු හින්දි - දෙමළ භාරතීය සිනමා පට සඳහා තිබුණේ ඉතා ඉහළ ප්‍රේක්‌ෂක කැමැත්තක්‌. යටකී අත්දැකීම් සිනමා පටයක්‌ නිර්මාණය කිරීම සඳහා මාව පෙළඹ වූ බව කිව යුතුයි. මා උත්සුක වූයේ ජනාදරය දිනාගත හැකි ප්‍රමිතියෙන් ඉහළ සිනමා පටයක්‌ නිර්මාණය කරන්නට. ඊට අනුපමේය සහායක්‌ ලබා දුන්නේ "විජය" චිත්‍රාගාරය හිමිව තිබූ කේ. ගුණරත්නම් මහතා බව ස්‌තුති පූර්වකව පැවසිය යුතුයි.

    හොඳම පිරිසක්‌ තෝරා ගැනීම මගේ එක්‌ ඉලක්‌කයක්‌ වුණා. ඒ අනුවයි ආනන්ද ජයරත්න, මාලිනි ෙµdන්සේකා සේම ලෙනින් මොරායස්‌ හා ඇන්ටන් ග්‍රෙගරි ද මා හා එක්‌වූයේ.

    මෙහි ප්‍රතිඵලය වූ "දැන් මතකද?" (1970) ප්‍රදර්ශනය වූයේ ආදායම් වාර්තා පිහිටුවමින්. ඉහළින්ම සතුටු වූ අය අතර කේ. ගුණරත්නම් මහතා ද සිටියා. තමන් වත්තල සිට අතරමඟ නවතිමින් කොළඹ ගිය බවත්, නීල් අතරමඟ නොරැඳෙමින් කෙළින්ම වේගයෙන් කොළඹ ගොස්‌ ඇති බවත් "දැන් මතකද?" නරඹා අවසන ඔහු මගේ පියාට පැවසුවා.

    ප්‍රශ්නය - ඔබේ සිනමාපට සමුච්චය අතරින් වැඩිම ජනප්‍රියත්වයක්‌ ලැබුණේ "හතරදෙනාම සූරයෝ" (1971) යි. එය පරයා ගිය විනෝදාත්මක සිනමා පටයක්‌ ලාංකික සිනමාව සතුව නැති බවත් සමහරු පවසනවා. ඊට විෂය වූයේ සමකාලීන නාගරික පීඩිත තරුණයන්ගේ අත්දැකීම් පෙළක්‌. "දැන් මතකද?" සඳහා ද විෂය කරගෙන තිබුණේ ඒ කරුණමයි. සමකාලීනව ප්‍රදර්ශිත කලාත්මක ගුණාංග කෙරෙහි සැලකිලිමත් වූ "හන්තානේ කතාව" (1970), "නිම් වළල්ල" (1970), "අක්‌කර පහ" (1970) වැනි සිනමා පටද තාරුණ්‍යයේ විවිධ අර්බුද පාදක කරගත් බව පෙනී යනවා.

    පිළිතුර - දැන් මතකද? සේම "හතරදෙනාම සූරයෝ" නිර්මාණය වූයේද මගේ ජීවන රටාව හා බැඳුණු දෑ සමගිනුයි. "සමුද්‍රd" සිනමා ශාලාවට ආගිය බොහෝ දෙනකු ඇසුරු කරන්නට මා අවකාශ සලසා ගත්තා. ඔවුන් විවිධ තරාතිරම්වල අය. ඒ අතර තරුණ ප්‍රේක්‍ෂකයන් හා මා තදින් බැඳුණා. ඔවුනගේ සිතුම් පැතුම්, ගැටලු සේම ඉරණම ගැනත් යම් අවබෝධයක්‌ ඇති කරගන්නට මට හැකි වුණේ ඒ අනුසාරයෙනුයි. "දැන් මතකද?" හා "හතරදෙනාම සූරයෝ" එහි ප්‍රතිඵල සේ ගත හැකියි.

    "හතරදෙනාම සූරයෝ" හි තරුණයන් සතරදෙනාම නියෝජනය කරන්නේ වරප්‍රසාද අහිමි පංතියයි. ඔවුන් එඩිතර යුක්‌තිගරුක, ජවසම්පන්න අය සේ නිරූපණය කරන්නට මා විශේෂයෙන් උත්සුක වුණා. ගාමිණී, විජය, සේනාධීර හා ඇන්තනි සී. පෙරේරා මේ චරිත නිරූපණයේ දී දැක්‌වූ සමත්කම හතළිස්‌ වසරකට පසුව වුවද දුර්වර්ණ වී නැහැ.

    ලෙනින් මොරායස්‌ගේ කැමරාකරණයත්, පී. එල්. ඒ. සෝමපාලගේ සංගීතයත්, එච්. ආර්. ජෝතිපාල - ඇන්ජලින් හා ලතාගේ ගායනාත් "හතරදෙනාම සූරයෝ" ලද සාර්ථකත්වය සමග සිටි බව කිව යුතුයි. මගේ සෙසු සිනමාපටවල ආ ගී සේම "හතරදෙනාම සූරයෝ" හි ආ ගීතද අදටත් ඉහළින්ම ජනප්‍රිය බව සත්‍යයක්‌.

    ප්‍රශ්නය - ඔබේ තෙවැනි සිනමාපටය වන "ආදරේ හිතෙනව දැක්‌කම" (1972) සැලකෙන්නේ සංගීතමය අත්දැකීමක්‌ ලෙසින්. එහි පීඩිත තරුණයන්, ත්‍රාසය හා භීතිය දකින්නට ලැබුණේ නැහැ. ආදර කතාව පවා සංගීතයෙන්, ගීතයෙන් යටපත් වූ අවස්‌ථා ද තිබුණා.

    පිළිතුර - තරුණ සහභාගිත්වය මුල්කර ගනිමින් ගොඩනැඟුණු පොප් සංගීත කණ්‌ඩායම් ඒ අවධියේ රට පුරා පැතිරෙමින් තිබුණා. වත්තල ප්‍රදේශයේ ද මෙබඳු සංගීත කණ්‌ඩායම් ගණනාවක්‌ම සක්‍රීයව පැවැති බව සඳහන් කළ හැකියි. මාත් ඔවුනගේ රසිකයකුව සිටියා.

    මේ සංගීත ධාරාව පසුබිම් කරගත් සිනමාපටයක්‌ නිර්මාණය කරන්නට මා දැක්‌වූ උනන්දුවේ ප්‍රතිඵලයයි "ආදරේ හිතෙනව දැක්‌කම." ගීත 12 ක්‌ ඊට ඇතුළත් වුණා.

    ප්‍රශ්නය - ඔබ මීළඟට නිර්මාණය කළ "ලස්‌සන කෙල්ල" සිනමා පටය සම්බන්ධයෙන් ප්‍රේක්‍ෂකයා දැරුවේ එපමණ යහපත් ආකල්ප නොවෙයි. ඔබ පවා "ලස්‌සන කෙල්ල" ගැන සතුටු නොවන බවයි පැවසෙන්නේ.

    පිළිතුර - ඇත්තෙන්ම "ලස්‌සන කෙල්ල" මගේ පූර්ව සැලසුම් අනුව නිර්මාණය නොවූ සිනමා පටයක්‌. මේ විජය කුමාරතුංග හා මාලිනී ෙµdන්සේකා ප්‍රධාන චරිත නිරූපණය කිරීම වාණිජමය වශයෙන් සාර්ථක වූ අවධියක්‌. මා උත්සාහ කළෙත් ඔවුන් දෙදෙනාගේ දායකත්වය තහවුරු කර ගන්නටයි. කෙසේ වුවද මගේ පියාගේ අභාවය නිසා එම සැලසුම් අර්බුදයකට ගියා.

    විජය හා මාලිනීට අවස්‌ථාවක්‌ තිබුණේ නැහැ. "ලස්‌සන කෙල්ල" හි රඟපෑම් සඳහා දින වෙන් කරන්නට. එසේම තිර නාටකය පිළිබඳවද මා සෑහීමකට පත්ව නොසිටි බව කිව යුතුයි.

    විජය හා මාලිනී වෙනුවට මා එක්‌කර ගත්තේ තිස්‌ස විඡේසුරේන්ද්‍ර හා ගීතා කුමාරසිංහයි. තිස්‌ස ඒ වන විටත් ජනප්‍රිය රංගන ශිල්පියෙක්‌ මේ ගීතාගේ ප්‍රථම සිනමා සහභාගිත්වය වනවා. "ලස්‌සන කෙල්ල" ලද එකම ජය සේ මා දකින්නේ සිනමාවේ බොහෝ දුරක්‌ ගිය ගීතාව හඳුන්වාදීමට අවස්‌ථාව ලැබීමයි.

    ප්‍රශ්නය - ඔබ දිගින් දිගටම රැඳුණේ සමකාලීන කතා පුවත් මතයි. එහෙත් "සරදියෙල්ගෙ පුතා" (1976) සිනමා පටයත් සමගින් ඔබ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය කරා රසිකයා කැඳවාගෙන යනවා. බ්‍රිතාන්‍ය පාලන සමය බොහෝ නිර්මාණ කාර්යයන්ට පාදක වූවක්‌. සිනමා පට ගණනාවක්‌ද බ්‍රිතාන්‍ය පාලන සමයේ විවිධ තැන් විෂය කොටගෙන නිර්මාණය වී තිබුණා. "සරදියෙල්ගෙ පුතා" සමගින් සිදු වන ඔබේ පිවිසුම කවරාකාරද?

    පිළිතුර - සරදියෙල් යනු ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය ආශ්‍රිතව හඳුනාගත හැකි සුවිශේෂී චරිතයක්‌. ඔහුගේ සැබෑ ජීවිතය අළලා මා විසින් රචනා කළ තිර නාටකය පදනම් කරගෙන සිනමා පටයක්‌ නිර්මාණය කරන්නට අවස්‌ථාවක්‌ උදා වුණේ නැහැ. ඊට ආසන්නතම හේතුව වූයේ ප්‍රවීණ සිනමාකරු ටයිටස්‌ තොටවත්ත සරදියෙල්ගේ ජීවිතය අළලා සිනමා පටයක්‌ නිර්මාණය කරන්නට උත්සුක වීමයි. මේ නිසා මා අදහස්‌ කළා විකල්ප අවස්‌ථාවක්‌ කරා යන්නට. සැබෑ සරදියෙල්ට පුතකු සිටි බව උපකල්පනය කරමිනුයි මා "සරදියෙල්ගේ පුතා" තිර නාටකය රචනා කළේ.

    සරදියෙල්ගෙ පුතාද, සරදියෙල් මෙන්ම සටන්කාමී අයෙක්‌. බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඔහුගේ පෙනී සිටීම පියාට දෙවැනි වූයේ නැහැ. එහෙත් පසුව ඔහුගේ ජීවිතය විකාශය වන්නේ වෙනත් ආකාරයකටයි. ප්‍රධාන චරිතය සරදියෙල්ගෙ පුතාගේ චරිතය නිරූපණය කරන්නට මා

    ඇරැයුම් කළේ ඇලෙක්‌සැන්ඩර් ප්‍රනාන්දුටයි. එතෙක්‌ මට කිට්‌ටුවෙන්ම සිටි විජය කුමාරතුංගට මේ චරිතය ගැළපුණේ නැහැ. ගාමිණී ෙµdන්සේකා ගත කරමින් සිටියේද කාර්යබහුල අවිවේකී සමයක්‌. සම්මත සිනමා තාරකාවක්‌ නොවුණද ඇලෙක්‌සැන්ඩර්Êප්‍රනාන්දු "සරදියෙල්ගෙ පුතා" ට සාධාරණය ඉටුකළා. ඒ බව සනාථ වන්නේ එහි ප්‍රදර්ශන සාර්ථකත්වය සමගිනුයි.

    ප්‍රශ්නය - ජන සමාජය සසල කළ විටෙක අපරාධකරුවන් සේ හංවඩු ගැසූ පුද්ගලයන්ගේ ජීවිත සිනමාවෙන් නිරූපණය කරන්නට ඔබ තුළ වූ මනාපය "යකඩයා" (1977) වෙතින්ද ප්‍රකට වනවා. කෙසේ වුවද "යකඩයා" ස්‌ත්‍රී පුරුෂ ප්‍රේමයම මුල්කර ගත් සිනමා පටයක්‌ නොවෙයි. යම් චරිත විග්‍රහයකටද ඔබ උනන්දු වනවා.

    පිළිතුර - වසර ගණනාවකට ඉහතදී අනුරාධපුර - මඩකලපුව ප්‍රදේශය බිය වැද්දූ "යකඩයා" සේ හඳුන්වා දුන් පුද්ගලයා ගැන ප්‍රවීණ පුවත්පත් කලාවේදී ජෝර්ඡ් ලෙස්‌ලි රණසිංහ සිදුකළ අධ්‍යයනය කෙරෙහි මා දැක්‌වූ අවධානයයි. "යකඩයා" සිනමා පටයට පදනම් වූයේ.

    "යකඩයා" සේ හැඳින්වූයේ එස්‌. ඒ. ජිනදාස නම් පුද්ගලයායි. ඇත්තෙන්ම ඔහු අතින් අපරාධ සිදු වුණා. ඊට ඔහු දඬුවම් ද ලැබුවා. කෙසේවතුදු ඔහු එහෙම පිටින්ම අපරාධකරුවකු සේ නොදකින්නටයි මා වෑයම් කළේ.

    පසු කලෙක ඇමරිකානු සංචාරයකදී මගේ ඇස ගැටුණු සඟරාවක "යකඩයා" ප්‍රචාරක පුවරුවක ඡායාරූපයක්‌ පළකොට තිබුණා. ඒ "ලිබර්ටි" යන වදනද සහිතව ඡායාරූපයට නැඟුණු ප්‍රචාරක පුවරුවේ වූයේ යකඩයා සිර මැදිරියේ යකඩ කූරු ඈත් කරන අවස්‌ථාවයි. "යකඩයා" ගැන අදහසක්‌ ඇති කර ගන්නට "ලිබර්ටි" යන්න සඳහන් එම ඡායාරූපයද මහෝපකාරී වනවා. "යකඩයා" ද උණුසුම් ප්‍රේක්‌ෂක ප්‍රතිචාර ලැබුණු සිනමා පටයක්‌. ඊට ගාමිණි ෙµdන්සේකාගේ ප්‍රබල රංගනය තීරණාත්මකව ඉවහල් වී තිබූ බව පැවසිය යුතුමයි.

    ප්‍රශ්නය - සම්මත සිනමා විචාරයේ අවධානයට ඔබේ සිනමාපට ලක්‌වූ ප්‍රමාණය සම්බන්ධයෙන් අප තුළ ඇත්තේ දැඩි නොඑකඟතාවක්‌. එහෙත් "අමල් බිසෝ" (1979) සිනමා පටය ප්‍රදර්ශනයට එක්‌වීමත් සමගම ඔබේ සිනමා අධ්‍යක්‌ෂණ සමත්කම අරභයා සැලකිලිමත් වීමක්‌ සිනමා විචාර පාර්ශ්වයෙන් පෙන්නුම් කරනවා. සැබැවින්ම "අමල් බිසෝ" ඔබ දිගින් දිගටම පිහිටා සිටි ස්‌ථාවරය බොහෝ දුරට සමහර විට මුළුමනින්ම බැහැර කළ සිනමා පටයක්‌.

    පිළිතුර - සත්‍ය පුවතකුයි "අමල් බිසෝ" ට විෂය වූයේ. එහෙත් ඒ ප්‍රසිද්ධියට පත්වූ පුවතක්‌ නොවෙයි. ඊට සම්බන්ධ චරිත අප්‍රකටයි. අදටත් ඉන් සමහරු ජීවත් වනවා.

    අවාසනාවන්ත යුවතියක හා ඈට පිහිටවූ උදාර මිනිසකු මේ පුවත තුළ ප්‍රධානයි. සරසවි සිසුන් තිදෙනකු මේ ගැන සොයා බලනවා. මගේ දැක්‌ම ප්‍රකාශයට පත් කරන්නේ ඔවුන්.

    විනෝදාත්මක සිනමා භාවිතයෙන් මා ලබා තිබුණේ ඉහළම සාර්ථකත්වයක්‌. දැන් මට අවශ්‍ය වූයේ කලාත්මක ගුණාංග මුල් කරගත් මනුෂ්‍ය ජීවිතයේ සියුම් තැන් ස්‌පර්ශ කළ හැකි සිනමා පටයක්‌ නිර්මාණය කරන්නටයි. එහි ප්‍රතිඵලයයි "අමල් බිසෝ."

    "අමල් බිසෝ" ද ඉහළ ප්‍රේක්‌ෂක ප්‍රතිචාර ලබා ගත් සිනමා පටයක්‌. වෙනත් මාදිලියේ සිනමා පටයක්‌ නිර්මාණය කළද ප්‍රේක්‌ෂකයන් මා ප්‍රතික්‌ෂේප නොකළ බවට එය හොඳම සාක්‌ෂියක්‌ වනවා.

    ප්‍රශ්නය - "හතර දෙනාම සූරයෝ" ඔබ අතින්ම ප්‍රතිනිර්මාණය වන්නේ වසර බොහෝ ගණනකට පසුවයි. මේ ගැන ඔබට පැවසිය හැක්‌කේ කුමක්‌ද?

    පිළිතුර - කවුරුත් දන්නා පරිදි "හතර දෙනාම සූරයෝ" ලබා ගත්තේ කිසිදා වියෑකී නොයන ජනප්‍රියත්වයක්‌. ඉතින් මා කල්පනා කළා, එහි තිර නාටකයම භාවිත කරමින් අලුත් පිරිසක්‌ සමග සිනමා පටයක්‌ නිර්මාණය කරන්නට. මුල් "හතර දෙනාම සූරයෝ" හි සහාය අධ්‍යක්‍ෂ ඇන්ටන් ග්‍රෙගරි ද මට උපරිම සහායක්‌ ලබා දුන්නා.

    මෙවැනි ප්‍රතිනිර්මාණ කාර්යයන් සිනමා ඉතිහාසය තුළ දැකගත නොහැකි තරම්. ගිනස්‌ බලධාරීන්ගේ අවධානයටද මා මේ කාර්යය ලක්‌කළා. මුදල් වැයකළ කාර්යයක්‌ නිසා මේ ගිනස්‌ වාර්තාවක්‌ නොවූවද ලෝක වාර්තාවක්‌ වන බව නම් ඔවුන් පැවසුවා.

    සාකච්ඡා කළේ - තුසිත ජයසුන්දර
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    "හතර දෙනාම සූරයෝ"යෙන් හමු වූ විජය හා ජෝති

    විජය මිය ගොස් වසර 28 කි. ජෝති මිය ගොස් වසර 29 කි. එපමණ කාලයක් ගත වුව ද මෙම කලාකරුවන් දෙදෙනා තවමත් ලාංකේය කලා කාමී හදවත්වල අමරණීයව ජීවත්වෙති.

    ජෝතිත් විජයත් සමරන මේ මොහොතේ ඔවුන් දෙදෙනා පිළිබඳව මතකය අවදි කිරීමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයකු අධ්‍යක්ෂවරයකු වන පද්මසිරි කොඩිකාර මහතාට අපි ඇරයුම් කළෙමු. ඒ; මෙම කලාකරුවන් දෙදෙනා ඉතා ළඟින් ඇසුරු කිරීමේ භාග්‍ය පද්මසිරි කොඩිකාර ලැබූ නිසා ය. මෙහි සටහන්වන්නේ පද්මසිරි කොඩිකාර මහතා අප සමඟ පැවසූ විජයත් ජෝතිත් පිළිබඳ සුන්දර මතකයන් ය.

    “විජය කුමාරතුංගයන් මට මුලින් ම හමුවුණේ 1971 වසරේදී; ඒ මම සමුද්‍රා චිත්‍රපට සමාගමේ වැඩවලට සම්බන්ධ වෙලා සිටි කාලයේ දී. ඒ දවස්වල ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටය සමුද්‍රා චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළා.

    මගෙ ගම නිල්පනාගොඩ. විජයගෙ අම්මගෙ ගම මැඩෑමුල්ල. විජයගෙ තාත්ත සීදූවෙ. මැඩෑමුල්ල කියන්නෙ නිල්පනාගොඩට අල්ලපු ගම. හැබැයි අල්ලපු ගමේ කියල 1971 ට ඉස්සර විජයත් මමත් අතරේ දැන හැඳුනුම්කමක් තිබුණේ නෑ.

    1971 දී විජය හඳුනා ගත්තට පසුව ඔහු මිය යනතෙක් ම අපි ඉතාම කිට්ටුවන්තයින්ව සිටියා. සිනමාවේදී පමණක් නෙමෙයි ඔහුගේ දේශපාලන කටයුතුවලදීත් පෞද්ගලික ජීවිතයේ යම් යම් අවස්ථාවලත් මම විජයගේ ළඟින් ම සිටි චරිතයක් වුණා. විජය ඇසුරු කරන්නට ලැබීම මගේ ජීවිතයේ මා ලද භාග්‍යයක් ලෙස සලකනවා.

    විජය කුමාරතුංග කියන්නේ ඉතාම උතුම් මිනිස් ගතිගුණ තිබුණු පුද්ගලයෙක්. අද සමාජයේ අප ඇසුරු කරන මිනිසුන් දෙස බලන විට විජය තුළ තිබූ උතුම් ගතිගුණ අසලටවත් ළංවෙන්න බොහෝ දෙනෙකුට හැකියාව නෑ.

    ඒ උතුම් මනුස්ස ගතිගුණ විජයට උපතින් ම ලැබුණු ඒවා. තම පවුලේ උදවියට, සිනමා ක්ෂේත්‍රයේ සහෝදර ශිල්පීන්ට පමණක් නෙමෙයි ඔහුට සමාජයේදී හමුවන සෑම පුද්ගලයකුට ම වාගේ ඔහු දයාව කරුණාව පෑවා. ඒකට උදාහරණ ඕනෑ තරම් දෙන්න පුළුවනි. විජය මිය යන්න මාස කීපයකට ඉස්සර ඔහුගේ අතේ මුදල් නැති නිසා ඔහු බැංකුවෙන් ණයක් ගත්තා. ඒ දේශපාලන වැඩවලට වියදම් කරන්න.

    එහෙම ඉන්න විට දවසක් විජය ගෙ සහෝදර කලා ශිල්පියෙක් විජය හමුවෙන්න ඇවිත් චෙක් එකක් දීලා සල්ලි අරගෙන ගියා. මම ඒ සිදුවීම දැක්කා. ඒ හිතවත් සිනමා ශිල්පියා ගියාට පසුව විජය ඒ ශිල්පියා දුන්නු චෙක් එක ඉරල කුණු කූ®ඩෙට දැම්මා. මම විජයගෙන් ඇහුවා ඇයි එහෙම කළේ කියලා. එතකොට විජය කිව්ව මම ඒ චෙක් එක ඉරල දැම්මේ ඒකෙ සල්ලි නැති නිසයි කියලා. ඒ ශිල්පියා මාස කීපයකට සැරයක් ඒ විදියට චෙක් එකක් ගෙනත් දීල සල්ලි අරගෙන යවනලු.

    නමුත් ඒ චෙක් වල සල්ලි නැතිකම විජයත් දන්නවලු. ඒ දැන දැනත් ඒ පුද්ගලයාට සල්ලි දුන්නේ ඔහු ගැන අනුකම්පා කරලයි. මෙයින් පේනවා විජය නැති බැරි අය කෙරෙහි කෙතරම් අනුකම්පා කළා ද කියන එක. විජය වගේ ම තමයි ජෝතිත්. ඔහුත් හරියට හිත උණු වෙන මිනිසුන්ට ගොඩක් ආදරය කළ කලාකරුවෙක්. සරමක් ඉල්ලගෙන ජෝති ළඟට ආව මනුස්සයෙකුට තමන් ඇඳගෙන සිටි සරම ගලවල දුන්නු එක කලා ක්ෂේත්‍රයම දන්න සිදුවීමක්.

    ඒක සිදුවෙන වෙලාවෙ ජෝති ළඟ හිටියෙ මම. මම දවසක් ජෝති හම්බවෙන්න මාලිගාවත්තෙ මහල් නිවාසවල තිබෙන ජෝතිගෙ ගෙදරට ගියා. එහෙම යන කොට ජෝති හිටියෙ තුවායක් ඇඳගෙන. මම ඇහුව “ඇයි ජෝති මේ තුවායක් ඇඳගෙන කියල. එතකොට ජෝති කිව්ව “වයසක සීය කෙනෙක් ඇවිත් සරමක් ඉල්ලුවා. ඒ වෙලාවෙ වෙනත් සරමක් ගේ හරියෙ නොතිබුණු නිසා මම ඇඳගෙන හිටිය සරම ඒ මනුස්සයට දුන්න” කියල. අන්න ඒ වගේ මිනිස්සුන්ට පුදුම විදියට ආදරය කළ පුද්ගලයින් දෙදෙනෙක් තමයි විජයත් ජෝතිත්.

    ජෝතිට රට පුරාම රසික රසිකාවියො සිටිය වගේ ම රටපුරාම යාළුවො සිටියා. ඒ තරම් යාළුවො පිරිසක් හිටිය කෙනෙක් ගැන මම කියන්න දන්නෙ නෑ. ඈත ගමක සංගීත සංදර්ශනයට ආරාධනාවක් ලැබුණම ඒ ආරාධනය කළ පුද්ගලයා ජෝතිගෙ යාළුවෙක් වෙනවා. ඊළඟ අවුරුද්දේ ජෝති සින්දු කියන්න ඒ ගමට යන්නේ අර යාළුවගෙ ඉල්ලීමට. ජෝතිත් විජයත් අතර තිබුණු තවත් විශේෂ ගතිගුණයක් තමයි ඔවුන් සතුව තිබුණු මතක ශක්තිය. ජෝතිට තමන්ගේ ගීත ඉස්පිල්ලක් පාපිල්ලක්

    වරද්දන්නේ නැතිව වසර 10 කට 15 කට පසුව වුණත් ගායනා කිරීමේ හැකියාව ජෝතිට තිබුණා. ජෝති ගැයූ බොහොමයක් ගීත ජෝතිට සිදුවූ සිදුවීම් ඇසුරෙන් ලියවුණු ගීත. කොපමණ කලක් ගියත් ඒ ගීතය රචනා කිරීමට හේතු වුණු කාරණාව පිළිබඳව හොඳ මතකයක් ජෝතිට තිබුණා. විජයගෙ මතකයත් ඒ වගේමයි. විජයට අවුරුදු කීපයකට ඉස්සර වෙලා මුණ ගැහිලා වචනයක් හෝ කතා කළ පුද්ගලයකු ගැන වුණත් පුදුම මතකයක් විජයට තිබුණා. ඒ වගේ ම විජය තමන්ට අතදුන් පුද්ගලයින්ව කිසිදා අමතක නොකළ කෙනෙක්.

    මම නිෂ්පාදනය කළ “සූරයන් අතර වීරයා”, “යුගයෙන් යුගයට” කියන චිත්‍රපට දෙකේම විජය රඟපෑවා. චිත්‍රපටයක රූපගත කිරීම් කරනවිට විජයට ඕන ඒවා උපරිම හොඳින් කරන්න. ඒකට ඔහුගේ උපරිම සහයෝගය ලබාදෙනවා. මගේ ‘සූරයන් අතර වීරයා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රෝයි ද සිල්වා. මෙහි එක දර්ශනයක් තියෙනවා ප්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ සහ ක්ලීටස් මෙන්ඩිස් රඟපාන. මේ දර්ශනය රූපගත කරන හැටි විජය බලාගෙන සිටියා.

    එහි පළමු දර්ශනය අධ්‍යක්ෂවරයා OK කළා. නමුත් විජය පැත්තක ඉඳල කිව්ව “නැහැ රෝයි ඒ ෂොට් එක ආපසු ගමු, මේ ගොල්ල ඒක හොඳට කරනව“ කියල. ඒක විජයට අයිති කාර්යයක් නෙමෙයි. නමුත් විජයට ඕනෑ කළේ වැඩේ හොඳට කෙරෙන්නයි. ඒක අහපු රෝයි නැවත ඒ දර්ශනය ගත්තා. කිව්ව වගේ ම දෙවැනි ෂොට් එක ඉතාම ලස්සනට ආවා. විජයත් චිත්‍රපට කීපයක් ම නිෂ්පාදනය කළා. ඒ චිත්‍රපට හදන අවස්ථාවල මමත් විජය සමඟ සිටියා. ඔහු ඔහුගේ චිත්‍රපට හදන විට දක්වන උනන්දුවට වඩා උනන්දුවක් මගේ චිත්‍රපට හදද්දී දැක්වූවා. මගේ චිත්‍රපට වලට ඔහු විශාල දායකත්වයක් ලබාදුන්නා.

    විජය සතුව තිබුණු තවත් උතුම් ගති ලක්ෂණයක් තමයි තම මවට බිරිඳට සහ දරුවන්ට දැක්වූ අසීමිත ආදරය. අපි හැමදෙනාම තමන්ගෙ අම්මලට ගොඩක් ආදරෙයි. නමුත් අපි අපේ අම්මලට දක්වන ආදරයත් විජය තමන්ගෙ අම්මට දක්වපු ආදරයත් අතරේ විශාල වෙනසක් තියෙනව කියල මම හිතනව. ඒකට හොඳ උදාහරණයක් මට මතකයි. ඒ මින්නේරියේ අතුරු මැතිවරණය පැවැති කාලය. විජයත් මමත් ඡන්ද වැඩවල යෙදිල හිටියා. එදා අපි හිටියෙ හිඟුරක්ගොඩ. එදා රෑ මට විජය කතා කරල කිව්ව කොළඹ ගිහිං එමුද කියල. හා කියල මම විජයත් එක්ක කොළඹ එන්න පිටත් වුණා.

    හිගුරක්ගොඩින් පිටත්වන විටත් රෑ 10 යි. ඔහු මේ රෑ යන්නෙ අම්මව බලන්න. ඡන්ද වැඩ නිසා අපි දෙන්නටම හරිම වෙහෙසයි; නිදි මතයි. දෙන්න මාරුවෙන් මාරුවට වාහනය එළවගෙන කොළඹ තලකොටුවෙ ගෙදරට ආවා. එතකොට පාන්දර ජාමෙ. අපි එතකොට අම්මා හොඳටම නිදි. ගෙදර බලාගන්න අය ඇවිත් දොර හැරියට පස්සෙ විජය කෙලින් ම ගියේ අම්මගෙ කාමරේට. එතකොට අම්මාව බලාගන්න ගෑනු කෙනා ඇහුව “මහත්තයා ලොකු නෝනට කතා කරන්නද” කියල.

    විජය එතකොට කිව්ව “එපා; අම්මව නින්දෙන් ඇහැරවන්න එපා” කියල. ඊට පසුව විජය නෙට් එක අස්සෙන් අම්ම දිහා බලාගෙන ටික වෙලාවක් හිටියා. පසුව “යමු කොඩිකාර” කියල මට කිව්ව. අපි ආපහු හිඟුරක්ගොඩ ගියා. විජය හිගුරක්ගොඩ ඉඳල මහ රෑම කොළඹ ආවේ අම්මව බලල යන්න. තම මවට දක්වන එවැනි ආදරයත් මම වෙනත් දරුවකු තුළ දැකල නැහැ. අපිට හිතන්නවත් බැරි මව් සෙනෙහසක් විජයට තම මව කෙරෙහි තිබුණා.

    ඒ වගේ ම තමයි විජය තම දරුවන්ට සහ බිරිඳ වන චන්ද්‍රිකා මැඩම්ට දක්වපු ආදරය. විජයගෙ නිවෙසේ රියදුරන් දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් චන්ද්‍රිකා මැඩම්ගේ වාහනයට. අනෙක් රියදුරා විජයගෙ වාහනයට. ඒ කවුරු සිටියත් දරුවන් දෙන්නව පාසල් ගෙනියන්නේ විජය. දරුවන්ගේ පාසල්වලට ගිහිල්ල විජය සෑම විටම උත්සාහ කළේ අනික් දෙමව්පියන් වගේ ම සාමාන්‍ය තාත්ත කෙනෙක් වෙන්න. දුව පාසල් ගියේ මියුසියස් විද්‍යාලයට.

    ඒ ලංකාවේ යුද්ධය තදින් ම පැවතුණු කාලය. පාසල් වලත් බෝම්බ බිය තිබුණු කාලය. ඒ දවස්වල පාසලේ දරුවන්ගෙ මවුපියන් දින බෙදාගෙන තම දරුවන්ගේ ආරක්ෂාවට සෝදිසි කිරීම්වල යෙදෙනව. එදා දුව වෙනුවෙන් විජය පාසල ළඟ සෝදිසි කිරීම්වලට යන්න ඕන දවස.

    ඔහු ගියේ මාත් එක්ක. එතැනට ගිහිං අනෙක් තාත්තල වගේ ම විජයත් සෝදිසි කිරීම්වල යෙදුණා. එතැනදී වුණේ මහ සෙනඟ පිරිසක් එතැනට රැස්වීමයි. මහා වාහන තදබදයක් පාසල ඉදිරිපිට ඇතිවීමයි. ඒ විජය බලන්න. ඒ වෙලාවෙ විදුහල්පති තුමිය ඇවිත් කිව්ව මිස්ටර් විජය ඔයා මෙතන ඉන්න එපා. ඔයා යන්න කියල. ඊට පස්සෙ විජය ගෙදර ආවා. එයින් විජය පෙන්නුම් කළේ තම දරුවන්ගේ වැඩ කටයුතු වලට තමන් උපරිමයෙන් දායක වෙන බවයි.

    විජය මියගොස් වසර 28 ක් ගත වෙලත් විජයට අපේ සමාජයේ මිනිසුන් තවමත් හරිම ආදරෙයි. ඒ විජය තුළ තිබුණු උතුම් මිනිස් ගතිගුණ සමාජයට හොඳින් දැනුණු නිසා. ඔහු පිට පිටම පස්වතාවක් සිනමාවේ ජනප්‍රියම නළුවා බවට පත් වුණේ ජනතාව ඔහුට ආදරය කළ නිසා; ඔහු ජනතාවට ආදරය කළ නිසා.

    ජෝති ගැනත් කියන්න තියෙන්නේ මේ දේමයි. දැන් ඔහු මියගොස් වසර 29 ක් ගතවෙලා. නමුත් ලංකාවේ සෑම ගුවන් විදුලි නාලිකාවකම දිනකට වැඩිපුරම ප්‍රචාරය වෙන්නේ ජෝතිගේ ගීත. ජෝති තවමත් අපේ රටේ මිනිසුන්ගේ හදවත් තුළ ජීවත්වෙනවා. නමුත් මේ උතුම් දක්ෂ කලාකරුවන් වූ මනුෂ්‍යයින් දෙදෙනාම ඔවුන් ජීවත්ව සිටියදී නිසි ඇගයීමකට ලක් වුණා ද කියන එකයි ගැටලුව.
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    බෝම ස්තූතියි සහෝ..
    ගාමිණී ඉන්න ෆිල්ම් බලන්න මම හරි කැමතියි..
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,327
    110
    63
    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං

    Hall වලට ගිහින් බලන්න තරම් වටින films දැන් ලංකාවේ හැදෙනවද ? :dull::dull:
     

    tikkabandu

    Member
    Sep 16, 2023
    1
    0
    1

    asksajee meka download karanna bane. please mata film eka hoyala denna puluwanda?​


    හතර දෙනාම සූරයෝ (1971) සිංහල ෆිල්ම් Hathara Denama Soorayo (1971) Sinhala Film

    Hathara_Denama.jpg


    හතර දෙනාම සූරයෝ (1971)

    Cast & Crew
    * Gamini Fonseka
    * Vijaya Kumaranatunga
    * Sriyani Amarasena
    * Malani Fonseka
    * Senadheera Rupasinghe
    * Anthony C. Perera

    Directed - Neel Rupasinghe
    Story - Dharmasiri Gamage
    Music - P.L.A. Somapala (චිත්‍රාල් සෝමපාලගේ පියා)
    Cinematography - Lenin Morayas
    Edited - W.K. Ruban


    Songs
    * පැතුම් මල්ලකී මේ ජීවිතේ – ලතා වල්පොල
    * මේ දෑස මගේ පින්වන්තයි – එච්. ආර්. ජෝතිපාල
    * අහා අහා ආදරණිය සිනා - ජෝතිපාල, ඇන්ජලින්
    * රත්තරනින් රන් කිරිල්ලියේ - එම්. එස්., ඇන්ජලින්
    * කොඩි ගහ යට මම උපන්නේ එම්. එස්., ජෝතිපාල, පිරිස
    * ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ


    Hathara_Denama_Soorayo_1971_WEBRip_720p_H264_AAC.jpg


    මෙන්න ලින්ක එක
    https://openload.co/f/IymBrx0IsrI/Hathara.Denama.Soorayo.1971.WEBRip.720p.H264.AAC-Ak47.mp4

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    [හතර දෙනාම සූරයෝ ෆිල්ම් එක ගැන පළවුන විස්තරයක් දැම්මා ඒකත් කියවලා බලන්න. හැමදාම අපි කරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්...... අලුතින් යමක් එකතුවේවි ජීවිතයට]

    asksajee oya dala thiyena link eka wada karanna nane. please mata oya film eka hoyala denna puluwanda? mama ekata asayi...​

    ------ Post added on Sep 16, 2023 at 8:03 PM