සයිටම් වෛද්‍ය සිසුන් ගැනීම අත්හිටුවිය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    සයිටම් වෛද්‍ය සිසුන් ගැනීම අත්හිටුවිය



    විසඳුමක්‌ ලැබෙනතුරු
    සයිටම් වෛද්‍ය සිසුන්
    ගැනීම අත්හිටුවන්න
    ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල
    රජයේ තීරණය දැනුම් දෙයි

    චමින්ද සිල්වා

    මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විසඳුමක්‌ ලබාදෙන තෙක්‌ සිසුන් බඳවා ගැනීම මාස හයකට අත්හිටුවීම ඇතුළු කරුණු හතරක්‌ සම්පූර්ණ කර ගන්නා ලෙස 'සයිටම්' ආයතනයට දැනුම් දීමට උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13 වැනිදා) සවස පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී ඇත.

    උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යවරයා සමග උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ්‍රරු, උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය පී. එස්‌. එම්. ගුණරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව සමස්‌ත වෛද්‍ය පීඨ අටෙහිම පීඨාධිපතිවරුන් සහ නියෝජිතවරුන් ඊයේ (13 වැනිදා) සවස අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී සාකච්ඡාව පවත්වන ලදී. එම රැස්‌වීමේදී පහත දැක්‌වෙන තීරණයන් ඒකමතිකව ගෙන ඇත. එම කරුණු මෙසේය.

    1. SAITM ආයතනයේ වර්තමාන වෛද්‍ය උපාධි වැඩසටහන පිළිබඳව උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය මගින් කාලීන සමාලෝචනයක්‌ කරන තෙක්‌ එම පීඨයට වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීම මාස හයක කාලසීමාවක්‌ සඳහා අත්හිටුවන ලෙස Sදමඑය Asස්‌බ ෂබිඑසඑමඑe දෙ ඔeජයබදකදටහ aබා පැdසජසැබැ (SAITM) හි පරිපාලනයට යෝජනා කිරීමට

    2. අවසන් ඵඊඊS විභාගය සමත් සහ SAITM ශිෂ්‍යයන් ශල්‍ය වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය සහ ප්‍රසව විද්‍යාව සහ ළමා වෛද්‍ය වේදය පිළිබඳව එක්‌ එක්‌ ක්‍ෂේත්‍රය සඳහා මාසයක්‌ බැගින් රජයේ රෝහලක වැඩිදුර සායනික පුහුණුවක්‌ ලබාගත යුතු බවට සහ ඉහත කී සායනික පුහුණු කාලය අවසානයේදී, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන බලපත්‍රය ලබා දීමේ (ඛසජැබිසබට) විභාගයෙන් එම සිසුන් සමත් විය යුතුම බවට යෝජනා කිරීමට

    3. එළඹෙන මාස හයක කාල පරිච්ඡේදය ඇතුළත දී, උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ අනෙකුත් පාර්ශවකරුවන් විසින් රජයේ නොවන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ කර ගත හැකි මෙහෙයුම් ක්‍රියාපටිපාටියක්‌ සකස්‌ කිරීමට කටයුතු කරනු ඇත.

    4. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමග මෙම යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට පීඨාධිපතිවරු එකඟ වූහ.


     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113

    Just a thought,
    You cannot stop students from studying. We need private universites. But they should be up to standard. The students should earn the degree not buy it.
    I also think that we should abolish free education after ALs. After passing ALs every student should be given a student loan (equal the cost to educate them at university level) to study in the university and the loan will be reclaimed using the EPF (or some other method. after they start working). This way we can use that money to develop the education system. If someone is planing to go abroad (migrate) they would have to settle the loan before getting permission.
    Also we can use the ALs as a way to decide who gets the full amount as the loan and the rest who will have to fund it partially.

    from a gossip comment :)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මාස හයක් යන තුරු මාලබේ සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීම නැවැත්වීමට කර ඇති යෝජනාවට ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග කිට්ටුවෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත්, ඒ වනතුරු ශිෂ්‍යයන් බඳවා ගැනීම දිගටම සිදු කරන බවත් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
    සිසුන්ට හොඳ අධ්‍යාපනයක් දීමේ අරමුණෙන් තම ආයතනයේ ආචාර්යවරුන්ට විශාල වැටුපක් ගෙවන බව ද, සයිටම් වෛද්‍ය විද්‍යාලයයට ශිෂ්‍යයන් බඳවා නොගත්තොත් මහාචාර්යවරුන්ට වැටුප් ගෙවීමට මුදල් නැතිව යන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.
    තම ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා ගත්තේ එක් විෂයක් සඳහා රුපියල් 50,000 බැගින් මුදල් ගෙවා යැයි කී ප්‍රනාන්දු මහතා උපාධිය ගත් සිසුන්ට යළි සායනික පුහුණුව දීමට ඔවුන් එකඟ නොවන බව ප්‍රකාශ කළේයැයි ද අවධාරණය කළේය.
    උසාවි නියෝග අනුව සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකළහොත් උසාවියට අපහාස කිරීම යටතේ එම සිසුන් අධිකරණයට යනු ඇති බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.
    :P