පොලද food cityයද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දෙඅත් එකතුකොට අයුබෝ නොකීවට
    ගුඩ් මෝනිං කියා මදහස නොපෑවට
    බොරු පොෂ් බවක් පෙන්නුම් නොකලාට
    පොළ මට අගෙයි බොරු සෝබන නොතිබ්බට

    රාක්ක පුරෝලා නැත එහි සුපිරි බඩු
    එනමුත් තිබේ නිතරම එහි අළුත් බඩු
    යන එන පාරිභෝගික වෙත පුරුදු හුරු
    වෙන් කර තිබේ සුවිසෙස් දේ ඇතුව ගරු

    සුපිරි සලේ ඇති බඩුවල රාක්කයේ
    සදහන් කෙරේ සදනා විදි මාත්‍රයේ
    මාත්‍රාව හරි නොගියොත් කිව් විදියේ
    කන්නට වෙන්නෙ ඒ මසවුලු බැරිබැරියේ

    නැවුම් එළවළුයි දෙන්නේ එහි කිරා බලා
    වැඩිපුර එක දෙකක් දමතියි මූණ බලා
    කිසිවිට කිසිවකුව දන්නා නොමග යවා
    නොගනියි මුදල් කිසිවිට එහි රවට්ටලා

    නැත එහි කිසිම විටකත් මිල ගණින මැෂින්
    එනමුත් නිවැරදිව ගණිතෙයි මිල බලා ගනන්
    වට්ටමි ලබාදී මහ දන රවට්ටමින්
    කරනා බොරුව කිසිදා නැත දැකල මෙමන්

    ගෙදර වත්තේ නෙලනා දළු පලා මිටක්
    අරන් එන්නෙ සමගිනි එහි සිනා කටක්
    එපා නෝනා මොකටද මට කාසි ගොඩක්
    ගෙදර වත්තේ දළු මිටියට නොමැත මිලක්

    නිරතුරු ප්‍රෝඩාව දකිනෙමි මා සුපිරි සලේ
    නැත ඒවගේ බොරු කිසිවක් සතියේ පොලේ
    ගන්නා විටදි අතවැසි දේ සොයා බැලේ
    උයනා අනෙක විදි කොතෙකුත් කියා දෙතේ

    ඔෆිසියෙ මහ මගදි සම්භාෂණයන් හීදී
    නානා පිරිස් හමුවී ඇත නොම වැරදී
    පෙන්වන මවා පා මූණට මෙන් පනදී
    බොරු සෝබනය මා දැක නෑ කිසි විටදී

    ඊයේ ගියා අර සිටියට අද මෙහෙට
    යන්නේ නෑ පොළට හොඳ නෑ තත්ත්වයට
    වස විස එක්ක ගොවිපොලෙ සිට සුපිරියට
    කන උන් ගැන දුකයි පින් නැත ගොන් කම්වලට

    සුජී .....

    18.01.2017
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    දෙකේම වාසි අවාසි තියනවනේ බන්.එකක් හොඳයි අනෙක නරකයි කියන්න බැනේ. :confused:
    කවි සෙට් එක එළට ලියලා තියෙනවා.. :)
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දෙකේම වාසි අවාසි තියනවනේ බන්.එකක් හොඳයි අනෙක නරකයි කියන්න බැනේ. :confused:
    කවි සෙට් එක එළට ලියලා තියෙනවා.. :)

    :yes::yes:
    ගොඩක් ක්‍රෙඩිට් කාර්ඩ් නිසා තමයි සුපර් මාර්කට් වලට යන්නේ.
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    R+
    සමහර මිනිස්සුන්ගේ දරු පවුල් පවා යැපෙන්නේ ඔය පොලට ඇවිත් විකුණන දේ මතයි.