me song eke theruma mokakda?

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ©©®
    ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
    පද රචනය - නිලාර් එන්. කාසිම්

    අප රට වසර විස්සක් පුරා පවතින්නා වූ කුරිරු යුද්ධයකින් බැට කන රටකි. එබඳු රටක ජනයා හැර සාමයෙහි අගය දන්නෝ වෙන කවුරුන් ද? බොහෝ දනන් තම හදවත් පතුලෙන්ම පතන්නා වූ පැතුමක් ගීයකට නඟා අසංක ප්‍රියමන්ත අප වෙත ගෙන එයි.
    ගීය අසන පළමු මොහොතේ දීම දැනෙනු යේ එහි ඇති ඉතා ම සජීවී හා ශක්තිමත් වූ සංගීතය යි. ගීතය පටන් ගැනෙණුයේ ද ජන සමුහයක් නගන හඬක් ලෙසිනි. එතැන් පටන් ගීය අවසන් වන තුරුම ඉතාම සවිමත් ව ගායකයා හා කරට කර සිටිමින් සංගීතය වැයේ. අසංක ප්‍රියමන්ත ශිල්පියා ද ගීයෙහි පද මාලාව තුළට ප්‍රවිශ්ට වෙමින් ගයයි.
    අලංකාර උදයෙක මලක් මෙන් පිපිණු හිරු පායද්දී යුග ගණනක් අඳුර ඇති කළ යුද්ධයේ දුම් වළලූ තුනී වී, පරෙවි පියාපතක සරය ඇසීමට සියළු ජනයා සිහින දකිති. සීතල උදයෙක ගුලි වී නිදන සුළු කාලයේ දී දකින සිහිනයක පවා එම තත්ත්වය කවදා උදා වන්නේ දැයි රචකයා සිතයි. සිත් අතර වූ වෛරය නමැති දඬු වැට බිඳී සිත් යා කරන සෙනෙහස ගලන දිනයේ දී, මල් වැල් යළිත් අවදි වී මල් පුබුදන බවත්, දෙපස (උතුර-දකුණ) යා කර දේදුණු පායන බවත් රචකයා කියා සිටී.
    මෙම ගීත රචනාව දෙස බලන විට එහි යෙදෙන්නා වූ වචනයන් හි සංකේතාත්මක අරුත් ගැන සොයා බැලීම ද වටී. හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත් ලෙස කියැවෙන කොටස දුර්ලභත්වය ගැන කියා පායි. අප රට ජනයා උදෑසනට ගුලිවී නිදා ගනුයේ ඉතා කලාතුරකිනි. එවන් විටෙක වුව ද හීනයක් පෙනීම ඊටත් කලාතුරෙකින් සිදු වන්නකි. එවන් සිහිනයක් තුළ හෝ යුද දුම පහව යුගඳුර දුරු වී, පරෙවි පියාපත් දැකීමට අප ජනයා ගේ පැතුම බැව් කියැවේ. සිත සිර කර ඇති දඬු වැට නම් ජාතිවාදය යි. එය බිඳ සෙනෙහසින් සිත් යා වීම දෑලම යා කර දේදුණු (ඉඳු සැව්) පෑයීම මගින් අර්ථවත් කෙරේ. සමාන අරුත් දෙන පද යුගල බැගින් යෙදීම මගින් පරරෙ ශ්නයෙහි දෙපැත්තක් අති බව රචකයා පෙන්වයි (සිිත-සිත, ලිය වැල්).
    ජනප්‍රිය රැල්ලේ කරවටක් ගිලී සිර වීමට පෙර අසංක ප්‍රියමන්තයන් විසින් ගයන ලද මෙම ගීතය ඔහුගේ සැබෑ ගායන කුසලතාවයන් විදහා පාන්නකි. ජනප්‍රිය රැල්ලෙන් මිදී නැවත මෙවැනි යුග යුග පවතින නිර්මාණ ඔහු කරනු ඇතැයි යන්න ප්‍රබුද්ධ සැමගේ පැතුමද වන්නේය. :yes: :yes: :love:
     
    Last edited:

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo

    :):):)thnx,thambinta sindu liyanna puluvada?
     
    Last edited: