ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ සීමාසහිත සෙනොක් ඕටොමොබයිල්ස් පුද්ගලික සමාගම අතර ශ්‍රී ලංකාවේ කුළියාපිටියේ ෆොක්ස්වැගන් මෝටර් වාහන එකළස් කිරීමේ නිෂ්පාදනාගාරයක්සඳහා අදාළ ගිවිසුම අත්සන් තබන ලද්දේ 2015 වසරේ අගෝස්තු 13 වැනිදාය.....එදින එම ගිවිසුම අත්සන් කරන ලද්දේ ආයෝජන මණ්ඩල පාර්ශවය වෙනුවෙන් එහි සභාපති උපුල් ජයසූරිය මහතා, සෙනොක් සමාගම වෙනුවෙන් එහි සභාපති නොයෙල් සෙල්වනායගම් මහතා වන අතර, ඒ අවස්ථාවට ජර්මානු තානාපති කාර්යාලය වෙනුවෙන් නියෝජ්‍ය තානාපති ආචාර්ය මයිකල් ඩෝමන් මහතා සහභාගී වූයේය....මෙම ආයෝජනය ශ්‍රී ලංකාවට ගෙන ඒමට මූලික සාකච්ඡා කලේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජ්‍යේෂ්ඨ අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම් මහතාය....
මෙම කම්හලේ එකළස් කරනු ලබන්නේ ජර්මනියේ ෆොක්ස්වැගන් සමාගමේ ලියාපදිංචිය, වරලත් අවසරය යටතේ නිපදවනු ලබන එන්ජින් ධාරිතාව 1000 cc සහ 2000 cc ඛාණ්ඩයන්ට අයත් පහත සඳහන් වාහන වර්ගයන්ය....
Passanger Cars
Sport Utility Vehicles (SUV)
Multi Utility Vehicles (MUV) or commercial vehicles.
මෙම ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ගිවිසුම් ඡේද 17 යටතේ විග්රහ කරන වර්ගයේ ගිවිසුමකි.....
මෙසේ නිපදවනු ලබන වාහන ඩීසල් වාහන වේ....
සමස්ථ ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 26.5 කි.....
එයින් මිලියන 21.5 ප්‍රථම මාස 24 තුළ ආයෝජනය කරනු ලබයි....
වසර 3 ක කාළයක් සඳහා මෙහි එකළස් කරනු ලබන වාහන දේශීය වෙළඳපොළට අළෙවි කරනු ලබන අතර ඉන්පසුව ඒවා විදෙස් වෙළඳපොළවල් වෙත අපනයනය කිරීමේ ශක්‍යතාවයද මැන බලනු ලැබේ.....
ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද බදු සහන කාළය - වසර 8මුල් වසර 3 තුළ වසරකට වාහන 500 ක් පමණ එකළස් කිරීමට අපේක්ෂිතය....
සෘජු රැකියා ශ්‍රමික පුහුණුව - 3000 ...
වක්‍ර රැකියා ( අපේක්ෂිත ) - 10,000
කම්හල ඉදිකරන වපසරිය - අක්කර 30
සෙනොක් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද්දේ 1979 වසරේදීය....
සෙනොක් සමූහයේ ලියාපදිංචි අනෙක් සමාගම් වනුයේ
Senok Trade Combine Private Limited
Senok Automobiles Private Limited
Senok Tea Private Limited
Senok Tea Ceylon
Senok Mining Private Limited
Senok Concrete
Senok Travels Private Limited
Aislaby Estate
Kirchchayn Bungalow
Senok Wind Power Private Limited
Senok Wind Energy
Senok Wind Resource
Senok Mark Hydro Private Limited
Senok Windows Private Limited
Senok Aviation Private Limited
Senok Maritime Private Limited
Senok East Africa Limited
Senok Equipment (Uganda) Ltd
ලෝ පතළ සුපිරි සමාගම් තුන්වන ලෝකයේ රටවල මෙවැනි එකළස් සහ සැකසුම් ශාලා හෝ කර්මාන්ත ශාලා සඳහා ආයෝජනය කරන විට ඒ සඳහා බොහෝ විට දේශීය සමාගමක සන්නාමය හෝ දායකත්වය යොදා ගනිති.....
එසේ කරන්නේ අදාළ සමාගමේ ඉහළ කළමණාකරණයට නිර්දේශ කරනු ලබන මූල්‍යමය හෝ උපාය මාර්ගික කරුණු රැසක් සැළකිල්ලට ගැනීමෙනි.....
බොහෝ විට අදාළ රටෙන් ඉදිරිපත් වන සමාගම විසින් කර්මාන්තශාලා ආදිය ඉදිකිරීම, සහ වඩාත් වැදගත්වන නිරතුරු අධීක්ෂණය පිළිබඳව වගකීම භාර ගනියි නම් එය එකී ජාත්‍යන්තර සමාගමට විශාල පහසුවකි.....
මෙවැනි එකඟතාවයන්ට එළඹෙන්නේ බොහෝ දුරට එහි ඇති ලාභදායී බව සහ පහසුව තකාය.....
බොහෝ විට එලෙස ඉදිරිපත්වන දේශීය සමාගම්, හෝ එසේ යම් රටකින් කොටස් බහුතරය මිළට ගෙන පරිපාලිත සමාගමක් බවට පත් කරගන්නා සමාගම්, ඒවායේ අරමුණු වනුයේ එබඳු ජාත්‍යන්තර සමාගමක නිෂ්පාදන සන්නාමය සහිතව දේශීය වෙළඳ පොළෙහි අළෙවි කිරීම නම්, හඳුන්වනු ලබන නම වනුයේ National Sales Company (NSC) යන්නය...
මෙවැනි අවස්ථාවකට උදාහරණයක් වනුයේ සුප්‍රකට Fiat Chrysler Automobiles සමාගම විසින් ඉන්දියාවේ පවත්වාගෙන යනු ලබන FCA India Automobiles Private Limited යන සමාගමය.....
මෙහිදී ශ්‍රී ලංකාවේ අපට දකින්නට ලැබෙන විශේෂත්වය නම් අදාළ සෙනොක් සමාගම හුදු දේශීය විකුණුම්කරුවෙකුලෙස, හෝ ෆොක්ස්වැගන් සමාගම විසින් පාලිත සමාගමක් ලෙස නොව, නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන දේශීය සමාගමක් ලෙස එකඟතාවයට පාර්ශව කරුවෙකු වීමය.....
Source-සයිබර වරිගෙ උණ්ඩියා