අනාත්මයෙන් සුංඥත චේතෝ විමුක්තිය.

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    අනාත්මයෙන් සුංඥත චේතෝ විමුක්තිය.

    මාන්කඩවල සුදස්සන හිමියන්ගේ මේ දේශනාව මා සිත් ගත්තා. මෙහි කියවෙන්නේ අනාත්ම හෙවත් අනත්ත ගැනය. අනාත්ම සංඥාව සිහියෙන් වැඩීමෙන් සුංඥත චේතො විමුක්තිය හෙවත් සත්ව-පුද්ගල ආත්මභාවයෙන් සියලු ධර්මයෝ සුංඥයි කියන ඥානය පහල කරගන්නා විදිහයි. අනාත්ම-ආත්ම ගැන නොයෙක් වාද විවාද වෙන කාලෙක මේක හොඳ විඩියෝවක් කියලයි මගේ නම් හැඟීම. හැබැයි සියලු ධර්මයෝ කිව්වහම මෙච්චර කලක් මම සිතන් හිටියේ

    නිවන සහ අවකාශය + සියලු සංස්කාරයෝ = ධම්ම කියායි.
    (සබ්බ ධම්ම අනත්තා)

    මේ හිමියන් එය වැරදි බව කියනවා. ස්කයිලාක් වැනි කෙනෙක්ට පුලුවන් නම් මෙය පහදන්න ගොඩක් පිං.


     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    මටත් අවසරයක් දෙනවද ඔය කාරණාව ගැන අදහස් දක්වන්න? නමුත් දැනට කියන්න හැකියාව ඇත්තේ අල්ප මාත්‍ර දෙයක් ගැන පමණයි.

    Skylark
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පින්වත් ex-muslim Ahmed,

    මටත් අවසරයක් දෙනවද ඔය කාරණාව ගැන අදහස් දක්වන්න? නමුත් දැනට කියන්න හැකියාව ඇත්තේ අල්ප මාත්‍ර දෙයක් ගැන පමණයි.

    Skylark

    පින්වත් Skylark
    පොඩි දෙයක් වුනත් හිතේ අවුල ලිහගන්ඩ පුලුවන් නම් ලොකු දෙයක්.
    මම ඔබගේ අදාර උපකාරය තමා බලපොරොත්තු වුනෙත්. අවසරයක් මොකටද?
    Just dive in!
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    මම "ස්කයිලාක් වැනි කෙනෙක්ට පුලුවන් නම් මෙය පහදන්න ගොඩක් පිං" යන්න ගැන හිතල මාව ඒ ගොඩට අයිති නැතැයි හිතා මොකවත් නොලියා ඉන්නද කියලත් හිතුවා. එහෙම උනත් වටහා ගන්න ටිකක් අපහසු කාරණාවක් ගැන අසා ඇති නිසා මම දන්නා දේ සමහර විට ප්‍රයෝජනවත් වේවි යැයි හිතා පළමුව අවසරයක් ගෙනම යමක් කීම සුදුසු යැයි හිතුවා. කෙටි යමක් ලියන්නම් යැයි කලින් හිතුවට ඒ හිතූ ප්‍රමානයට වඩා වැඩි විස්තරයක් පහත දැක්වෙනවා.

    මගෙනුත් නොයෙක් දෙනා නොයෙක් අවස්ථාවන් වලදී අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වලට මෙ අර්ථය හරිද, මේ අනිත් අර්ථය හරිද ආදී ලෙස අසා තිබෙනවා. මමත් මට වැටහුන පරිද්දෙන් උත්තර දීලා තිබෙනවා. නමුත් අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල මම වටහා ගෙන සිටි සීමිත අර්ථයන්ට අතිරේකව තවත් අර්ථයන් ගණනාවක් ඇති බව සමහර සූත්‍ර වලට අනුව මෑත කාලයේදී දකින්න හැකි උනා. එවිට මම පෙර කාලයේ පැවසූ සමහර කරුණු වල වැරදීම් සිදුව ඇති බවට සැක ඇති උනා. උදාහරණයකට "නිත්‍ය නැත", "වෙනස් වේ", "සෙලවේ" ආදී ආකාරයන් ගණනාවකින් පංචස්කන්ධයේ අනිච්ච ලක්ෂණය දැකිය හැකියී. පංචස්කන්ධයේ දුක්ඛ සහ අනත්ත ලක්ෂණයන්ද එබදුම පරිදි ආකාර ගණනාවකින් දැකිය හැකියී.

    "වෙනස්වීම" යන්න සංස්කාරයන්ගේ දුක ලෙස සූත්‍ර වල සඳහන්ව ඇතැයි යන වැටහීමක් මට පෙර සිට තිබුනා. "වෙනස්වීම" යන්න අනිච්ච ලෙස දැකීමකැයි යෙදී තිබීම දුටුවේ මෑතකදි. "වෙනස්වීම" සහ "අනිත්‍ය" යන වචන වල අර්ථයන් ව්‍යවහාරික භාෂාවට පරිදි එක සමාන ලෙස බොහොම ලෙහෙසියෙන් දකින්න පුළුවන්. ඉතින් නව වචන, නව අර්ථයන් දුටුවාම ඒ වචන සහ අර්ථයන් පැහැදිලිවම තේරුම් ගන්නා තෙක් පෙර පවසන ලද කරුණු වල හරි වැරදි පූර්ණ ලෙසින් තේරුම් ගන්න අමාරුයි. පෙර කාලයේ දුටු සූත්‍ර වැරදි යැයි විසිකරන්නත් බැහැ. මෙහෙම උනහම දුක, සංස්කාර ආදී වචන වල විවිධ අර්ථයන්ද සමගින් නැවත බොහෝ සූත්‍ර සසඳා බැලීමක් කරන්න වෙනවා. පෙර පවසන ලද ඔක්කොම දේ බැලුවොත් යම් ප්‍රමානයකට ප්‍රඥාව උපදින ආකාරයකට පැවසී තිබෙනවා, ඒත් යම් යම් බෙදා දැක්වීම් නිවැරදි අර්ථයන්ට අනුව මනා සේ නොවී ඇති බවයි පෙනෙන්නේ. එසේ බෙදා දැක්වීම නිවැරදිව නොවුනොත් එය දහම් අපැහැදිලි කිරීමක් වෙනවා. එවිට සමහර සූත්‍ර වල අර්ථයන් නිවැරදිව දකින්න බැරි වෙනවා. වාද විවාද වලටත් තුඩු දෙනවා.

    ඒ නිසා එම කරුණු වල පැහැදිලි බවක් ඇති කර ගැනීම පිණිස පාලි වචන වල අර්ථ කෙබඳුද, සිංහල වචන වලින් කවර වචන සුදුසුද, කවර වචන නුසුදුසුද, කවර අර්ථයන් ගැලපේද, කවර අර්ථයන් නොගැලපේද, අන් සූත්‍ර සමඟ ගැළපීම් කෙබඳුද, පාලි සහ සිංහල ධර්ම ග්‍රන්ථයන්ගේ මුද්‍රණ දෝෂ ආදිය නිසා වචන විකෘති වීම් සහ අර්ථ විකෘති වීම් සිදුව ඇත් දැයි ආදී ලෙස දැඩිව විමසා බලා තීරණය කරන්න වෙනවා. එහෙම කරලා නිවැරදි අර්ථ වර්ගීකරණයන් වටහා ගැනීමටත්, එම අර්ථයන් මනා සේ ඉස්මතු වන සිංහල වචන මොනවා දැයි සොයාගන්නත් වෙනවා. මේ වර්ගීකරණයන් ඇති දේවල් මිසක් නැති දේවල් නොවෙයි. සමහරක් සාමාන්‍ය සිංහලෙනුත් තිබෙනවා. නමුත් අර්ථ නිවැරදිව ග්‍රහනය කර ගැනීම වර්ගීකරණය කර ඇත්තේ මෙසේය කියා වචන මාත්‍රයෙන් දැන ගත්තාට සිදුවන්නේ නැහැ. ඒ නිසා මම අදාල කරුණු ගැන දැඩි විමසීමක් කරන අදහසිනුයි ඉන්නේ. නමුත් ඒ කාර්යය දින දෙක තුනකින් කරන්න බැහැ. මාස කිහිපයක් වත් ඊට වැය කරන්න වෙනවා. සමහර විට එහෙම කරලත් සම්පූර්ණ පැහැදිලි බවක් එපමණකින් ඇති නොවෙන්නත් පුළුවන්. කෙසේ උවත් එසේ වෙහෙසීම බෙහෙවින්ම වැඩ දායක බව දැනටමත් පෙනෙන්න තියෙනවා.

    අනිච්ච, දුක්ඛ, අනත්ත, සංඛාර, ධම්මා යන වචන වල මෙම ලිපියට අදාල අර්ථයන් මෙසේ මෙසේ විය යුතු යැයි මම දැනට සලකන යම් යම් අර්ථ ඇත්නම්, එම අර්ථයන්ට අනුව මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ඉහත දේශනාව ගැන මෙසේ කිව හැකියී:

    ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහවග්ගයේ සමසීසට්ඨ ඤාණය
    [ http://thripitaka.org/view/sp/sp29/215 ] ගැන විස්තරයේ මෙසේ සඳහන් වෙනවා:

    සබ්බධම්මානං සම්මාසමුච්ඡේදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං


    එහි "සබ්බධම්මානං" යන්න කුමක්දැයි බෙදා විස්තර කොට දක්වා තිබෙනවා. සුදස්සන හිමි "සබ්බෙ ධම්මා අනත්තා" යන්න සමසීසට්ඨ ඤාණය විස්තරයේ දැක්වෙන "සබ්බධම්මානං" යන්න ලෙස ගන්නවා විය හැකියී. එහිමියන් අනුරූප විස්තරයකුත් කරනවානේ. එය එසේ නම් "සබ්බෙ ධම්මා" යන වචන වල අර්ථය අසංඛත ධාතුවෙන් තොරය යන අර්ථය නිවැරදි බවයි පෙනෙන්නේ.

    සුදස්සන හිමියන් බුදුරජානන් වහන්සේ විසින් "සියලු සංස්කාරයෝ අනාත්මයි" ලෙස නොකියා "සියලු ධර්මයෝ අනාත්මයි" ලෙස කීමට හේතුවක් ලෙස අතිරේකව සඳහන් කරන "ඤාණදර්ශණ මගේ" ලෙස වරදවා වටහා ගැනීම ගැන කථාව නම් මම සැක කරනවා. සුදස්සන හිමියන් පවසන පරිදි "ඤාණදර්ශණ මගේ" යැයි යම් කෙනෙකුට දෘෂ්ටියක් පැවතිය හැකි යැයි මමත් හිතනවා. නමුත් ඒ හේතුව නිසා බුදුරජානන් වහන්සේ "සියලු සංස්කාරයෝ අනාත්මයි" යැයි නොකියා "සියලු ධර්මයෝ අනාත්මයි" කීවා යැයි හිතන්න අමාරුයි. මොකද පංචස්කන්ධයේ අනිච්ච, දුක්ඛ, අනාත්ම ලක්ෂණ විමසන පුද්ගලයෙක් ආත්ම දෘෂ්ටිය ඇතිවන ආකාර විස්සම ගැන එකින් එක විමසුවොත් යම් කලෙක එම පුද්ගලයාට ඤාණදර්ශණ මගේ යැයි දෘෂ්ටියක් පැවතියා නම් ඒකත් පහසුවෙන්ම නැති වෙලා යනවා. ඉතින් ඤාණදර්ශණ මගේ යැයි ඇති විය හැකි දෘෂ්ටියක් ගැන විශේෂයෙන් සලකා "සියලු සංස්කාරයෝ අනාත්මයි" ලෙස නොකියා "සියලු ධර්මයෝ අනාත්මයි" යැයි කියන්න ඇතැයි හිතන්න අමාරුයි.

    නිවන අනාත්ම යැයි කීම නොගැලපේ යැයි එහිමියන් කීවත් මට නම් හිතෙන්නේ "නිවන නිත්‍යයි, සුඛයි, අනාත්මයි" ලෙස කිව හැකි බවක්. සෑහෙන කාලයකට කලින් කවුරු හරි මගෙන් "නිවන නිත්‍යයි, සුඛයි, අනාත්මයි" ලෙස කිව හැකි දැයි ඇසුවා නම් සමහර විට මමත් කියන්න ඉඩ තිබුනා එහෙම වෙන්නේ කොහොමද, ඔය කියන්නේ සදාකාලික ආත්මයක් වගේ දෙයක් එක්ක පටලාවාගත් අර්ථයක් නේද කියලා. කීවා යැයි මතක නැති උනත් සමහර විට මම එහෙම කියලත් ඇති. නමුත් දැන් නම් "නිවන නිත්‍යයි, සුඛයි, අනාත්මයි" ලෙස කීම නිවැරදි අර්ථ ඇති දෙයක් ලෙස දකිනවා සේම එය සදාකාලික ආත්මයක් වැනි දෙයක් සමඟ පටලවාගත් අර්ථයන් නොමැති ලෙසට අර්ථ ගැන්විය හැක්කේ කෙසේදැයි කියන්න හැකියී.

    නා උයනේ අරියධම්ම හිමිගේ පහත දැක්වෙන වීඩියෝවත් අසා බලන්න:



    නා උයනේ අරියධම්ම හිමි බොහෝ විස්තර ඇතිව දහම් දේශනා කරනවා දැකිය හැකියී.

    ඉතින් කවරක්ද හරි?

    මට වැටහෙන අර්ථයන්ට අනුව ඉහත විස්තර කල පරිදි සුදස්සන හිමියන් පවසන සමහර කාරණාවන් නිවැරදි නැහැ. එම කොටස් නොමැතිව සැලකුවොත් එහිමියන් "සබ්බෙ ධම්මා" යන්න විස්තර කිරීමට භාවිතා කරන වචන සහ අර්ථ වලට ගැලපෙන පරිදි ත්‍රිපිටකයේ සමසීසට්ඨ ඤාණය විස්තර වෙනවා. තවත් තැන්වල එවැනිම විස්තර ඇති. එම කොටසේ එහිමියන් කියන දේ එම අර්ථයට අනුව නිවැරදි යැයි මමත් හිතනවා.

    නා උයනේ අරියධම්ම හිමි "සබ්බෙ ධම්මා අනත්තා" යන්නට දෙන්නේ වෙන අර්ථයක්. නමුත් එම අර්ථයට අනුව එහිමියන් කියන දේත් නිවැරදි යැයි මම හිතනවා.

    සුදස්සන හිමි සහ නා උයනේ අරියධම්ම හිමි පවසන නිවැරදි යැයි මම දකිනා කරුණු වල නොගැලපීමකුත් ඒ ඒ අර්ථ වලට අනුව මම දකින්නේ නැහැ.

    "සබ්බෙ ධම්මා අනත්තා" යන්නෙහි බුදුරජානන් වහන්සේ අදහස් කල අර්ථය කුමක් විය හැකිද? මට නම් එය එකවර කියන්න අමාරුයි. සුදස්සන හිමිගෙන් තව විස්තර ටිකක් ඇසුවොත් හොඳ යැයි හිතනවා. එහිමියන් පවසන සමහර කරුණු මම වැරදි යැයි කීවත් ඒවා විස්තර ඇතිව එහිමියන් සමඟ සාකච්ඡා කර බැලීම වටිනවා. සුදස්සන හිමි ඔය වීඩියෝවෙ නොකී හේතුත් තිබෙනවාද දන්නේ නැහැ.

    ඔබට පැවති මතයට අනුව ඔබ අවකාශය ගැනත් සඳහන් කර තිබෙනවා. ඒ අවකාශය යන්නෙන් ඔබ අදහස් කලේ කුමක්ද? "අවකාශය" යන්න "නිවන සහ අවකාශය + සියලු සංස්කාරයෝ = ධම්ම" ලෙස සඳහන් කලේ කවර අර්ථ සලකාදැයි ඔබට වැටහෙන පරිදි විස්තර කරන්න.

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    මම කිහිප වතාවක්ම සුදස්සන හිමි පවසන කරුණු අසා ත්‍රිපිටකයේ සඳහන් කරුණුද සමඟින් විමසා බැලුවා. සුදස්සන හිමිගේ "නිවන අනාත්මයි කියන ධර්මතාවය පෙන්නන්නට විද්‍යමාන වෙන්නේ නැ" යන අදහස ධර්මය සමඟ ගැළපෙන්නේ නැහැ.

    එහිමියන්ගේ දේශනාවේ විනාඩි 4න් පමණ ඉදිරියට මෙසේ පැවසෙනවා:

    එතෙන්දි පිංවතුනි අසංඛත ධාතුව නැත්නම් නිවන අනාත්මයි කියන ධර්මතාවය පෙන්නන්නට විද්‍යමාන වෙන්නේ නැ කියන කාරණාවයි මගේ අදහස. කුමක් නිසාද? ආත්ම වූ ධර්මතාවයට අතහරින්නට ලෝකයේ යථා ස්වභාවය, සංඛත ධාතූන්ගෙ යථා ස්වභාවය තමයි අනාත්ම ධර්මතාවය. ඒ අනාත්ම ධර්මතාවයට හිත තබලා ආත්මයි කියන විපල්‍යාසය ගෙවා ගන්නට පුළුවන්. ඒ නිසා අනාත්මයි කියන ධර්මතාවයද සංඛත ධාතුව තුලටම පමණක් සීමා වෙනවා කියන ධර්මතාවය තමයි මතක් කරන්ඩ වෙන්නේ.


    එම හේතු දැක්වීමේ අඩුපාඩුවක් තිබෙනවා. ඒ අඩුපාඩුව තමයි හේතු දැක්වීම අසංඛත ධාතුව සමඟ පුරුද්දා නොමැති කම. ඒ නිසා "ඒ නිසා අනාත්මයි කියන ධර්මතාවයද සංඛත ධාතුව තුලටම පමණක් සීමා වෙනවා" යැයි කියන්න හේතුවක් එම විස්තරයේ නැහැ.

    ආත්මසාරයක් නොමැති බැවින් නිවන අනාත්ම සේ දැකීම නිවැරදියී. එසේ නොකීයා නිවන අනාත්ම සේ නොදැකිය යුතු යැයි කීවොත් සමහර අය නොමැති ආත්මසාරයක් නිවනේ ඇත, කෙලෙස් පිරිනිවීමෙන් හෝ ස්කන්ධ පිරිනිවීමෙන් පසුව එවන් ස්වරූපයක් හට ගනී ලෙස වරදවා හිතන්නත් පුළුවන්. මේ ආකාරයන්ගෙනුත් නිවන අනාත්ම සේ දැකීම නිවැරදි යැයි වටහා ගන්න පුළුවන්.

    සංඛත ධාතුවට පමණක් සීමා නොවී අසංඛත ධාතුවද ඇතුලත් කොට නා උයනේ අරියධම්ම හිමි පවසන "සබ්බෙ ධම්මා අනත්තා" යන ආකාරය වඩාත් උචිත යැයි මම දැන් හිතනවා. සුදස්සන හිමි පවසන ආකාරය මෙන් වන පෙර මම දැක්වූ සමසීසට්ඨ ඤාණය ගැන විස්තරය කුමක්දැයි පසුව වැඩි විස්තර සොයා බලන්න ඕනෑ. පූර්ණ අවබෝධයක් මට නොමැති නිසා නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය සර්වප්‍රකාරයෙන් නිවැරදි යැයි කියන්න හැකියාවක් මට නැහැ. එහිමියන් පවසන "ප්‍රඥප්ති" පිළිබඳ කාරණාව ධර්ම ග්‍රන්ථ වල කෙසේ විස්තර වී ඇත්දැයි මම තවම දැක නැහැ, ප්‍රමානාත්මකව විමසා නැහැ. ඊට අතිරේකව සංඛත හෝ අසංඛත ලෙස නොදැකීම සුදුසු යැයි සම්මත සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තිය තිබෙනවා. ඔවැනි සුළු සුළු කාරණාවන් ගැනත් මම වැඩි වැඩියෙන් විමසා බැලිය යුතු නිසා නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය සර්වප්‍රකාරයෙන් නිවැරදි යැයි නිශ්චයට යෑම මේ අවස්ථාවේදී මම කරන්නේ නැහැ. එනමුත් නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය වඩාත් උචිතයි.

    මම ලියූ කරුණු වල යම් අපැහැදිලි තැන් ඇත්නම්, වැරදි යැයි හිතන තැන් ඇත්නම් ඒ ගැන මගෙන් විමසන්න. විස්තර ලෙස කිව හැකි තව කරුණු බොහොමයක් තිබෙනවා. ඒ නිසා මම ලියූ කරුණු ගැන හෝ ඔබට තිබූ සැකය මේ වන විට ප්‍රමානවත් තරමින් දුරු වී නොමැති නම් ඒ ගැන හෝ සඳහන් කලොත් මේ මේ පරිද්දෙන් කීවොත් ඔබට වඩාත් පැහැදිලිව වැටහේවි යැයි හිතා බලා ඒ ඒ පරිද්දෙන් සහ හැකි පමණින් උත්තර දෙන්නම්. දහම් පද වල ගැඹුරු අරුත් විමසීමට ඔබට මේ අවස්ථාවේ හැකි වේවිද, නොහැකිවේවිද යන්න මම නොදන්නා නිසා ත්‍රිපිටකාදී මූලාශ්‍ර දීමට යම් පමණක් මැලි උනා. ලියූ හැම දේටම මූලාශ්‍ර දීම අපහසුයි. නමුත් මම ඔබට ත්‍රිපිටකාදීයේ පිටු මුලින්ම පෙන්නුවොත් සහ ඔබ දහම් පද වල අරුත් නොවිමසා අදාළ කරුණු පිලිගැනීමට ගියොත් ඒ ආකාරයෙන් ඔබට දහම් පද වල අරුත් වැටහෙන්නේ නැහැ.

    Skylark
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පිංවත් ස්කයිලාක්,

    මම ඔබේ පිලිතුර කියෙව්වා. ඇත්තෙන්ම බොහොම වටිනා දිග විස්තරයක්. මගේ සැකයන් සියල්ලක්ම වගේ පහවුනා. මේ සුදස්සන හිමියන් මම පුද්ගලිකව හම්බවී කතකර නැත. එහෙම කරන්න වෙලාවක් සහ අවස්තාවක් ලගකදී නම් ලැබෙන එකකුත් නැත. එ නිසා මේ විස්තරය මට ඔබ සිතනවාට වඩා වටිනවා. සැකයක් ඇතිවෙනකොට, එහෙම නැත්නම් මීට සමාන කරුනක් සම්බන්දයෙන් වුනත් මේක නැවත කියවල ඒ සැකය ප්‍රශ්නය ටැකල් කරන විදිහ මට නැවත නැවත පුහුනු වෙන්න හොඳ පටන්ගැන්මක්.

    මට ප්‍රස්න කීපයකුත් ඇතිවුනා. මට තාම සම්පූර්නයෙන් අරියදම්ම හාමුදුරුවන්ගේ විඩියෝව සම්පූර්ණයෙන් බලන්න බැරි වුන. මම නැවත රිප්ලයි කරනවා. එතෙක් ඔබට බොහොම පින්.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පින්වත් ex-muslim Ahmed,

    මම කිහිප වතාවක්ම සුදස්සන හිමි පවසන කරුණු අසා ත්‍රිපිටකයේ සඳහන් කරුණුද සමඟින් විමසා බැලුවා. සුදස්සන හිමිගේ "නිවන අනාත්මයි කියන ධර්මතාවය පෙන්නන්නට විද්‍යමාන වෙන්නේ නැ" යන අදහස ධර්මය සමඟ ගැළපෙන්නේ නැහැ.

    එහිමියන්ගේ දේශනාවේ විනාඩි 4න් පමණ ඉදිරියට මෙසේ පැවසෙනවා:



    එම හේතු දැක්වීමේ අඩුපාඩුවක් තිබෙනවා. ඒ අඩුපාඩුව තමයි හේතු දැක්වීම අසංඛත ධාතුව සමඟ පුරුද්දා නොමැති කම. ඒ නිසා "ඒ නිසා අනාත්මයි කියන ධර්මතාවයද සංඛත ධාතුව තුලටම පමණක් සීමා වෙනවා" යැයි කියන්න හේතුවක් එම විස්තරයේ නැහැ.

    ආත්මසාරයක් නොමැති බැවින් නිවන අනාත්ම සේ දැකීම නිවැරදියී. එසේ නොකීයා නිවන අනාත්ම සේ නොදැකිය යුතු යැයි කීවොත් සමහර අය නොමැති ආත්මසාරයක් නිවනේ ඇත, කෙලෙස් පිරිනිවීමෙන් හෝ ස්කන්ධ පිරිනිවීමෙන් පසුව එවන් ස්වරූපයක් හට ගනී ලෙස වරදවා හිතන්නත් පුළුවන්. මේ ආකාරයන්ගෙනුත් නිවන අනාත්ම සේ දැකීම නිවැරදි යැයි වටහා ගන්න පුළුවන්.

    සංඛත ධාතුවට පමණක් සීමා නොවී අසංඛත ධාතුවද ඇතුලත් කොට නා උයනේ අරියධම්ම හිමි පවසන "සබ්බෙ ධම්මා අනත්තා" යන ආකාරය වඩාත් උචිත යැයි මම දැන් හිතනවා. සුදස්සන හිමි පවසන ආකාරය මෙන් වන පෙර මම දැක්වූ සමසීසට්ඨ ඤාණය ගැන විස්තරය කුමක්දැයි පසුව වැඩි විස්තර සොයා බලන්න ඕනෑ. පූර්ණ අවබෝධයක් මට නොමැති නිසා නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය සර්වප්‍රකාරයෙන් නිවැරදි යැයි කියන්න හැකියාවක් මට නැහැ. එහිමියන් පවසන "ප්‍රඥප්ති" පිළිබඳ කාරණාව ධර්ම ග්‍රන්ථ වල කෙසේ විස්තර වී ඇත්දැයි මම තවම දැක නැහැ, ප්‍රමානාත්මකව විමසා නැහැ. ඊට අතිරේකව සංඛත හෝ අසංඛත ලෙස නොදැකීම සුදුසු යැයි සම්මත සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තිය තිබෙනවා. ඔවැනි සුළු සුළු කාරණාවන් ගැනත් මම වැඩි වැඩියෙන් විමසා බැලිය යුතු නිසා නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය සර්වප්‍රකාරයෙන් නිවැරදි යැයි නිශ්චයට යෑම මේ අවස්ථාවේදී මම කරන්නේ නැහැ. එනමුත් නා උයනේ අරියධම්ම හිමි පවසන ආකාරය වඩාත් උචිතයි.

    මම ලියූ කරුණු වල යම් අපැහැදිලි තැන් ඇත්නම්, වැරදි යැයි හිතන තැන් ඇත්නම් ඒ ගැන මගෙන් විමසන්න. විස්තර ලෙස කිව හැකි තව කරුණු බොහොමයක් තිබෙනවා. ඒ නිසා මම ලියූ කරුණු ගැන හෝ ඔබට තිබූ සැකය මේ වන විට ප්‍රමානවත් තරමින් දුරු වී නොමැති නම් ඒ ගැන හෝ සඳහන් කලොත් මේ මේ පරිද්දෙන් කීවොත් ඔබට වඩාත් පැහැදිලිව වැටහේවි යැයි හිතා බලා ඒ ඒ පරිද්දෙන් සහ හැකි පමණින් උත්තර දෙන්නම්. දහම් පද වල ගැඹුරු අරුත් විමසීමට ඔබට මේ අවස්ථාවේ හැකි වේවිද, නොහැකිවේවිද යන්න මම නොදන්නා නිසා ත්‍රිපිටකාදී මූලාශ්‍ර දීමට යම් පමණක් මැලි උනා. ලියූ හැම දේටම මූලාශ්‍ර දීම අපහසුයි. නමුත් මම ඔබට ත්‍රිපිටකාදීයේ පිටු මුලින්ම පෙන්නුවොත් සහ ඔබ දහම් පද වල අරුත් නොවිමසා අදාළ කරුණු පිලිගැනීමට ගියොත් ඒ ආකාරයෙන් ඔබට දහම් පද වල අරුත් වැටහෙන්නේ නැහැ.

    Skylark

    පිංවත් ස්කයිලාක්,

    "ආත්මසාරයක්" කියන වචනයත් ඉතාම හොඳ වචනයක්, හොඳට තේරුම පැහැදිලි වෙනවා. No hidden agent, No Ghost in the machine, no esssence කියන එකට ප්‍රති-විරුද්ධ අදහස (ආත්මය, ආත්මීය, මම, මගේ ආදී වසයෙන් ) නේද ඇත්තටම අපේ හිත්වල හටගන්න මිත්‍යාව කියන එක තේරෙනවා.

    ඔව් ඔබ කියන එක නම් මම දැක්කා. එතන අවුලක් තියෙන නිසා දෙතුන් පාරක් ඇහුවා. අනාත්ම කියන එක සංඛත ධාතුවේ (ලෞකික ලෝකයේ යතා ස්වභාවය නම් ) සබ්බේ සංඛාරා අනත්තා කියා බුදුහාමුදුරුවන් දේශනා කරන්න තිබ්බානේ? ඉන් එහා යමක් අනත්ත නිසා තමයි "සබ්බේ ධම්මා" කියා දේශනා කලේ කියන එකයි මගේ අදහස. මෙතැනදී ඒ හිමියන්, (මම ඉතාම ගරුකරන හිමිනමක් වුවත්) circular argument එකක හිරවෙනවා වගේ කියලයි පේන්නේ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පිංවත් අහමඩ් සහ ස්කයිලාක්,

    බොහොම පිං මේවගේ ත්‍රෙඩ් එකක් දැමාට. මට හිතෙන විදියට ඇමරිකං බුද්ධාගම්කාරයෝ නම් ඔය අනාත්ම වලට තමන්ගෙම තේරුමක් හදාගෙනයි ඉන්නේ. වහරක වගේ හාමුදුරුවරු විනාස කරපු ත්‍රිලක්ෂනය ඇමරිකාවේ ඉන්න අපේ ලාංකිකයොත් උඩදාගෙන පිලිගන්නේ ඒකයි. මේ ලඟදී දැක්ක ටෙක්සාස් පැත්තේ ඉන්න ලංකාවේ ෆිසික්ස් ප්‍රොපෙක්ගේ සයිට් එකක් බුද්ධාගම ගැන. නිවන ගැන නොවෙයි සබ්බ ධම්මා යන බුදු වදනේ තියෙන්නේ කියල ලියා තිබුනා. වල්පොල රාහුල හාමුදුරුවන් වැරදි බවත් එහිම සටහන් කර තිබුනා, පසුවයි දැක්කේ වහරක හිමිගේ අනුගාමිකයෙක් බව.

    සුදස්සන හාමුදුරුවෝ නම් එහෙම විහිලු කතා කියන ස්වාමීන්වහන්සේ කෙනෙක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ නම් ඔය අනාත්ම වලට "තමන් වසඟයේ පවත්වා ගන්ඩ බැරි නිසායි අනාත්ම කියන්නේ" වගේ කතා කියන්නේ නැහැ. ඔය වසඟයේ පවත්තගන්න බෑ කියන එකේ එල්ලී සිටින අයට නම් සබ්බේ ධම්මා යන්නට අසංඛත ධාතුව අයත් නොවන බව "සත්‍යක්". නිවන සම්බන්දයෙන් තමන් වසඟයේ පවත්ත ගන්න බැරි, පුලුවන් කමක් කිව හැකිද? බැහැ නොවැ! මෙතනදී මම කෙලින්ම ප්‍රකාශ කරන්නම් මේ "තමන් වසඟයේ පත්වා ගන්න බැරි බව" සම්බන්දයෙන් මම දරන ස්තාවරය නම් එය අනාත්ම විස්තර කරන ලක්ෂණයක් එහෙමත් නැත්තම් අනාත්ම යේ ඵලයක් පමණයි කියන එකයි. අනාත්ම නිසායි "වසඟයේ පවත්ත ගන්න බැරි" ඔය අහමඩ් කියන ශරීරය අභිභවන Hidden Agent, Ghost කෙනෙක් ඒ තුල ඉන්නවා නම් තමයි වසඟයේ පවත්වා ගන්න්න පුලුවන් වනුයේ!. එනිසාම එහිම අනිත් පැත්ත, අනාත්ම යනු වසඟයේ පවත්වා ගනීමට නොහැකියාව යනුවෙන් ගැනීම යනු අනවබෝධය, ධර්ම කරුන තුල ප්‍රඥා චෛතසිකය නොයෙදීම හෙවත් අනුවනකම යනුවෙන් ගත යුතුයි.

    උදාහරණයකට කාරයක ඇති කෘතිම බුද්ධිය වෙන් කර හඳුනා ගැනීමට පර්යේෂකයෙක් සටහන් කරනවා "රියදුරෙක් රහිතව වේගපාලනය, අනපේක්ශිත අවස්තා වලදී තිරිංග යෙදීම, පැති -ඉදිරි-සහපසු පසින් එන වාහන අතර දුර කලමණාකරනය යන ලක්ෂන පෙන්වයි නම්, ප්‍රතිපල ලබා ගත හැකි නම් එය AI සහිත වාහනයකි" යනුවෙන්. යමෙක් මේ ලැයිස්තුවෙන් රියදුරෙක් රහිතව කියන වචන ලොප් කර, "AI කාර් එකක් නම් වේගපාලනය, අනපේක්ශිත අවස්තා වලදී තිරිංග යෙදීම, පැති -ඉදිරි-සහපසු පසින් එන වාහන අතර දුර කලමණාකරනය කරන්න පුලුවන් වෙන්ඩ ඕනෑ" කීම සදොස් කියමනකි. සිරුරෙන් (හෝ කාරයෙන් ) පරිභාහිරව හඳුනාගත හැකි ඊටම අනන්‍ය වූ සිරුර අභිභවා සිරුර පාලනය කල හැකි, මරණයේදී නොබිඳෙන ප්‍රපංචය ආත්මය වෙයි. මෙය හිතේ ඇතිවන ෆැන්ටසියක් විනා ඇත්තටම පවතින්නක් නොවේ. මේ සම්බන්දයෙන් බුදු පියානන් දැරු ස්ථාවරය හොඳින් විස්තර කෙරෙන්නකි, අත්ථත්ථ සූත්‍රය.


    සංයුත්තනිකායො
    සළායතන වර්‍ගය
    10. අව්‍යාකත සංයුත්තය
    10. අත්ථත්ත සූත්‍රය

    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසීය.

    “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ආත්මයක් ඇත්තේ දැයි” මෙසේ ඇසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. ඉක්බිති “භවත් ගෞතමයන් වහන්ස ආත්මයක් නැත්තේදැයි” ඇසීය. දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම අසුනෙන් නැගිට ගියේය.

    ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ගිය නොබෝකලකින් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කිමෙක්ද? භාග්‍යවතුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට අසන ලද ප්‍රශ්නය ප්‍රකාශ නොකළසේක් දැයි” සැලකෙළේය.

    “ආනන්දය, “වච්ඡගොත්ත පරිබ්‍රාජකයා විසින් ආත්මයක් ඇත්තේ දැයි’ අසන ලද්දාවූ මම ආත්මය ඇත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්, ආනන්දය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශාස්වතවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් නැද්දැයි අසන ලද්දාවූ මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය නැත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්, ආනන්දය, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් උච්ඡේදවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් ඇත්දැයි අසන ලද මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය ඇතැයි ප්‍රකාශ කරන්නෙම් නම් කිමෙක්ද? ආනන්දය, එය සියලු ධර්මයෝ අනාත්මයහ යන ඥානය ඉපදීම පිණිස එය සුදුසුවන්නේද?” - “නැත, ස්වාමීනි,”

    “ආනන්දය, ආත්මය නැත්දැයි අසන ලද්දාවූ මම ආත්මයක් නැතැයි ප්‍රකාශ කරන්නේ නම්, ආනන්දය, මාගේ ආත්මය පෙර ඒකාන්තයෙන් වූයේය. එය දැන් නැත්තේයයි මුළාවූ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ වැඩියත් මුළාව පිණිස පවත්නේය.”
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සත්ථට්ටාන කුසල සූත්‍රයෙත් අනත්ත ලක්ඛන සූත්‍රයෙත් "අනත්ත" වෙනුවට "විපරිණාම ධම්ම" කියල තියෙන්නෙ ඇයි කියල නිකමටවත් හිතල බැලුවද ?
    බුදුහාමුදුරුවොත් ත්‍රිලක්ඛනය විකෘති කරල කියලද කියන්නෙ ?

    අද බුදුහාමුදුරුවො වැඩල ධර්මය දේශනාකලත් උන්වහන්සේටත් මිත්‍යාදෘශ්ටිය වපුරනව කියල මේ මිත්‍යාදෘශ්ටිකයින්ගෙන් නින්දා අපහාස විඳින්න වෙයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සත්ථට්ටාන කුසල සූත්‍රයෙත් අනත්ත ලක්ඛන සූත්‍රයෙත් "අනත්ත" වෙනුවට "විපරිණාම ධම්ම" කියල තියෙන්නෙ ඇයි කියල නිකමටවත් හිතල බැලුවද ?
    බුදුහාමුදුරුවොත් ත්‍රිලක්ඛනය විකෘති කරල කියලද කියන්නෙ ?

    අද බුදුහාමුදුරුවො වැඩල ධර්මය දේශනාකලත් උන්වහන්සේටත් මිත්‍යාදෘශ්ටිය වපුරනව කියල මේ මිත්‍යාදෘශ්ටිකයින්ගෙන් නින්දා අපහාස විඳින්න වෙයි.

    එහි අනත්ත වෙනුවට විපරිණාම ධම්ම වශයෙන් යෙදී නැත. එක පෙලට දුක්ඛ, අනිච්ච යෙදුනු බවින් ඊලඟ පදය අනාත්ම යැයි ගන්නෙ නැතිව ප්‍රඥාවෙන් විමසන්නේ නම්, එහිදී බුදු පියාණන් දේශනා කර ඇත්තේ "යමක් කාලයත් සමඟ ස්වභාවයෙන්ම වෙනස් වන්නේ නම්" යන අරුතයි. එහිම අවසන් පාඨය යෙදෙන්නේ " එසෝ මේ අත්තා ති?" යනුවෙන් නේද?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;21186409 said:
    එහි අනත්ත වෙනුවට විපරිණාම ධම්ම වශයෙන් යෙදී නැත. එක පෙලට දුක්ඛ, අනිච්ච යෙදුනු බවින් ඊලඟ පදය අනාත්ම යැයි ගන්නෙ නැතිව ප්‍රඥාවෙන් විමසන්නේ නම්, එහිදී බුදු පියාණන් දේශනා කර ඇත්තේ "යමක් කාලයත් සමඟ ස්වභාවයෙන්ම වෙනස් වන්නේ නම්" යන අරුතයි. එහිම අවසන් පාඨය යෙදෙන්නේ " එසෝ මේ අත්තා ති?" යනුවෙන් නේද?


    Screenshot%2013_zpsmxlc6tmd.png



    Screenshot%2011_zpsktgw8wun.png



    Screenshot%2014_zpsmtrw6drr.png



    Screenshot%2012_zpsywdxdfiv.png


    "අනාත්ම" මිත්‍යාව බිඳ හෙලීමට තවත් සාක්ශි කුමටද ?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    "අනාත්ම" මිත්‍යාව බිඳ හෙලීමට තවත් සාක්ශි කුමටද ?

    හෙහ් හෙහ්.. :lol::lol::lol:

    බුදු පියාණන් අනත්ත ගැන වදාල ධර්ම කරුනු ඔබට නොතෙරෙන්නේ නම්, තේරුනත් නොතේරුනා සේ ඉන්නේ නම්, මීවණ පලාණේ චීවරදාරියාගේ "විකාර බණ" රැක ගන්නට අවශ්‍ය නිසා එසේ ඉන්නේ නම් එය ඔබේ ප්‍රස්නයකි. විපරිනාම ධම්ම යන්න තිබෙන තැනක් හයිලයිට් කල පමණින් අනත්ත බොරු වන්නේ නැත! ත්‍රිලක්ෂණය අතුරුදහන් කිරිමේ සහ එමගින් බුදුසමය අතුරුදහන් කිරිමේ සද්ධර්ම ප්‍රතිරූපකයන් බහුල කාලයක ඔබට නැණැස පැදේවායි පැතීම හැර වෙන කල හැකි යමක් නැත. හොර නින්දේ සිටින්නන් ඇහැරවීම වෙහෙසකර ව්‍යායාමයක්ම වන බැවිනි.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;21188244 said:
    හෙහ් හෙහ්.. :lol::lol::lol:

    බුදු පියාණන් අනත්ත ගැන වදාල ධර්ම කරුනු ඔබට නොතෙරෙන්නේ නම්, තේරුනත් නොතේරුනා සේ ඉන්නේ නම්, මීවණ පලාණේ චීවරදාරියාගේ "විකාර බණ" රැක ගන්නට අවශ්‍ය නිසා එසේ ඉන්නේ නම් එය ඔබේ ප්‍රස්නයකි. විපරිනාම ධම්ම යන්න තිබෙන තැනක් හයිලයිට් කල පමණින් අනත්ත බොරු වන්නේ නැත! ත්‍රිලක්ෂණය අතුරුදහන් කිරිමේ සහ එමගින් බුදුසමය අතුරුදහන් කිරිමේ සද්ධර්ම ප්‍රතිරූපකයන් බහුල කාලයක ඔබට නැණැස පැදේවායි පැතීම හැර වෙන කල හැකි යමක් නැත. හොර නින්දේ සිටින්නන් ඇහැරවීම වෙහෙසකර ව්‍යායාමයක්ම වන බැවිනි.

    මා පවසා ඇත්තේ අනාත්ම යන්න වැරදි පරිවර්තනයක් කියා මිස අනත්ත බොරු වන බවක් නොවේ.බුදුරජානන් වහන්සේ මෙතැනදී විපරිනාම ධම්ම යන වචනය පාවිච්චි කර අනත්ත යන්න වෙනුවට බව නොපෙනේද ?
    සබ්බේ සංඛාරා අනිච්ඡාති දුක්කාති අනත්තාති ලෙස දේශනා කල උන්වහන්සේට මෙතැනදී පමනක් අනත්තාති යන්න මගහැරෙන්නට ඇතැයි ඔබ සිතනවාද ? ඔබ වැනි විකෘති මානසිකයින්ට හැර හොඳ සිහි නුවනින් බලන ඕනැම කෙනෙක්ට අනත්ත යනු අනාත්ම නොවන බව පැහැදිලිව දක්නට හැකි වනු ඇති.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගිහියෙකු හෝ පැවිද්දෙකු හෝ කවරෙකු හෝ විසින් අනත්ත යනු අනාත්මයැයි පැවසුවහොත්,පොතක පතක ලියා දැක්වුවහොත් ඔහුගේ තරාතිරම කවරක් වුවත් ඔහු විසින් බුද්ධ භාශිතය අලපිතය අභාශිතය කිරීමේ මහා ආනන්තරීය පාපකර්මය වන සංඝභේදය සිදුකරගනී.


    16388172_10155825921913677_9038020213043536437_n.jpg
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    ...
    හැබැයි සියලු ධර්මයෝ කිව්වහම මෙච්චර කලක් මම සිතන් හිටියේ

    නිවන සහ අවකාශය + සියලු සංස්කාරයෝ = ධම්ම කියායි.
    (සබ්බ ධම්ම අනත්තා)
    ...

    පින්වත් ex-muslim Ahmed,

    ඉහත ඔබ සඳහන් කරණ ලද අවකාශය ගැන විස්තර ටිකක් හමු වුනා. කියවා බලන්න.

    ----------

    මිලින්ද ප්‍රශ්න: නිර්වාණවිමතිච්ඡෙදන ප්‍රශ්නය [ http://thripitaka.org/view/other/milinda1970/386 ]


    "මහරාජානෙනි, ලොකයෙහි මොහු දෙදෙනෙක් අකර්මජ වූහ. අනුතුජ වූහ. කවර දෙදෙනෙක් ද? යත්-මහරජානෙනි, ආකාශය අකර්මජ ය. අහෙතුජ ය. අනුතුජ ය. මහරජානෙනි, නිර්වාණය අකර්මජ වූයේ ය. අහෙතුජ වූයේ ය. අනුතුජ වූයේ ය. මහරජානෙනි, මොහු දෙදෙන වනාහි අකර්මජ වූහ. අහෙතුජ වූහ. අනුතුජ වූහ"යි වදාළසේක.
    In English: Rhys Davids, 1894, 65th Dilemma. What is there that is without a cause? [ http://thripitaka.org/view/sbe/vol36/131 ]

    ----------

    මිලින්ද ප්‍රශ්න: නිර්වාණාකාශොපමා ප්‍රශ්නය [ http://thripitaka.org/view/other/milinda1970/390 ]

    ආකාශය ද නිර්වාණය ද යන මේ දෙදෙන අකර්මජ වූහ. අහෙතුජ වූහ. අනුතුජ වූහ.
    In English: Rhys Davids, 1894, 66th Dilemma. Karma-born, cause-born, and season-born [ http://thripitaka.org/view/sbe/vol36/135 ]

    ----------

    මිලින්ද ප්‍රශ්න: නිර්වාණ අරූප ප්‍රශ්නය [ http://thripitaka.org/view/other/milinda1970/464 ],
    පිටුව: http://thripitaka.org/view/other/milinda1970/469

    ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, "ආකාශයාගේ දශගුණ කෙනෙක් නිර්වාණයට ප්‍රවිෂ්ට වූහ'යි කියා නුඹ වහන්සේ යමක් වදාළසේක් ද, ඒ ආකාශයාගේ නිර්වාණය අනු ව ගියා වූ දශගුණයෝ කවරහු දැ?" යි විචාළෝ ය. ...
    In English: Rhys Davids, 1894, 80th Dilemma. The form, figure, duration, &c., of Nirvâna [ http://thripitaka.org/view/sbe/vol36/214 ],
    Page: http://thripitaka.org/view/sbe/vol36/220

    ----------

    Skylark
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පින්වත් ex-muslim Ahmed,

    ඉහත ඔබ සඳහන් කරණ ලද අවකාශය ගැන විස්තර ටිකක් හමු වුනා. කියවා බලන්න.

    ----------

    මිලින්ද ප්‍රශ්න: නිර්වාණවිමතිච්ඡෙදන ප්‍රශ්නය [ http://thripitaka.org/view/other/milinda1970/386 ]


    Quote:
    "මහරාජානෙනි, ලොකයෙහි මොහු දෙදෙනෙක් අකර්මජ වූහ. අනුතුජ වූහ. කවර දෙදෙනෙක් ද? යත්-මහරජානෙනි, ආකාශය අකර්මජ ය. අහෙතුජ ය. අනුතුජ ය. මහරජානෙනි, නිර්වාණය අකර්මජ වූයේ ය. අහෙතුජ වූයේ ය. අනුතුජ වූයේ ය. මහරජානෙනි, මොහු දෙදෙන වනාහි අකර්මජ වූහ. අහෙතුජ වූහ. අනුතුජ වූහ"යි වදාළසේක.
    In English: Rhys Davids, 1894, 65th Dilemma. What is there that is without a cause? [ http://thripitaka.org/view/sbe/vol36/131 ]


    Skylark

    ථෙරවාද අභිධර්මයේ
    ආකාශය අහේතුජයි කියල තියෙනවද?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "අනත්ත" යන්න අනාත්ම ලෙස අර්තකථනය කරන සියලු භික්ශූන් වහන්සේලාද , ගිහියන්ද බුද්ධ දේශනාව අමු අමුවේම විකෘති කර විනාශ කර දමන අය වෙති.





    Screenshot%2013_zpsmxlc6tmd.png



    Screenshot%2011_zpsktgw8wun.png



    Screenshot%2014_zpsmtrw6drr.png



    Screenshot%2012_zpsywdxdfiv.png
     
    Jul 5, 2012
    1,773
    265
    0


    වලපයයි ගොඩපයයි තබාගෙන සාසනයට ඇතුල්වී පිංබත් ගිලීම එකම අරමුන කරගත් මේ මහලු චීවරදාරී මෝඝ මිනිසා යදනිච්චං තං දුක්ඛං යන පදයත් වරදවන කල තවත් උගෙන් බණ අසන්නා, උගේ මෝඝ අධර්ම පොත්පත් පරිශීලනය කරන්නාත් ඒ වැනිම අමු මෝඩයෙක් බව අපට නම් පැහැදිලිය. හොඳට අසන්න මේ විඩියෝවේ පැහැදිලිව පෙනෙනවා තටම තටමා තමන්ට රුචි අයුරින් පෙල දහම වරදවන බව

    http://www.trekmentor.com/si/content/book/665


    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම



    තත්පර 27න් පමණ ඉදිරියට (අනිච්ච යන්න සංස්කාරයන්ගේ ලක්ෂණයක් උවත් එය පුද්ගලයෙකුගේ කැමැත්ත ලෙස අර්ථය වැරදවීම):

    දැන් මේ නිච්ච කියන එකත්, අනිච්ච කියන එකත් කොහෙද ඇතිවෙන්නේ? තමන්ගෙ හිතක. දැන් කෙනෙක් යම් ප්‍රිය දෙයක් ඇහෙන් දැක්කා නම්, ඒකෙන් යම් සුවයක් ලබනවා නම් ඒ සුවය නැවත නැවතත් ලැබීමේ කැමැත්තට කියනවා නිච්ච කියලා. තේරුනාද? ඒ සුවය නැවත නැවතත් ලබාගැනීමට අවශ්‍ය වෙනවානම් නිශ්චිත වශයෙන් මේ සුවය මට සුවයි, මේ සුවය මම ලබන්න ඕනෑ කියනවා නම් අන්න නිච්චයි, සුඛයි, අත්තයි.


    විනාඩි 1, තත්පර 27න් පමණ ඉදිරියට (නිවැරදිව පරිවර්තනය කර ඇති කරුණු අරභයා එම කරුණු නිවැරදිව පරිවර්තනය කල අයට අභූතයෙන් දොස් කීම):

    හැබැයි මේ නිත්‍ය, අනිත්‍ය කියන එක පස්සෙ කාලෙක පරිවර්තනය කරපු වචන දෙකක්. ඒ වගේම අත්ත, අනත්ත කියන එක ආත්ම, අනාත්ම හැටියට වැරදි සේ පරිවර්තනය [කලා]. ඒ වගේම සුඛ, දුක්ඛ කියන එක දුක හැටියට වැරදි සේ පරිවර්තනය [කලා]. ඒ නිසා මේ පරිවර්තකයෝ ත්‍රිපිටකය පරිවර්තනය කරන කොට, බුද්ධ භාෂිතය පරිවර්තනය කරන කොට මේ නිව්ච, සුඛ, අත්ත, අනිච්ච, දුක්ඛ, අනත්ත කියන මේ මාගධී වචන තුන වැරදි සේ පරිවර්තනය කලා.


    විනාඩි 2, තත්පර 7න් පමණ ඉදිරියට (යදනිච්චං යන පාලි වචනය අනිච්ච යන අර්ථයෙන් නොව නිච්ච යන අර්ථයෙන් ගෙන බුද්ධ භාෂිතය විකෘති කිරීම):

    දැන්, යමක් නිත්‍ය නම්, "යදනිච්චං තං දුක්ඛං", "යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තං". මේකයි ධර්මයේ තියෙන්නේ. යමක් අ... "යදනිච්චං තං දුක්ඛං". යමක් නිච්ච නම්, ඒක නිච්චයි කියලා අපි තීරණය කලොත්, ඒක නිච්ච සේ උපාදානය කර ගත්තොත් අපිට දුක උරුම වෙනවා. එතකොට නිච්ච නම් තමා දුක. අනිච්ච නම්, අපි ඒ නිච්ච බව හිතින් අත්ඇරියා නම් අපිට සැපයි.


    විනාඩි 3, තත්පර 40න් පමණ ඉදිරියට (අනිච්ච යන්න සංස්කාරයන්ගේ ලක්ෂණයක් උවත් එය පුද්ගලයෙකුගේ කැමැත්ත ලෙස අර්ථය වැරදවීම - ඉහතින්ද සඳහන් කර ඇත):

    ... මේ බුද්ධ දේශනාවෙ කිව්වෙ මේ නිච්ච කියලා යම් කිසි පුද්ගලයෙකුගෙ හිතක ඇතිවන දෙයක් මිසක් සර්ව සාධාරන සබ්බ චිත්ත සාධාරන එකක් නෙමේ. පුද්ගලයෙක්ගෙ හිතේ ඇතිවන කැමැත්ත.


    * මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් ඉහත දක්වන ලද වීඩියෝවේ ප්‍රකාශ කර ඇති ධර්මයට නොගැලපෙන සමහරක් කරුණු ගැන සැකෙවින් සටහන් කිරීමක් මෙම ලිපියෙහි කර ඇත. ඇවැසි යැයි හැඟුනොත් වැඩි විස්තර එක් කිරීමක් මතුවට සිදුවේ.