Doctor Strange - Exclusive සිංහල Review [Scene by Scene]
2016 නොවැම්බර් මාස 04 වන දින තිරගතවීම ආරම්භ කෙරුණු Doctor Strange චිත්‍රපටය පැය 1 යි විනාඩි 55ක් පුරාවට දිග හැරෙනව.. Marvel Cinematic Universe එකේ 14 වන වගේම Phase Three වල දෙවැනි චිත්‍රපටයයි. මේ ෆිල්ම් එකේ බජට් එක ඩොලර් මිලියන 165 ක් විතර වෙනවා. ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තාව ඩොලර් මිලියන 675ක් වෙනවා. IMDb වල 7.8 ක අගයකුත් Tomatometer අගය 90% අරගෙන තියෙනවා
. Marvel Cinematic Universe වල ප්‍රවිනම දක්ෂම නළු නිලියන් පිරිසක් රගපපු ෆිල්ම් එකත් කියලා Doctor Strange හදුවන්න පුළුවන්
. ඒ අතර Benedict Cumberbatch, Tilda Swinton, Mads Mikkelsen සහ Chiwetel Ejiofor සුවිශේෂයි. ඔන්න ඉතින් පොරොන්දු වුන විදියට මේ ෆිල්ම් එකෙත් රිවිව් එක දෙන්නයි යන්නේ. හැබැයි මේ චිතරපටයට ගොඩක් සංකීර්ණ වචන සදහන් වෙලා තිබුණා
. ඉතින් හැමෝටම ත්රෙන විදියට රිවිව් එක දෙන්න ඕනි නිසා උපරිම ලේසි විදියට වචන යොදාගෙන තමයි තියෙන්නේ. තාමත් මේක බලලා නැත්නම් මෙතනින් එහාට කියවන්න එපා
. හරි එහෙනම් පටන් ගමු
.
කතාව පටන් ගන්නේ Zealots (Masters of the Mystic Arts වලින් වෙන් වුන පිරිසගෙන් එකතු වූ කණ්ඩායමක්) එනවා නේපාලයේ කත්මන්ඩු වල Kamar-Taj වලට. මේ කණ්ඩායමේ නායකයා වන්නේ Kaecilius.
කොමික් වලදිනම් Kamar-Taj පිහිටලා තියෙන්නේ ටිබෙටයේ
. හිමාලයේ පිහිටලා තියෙන මෙය මන්ත්‍රකාරයගේ නිජ බිමක් ලෙසය් හැදින්වෙන්නේ..හැබැයි මෙතනදී මේක තියෙන්නේ නේපාලයේ
ඔවුන් ඝාතනය කරනවා ග්‍රන්ථ ශාලාව භාරව ඉන්න Masters of the Mystic Arts සාමජිකයෙකුව. පසුව Kaecilius විසින් Cagliostro පොතෙන් පිටු දෙකක් ඉරා ගන්නවා.
මෙතනට එන Ancient One නිසා Kaecilius සහ ඔහුගේ කණ්ඩායම පැන යනවා ද්වාරයකින්. මේ ද්වාරය විවෘත වෙන්නේ ලන්ඩන් නුවර වීදියකින්.
පැන යන Zealots කණ්ඩායම Mirror Dimension වල කොටු කර ගන්න Ancient One සමත් වෙනවා.
ඔවුන්ව මේ කොටු කරගන්න විදිය Shelock ටීවී සිරිස් එකේදිත් දකින්න පුළුවන්
. මේ විදිය කොනේ තමයි Shelock Homes Pub එක තියෙන්නෙත් 
කතාව පොඩ්ඩකට නතර කරලා Mirror Dimension ගැන හැදින්වීමක් කරලා ඉන්නම
..නැත්නම් ඔලුව කුරුවල් වෙයි
. Mirror Dimension කියන්නේ Multiverse වලින් එකක්.. (Multiverse ගැන මන් ඉස්සරහට පැහැදිලි කිරීමක් කරන්නම්. දැනට එක අමතක කරන්න
.) Mirror Dimension ගැන කිව්වොත් මන්ත්‍ර බලයෙන් මෙය නිර්මාණය කලාම ඒ රාමුවට කොටු වුන පිරිස හැර වෙන අයට ඔහුන්ව පෙන්නේ නැති වෙනවා. උදාහරණයකට මේ සිදුවීම ගත්තොත් Ancient One සහ Zealots කණ්ඩායම අතර ඇතිවෙන සටන පාරේ සිටින මහජනතාවට පෙනෙන්නේ නැ. ඒ වගේම භුදර්ශනය චලනය කිරීමේ හා ගුරුත්වකාශය පාලනය කිරීම පවා හැකියාව මේ Mirror Dimension වල පිහිටනවා
.
Ancient One සහ Zealots කණ්ඩායම අතර සටනක් ඇති වෙනවා . නමුත් Kaecilius ද්වාරයක් නිර්මාණය කර ඉන් සටනෙන් ඉතිරි ඉතුරු සාමාජිකයින් සමග පලා යනවා.
ඔවුන් පැන ගිය පසු Ancient One ද්වාරයක් නිර්මාණය කර Mirror Dimension වලින් ඉවත් වෙනවා. මේ නිසා පාරේ සිටින මිනිසුන්ට අයව දකින්න පුළුවන්.
Stephen Strange එහෙමත් නැතිනම් Doctor Strange පළමු වරට දකින්න පුළුවන් දර්ශනය. Doctor Strange කියන්නේ සුප්‍රසිද්ධ ශෛල්‍ය වෛද්‍යවරෙක්. මෙතැනදී ඔහු ශෛල්‍යකර්මයකට සුදානම් වීමක් දකින්න පුළුවන්. ටැප් එකෙන් අත හෝදන විදිය ඇදුම් අදින විදිය අත් දෙක පපුව ලගට ගන්න විදිය මේ හැම දෙයක්ම හැම ශෛල්‍ය වෛද්‍යවරෙක්ම සිදු කරන දෙයක්. ඔවුන් ශෛල්‍යකර්මයකට පෙර මේ අයුරින් තමා සුදානම් වෙන්නේ
. හැබැයි ශෛල්‍යකර්මය යන අතරතුරේ සින්දු අහන එකනම් Doctor Strange ට අවේනික දෙයක් වෙන්න ඕනි
.
මේ අතරතුරේ Christine Palmer, Strange ව කැදවනවා තවත් සුක්ෂම ශෛල්‍යකර්මයකට. ඒ පුද්ගලයෙකුගේ මොලයේ ඇති වෙඩි උණ්ඩයක් ඉවත් කිරීමට. Strange ඉතාම සුක්ෂම ලෙස ඒ වෙඩි උණ්ඩය ඉවත් කරනවා. මෙතනදී බලන්න පුළුවන් Strange ගේ අත් දෙක ඔහුට කොච්චර වැදගත් දෙයක්ද කියලා
. ඔහුගේ මුළු වෘත්තීයම රද පවතින්නේ අත් දෙකෙන් කියලා පලවෙනි scene එකෙන්ම ඉගියක් දෙනවා.
Palmer, Strange අතර කලින් ආදර සම්බන්ධතාවත් තිබිල තියෙනවා.නමුත් ඒ සම්බන්දය බිද වැටිලා තියෙනවා Strange ගේ අහංකාරකම නිසා
. හැබැයි මේ සිදු වීමෙන් කියන්න පුළුවන් ඔවුන්ගේ දිම තවමත් ලාවට වගේ තියෙනවා කියලා
.
Christine Palmer අපිට කොමික් වලදී දකින්න ලැබෙන්නේ හෙදියක් විදියට. ඒ වගේම කොමික් වලනම් Christine, Doctor Strange හට කිසිම විදියකින්වත් සම්බන්ධවීමක් දකින්න ලැබෙන්නේ නැ
. කෙවින් අයිය කියන විදියට ඔවුන් මේ චරිතය මේකට යොදාගෙන තියෙන්න Strange ගේ සාමන්‍ය ජීවිතය (මන්ත්‍ර බලයෙන් තොර) හා සම්බන්ධ කිරීමක් කරන්න සාමන්‍ය පුද්ගලයෙක් වශයෙන්. 
නිව්යෝක් නගරයේ ගොඩනැගිලි කීපයක් දකින්න පුළුවන් ඒ අතර Avengers Tower එකත්. Strange සුදානම් වෙනවා රාත්‍රී භෝජනයකට යාමට.
ඔහුගේ apartment එක ඒ වගේම ඔරලෝසු, කාර් එක (Q3 2014 Lamborghini Huracan) දැක්කම කියන්න පුළුවන් Strangeට ඇති වත්කම ගැන
.
ඔරලෝසුවේ තියන දිනය කියන්න පුළුවන් මේ කතාව 2016 පෙබරවාරි 2 පස්සේ සිදු වුන සිදුවීම් ඇතුලත් වෙන්නේ කියලා
. ඒ වගේම Strangeට 2016 හිමි වුන සම්මානයකුත් එතන තියෙනවා.
Strange කාර් එකේ යන අතරේ අමතුඅක් ලැබෙනවා. ඒ ඔහුට සම්බන්ධ විය හැකි ශෛල්‍යකර්ම සම්බන්ධ විස්තර.
මේ විස්තර අතර පළමුවෙන්ම එන විස්තරය තමයි 35 හැවිරිදි ගුවන් හමුදා කර්නල් වරයෙක් ඔහුගේ experimental armor එකත් සමග අනතුරකට ලක්වීමක් ගැන. මේ ඇහුන ගමන් ඔලුවට එන්නේ Rhodey ව (War Machine)
. හැබැයි ඒ ඔහුමයි කියලා කියන්න විදියක් නැ වයස නිසා. මොකද Rhodey ට වයස 48යි
. ඒ වගේම විස්තරයේ අන්තිමට කියන අවරුදු 22ක් වෙන කාන්තාව ඉස්සරහට එන්න තියන Captain Marvel ගේ චරිතයට සමාන වෙනවා. 
Strange ට ලැබෙන scan රුපයක් පරික්ෂ කරන අතරතුරේ ඔහුගේ කර එක තවත් කර එකක ගැටී ප්‍රපාතයකට වැටි අනතුරකට පත් වෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලබන Strange ඔහු සේවය කරන රෝහලටම රැගෙන යනවා. පැය 11 ක ශෛල්‍යකර්මයකින් පසු අවධි වන Strange තේරුම් ගන්නවා ඔහුගේ අතට වී ඇති හානිය, සුදු යකට කටු 11 ක් ඔහුගේ ඇගිලි කටු වලට ගහල ඒ වගේම අත් දෙකට ගොඩක් හානි වෙලා කියලා Christine කියනවා.
Strange සුව වුනත් ඔහුගේ අත් දෙක සම්පුර්ණ සුව වෙලා නැ. ඔහුගේ දෑත් තවමත් වෙව්ලනවා ස්නායු අප්‍රාණික වෙලා. Strange වෛද්‍ය කණ්ඩායමක් රැස් කරලා සුව කර ගැනීමට උත්සහ කරනවා. ඔවුන් පවසන්නේ එය සාර්ථක විය හැකි බවත් ඒ සදහා විශාල ලෙස මුදල් වියදම් වෙන බවත්.
Strange ඒ ශෛල්‍යකර්මයකට කැමති වී සම්බන්ධ වුනත් එය අසාර්ථක වෙනවා. උත්සහ කිරීම නතර කිරීමට යන විට ඔහුගේ උපදේශකයා කියන්නේ උත්සහ කිරීම නිසා අංශභාගය සැදුනු අයුකු සම්පුර්න සුව වුන බවයි. Strange එතනදී කියන්නේ එය සිදු විය නොහැකි බවත් ඔහුගේ file එක බැලිය යුතුයි කියලා
තව තවත් ශෛල්‍යකර්ම සදහා Strange උත්සහ කලත් එය සිදු කිරීම වෛද්‍යවරුන් ප්‍රතිෂේප කරනවා. මෙතනට එන Christine ට කියන්නේ පොඩි ණය මුදලක් ලබා ගත්තොත් තව උත්සහකිරීමක් කරලා බලන්න පුළුවන් කියලා. නමුත් Christine කියන්නේ කොතරම වියදම් කලත් තේරුමක් නැති බව
. මෙයින් කෝප වෙන Strange, Christine ට බනින්නේ ඔහුගේ තියෙන අහන්කරකම තව තවත් පෙන්නමින්
ණය මුදලක් ගන්න සුදානම් කියන්නේ Strange මේ වෙනකොටත් ඔහුගේ සයලු ධනය මේ සදහා වියදම් කර අන්ත දුගී බවට පත් වෙලයි.
Christine ගෙනත් දුන්න file එක (අංශභාග වී සුව වූ පුද්ගලයාගේ) Strange ඇති විස්තර අනුව ඔහුව සොයාගෙන යනවා.
Jonathan Pangborn නම වන ඔහු අංශභාග වී සිටියදී Strange හමුවීමට උත්සහ කලත් ඔහුව සුව කල නොහැකි නිසා ප්‍රතික්ෂේප කොට තියෙනවා. Strange ඔහුගෙන් විමසනය සුව වුන විදිය ගැන. ඒ අනුව Pangborn කියනවා තමාගේ මනස සුව කරගැනීමෙන් තමා ශරීරය සුව කරගත් බවත් ඒ ස්ථානය Kamar-Taj වලදී බව
Kamar-Taj හොයාගෙන Strange නේපාලයේ කත්මන්ඩු නුවරට එනවා. එහිදී ඔහු මංකොල්ල කල්ලියකට හසු වෙනවා. ඔවුන් ඔහුගේ ඔරලෝසුව ඉල්ලුවත් Strange එකට අකමැති වෙනවා..මොකද එක ඔහුට දීල තියෙන්නේ Christine නිසා
මෙතනට එන Karl Mordo මංකොල්ල කල්ලිය පහර දෙමින් සිටින Strange ව බේරාගන්නවා. ඒ වගේම Strange ව Kamar-Taj වලට රැගෙන යන්න උදව් වෙනවා.
Karl Mordo කොමික් වලදිනම් අපිට හම්බවෙන්නේ Doctor Strange ගේ ප්‍රධාන හතුරෙකු විදියටයි
. කාලයක් Dormammu වෙනුවෙන් සේවය කරලා ඔහුගෙන් බලයන් ලබාගෙන Strange ව විනාශ කිරීමටද උත්සහ කරලා තියෙනවා. කොමික් වලට වඩා වෙනස් දෙයක් කරන්න ඕනි නිසා Karl Mordo ව ෆිල්ම් එකේ දුෂ්ට චරිතයක් නොවුනේ කියලයි කියන්නේ
. හැබැයි Doctor Strange 2 ෆිල්ම් එකක් නිර්මාණය වුනොත්නම් ඔහුව අපිට බලාගන්න පුළුවන් සුපුරුදු කොමික් වල විදියටම.
Kamar-Taj වලට එන Strange ට Ancient One ව මුණ ගැහෙනවා. ඒ වගේම Ancient One මේ වෙනකොටත් Strange ගැන හැම දෙයක්ම දන්නවා.:
Ancient One ගෙන් Strange අහනවා අංශබාග වුන කෙනෙක්ව සුව කලද කියලා. Ancient One කියන්නේ තමා කලේ ඔහුට යථාර්තය කියා දුන්න පමණක් කියලයි. ඒ වගේම යමෙකු සහ ඔහුගේ ශරීරය පාලනය කල හැකි ආකාරයන් ගැනත්, යමෙකුගේ ආත්මය අලුතින්ම නිර්මාණය කර ශරීරය සුව කල හැකි බවත් Strange ට කරුණු පහදලා දෙනවා.නමුත් වෛද්‍ය විද්‍යව අනුව මේ දේවල් විස්වාස නොකරන Strange, Ancient One සමග තර්ක කරනවා.
ක්ෂණිකයෙන් Strange ගේ පපුවට පහරක් එල්ල කරන Ancient One කෙටි වෙලාවකට ඔහුව Astral Dimension (Multiverse එකක්) වලට යොමු කරනවා.
නැවත පැමිණි පසු Strange ව Ancient One විසින් Multiverse තුලට ඇතුලත් කරනවා.
. Marvel Cinematic Universe වල ප්‍රවිනම දක්ෂම නළු නිලියන් පිරිසක් රගපපු ෆිල්ම් එකත් කියලා Doctor Strange හදුවන්න පුළුවන්
. ඒ අතර Benedict Cumberbatch, Tilda Swinton, Mads Mikkelsen සහ Chiwetel Ejiofor සුවිශේෂයි. ඔන්න ඉතින් පොරොන්දු වුන විදියට මේ ෆිල්ම් එකෙත් රිවිව් එක දෙන්නයි යන්නේ. හැබැයි මේ චිතරපටයට ගොඩක් සංකීර්ණ වචන සදහන් වෙලා තිබුණා
. ඉතින් හැමෝටම ත්රෙන විදියට රිවිව් එක දෙන්න ඕනි නිසා උපරිම ලේසි විදියට වචන යොදාගෙන තමයි තියෙන්නේ. තාමත් මේක බලලා නැත්නම් මෙතනින් එහාට කියවන්න එපා
. හරි එහෙනම් පටන් ගමු
.
කතාව පටන් ගන්නේ Zealots (Masters of the Mystic Arts වලින් වෙන් වුන පිරිසගෙන් එකතු වූ කණ්ඩායමක්) එනවා නේපාලයේ කත්මන්ඩු වල Kamar-Taj වලට. මේ කණ්ඩායමේ නායකයා වන්නේ Kaecilius.
කොමික් වලදිනම් Kamar-Taj පිහිටලා තියෙන්නේ ටිබෙටයේ
. හිමාලයේ පිහිටලා තියෙන මෙය මන්ත්‍රකාරයගේ නිජ බිමක් ලෙසය් හැදින්වෙන්නේ..හැබැයි මෙතනදී මේක තියෙන්නේ නේපාලයේ
ඔවුන් ඝාතනය කරනවා ග්‍රන්ථ ශාලාව භාරව ඉන්න Masters of the Mystic Arts සාමජිකයෙකුව. පසුව Kaecilius විසින් Cagliostro පොතෙන් පිටු දෙකක් ඉරා ගන්නවා.
මෙතනට එන Ancient One නිසා Kaecilius සහ ඔහුගේ කණ්ඩායම පැන යනවා ද්වාරයකින්. මේ ද්වාරය විවෘත වෙන්නේ ලන්ඩන් නුවර වීදියකින්.
පැන යන Zealots කණ්ඩායම Mirror Dimension වල කොටු කර ගන්න Ancient One සමත් වෙනවා.
ඔවුන්ව මේ කොටු කරගන්න විදිය Shelock ටීවී සිරිස් එකේදිත් දකින්න පුළුවන්
. මේ විදිය කොනේ තමයි Shelock Homes Pub එක තියෙන්නෙත් 
කතාව පොඩ්ඩකට නතර කරලා Mirror Dimension ගැන හැදින්වීමක් කරලා ඉන්නම
..නැත්නම් ඔලුව කුරුවල් වෙයි
. Mirror Dimension කියන්නේ Multiverse වලින් එකක්.. (Multiverse ගැන මන් ඉස්සරහට පැහැදිලි කිරීමක් කරන්නම්. දැනට එක අමතක කරන්න
.) Mirror Dimension ගැන කිව්වොත් මන්ත්‍ර බලයෙන් මෙය නිර්මාණය කලාම ඒ රාමුවට කොටු වුන පිරිස හැර වෙන අයට ඔහුන්ව පෙන්නේ නැති වෙනවා. උදාහරණයකට මේ සිදුවීම ගත්තොත් Ancient One සහ Zealots කණ්ඩායම අතර ඇතිවෙන සටන පාරේ සිටින මහජනතාවට පෙනෙන්නේ නැ. ඒ වගේම භුදර්ශනය චලනය කිරීමේ හා ගුරුත්වකාශය පාලනය කිරීම පවා හැකියාව මේ Mirror Dimension වල පිහිටනවා
.
Ancient One සහ Zealots කණ්ඩායම අතර සටනක් ඇති වෙනවා . නමුත් Kaecilius ද්වාරයක් නිර්මාණය කර ඉන් සටනෙන් ඉතිරි ඉතුරු සාමාජිකයින් සමග පලා යනවා.
ඔවුන් පැන ගිය පසු Ancient One ද්වාරයක් නිර්මාණය කර Mirror Dimension වලින් ඉවත් වෙනවා. මේ නිසා පාරේ සිටින මිනිසුන්ට අයව දකින්න පුළුවන්.
Stephen Strange එහෙමත් නැතිනම් Doctor Strange පළමු වරට දකින්න පුළුවන් දර්ශනය. Doctor Strange කියන්නේ සුප්‍රසිද්ධ ශෛල්‍ය වෛද්‍යවරෙක්. මෙතැනදී ඔහු ශෛල්‍යකර්මයකට සුදානම් වීමක් දකින්න පුළුවන්. ටැප් එකෙන් අත හෝදන විදිය ඇදුම් අදින විදිය අත් දෙක පපුව ලගට ගන්න විදිය මේ හැම දෙයක්ම හැම ශෛල්‍ය වෛද්‍යවරෙක්ම සිදු කරන දෙයක්. ඔවුන් ශෛල්‍යකර්මයකට පෙර මේ අයුරින් තමා සුදානම් වෙන්නේ
. හැබැයි ශෛල්‍යකර්මය යන අතරතුරේ සින්දු අහන එකනම් Doctor Strange ට අවේනික දෙයක් වෙන්න ඕනි
.
මේ අතරතුරේ Christine Palmer, Strange ව කැදවනවා තවත් සුක්ෂම ශෛල්‍යකර්මයකට. ඒ පුද්ගලයෙකුගේ මොලයේ ඇති වෙඩි උණ්ඩයක් ඉවත් කිරීමට. Strange ඉතාම සුක්ෂම ලෙස ඒ වෙඩි උණ්ඩය ඉවත් කරනවා. මෙතනදී බලන්න පුළුවන් Strange ගේ අත් දෙක ඔහුට කොච්චර වැදගත් දෙයක්ද කියලා
. ඔහුගේ මුළු වෘත්තීයම රද පවතින්නේ අත් දෙකෙන් කියලා පලවෙනි scene එකෙන්ම ඉගියක් දෙනවා.
Palmer, Strange අතර කලින් ආදර සම්බන්ධතාවත් තිබිල තියෙනවා.නමුත් ඒ සම්බන්දය බිද වැටිලා තියෙනවා Strange ගේ අහංකාරකම නිසා
. හැබැයි මේ සිදු වීමෙන් කියන්න පුළුවන් ඔවුන්ගේ දිම තවමත් ලාවට වගේ තියෙනවා කියලා
.Christine Palmer අපිට කොමික් වලදී දකින්න ලැබෙන්නේ හෙදියක් විදියට. ඒ වගේම කොමික් වලනම් Christine, Doctor Strange හට කිසිම විදියකින්වත් සම්බන්ධවීමක් දකින්න ලැබෙන්නේ නැ
. කෙවින් අයිය කියන විදියට ඔවුන් මේ චරිතය මේකට යොදාගෙන තියෙන්න Strange ගේ සාමන්‍ය ජීවිතය (මන්ත්‍ර බලයෙන් තොර) හා සම්බන්ධ කිරීමක් කරන්න සාමන්‍ය පුද්ගලයෙක් වශයෙන්. 
නිව්යෝක් නගරයේ ගොඩනැගිලි කීපයක් දකින්න පුළුවන් ඒ අතර Avengers Tower එකත්. Strange සුදානම් වෙනවා රාත්‍රී භෝජනයකට යාමට.
ඔහුගේ apartment එක ඒ වගේම ඔරලෝසු, කාර් එක (Q3 2014 Lamborghini Huracan) දැක්කම කියන්න පුළුවන් Strangeට ඇති වත්කම ගැන
.
ඔරලෝසුවේ තියන දිනය කියන්න පුළුවන් මේ කතාව 2016 පෙබරවාරි 2 පස්සේ සිදු වුන සිදුවීම් ඇතුලත් වෙන්නේ කියලා
. ඒ වගේම Strangeට 2016 හිමි වුන සම්මානයකුත් එතන තියෙනවා.
Strange කාර් එකේ යන අතරේ අමතුඅක් ලැබෙනවා. ඒ ඔහුට සම්බන්ධ විය හැකි ශෛල්‍යකර්ම සම්බන්ධ විස්තර.
මේ විස්තර අතර පළමුවෙන්ම එන විස්තරය තමයි 35 හැවිරිදි ගුවන් හමුදා කර්නල් වරයෙක් ඔහුගේ experimental armor එකත් සමග අනතුරකට ලක්වීමක් ගැන. මේ ඇහුන ගමන් ඔලුවට එන්නේ Rhodey ව (War Machine)
. හැබැයි ඒ ඔහුමයි කියලා කියන්න විදියක් නැ වයස නිසා. මොකද Rhodey ට වයස 48යි
. ඒ වගේම විස්තරයේ අන්තිමට කියන අවරුදු 22ක් වෙන කාන්තාව ඉස්සරහට එන්න තියන Captain Marvel ගේ චරිතයට සමාන වෙනවා. 
Strange ට ලැබෙන scan රුපයක් පරික්ෂ කරන අතරතුරේ ඔහුගේ කර එක තවත් කර එකක ගැටී ප්‍රපාතයකට වැටි අනතුරකට පත් වෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලබන Strange ඔහු සේවය කරන රෝහලටම රැගෙන යනවා. පැය 11 ක ශෛල්‍යකර්මයකින් පසු අවධි වන Strange තේරුම් ගන්නවා ඔහුගේ අතට වී ඇති හානිය, සුදු යකට කටු 11 ක් ඔහුගේ ඇගිලි කටු වලට ගහල ඒ වගේම අත් දෙකට ගොඩක් හානි වෙලා කියලා Christine කියනවා.
Strange සුව වුනත් ඔහුගේ අත් දෙක සම්පුර්ණ සුව වෙලා නැ. ඔහුගේ දෑත් තවමත් වෙව්ලනවා ස්නායු අප්‍රාණික වෙලා. Strange වෛද්‍ය කණ්ඩායමක් රැස් කරලා සුව කර ගැනීමට උත්සහ කරනවා. ඔවුන් පවසන්නේ එය සාර්ථක විය හැකි බවත් ඒ සදහා විශාල ලෙස මුදල් වියදම් වෙන බවත්.
Strange ඒ ශෛල්‍යකර්මයකට කැමති වී සම්බන්ධ වුනත් එය අසාර්ථක වෙනවා. උත්සහ කිරීම නතර කිරීමට යන විට ඔහුගේ උපදේශකයා කියන්නේ උත්සහ කිරීම නිසා අංශභාගය සැදුනු අයුකු සම්පුර්න සුව වුන බවයි. Strange එතනදී කියන්නේ එය සිදු විය නොහැකි බවත් ඔහුගේ file එක බැලිය යුතුයි කියලා
තව තවත් ශෛල්‍යකර්ම සදහා Strange උත්සහ කලත් එය සිදු කිරීම වෛද්‍යවරුන් ප්‍රතිෂේප කරනවා. මෙතනට එන Christine ට කියන්නේ පොඩි ණය මුදලක් ලබා ගත්තොත් තව උත්සහකිරීමක් කරලා බලන්න පුළුවන් කියලා. නමුත් Christine කියන්නේ කොතරම වියදම් කලත් තේරුමක් නැති බව
. මෙයින් කෝප වෙන Strange, Christine ට බනින්නේ ඔහුගේ තියෙන අහන්කරකම තව තවත් පෙන්නමින් ණය මුදලක් ගන්න සුදානම් කියන්නේ Strange මේ වෙනකොටත් ඔහුගේ සයලු ධනය මේ සදහා වියදම් කර අන්ත දුගී බවට පත් වෙලයි.
Christine ගෙනත් දුන්න file එක (අංශභාග වී සුව වූ පුද්ගලයාගේ) Strange ඇති විස්තර අනුව ඔහුව සොයාගෙන යනවා.
Jonathan Pangborn නම වන ඔහු අංශභාග වී සිටියදී Strange හමුවීමට උත්සහ කලත් ඔහුව සුව කල නොහැකි නිසා ප්‍රතික්ෂේප කොට තියෙනවා. Strange ඔහුගෙන් විමසනය සුව වුන විදිය ගැන. ඒ අනුව Pangborn කියනවා තමාගේ මනස සුව කරගැනීමෙන් තමා ශරීරය සුව කරගත් බවත් ඒ ස්ථානය Kamar-Taj වලදී බව
Kamar-Taj හොයාගෙන Strange නේපාලයේ කත්මන්ඩු නුවරට එනවා. එහිදී ඔහු මංකොල්ල කල්ලියකට හසු වෙනවා. ඔවුන් ඔහුගේ ඔරලෝසුව ඉල්ලුවත් Strange එකට අකමැති වෙනවා..මොකද එක ඔහුට දීල තියෙන්නේ Christine නිසා
මෙතනට එන Karl Mordo මංකොල්ල කල්ලිය පහර දෙමින් සිටින Strange ව බේරාගන්නවා. ඒ වගේම Strange ව Kamar-Taj වලට රැගෙන යන්න උදව් වෙනවා.
Karl Mordo කොමික් වලදිනම් අපිට හම්බවෙන්නේ Doctor Strange ගේ ප්‍රධාන හතුරෙකු විදියටයි
. කාලයක් Dormammu වෙනුවෙන් සේවය කරලා ඔහුගෙන් බලයන් ලබාගෙන Strange ව විනාශ කිරීමටද උත්සහ කරලා තියෙනවා. කොමික් වලට වඩා වෙනස් දෙයක් කරන්න ඕනි නිසා Karl Mordo ව ෆිල්ම් එකේ දුෂ්ට චරිතයක් නොවුනේ කියලයි කියන්නේ
. හැබැයි Doctor Strange 2 ෆිල්ම් එකක් නිර්මාණය වුනොත්නම් ඔහුව අපිට බලාගන්න පුළුවන් සුපුරුදු කොමික් වල විදියටම.
Kamar-Taj වලට එන Strange ට Ancient One ව මුණ ගැහෙනවා. ඒ වගේම Ancient One මේ වෙනකොටත් Strange ගැන හැම දෙයක්ම දන්නවා.:
Ancient One ගෙන් Strange අහනවා අංශබාග වුන කෙනෙක්ව සුව කලද කියලා. Ancient One කියන්නේ තමා කලේ ඔහුට යථාර්තය කියා දුන්න පමණක් කියලයි. ඒ වගේම යමෙකු සහ ඔහුගේ ශරීරය පාලනය කල හැකි ආකාරයන් ගැනත්, යමෙකුගේ ආත්මය අලුතින්ම නිර්මාණය කර ශරීරය සුව කල හැකි බවත් Strange ට කරුණු පහදලා දෙනවා.නමුත් වෛද්‍ය විද්‍යව අනුව මේ දේවල් විස්වාස නොකරන Strange, Ancient One සමග තර්ක කරනවා.
ක්ෂණිකයෙන් Strange ගේ පපුවට පහරක් එල්ල කරන Ancient One කෙටි වෙලාවකට ඔහුව Astral Dimension (Multiverse එකක්) වලට යොමු කරනවා.
නැවත පැමිණි පසු Strange ව Ancient One විසින් Multiverse තුලට ඇතුලත් කරනවා.

..(ඔව් ඔව් මෙව්වා බලයෙන් තමා
. මෙතනදී Strange, Loki ව අරන් අවේ ඇයි කියලා Thor ගේ අහපුවම කියන්නේ එක ලොකු කතාවක් කියලා. මේ නිසා කියන්න පුළුවන් මේ සිදුවීම Thor Ragnarok චිත්‍රපටයේ මැද හරිය වගේ සිදුවීමක් කියලා.(