පොඩ්ඩක් මේ දුක බලපලලා

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    පොඩ්ඩක් මේ දුක බලපල්ලා

    උබලට පුළුවන් සුලුමුදලකින් හරි මේ අම්මටයි දරුපවුලටයි උදවු කරපල්ලා මේ අම්මයි තාත්තයි කොච්චර අමාරු කම් මැද්දේ හරි මේ දරුවාව බලා ගන්නවා ඒ මිස්සුන්ට වැටිලා ඉන්න හරි ගෙයක් තියනවා නම් ලොකු ශක්තියක් වෙයි උබල දෙන හැම රුපියලක්ම ලොකු ශක්තියක්

    මේකට bump එකක් හරි දාල යන්න අමතක කරන්න එපා

    mb 10ක් ගැන හිටන් නැතුව පොඩ්ඩක් අහල බලපන් මේ කතාව ඇඩෙනවා :(



    දුප්පත්කම කඳුළු විකුණනවා නෙවේ.. මේ වීඩියෝ තුනම බලන්න ..
    ඩේටා ටිකක් නම් වියදම් වේවි. ඒත් ඔබට හැකිනම් ඒ දරු සෙනෙහස වෙනුවෙන් යමක් කරන්න
    අතපය හතර තිබුණා ත් ලේ කැටියො පාරේ දමා යන මරා දමන මව්වරු අතරේ අබාධිත දරුවෙක් අවුරුදු දහ අටක් පුරා ආදරේ න් හදන මේ අම්මා වෙනුවෙන් යමක් කරන්න ඒ මනුස්සකමට දෙන්න පින් මදි වෙයි.
    මේක කදුළු කතාවක් ... නාය යාමට ලක්වුන පෙදෙසක අයින් වෙන්න කියල ලියුම් කරදහි ආවට යන්න තැනක් නැතුව අසරණ වුන පවුලට බාගෙට නැවතුන ගේ හදල සුරක්ෂිත වෙන්න
    මේ අම්මට ලක්ෂ පහක් හොයා ගන්න උදව් කරන්න කාට හරි පුළුවන් නම් මේ අනාරක්ෂිත ගෙදර කටුමැටි ගෙදර අතහැරල ඔවුන්ට ඔවුන්ගේ ම නිවසකට යන්න පුළුවන් .
    මේ ඉන්නෙ බණ්ඩාරවෙල කුරුකුදේ ඉන්න සුජාතා රත්නායක මහත්මිය සහ ඔවුන්ගේ දරු පවුල. සුජාතා සහ ඇගෙ සැමියා කුලී වැඩ කරල ජීවත් වෙන්නෙ. පළවෙනි දරුවා අබාධිතයි. ඔහුව සුව කරන්න බැරි බව තමයි වෛද්‍ය නිගමනය. කෙසේ වුනත් මේ පුංචි පුතාට ජිවිතේ ඉතිරි පුංචිම කාලේ පිණි බාන්නෙ නැතුව ගෙවන්න නිදහසේ හුස්ම ගන්න වහලක් තමයි යටට යන්න උදව්වක් අවශ්‍ය යි
    මේ ඉන්න ගෙදර නාය යාමේ දැඩි අවධානම් තත්ත්වය ක තියෙන්නෙ ..
    කවුරු හරි කැමැති නම් උදව්වක් කරන්න . ඇගේ නමින් මහජන බැංකුවේ ගිණුමක් විවෘත ව තියෙනවා .

    037-2-002-4-6535117
    මහජන බැංකුව
    බණ්ඩාරවෙල ශාඛාව
    R.M. සුජාතා රත්නප්‍රිය (මේ දරුවාගෙ මව)

    විස්තර ඕන නම් 0714407095 (නිනී)








    මේ සටහනට ඔබ කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න නොදන්නෙමි. ඔබට හැකි නම් කියවා උදව්වක් කළ හැකි අතර හැකිනම් ෂෙයා කළ හැක. ඒ කෙසේ වුවත් මේ අම්මා ට උදව් නම් අවැසිය.. අවුරුදු දහ අටක පුතෙකු වෙනුවෙන් තවමත් අත දරුවෙකු ලෙස සෙවණ සදන සුජාතා රත්නායක මට හමුවන්නෙ මගෙ පාසලේ දරුවෙකුගෙ මවක ලෙසය . ටීච අපෙ ගෙදරට ඇවිත් බලන්න .. ඇය බොහෝ විට ඉල්ලීම ක් කළාය. මම පසුගියදා ඇගෙ නිවසට ගියෙමි. ඒ අවුරුදු දහ අටක් නමුත් තවමත් කිරි සප්පයෙකු තරම් වත් නොවු ඇගෙ පුතුට රෝද පුටුවක් රැගෙනය. ඒ සඳහා මට රෝද පුටුව ලබා දුන්නෙ Mahinda Weerasingha අයියා සහ යහළුවන් ය . මම එහි යන විටද ඔවුන් සිටියෙ අසළ කුඹුරක වැඩට ගොසිනි. ජිවිතේ පුදුමය. ඔවුන්ගේ නිවස අසළ පසුගිය වසරක නාය යාමට ලක්වු පෙදෙසක්ය. අසළ නිවාස අතහැර බොහෝ අය ගොස්ය. මේ දරු පවුලට යන්න තවම තැනක් නැත. මේ නියඟය ඔවුන්ට සහනයක් ව ඇත්තේ වැස්ස ආවොත් ඔවුන්ගේ ගෙපැලෙ ඉරණම ගැන සිතන්නට නොහැකි නිසාමය. දැනට පදිංචි නිවස සෘජුවම නාය යා හැකි බව ඔවුන්ට අදාළ ආයතන හරහා ලිඛිතව දන්වා ද අැත.
    අබාධිත පුතු පමණක් නොව තවත් දරුවන් දෙදෙනෙක් සිටින මෙම පවුලෙ අනෙක් දරුවන් ඉගෙනීමට දක්ෂය. මොවුන් දිවි සරි කරන්නෙ කුලී වැඩවල නිරත වීමෙනි. ඒ යන අතරේ අබාධිත පුතු ඉන්නෙ තනිවමය. මේ අම්මා ඉන්නෙ ගිනි ගොඩක ය. කුලියක් මලියක් සොයන්නට එළියට බසින්නෙ නිවස අති අවධානම් බව දැන දැනම පුතු දමාය. ඒ දෛවයේ සරදමය. සුජාතා තම මව වන මාලනී ගෙ වැල්ලවායේ ඉඩමේ නිවසක් හදන්නෙ මේ නිසාම නමුත් තවම ඇයට තම දරුවන්ට ආරක්ෂිතව එහි යාමට ගෙන යා නොහැකිව ඇත්තෙ නිවසේ වැඩ අහවර නැති නිසාමය. සර්පයන් බහුල එම ප්‍රදේශයේ පදිංචිය ට පෙර එක කාමරයක් හො කපරාරු කර පුතු එහි රදවා තම ජීවිත සරි කරන්න ට ඇයට එළියට බහින්නට අවැසිමය. එහෙත් වත්කම බිංදුවය. ජලය විදුලිය වැනි අවම පහසුකම් ටිකවත් සරි කරගෙන යම් ආරක්ෂාව ක් සහිතව ඒ කාමර දෙක ඉදිකර ගැනීමට ඇයට උදව් කිරීමට ඔබට හැකි නම් එය මහා දානයක් වනු ඇත. ඒ සඳහා ඇයට සෘජුවම ඔබට දායක විය හැකි අතර කිසිදු අතරමැදි ගැටළුවක් නැත.
    ඒ සඳහා
    බණ්ඩාරවෙල මහජන බැංකුවේ 037-2-002-4-6535117
    R.M. සුජාතා රත්නප්‍රිය (මේ දරුවාගෙ මව)ගිණුම ආරම්භ කර ඇති අතර
    ඒ ආරම්භයද Sameera Sachithra Madushanka Rajapakshaසහෝදරයා දුන් මුදල යොදා ගත් බව කියන්නෙ පින් සිතිනි.
    හැකිනම් කරන්න ට යමක්
    ඔවුන් හිදිවී සතුටෙන් මොන දුක තිබුණත්...
    වැඩි විස්තර ඕනි නම් 0714407095 මට කතා කරන්න ..
    දන්න තොරතුරු කියන්නම්


    16002744_1156836704413495_9025477313748503779_n.jpg



    15977486_1156836404413525_1608627603044755753_n.jpg


    15977611_1156836934413472_7033576404009689663_n.jpg



    15977126_1156837534413412_6251495916982261726_n.jpg


    16142942_1156837654413400_5883867675203298751_n.jpg


    16142849_1156876541076178_6492421614914497617_n.jpg



    16105952_1156876617742837_464989517396016214_n.jpg


    15977540_1156876697742829_6317882162891431843_n.jpg


    16143284_1156876784409487_100122131972381459_n.jpg

    මේ පුතාට මළමුත්‍රා පිට වෙන්‍ ‍නේ .. ඇ‍දේම නිසා නිතරම ‍මෙට්ට මාරු කරන්න වෙන බව ඒ අම්මා අද ආපු ‍වෙලා‍වේ මට කිව්වා.. ‍මොකද පණූ‍වො ගහන නිසා ‍කොහු ‍මෙට්ට වල. ඒ ව‍ගේම ‍නෙට් එකත් ඉරිල නිසා මැස්සොන්ගෙන් බේරෙන්න වත් තේරුමක් නැති ‍මේ පුතා ‍වෙනු‍වෙන් ‍මේ අම්මා අද ඉස්‍කෝ‍ලේට ආව ‍වෙලාවේ ඇඩු කදුලින් ඉල්ලීමක් කළා.. ‍මෙට්ටයක් හා ‍නෙට් එකක් ‍හොයල ‍දෙන්න කියල... පුළුවන් කෙ‍නෙක් ඉන්නවා නම් අරන් ‍දෙන්න...ඒක ‍ලොකු උදව්වක් ‍වෙයි පුතාට
    බණ්ඩාරවෙල මහජන බැංකුවේ 037-2-002-4-6535117
    ආර්.එම්. සුජාතා රත්නායක
    උඩදියකඩ
    කුරුකුදේගම
    පට්ටිය ගෙදර
    බණ්ඩාරවෙල


    16388371_1168996763197489_5781742093589711895_n.jpg

     
    Last edited: