මරණ_දඬුවම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නූරිවත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ 'අත කොටා' ඇතුලු 18 කට මරණ දඬුවම්

nuri.jpg

රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ 2013 වසරේ දැරණියගල නුරි වත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ හිටපු ප්‍රාදේශීය සභා සභාපති අනිල් චම්පික විජේසිංහ (අතකොටා ) ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.
වසර 3 ක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම්.ඩී.එස්. අබේරත්න විනිසුරුවරිය මේ තීන්දුව ප්‍රකාශයට පත් කළා.
මේ සඳහා සැකපිට 21 දෙනෙකු අල්ලාගෙන තිබූ අතර විත්තිකරුවන් 18 දෙනෙකුට එරෙහිව නැගූ අධි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව අද තීන්දු විය.
2013 ජූලි මස 5 වන දා දැරණියගල නුරි වත්තේ වතු අධිකාරීවරයා වූ නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා ගෙන් පලිගන්නට සිතූ මෙම කණ්ඩායම ඔහු අල්ලාගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස්‌ අවයව ඉවත්කොට,
කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඔහුව ම්ලේච්ඡ ලෙස ඝාතනය කර තිබුණි.
මෙම සිද්ධිය යම් යම් දේශපාලන සබඳතා නිසා ඒ කාලයේ යට ගිය එකකි.
මෙම ඝාතනය සිදු කර තිබුනේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වූ අනිල් චම්පික විජේසිංහ ඇතුළු පිරිසකි. ඔහුව ‘අතකොටා‘ යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වා තිබේ.
අතකොටා යනු නුරි වතුයායේම නුරිවත්තෙ මුරකාර රැකියාව කළ තැනැත්තෙකුගේ දරුවෙකි. පවුලේ අතකොටාත් සමග දරුවන් හත් දෙනෙකි. ඔහුගේ අත අහිමි වන්නේ කුඩා කාලයේ සිදුවන අනතුරකිනි. මේ පවුලේ අය රස්‌සාවට කළේ කසිප්පු පෙරීමය.
අනිල් චම්පික විඡේසිංහ ප්‍රාදේශීය සභා ඡන්දයේදී ප්‍රදේශයේ ප්‍රධානම දේශපාලන බලවතාවූ මහීපාල හේරත්ගේ හා ඔහුගේ පුත්‍රයාගේ සමීප හිතවතෙක්‌ වූ බව කියැවිණි.
පසුගිය රජය සමයේ තංගල්ලේදී හික්‌කඩුවේදී රත්නපුරේ කොටකෙතනදී සිදුවුණා සේ ප්‍රාදේශීය මැරයෙක් ලෙස අනිල් චම්පික මතුව සිටි බව කියැවේ.

දැරණියගල නුරි වත්තේ කසිප්පු විකිණීමේ ඒකාධිකාරිය අතකොටාට තිබුණ බවත් ඔහු ඉන් විශාල ආදායම් ඉපයූ බවත් වාර්තා විය. අතකොටාගේ ඥාතීන්ගේ කඩ සාප්පු හැර නුරිවත්ත අවට වෙන අයට වෙළදාම් කිරීම තහනම් වූ බවත් වාර්තා විය.
ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස ඇමරිකානු වොල්ටර් බේ ජාත්‍යන්තර වැවිලි සමාගම විසින් කළමනාකරණය කරන ලද මෙම වතුයායේ ජීවත් වුයේ දුප්පත් මිනිස්‌සුය. මේ මිනිස්‌සුන්ගෙන් කොටසක්‌ දෙමළය. වතුලැයින් වල ජීවත් වූ දෙමළ මිනිස්‌සුය. කොටසක්‌ සිංහලය. එදා වේල හොයා ගන්නා අසරණයින්ය.

ඔවුන්ට මොහුගෙන් නිතරම සිදුව තිබුනේ හිරිහැරයි.නුරිවත්තේ ඉඩම් මොහු පැහැරගැනීමද ඒවායේ වගාවන් කිරීමද ඔහු කළ බව කියැවේ.

ලැයිමක ඇහැට කණට පෙනෙනා කාන්තාවක්‌ හෝ දැරිවියක්‌ වේ නම්, එම තැනැත්තිය අතකොටාගේ සිත් ගත්තේ නම් ඇය ඔහුගේ අනිවාර්ය ගොදුරක්‌ වූවාය. මේ ස්‌ත්‍රී දුෂණ බොහෝවිට සිදුවූයේ බිලගම බටකැලේ ප්‍රදේශයේ හා අත්හැර දමා තිබූ බස්‌නාල ඩිස්‌පෙන්සරිය තුළ බවටද වාර්තා පළවිය.

වැඩිවියට පත් දැරියක්‌ දෙමව්පියන් නිවසින් පිටතට ඇද දමා නිවස තුළදී දූෂණය කළ සිද්ධියක්ද වාර්තා විය. තවත් අවස්‌ථාවක දැරණියගල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරි‍යක්ද
ව්‍යාපාරිකයාට පහරදී එළියට ඇද දැමීමෙන් පසු දුෂණය කර තිබුණි.

එකල දැරණියගල තිබුණේ පොලීසියක්‌ නොව, ගුබ්බෑයමකැයි විවේචන පළ විය. ප්‍රදේශයේ දේශපාලනයේ නින්දා සහගත බත්බැලයන් එහි සිටි අතර කිසිදු අසාධාරණකමක් ගැන සාධාරණය ඉටුවූයේ නැත.

මිනීමැරුම් ස්‌ත්‍රී දූෂණ යට ගැසූ ඔවුන් පැමිණිලි කරන්නට පැමිණි අය පොලීසියෙන් පලවා හැරිය අවස්ථා රාශියකි. පැමිණිල්ල දැමිමට පැමිණි පුද්ගලයන් පිළිබද තොරතුරු අපරාධකරුවන්ට දන්වා ප්‍රතිප්‍රහාර සූදානම් කරවා තත්වය දරුනු කර තිබුනේද එකල පොලිසියයි.

නූරිවත්ත වතුඅධිකාරවරයාගේ මරණය සිදුවන්නේ මෙම ප්‍රවාහයට එරෙහිවන්නට යාමෙනි.

අතකොටාත් ඔහුගේ ගෝලයනුත් නුරිවත්තේ සිදු කරන දැව සංහාරය ගැන පොලිසියට කියන්නට ගොස් නිහාල් පෙරේරා නුරි වත්ත තුළදීම අතකොටා ඇතුළු මැරයින්ගේ පහර කෑමට ලක්‌විය.
රාජකාරි කළ කෙටි කාලය තුළ හේ දෙවරක්‌ බරපතල ලෙස පහර කෑමට ලක්‌වුණේය.
දැරණියගල පොලිසියටද එවක වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහට මේ නින්දාසහගත ස්‌වරූපය ලිඛිතව දැනුම්දී තිබුනි.නමුත් අතකොටාගේ බලයට කවුරුත් කටපියා සිටි බව වාර්තා විය.

මැරයින් වතුඅධිකාරවරයාව කපා මරන්නේ ඉන් අනතුරුවය. එම මරණය සිදුකළ ම්ලේච්ඡ ආකාරය කිසිවෙකුට අදහාගත නොහැක්කකි. ඔහු අල්ලාගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස්‌ අවයව ඉවත්කොට, කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කර මේ වගේ වැඩ කළොත් බලාගන්න යන අනතුරු හැඟවීමද කර සතෙක් සිවුපාවෙක් ලෙස ඔහුව මරා දමා තිබුණි.

සිද්ධියෙන් පසුව දැරණියගල පොලිසියේ සියල්ලම මාරු කර යවා තිබුනි. අතකොටාත් ඔහුගේ ගෝල පන්තියත් අත්අඩංගුවට ගැනුනේ කලකට පසුය. අතකොටාගේ කසිප්පු ව්‍යාපාරය කරගෙන යන, ඔහුගේ සහෝදරියගේ පුතා වන මත්කුඩු චෝදනා සහිත අමිල, සහෝදරයෙක්‌ වූ කරාටි ශාන්ත,කොණ්‌ඩ චමින්ද, රංගන, බේබි, සුද්දා ඇතුළු කල්ලිය විසින් මෙම අපරාධය සිදු කර තිබුණි.

මෙම ඝාතනයෙන් පසුවත් සුපුරුදු ලෙස එය යට ගසන්නට ඔහුට බලවත් හැකියාවක් තිබූ නමුත් වසර 3 ක ඇවෑමෙන් මෙවැනි අපරාධ කරුවන්ට දඩුවම් ලැබෙන වාතාවරණයක් අධිකරණයේ මතුවීම මත අතකොටා ඇතුලු 18 දෙනෙකුට මරණ දඬුවම නියම විය.

page.jpg
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙය උපුටා ගන්න ලද්දේ ගොසිප් ලංකා වෙබ් අඩවියෙනි. එහි පළවූ කමෙන්ටු කිහිපයක් ඔබ හමුවේ තබමි.

SAHAN · 3 hours ago
ඔය පහුගිය කාලේ දේශපාලන බලයෙන් යටපත් වුනු මිනි මැරුම් නඩු දැන් කාටවත් බය නැතුව දේශපාලන බලපෑම් නැතුව සිදුවන හැටි දකින කොට ඇත්තටම අපට සන්තෝසයි, යහපාලනයේ හොද ගුණාංග

Jhonson · 2 hours ago
මේ ආන්ඩුව දැන් ලොකේ නැති පිස්සු කෙලියට, 2015 දී මහින්ද පැරදුනේ අහම්බයක් නිසා වත් ජනතාවගේ වැරැදි තීරනයක් නිසාවත් නෙවේ, මෙන්න මේ සිද්ද යුන දේවල් නිසා, මහින්ද ල හිටියනම් මුන්ට දඩුවම් මේ විදියට ලැබෙයි කියල කාටද කියන්න පුලුවන්?? මේවා දකිනකොට කොටි නෙවේ කොටින්ගේ බාප්පලා නැගිටිනවා කිව්වත් මහින්ද සහ ඔහුගේ පිරිවර නම් ආයි ඕනෙ නෑ කියල හිතෙනවා

Report
Reply

+6
ඇම්ඩා · 32 minutes ago

බදු පිට බදු ගැහුවත් කමක් නෑ කියල හිතෙනවා මේ වගේ අධිකරණය ස්වාධීනව වැඩකරනවනම්... පහුගිය ආණ්ඩුව පත්කරන්න මම චන්දෙ දුන්න එක ගැන දුක් වෙවී හිටියෙ... මේ ආණ්ඩුව පත් කරන්න මම ඡන්දෙ දුන්නෙ නෑ... ඒක නිසා අසාධාරණ බදු ගහන එකට ඕන තරම් කෑ ගහන්න පුළුවන්..

දණ්ඩා · 1 hour ago
නෙදකින් මේ වගේ කාළකන්නි ආරක්ෂා කරපු එවුන්ට මුලින් ගහන්න ඕනේ....
 
prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    erozan ගේ comment එක බැලීමට ආවේ කෝ මේ එරෝසන්... මුන්ට මරණ දඩුවම දුන්නා වගේම මුන් වගේ එවුන් බිහිඋන බිහි කරන දේශපාලන වේ#වන්ටත් දඩුවම් දෙන්න ඕනි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    නියම වැඩක්,මේ වගෙ කාලකන්නි ට මේ දඬුවම් දුන්නට පව් නෑ :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    දැන් අඩලා වැඩක් නෑ. හොරුන්ගෙ පස්සෙ ගිහින් උන්ට උඩගෙඩි දෙන්න කලින් දැනගන්න ඕන කෙලවුනාම ඕකුන් බලන්නේ නෑ කියල. දැන් සතුටු ඇති. පව් ගෙවල්වල මිනිස්සු. එකෙක් ඉන්නවලු තාම ඉපදිච්ච දරුවවත් ඇහැට දැකල නැලූ.. කරන්න දෙයක් නෑ සහෝදරයා.. :sorry:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මෙය උපුටා ගන්න ලද්දේ ගොසිප් ලංකා වෙබ් අඩවියෙනි. එහි පළවූ කමෙන්ටු කිහිපයක් ඔබ හමුවේ තබමි.

    SAHAN · 3 hours ago
    ඔය පහුගිය කාලේ දේශපාලන බලයෙන් යටපත් වුනු මිනි මැරුම් නඩු දැන් කාටවත් බය නැතුව දේශපාලන බලපෑම් නැතුව සිදුවන හැටි දකින කොට ඇත්තටම අපට සන්තෝසයි, යහපාලනයේ හොද ගුණාංග

    Jhonson · 2 hours ago
    මේ ආන්ඩුව දැන් ලොකේ නැති පිස්සු කෙලියට, 2015 දී මහින්ද පැරදුනේ අහම්බයක් නිසා වත් ජනතාවගේ වැරැදි තීරනයක් නිසාවත් නෙවේ, මෙන්න මේ සිද්ද යුන දේවල් නිසා, මහින්ද ල හිටියනම් මුන්ට දඩුවම් මේ විදියට ලැබෙයි කියල කාටද කියන්න පුලුවන්?? මේවා දකිනකොට කොටි නෙවේ කොටින්ගේ බාප්පලා නැගිටිනවා කිව්වත් මහින්ද සහ ඔහුගේ පිරිවර නම් ආයි ඕනෙ නෑ කියල හිතෙනවා

    Report
    Reply

    +6
    ඇම්ඩා · 32 minutes ago

    බදු පිට බදු ගැහුවත් කමක් නෑ කියල හිතෙනවා මේ වගේ අධිකරණය ස්වාධීනව වැඩකරනවනම්... පහුගිය ආණ්ඩුව පත්කරන්න මම චන්දෙ දුන්න එක ගැන දුක් වෙවී හිටියෙ... මේ ආණ්ඩුව පත් කරන්න මම ඡන්දෙ දුන්නෙ නෑ... ඒක නිසා අසාධාරණ බදු ගහන එකට ඕන තරම් කෑ ගහන්න පුළුවන්..

    දණ්ඩා · 1 hour ago
    නෙදකින් මේ වගේ කාළකන්නි ආරක්ෂා කරපු එවුන්ට මුලින් ගහන්න ඕනේ....

    දැන් මේකට සම්බන්ධ මහීපාල හේරත් ඉන්නේ යහපාලන නඩේ ඔඩොක්කුවේ නෙමේද? නල්ල මලේ සාධාරන නඩු ඇසීම..
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    erozan වැල්හින්නියක් වගේ හැම තැනම කිය කියා ඇවිදින්නේ my3 ට චන්දෙ දුන්නේ ලක්ෂ 62 මි හරක් කියලා නේ මෙන්න මේ comment එකේ තියනවා සියලුම දේ
    "මේ ආන්ඩුව දැන් ලොකේ නැති පිස්සු කෙලියට, 2015 දී මහින්ද පැරදුනේ අහම්බයක් නිසා වත් ජනතාවගේ වැරැදි තීරනයක් නිසාවත් නෙවේ, මෙන්න මේ සිද්ද යුන දේවල් නිසා, මහින්ද ල හිටියනම් මුන්ට දඩුවම් මේ විදියට ලැබෙයි කියල කාටද කියන්න පුලුවන්?? මේවා දකිනකොට කොටි නෙවේ කොටින්ගේ බාප්පලා නැගිටිනවා කිව්වත් මහින්ද සහ ඔහුගේ පිරිවර නම් ආයි ඕනෙ නෑ කියල හිතෙනවා''

    මේ ආණ්ඩුව යන විදියටත් ඒ කට්ටියටත් ඒ සේතේම තමයි වගේ පෙන්න තියෙන්නේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඉතිං දුන්නට මරණවද ? :no: :no:
    මල සමයං :dull: :dull:
    කන්න දිදී පණ පිටිං තියාගන්න එකට තමා මරණ දඬුවම කියන්නෙ :dull: :dull:
    මාත් අපේ බල්ලට මරණ දඬුවම දීල තියෙන්නෙ :yes: :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුන්ගේ මුණු පෙන්නන්න ඕනේ ලෝකෙටම පෙන්න. කොයි දේශපාලකයා ගාවත් ඕවගේ මැරයෝ ඉන්නේවා , ඉස්සරයි දැනුයි කියලා වෙනසක් නෑ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මෙය උපුටා ගන්න ලද්දේ ගොසිප් ලංකා වෙබ් අඩවියෙනි. එහි පළවූ කමෙන්ටු කිහිපයක් ඔබ හමුවේ තබමි.

    SAHAN · 3 hours ago
    ඔය පහුගිය කාලේ දේශපාලන බලයෙන් යටපත් වුනු මිනි මැරුම් නඩු දැන් කාටවත් බය නැතුව දේශපාලන බලපෑම් නැතුව සිදුවන හැටි දකින කොට ඇත්තටම අපට සන්තෝසයි, යහපාලනයේ හොද ගුණාංග

    Jhonson · 2 hours ago
    මේ ආන්ඩුව දැන් ලොකේ නැති පිස්සු කෙලියට, 2015 දී මහින්ද පැරදුනේ අහම්බයක් නිසා වත් ජනතාවගේ වැරැදි තීරනයක් නිසාවත් නෙවේ, මෙන්න මේ සිද්ද යුන දේවල් නිසා, මහින්ද ල හිටියනම් මුන්ට දඩුවම් මේ විදියට ලැබෙයි කියල කාටද කියන්න පුලුවන්?? මේවා දකිනකොට කොටි නෙවේ කොටින්ගේ බාප්පලා නැගිටිනවා කිව්වත් මහින්ද සහ ඔහුගේ පිරිවර නම් ආයි ඕනෙ නෑ කියල හිතෙනවා

    Report
    Reply

    +6
    ඇම්ඩා · 32 minutes ago

    බදු පිට බදු ගැහුවත් කමක් නෑ කියල හිතෙනවා මේ වගේ අධිකරණය ස්වාධීනව වැඩකරනවනම්... පහුගිය ආණ්ඩුව පත්කරන්න මම චන්දෙ දුන්න එක ගැන දුක් වෙවී හිටියෙ... මේ ආණ්ඩුව පත් කරන්න මම ඡන්දෙ දුන්නෙ නෑ... ඒක නිසා අසාධාරණ බදු ගහන එකට ඕන තරම් කෑ ගහන්න පුළුවන්..

    දණ්ඩා · 1 hour ago
    නෙදකින් මේ වගේ කාළකන්නි ආරක්ෂා කරපු එවුන්ට මුලින් ගහන්න ඕනේ....
    :lol::lol: ගොං කතා. මේක අවුරුදු 3ක් තිස්සෙ අහපු නඩුවක් නේ. එතකොට මහින්ද මෙයාව අවුරුද්දක් තිස්සෙ හිරේ තියල තියනව තීන්දුවක් නොදී. යහපාලනේ ඇවිත් අවුරුදු දෙකක් ගියේ ඇයි තීන්දුව දෙන්න? :P
    ගිය ආණ්ඩුව කාලෙ මේ රටේ නීතියක් නෑ වගේ නෙ මුංගෙ කතාව. Khuram Shaikh ඝාතනයට අර සම්පත් කියන එකාට මරණ දඬුවම දුන්නෙත් යහපාලනේ ඇවිත් වෙන්න ඇති.:rofl:
    ඕව ඔක්කොම යහපාලන සට්ටැඹියො පතුරවපු පච මතවාද. සමහරු තාමත් කරේ තියන් යනව.:lol:
    :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,173
    113
    රඹා;20957246 said:
    :lol::lol: ගොං කතා. මේක අවුරුදු 3ක් තිස්සෙ අහපු නඩුවක් නේ. එතකොට මහින්ද මෙයාව අවුරුද්දක් තිස්සෙ හිරේ තියල තියනව තීන්දුවක් නොදී. යහපාලනේ ඇවිත් අවුරුදු දෙකක් ගියේ ඇයි තීන්දුව දෙන්න? :P
    ගිය ආණ්ඩුව කාලෙ මේ රටේ නීතියක් නෑ වගේ නෙ මුංගෙ කතාව. Khuram Shaikh ඝාතනයට අර සම්පත් කියන එකාට මරණ දඬුවම දුන්නෙත් යහපාලනේ ඇවිත් වෙන්න ඇති.:rofl:
    ඕව ඔක්කොම යහපාලන සට්ටැඹියො පතුරවපු පච මතවාද. සමහරු තාමත් කරේ තියන් යනව.:lol:
    :lol:

    කඩේ යනවා නම් හරියට පලයන් බොරු විදින්නේ නැතුව :rofl::rofl::rofl:

    The trial of the guilty stalled due to the political alliance Sampath Vidanapathirana had with the president. But under intense diplomatic preassure by the UK government Sampath Vidanapathirana was jailed for 20 years for culpable homicide not amounting to murder, along with three other men in July 2014 almost two years after the crime.

    https://en.wikipedia.org/wiki/Khuram_Shaikh_murder#Trial_and_Conviction