ඉන්ධන පරිවර්ථනය
ඉන්ධන පරිවර්ථනය සිදුකළ හැකි වන්නේ ලි.පි කළ දින සිට වසර 3 කට පසුව හා වසර 25 කට පෙර කාලසීමාව තුළ පමණි.
අදාල ලිපි ලේඛන
CMT 130 පෝරමය.
CMT 72 පෝරමය.
ආදායම් බලපත්රයෙහි ඡායා පිටපතක්.
ෆිනෑන්ස් කම්පැනි එකේ ලිපිය ( ෆිනෑන්ස් තිබේනම් පමණි ).
එන්ජින් එකේ බිල්පතෙහි ඡායාපිටපතක්.
ලි.පි සහතිකයේ ඡායා පිටපතක්.
ඉල්ලීම් ලිපියක්.
ක්රියාවලිය
ඉහත ලිපිලේඛන කාර්මික ශාඛාව වෙත ඉදිරිපත් කර ඉන්පසුව ඒ සඳහා මෝ.ප්ර.කො ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය ලබාගතයුතුය.
අනුමැතිය ලබාගත් ලියවිලි හා වාහනය වේරහැර කාර්යාලය වෙත ඉදිරිපත් කර බර සහතිකයක් ලබාගෙන ඉන් අනතුරුව අදාල ගබඩාව වෙත ලියවිලි භාරදී ඉන්ධන පරිවර්ථනය සිදුකර ගත යුතුය.